සිඹිනා හැම සුසුමේ
ඔබ හැංගී ඉන්නවා
ගැඹුරේ මගෙ පපුවේ
ඔබ හුස්මත් ගන්නවා
මතුදා සංසාරේ
හැමදා ඔබ මාගේ
වෙන්වී නොයා
ලංවී සදා
ඉන්නම් කියා දිවුරමී
මගෙමයි ඔබගේ ආදරේ
පණ තියෙනා තුරු මගේ
ඔව් සත්තයි මං ඔබේ හිමන්තරා
ඔබමයි මාගේ ආදරේ
හැම ගෙවෙනා තත්පරේ
ඔව් සත්තයි ජීවිතේ හිමන්තරා
උකුලෙම ඉන්න ආසයි
ලඟ නැතිවාම ලෝභයි
උහුලනු කොහොමද ඔබ නැති ජීවිතේ
මේ නෙතු පෑරුවේ
ඇයි හඬවා ගියේ
කඳුලක රස්නේ රිදවයි
මතකය ඈත දිවයයි
හුස්මට දියවුණු කවියකි ආදරේ
මේ හිත පාළුවේ
නෑ ඉහලුම් නොදේ
Leave a Reply