සමාවෙලා මට | Samawela Mata Kiyanna by Chamika Sirimanna

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද

දිග කඩදහි තිත් රේකා අතරේ කැරකී
අඳ වෙලාද දෑස ඔබේ මා නොපෙනෙන්න
මොට වෙලාද මනස ඔබේ දුක නොදැනෙන්න
එවන් හිතක තියේද තව පෙමක් පතන්න

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද

එපා වෙලා වගේ ඉන්නේ තරහ ගිහින්ද
නිම උනාද පැරණි සිහින තනි යහන් වල
සුවය විඳින සුපෙම්වතුන් දැකලම නැද්ද
සත්තකින්ම පෙම් කරන්න දන්නෙම නැද්ද

සමාවෙලා මට කියන්න බලන්න මගේ දෑස දිහා
කඳුලින් තෙත් වෙලා නැද්ද කවදාවත්ම
ඇඩෙන්න කඳුලක් දෑසේ නැද්ද උනන්න
මට කියන්නේ ඒ සිත වෙත පෙම් කරන්නද
ඔබ හට පෙම් කරන්නද

written by Kalum Srimal

නොමියෙන ආදරේ | Nomiyena Adare by Ridma W & Kanchana A

ගලනා සිතුවිලි ඉවුරුතල බින්දා
ස්වප්නයෙන් මිදෙනා තැනක මම උන්නා

ඒ හීනයේ හැඩරුව හදුනා
ඔය දෑස මානයේ මැව්වා
අපි උරුම ලෝකයේ
ඉවුර සොයා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

රූරා හැලෙන තරු අහුරු අවුරා
පලදා දෑසේ සතුට අපි වින්දා
අපි ආදරෙන් ජීවිතේ කියවා
ඒ ජීවිතෙන් ලෝකයක් සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නුඹ මාලගින් දැනෙනා හින්දා
මා කිසිදිනේ නොවැටී උන්නා
යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

නොමියෙන ආදරේ හදුනා
ලග උන් ජීවිතේ සනසා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

පිබිදෙන තටු ඉතින් විහිදා
දලුලන ස්නේහයෙන් වෙලිලා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා
දැන් යමු ඉතින් ඉන්න තව ඉමක් සොයනවා

written by Manuranga Wijesekara

හිත හදාගන්න බෑ | Hitha Hadaganna Ba by Chamika Sirimanna

හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ආදරය වී
ජීවිතය දී
මාගෙ ලග උන්නු වේලේ
කීව හැම දේ
තාම සිහිවේ
පාලුවුනු ලෝකෙ මාගේ
හීන කදුලින් තෙමා
ඈත සැගවී ඔයා
මාව අදුරේ හෙලා
දෑස ලඟ අද නෑ මාගේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා

හීන වියැකී
දෑස නොපෙනී
කාටදෝ ඔබව හිමිවී
මාව තනිවී
දෑස බොදවී
කාට පවසම්ද මේ දේ
ජීවිතය පාවෙලා
ආදරය නෑ කියා
මාව හැරදා සදා
ඈත යනවද මේ යාමේ
මා සදා හඬනවා
මාරුතේ දුක දරා

හිත හදාගන්න බෑ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ
ඔබ මගේ වෙන්නෙ නෑ
ඉතින් යලි අපි අපේ වෙන්නෙ නෑ
මා හැර හිතකට පෙම් කරලා
ආදරෙ හැර දමලා
මා සදා හඩනවා
මාරුතේ දුක දරා
හිත හදාගන්න බැ
ඔබෙන් ලද දුක දරා ගන්න බෑ

ප්‍රේම පුරාවත | Prema Purawatha by Chathum Dulara [2022]

ප්‍රේම පුරාවත ලිව්ව දිහාවක
ඈ ඉන්නවා
පාන සිනාවක හීන සොයාගෙන
මා ලංවුනා
සින්න වුනා හිත
ඉන්න කියූ වර නෑ නෙත් ලියා
හදුනන්නේ නුඹේ ලැම වන්ති
කොහේ දුර යන්නේ
ඇම දාලා

