හිනැහෙන්නා | Hinahenna by Thisara Weerasinghe [2022]

හිනැහෙන්නා
දැවටෙන්නා
රන් කැටියා අරගෙන යායි
පන දෙන්නා
ළඟ ඉන්නා
රන් කැටියා මට දෙන්නායි

මයෙ පුතු හඬාන්නෙපා කිරි ඉල්ලා
එරෙන්න වැව් දියකඳ මදි හාංඳා
තුරුලට වරේන් මයේ පුතේ
කොහොමැයි මාං ඉවසන්නේ

මයෙ හද වැයෙන ස්වරේ නුඹ ඉන්නේ
නුඹේ රුව පහව නෙතින් නොම යන්නේ
කිරිකැටි හිනාවක් නුඹේ
කොහොමැයි මාං දැකගන්නේ

හිනැහෙන්නා
දැවටෙන්නා
රන් කැටියා අරගෙන යායි
පන දෙන්නා
ළඟ ඉන්නා
රන් කැටියා මට දෙන්නායි

written by Thisara Weerasinghe

thisara weerasinghe songs,ansathu oba thisara weerasinghe,asammatha pemak,ansathu oba wetha,ansathu oba lyrics,raththarane part two,sri lankan sinhala song 2021,nerun kalpajith,nadagamkarayo sanwardana miss,sammathayen pita,romantic love seen,jaan,song,kithula thanamalvila,sinhala songs,sinhala sindu,single take music video,lahiru de costa,soya yanne eliya aduraka,new song,ansathu oba wetha mage hitha bandila,sri lanka,ansathu oba

ජාඩි මූඩි | Jadi Mudi by Shana x Maduwa [2022]

සිතන්නාට සිත්සේ සිතුවැකි,
මනලෝල කෙලිලෝල කොලුවෙකුගෙ කතුවැකි
Any quntuty අඟලක කොලේක මට එතුව හැකි
මේ සිංහාසනෙ මටනම් පොඩි පුටුවකි

மச்சி wrong நம்பர்
அப்ரோம் நா அடிக்க மாட்ட call
කැචී flows ! මුජේ මාල් කරෙකෙයානා Roll
පටි Roll චැසි බෝල් ගැව්වම සැරබීම බෝතල්
කාල් අරික්කාල් නෑ අඩෝ මේවා ජෙනුයින් රාත්තල්

කුනිත්තා ලෙඩ නිට්ටාවට පිරික්සා
අපි බැලුවා
ගු හැත්තෑවට තිබ්බ රැප උස්සා ගෙනආ කොලුවා
ඉවසන්නෙ එකයිදෙකයි දැන්නං සිරා ලාවට දුකයි
කෝමහරි ගොඩ යන්නත් එපැයි, කරේ යන්නෙ ලපයි සිපයි

කෝ කෝ සද්දෙනම් මදි වගේ
Punch එක දෙන්නම් වෙඩිවගේ
තනියම නෙමෙයි සහයෝගෙන් වැඩ කරපං කඩි වගේ,
නරියාට මිදි වගේ රැප තිත්තයි කිව්වා වැඩී වගේ,
කොච්චර කිව්වත් හැදෙන්නෙ නෑ සමහරු ලිඳේ මැඩි වගේ

පරණ පාසල, මන්නං ආසම ආසම රටකජුඩෝ
රැපෙන්, දුන්නම බොලා කෑගහයි මෙන්න, ඇට කඩනො
බොරු සිංහල දාගෙන සාහිත්‍යෙන් මුන් කට ගහනෝ
පාරෙදි මූනට දැක්කම කරබාලා ඇටේ කහනො,

අපිනම් දෙන්නෑ ලොරි Talk
පොල් රොටි එක්කලා Curry Pork
හරි ශෝක්
අපේ ෆෑනලා පහුවෙලා දැම්මට Sorry Bro🙏

பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
நம்ம கைல ஒன்னுமே இல்ல
பசங்க கூட இருக்க கவல இல்ல
பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

