නුඹේ නෙතු තලා දමන සිතුවිලි
පිණි දොව සුරාමයට මුව රැඳී
දුර ඉම තනා ගෙනම කවි කිවි
නුඹේ ගෙල පුරාම කෙල්ලෝ උන් දැන් නිදි
පිරි වද කඩාගෙනම බිඟු මැසි
මගේ රැප දුමාරයට වැදි තඩි
දුර ඇත දුවා ඇදුනා දුම වැදී
ඉතින් නුඹ සිනාසියන් දැන් මලු පිරී
සිතුවිලි පහසින් දැන් මිරිකුනු අය
මම උස හදාගන්න තෙරපලා කය
පිටින් දේවල් අරගන්න හදාගත්තා හිත
මගේ රැප නිදි වැද වෙලා උඹේ කරේ බර
ගියා විලි මුහුදට හුළඟට ගියා
මගේ හිත එක තැන නැත ලිය ලියා
නාඹර කියා
උඹ ඇඳ තිබ්බට නිදාගන්න අලියා තියලා
ණය පොහොට්ටුවෙන් කඩාගෙන
බදාගන්න අලුත් මල් සිදූ
ඉඳහිට තලා ගෙන ගියා සුදු මැදුරු
නොදකින ලොවදුර මලානික කැකුලු
හොයාගෙන ගියා රැප පුරා කලු අකුලු
මනස දැන් අලුයම පලාගියා පැදුරු
මන් නම් දෙන්නේ පලාවිලෙන්
නෙවේ ගුරු අකුරු
කලා ඔය ඉල්ලන් ගෙන ගියා නෙත මැදුරු
මම කියාගෙන ගියා මගෙ රැප හිත දූ
සිතුවිලි පවා විසිරෙන
තිසරණ පවා වෙලා අද අසරණ
තලා කලාවද කෙලවෙන තැන නද
කවුරුත් කවුරුත් නොකන් නෑ
මන් මසකින් දැන් පුරවයි
මගේ රට මගේ රට
මගේ සිතුවිලි දුවවයි
මගේ සිතුවිලි දුවවයි
මගේ රට මගේ හිත
මගේ හිත මගේ රට
Leave a Reply