නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ
නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ
වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ
මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ
යලි එන්න යැයි කියා – නොකරමි ආයාචනා
සැනසීම සොයපු තැනක ලැබුණි නම්
අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදිවෙයි මුළු ජීවිතයත්
නුඹව හඳුනන්න – මෙමට බැරි වෙන්න
ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න
දිනෙක රැවටෙන්න – වන බවක් නොදැන
ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න
වැරදි නැහැ දන්න – මගෙන් දුර යන්න
පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න
කල්පයක් පමණ – දවස දිගු වෙන්න
මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න
written by Prasanna Kumara Dammalage
Leave a Reply