in Dhyan Hewage, Pasan Liyanage

පෑ සිනා | Pa Sina by Dhyan Hewage x Pasan Liyanage [2025]

දැවෙන හද නිවනා – ගීතයයි ඔබ මා

දැනෙන දුක සඟවා – මා පෙමින් බැඳෙනා

සයනේ අද මා තනිවී – සිපගත්තේ නුඹ සිහිනේ

නුඹගේ පහසේ දැවටී – ලඳුනේ අද මා නිවෙමී

පෑ සිනා මතකේ සදා – ආදරේ දැනෙනා

පාවෙලා දුක් වේදනා – මා නුඹේ හැඟෙනා

වෑහෙනා පෙම් චේතනා – ජීවිතේ සනහා

හිත පාරනා සංවේදනා – මා හදින් මැකෙනා

රිදවනා සිතුම් සඟවා – නුඹට මා සිතින් පුදා

දිනක ඒ පැතුම් දරා – මගෙම වී හිඳින් සදා

ගැයෙන පද කියනා – තාලයයි ඔබ මා

මහද සිප හමනා – මාරුතේ රැඳෙනා

කඳුලැල්ලේ මා සිරවී – රැකගත්තේ නුඹ සිහිනේ

කවදා හෝ මා හමුවී – ලඳුනේ නුඹ හා නිවෙමී 

පෑ සිනා මතකේ සදා – ආදරේ දැනෙනා

පාවෙලා දුක් වේදනා – මා නුඹේ හැඟෙනා

වෑහෙනා පෙම් චේතනා – ජීවිතේ සනහා

හිත පාරනා සංවේදනා – මා හදින් මැකෙනා

රිදවනා සිතුම් සඟවා – නුඹට මා සිතින් පුදා

දිනක ඒ පැතුම් දරා – මගෙම වී හිඳින් සදා

written by Dhyan Hewage

Leave a Reply