හාරතේ
තුරුම්පු අදින්න
සුසුම්ව දවන්න
ආදරේ
දැන් නෑ

භාරතේ
මෙහෙන්දි අදින්න මුලාව මවන්න
ඈ රසේ
බොරු නෑ

ප්‍රේම පුරාවත ලිව්ව දිහාවක
ඈ ඉන්නවා
පාන සිනාවක හීන සොයාගෙන
මා ලංවුනා
සින්න වුනා හිත
ඉන්න කියූ වර නෑ නෙත් ලියා
හදුනන්නේ නුඹේ ලැම වන්ති
කොහේ දුර යන්නේ
ඇම දාලා

හාරතේ
තුරුම්පු අදින්න
සුසුම්ව දවන්න
ආදරේ
දැන් නෑ

භාරතේ
මෙහෙන්දි අදින්න මුලාව මවන්න
ඈ රසේ
බොරු නෑ

written by Buddhi Sandeepa

chathum dulara,prema purawatha

හිත හොයන්න | Hitha Hoyanna by Kasun Kalhara [2023]

රෑ බෝ වීලා පේනා නිසා
හීනේ යහනේ ඉකිබින්දා
ආසා නිසා දහසක් දෙනා
රහසින් සිතින් දුක්විඳිනා

ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා.
පව් පල හා පොරබදලා
ඉකිගාන කඳුලැල් සොයා
පිහිදාමු පිහිටක් වීලා

ලෝ සරනා මිනිසා සොයනා
සෑහීමක් නෑ මියුරූ
ආසා නසනා අයුරූ
කඳුලු නතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

වී පලදූ ගෙවිලා ගියපූ
කාලේ මතකේ සයුරූ
පතුලේ සඟවා ගැඹුරූ
කඳුලු නතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

written by Methun SK

kasun kalhara,kasun kalhara live,kasun kalhara voice,kasun kalhara acoustic,kasun kalhara new song,kasun kalhara live sing,kalhara,kasun kalhara song collection,kasun,soduriya kalaya ketharam,thani tharuwe,arabumama kadulak wela,sinhala songs,rukshan s subaainghe,sara sade,obata ma adaraya kala bawa,ananthayata yana para dige,sinhala new song,premaye wil there,adara hagum,new sinhala songs,mal mitak thiyanna,sada sada wage,adara mal wala,obata ma

මිත්‍යා මායම් | Mithya Mayam by Mihiruk S X Uzey C Na

කාටත් හොරෙන් ලියන්නම් තනි නිසදැස්
මේ කතාවෙ පාලුවත් එක්ක මමයි තාම හිතවත්
සමාජෙ කොනක යාතිකාව විසලත්
මේ මනුසතා උබයි බුදු රුවනක වරලත්

සමජෙ කොනක මම ගෙතුවෙ පද වැල්
මේ අම්මා තමා මල් වත්ත හිතෙ උඩ තැන ගත්
හරි තැනින් පටන් ගන්න මුල් දුන්නත්
එයා තමා තනි කලෙ පර වෙලා කතවත්

ඇස් වල දුක් නතු කාථාව මං කියන්නම් හොරහින්
මට මමද ලස්සන මතක සෑහෙන්න තවම
එකල මගෙ ලගින් ඉදින් කත තමයි පෙම්බර
අවාසනවකට මුල පිරුවෙ නිසැක

මගෙ කතාවෙ අද හිඩැස් පාලුවක්
ගින්දර දුකක් අම්මෙ එදා උබ මගෙ යාලුවත්
තරහක් නෑ නොකියම මෙමට පිටු පෑවමත්
අරලිය මලක් මං සොහොනෙ දුරුයි උබෙ පාලුවත්

රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං

වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා

දෑස් වලින් මං බලන්නෙ බං හරි කෝනෙ
ජිවිතෙ යථාර්තෙ පිනිසමයි නිසි අවබෝදේ
හරි ගස්සන්නෙ වැරදි මගෙ යන පාරෙ
ඇස් වල දුක් නතුයි කතාවක නං බං අවසානෙ

