දුමෙන් වැහී ගිරි හෙලක් වැනී
නර පණුවෙක් සිටී දෙවි මුලට ගැහී
කබලක් ගෙන යටි බඩින් වැහී
අපලෙට සිදු කල යාගෙන් හිනැහී
පනම් හතර දෙයියගෙ බඩ පාමුල
පැටිය අඩයි කිරි එරෙන තාලයට
නිදන් පිටියේ හොල්මන් කර ඇරගෙන
කපුවා නටයි වන්නම වටකරගෙන
මාගේ දේව කන්නලවු අසා
ප්‍රේත භූත සර්ව දෝෂයෝ
කෝපී ව යවත් වා….
කාමී මදන රාගිනී
මෝහන නීල යක්ඛණී
මුසපත් ව යෙත් වා…
අහස පොළව දෙබෑ වී
සත්ගව් සත් මුහුදු පරයා
සකල කාමයෝ
සරීර මනස්පත පුරා දිවෙත් වා
ඇඳිරි වැටෙනකොට පන්දම් එලියට
යක්බෙර තාලෙට දෙපා වැනෙනකොට
යක්කුත් දෙයියොත් තක දොං රාගෙට
පැනපං මයිනෝ බයිලා කියාගෙන
Leave a Reply