සැදි පැහැදි කතාවට සිල්
හොයන්නෙ මස්
පස්සට දැම්මත් අන්සතුයි කලාවට පිං ලියන්නෙ වැල්
බලා හිදිං අවසානෙ ලග හිදිනු වස්
පෙම්බර කත අම්ම තමයි ජිවිතේම පුද ලත්

අන්සතු දේවල් මගෙ ලෝකෙ කරත් සැර සරදම්
වස්සන වැසි සැඩ වෙයිද ඇනුම් කන පොලොවට
සිංහල විචාරෙ එලිසම ගැලපුවෙත් අද
කියන්න කනකට හොරෙන් මිත්‍යා මායම්

අදුරු මතක ගොඩයි හීන අස්සෙ වැජබූ
මේ කලාව මතමයි මගෙ පාදෙ මම තැබූ
පදයෙන් සැනසු කිරි රසයෙන් තෙත් වූ
කවියක් නං කතාව මගෙ අම්ම තමයි කතෘ

රෑ අහසෙ බොද උනෙමයි සිත්තම්
මේ ජීවිත කතාව ආසයි ලියන්න මං ගෙත්තං
හිත් පත්ලේ ගිනි දැල්නං සෙල්ලං
ඇසුවයි වසයි විසම මානුසීය සමයං

වසයි විසයි විසම මිනිසුන්ගෙ කතයි
සමයි තමයි බුදු රුවනටත් ගථා
අම්මයි මමයි සම්බන්දේ ගොඩක් නවා
ඈ තමයි හිතේ තාමත් කකියන මාතා

written by Mihiruk S x Uzey C Na x Azee Boy

හැන්දෑවේ | Handhaawe by Gayya [2023]

හැම තැන ඔබ සිහිවු චාරිකා
දැවටුනු ඔබෙ රුව මගේ නෙත් පුරා

මේ හීනේ,
පාවී යාවී ආදරේ
මාගේ ආලේ මාවතේ

Ooh හැන්දෑවෙ මා හා
Ooh මතකේ පාවී මා
ඇ කියූ ඇ මැවූ සිහිනේ මා සිහිවේ ඈ මා

කදුලින් ඔබ මහ වරුසා මවා
ගිගු දී කුමකට නුබ මට කියා
මැවෙනා නුබෙ හිත තනිවේවිදෝ
සිහි වේවිදෝ, යලි ඒවිදෝ
අදුරේ හොය හොය ඔබෙ මාලිගා

මේ හීනේ,
පාවී යාවී ආදරේ
මාගේ ආලේ මාවතේ

Ooh හැන්දෑවෙ මා හා
Ooh මතකේ පාවී මා
ඇ කියූ ඇ මැවූ සිහිනේ මා සිහිවේ ඈ මා

written by Dilru Costa

කහ කුඩේ | Kaha Kude by Sanjeew Lonliyes [2023]

තාත්තගෙ ගිනිදියට ගෙපැළ යට වෙලා
අවසානේ සොහොන් ගෙය නවාතැන උනා
පූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනා
පොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා

ඉරණමට අම්මටයි මටයි මේ අත්වූ
දැක නමුත් හැරගියා ගොඩක් බෝසත්තු
කඳුළු මල්වඩම් නෑ දුක බෙදාගත්තූ
තනිවෙච්ච කෙනෙරටයි ලංවුනෙත් ඇත්තු

පන්සලේ පොල්වත්තේ මැටිගහපු පැල
එදාසිට වී අපේ නවාතැන්පල
තේරුමක් දන්නෙනැති කතන්දරවල
අරුත පහදන් අම්මේ කොතැනකද මුල

තාම මන් හොයනවා කරුණාවෙ හැඩේ
අතරමන් වෙනවාමද ගුරුවරුත් නඬේ
නෙළුම්මල් ආස ඇයි රැඳෙන්නම මඩේ
අම්මෙ ගෙයි කාගෙ මේ කහපාට කුඩේ

තාත්තගෙ ගිනිදියට ගෙපැළ යට වෙලා
අවසානේ සොහොන් ගෙය නවාතැන උනා
පූරුවේ පව් මේවා සසරෙ අපි ගෙනා
පොල්ගහම තාත්තට ගොක් කොළෙත් උනා

written by Aththadiya Pungyarathna Thero

sanjeewlonliyes,sanjeewalonliyes,sanjeevlonliyes,sanjeewlonliyessjs,sanjeevlonliyas,sanjeevloniyas,sanjeewnewsong,sanjeewamusong,sanjeev,srilankanartists,religious,paharadenawewalata,paharadenawewalarathnasri,paharadenawewala_rathnasri,sirasa,newsinhalasong,yakadamanamali,religiousthink,rathnasrisongs,sirasabima,rathnasriwijesingha,thaththageginidiyata,srilankanamumusicculture,kalevaddageyakadamanamali,#kahapaatakudee,sirasabimavatuna,raggae,kale_vaddage_yakada_manamaalii,kahakude,thinking

හිතකින් | Hithakin by Dilki Uresha [2022]

නෑසුනාට මාගේ ඉකිබිඳුම් මේ හදවතේ
නුඹේ ලමැද රාවේ තාම රැව්දේ සවනතේ
වැරදුණාට හැම දේ අපි නමින් ඒ තැනු ලොවේ
මගේ සිහින අතරේ තව සරන්නේ නුඹ ම වේ

යලි එන්න යැයි කියා – නොකරමි ආයාචනා
සැනසීම සොයපු තැනක ලැබුණි නම්

අතකින් අත ගිලිහෙන්න
ඇති මුත් එක නිමේෂයක්
හිතකින් අතහැරලන්න
මදිවෙයි මුළු ජීවිතයත්

නුඹව හඳුනන්න – මෙමට බැරි වෙන්න
ආදරේ තිබුණා මට මාව අහිමි වෙන්න
දිනෙක රැවටෙන්න – වන බවක් නොදැන
ජීවිතේ හැමදා පැතුවේ ම නුඹගෙ වෙන්න

වැරදි නැහැ දන්න – මගෙන් දුර යන්න
පණ වගේ උන්නා නුඹ එක්ක සසරෙ එන්න
කල්පයක් පමණ – දවස දිගු වෙන්න
මතකයේ ඉන්නා හැටි මෙහෙම කඳුළු දෙන්න

written by Prasanna Kumara Dammalage

රෝස තොල් | Rosa Thol by Saranga Disasekara [2022]

දවසක් දවසක් ගානේ බෝවූ
ආදරේ රහසේ
ඈ මුව ඉබලා
සිහිනෙන්ද රොන් සුවද විසිරේ
රෝස තොල් සිපගද්දී වේ සැනසුම්

හුස්මේ රැස් ගලනා පුසුබින්
ඈත පාවේ මා
මා ගාවින්ම ඉන්නවා නම්
ආදරෙයි කියා
රෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම්

ලංවී කතාවක්
කියන්නම් දිවුරා මා
දන්නා තැන් ඔබ මාගේ
හදෙහී සමානා

ලංවී කතාවක්
කියන්නම් දිවුරා මා
දන්නා තැන් ඔබ මාගේ
හදෙහී සමානා

ඔය දෑසේ හසරැල් ගේනා
මට ඔබගේම තුරුලේ
නවතින්න ඕනා

නොවෙනස් වේ පෙම් රස්නේ
හැමතිස්සේ වෙලී
සිත් සේ දිලේවි මතකේ
ඔය හද මත නැවතී
රෝස තොල් මුමුනද්දී
නෑ ඉවසුම්

දවසක් දවසක් ගානේ බෝවූ
ආදරේ රහසේ
ඈ මුව ඉබලා
සිහිනෙන්ද රොන් සුවද විසිරේ
රෝස තොල් සිපගද්දී වේ සැනසුම්
රෝස තොල් මුමුනද්දී නෑ ඉවසුම්
රෝස තොල් දෙනවාදෝ ඔබෙන් ඇරයුම්

written by Duminda Alahendra