සංගීතෙ මට දෙවියෙක් Studio එක අහස වගේ
සල්ලි වයිවාරන පාට මිනිස්සුන්ව මාරු කරේ
අරක්කු නමින් මාරයා උඹේ කෝප්පේ
ඉන්න තැනින් පනින්න බෑ උසයි සල්ලි තාප්පේ

එලිසමයි අකුරුයි අතෙ දාගෙන මුදූ
කොල්ලො හොයන්න ගත්තා කවුද නුවර මදූ
උඹේ තාත්තා කවුද කියල මගෙන් අහන් එන්න එපා
ඇයි උඹට කිව්වෙ නැද්ද අම්මා තාම සුදූ

පැටලෙන්න නම් හදන්න එපා, හොඳට හොඳයි පුතේ
දොස්තර හොඳ හිත බෙදුවෙ බෙහෙත මං ගමේ
ගෑවිච්ච නැති විසබීජයක් නෑ ඩෝ මේ දිවේ
අපිත් ඉස්සර හැදුනු ළමයි තමයි මල් වගේ

Sure නෑ මේ ජීවිතේ 40ක් හිටියොත් ඇති
සිංදු නම් සතුට, කොල්ලොන්ට වැද්දුවෙ වෙලා KG
අද ඊයෙ හම්බෙච්ච කොල්ලා මෙන්න තාත්ති වෙලා
ලේසිම විදිය නිලියෙක් වෙන්න හාන්සි වෙලා

දූවිලි කාලා හැදුනෙ ඕනෙ දේකට පුරුදුයි
ගමේ කැලේ පිපුනෙ නගරෙ නමින් දැනගයි
දුම හුළඟෙ යවලා පිච්චුවා සල්ලී
සීතලේ කොල්ලො ටික කාමරේ මීදුම මල්ලී ම්ම්ම්ම්ම්

මේ එතනනම් කිචි,
“මොනාහරි කරමුද” කියල වචනෙ පැන්නත් කටින්නම් ඇති
ඔව් අපි පිළිගන්නවා
අපෙ කොල්ලොන්ට සැපක් දෙන්න පරක්කු උනා වැඩී

பாம்பு வந்துருசு மச்சா முட்ட எங்க
நம்ம கைல ஒன்னுமே இல்ல
பசங்க கூட இருக்க கவல இல்ல
பிரசன ஒன்னு வந்தா ஒருதன் இல்ல

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

වලිගෙ ඇද යන්නෑ දැම්මත් උණු පුරුක
හොඳ එකෙක් වෙයං ඇර ගති නරක
පොඩි වලි එපා දාගන්නෙ දිග රෝම
අනවශ්‍ය තැනින් කැපියල්ලා සෙනිකෝම

written by Shana x Maduwa

maduwa live song,maduwa new rap,maduwa seeni,maduwa sinhala rap,sini rap maduwa,sinhala new song,maduwa dubai,sinhala song,maduwa live srilanka,sinhala rap music,magampura rap,ada derana,maduwa,maduwa live,maduwa 2022,yoyo maduwa,sinhala rap,desawana studios,shan putha new rap,new singala rap 2022,new sinhala rap,nipuna fernando,alpha gang,nuwara,alpha gang maduwa,2022 new rap,new rap,api pare karakenne,ellila kansa gahe maduwa

ඔබ ළඟ නැති | Oba Langa Nathi Me by Rookantha Gunathilaka

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා

විළඳ පොරි ඉහලා
අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා
මංගලම් කීවා
සුවඳින් පිරී හසරැල් ඔබේ
මගෙ මුවගට ළංවූවා
ඔය රුව මගෙ නෙතු දුටුවා

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

සඳ කිරණ වැදිලා
මල් සුවඳ දැනිලා
පිණි දහඩිය වැටිලා
ඔබෙ මුහුණ දිලිලා
ඔබ හා මෙ මා දෙදෙනෙක් කියා
සිතුවා ඉවරයි සිතුණා
රැය පහන් කලා දෙදෙනා

ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැණුනා අඳුරේ
පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක් වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි තෙමුණා

ගාලු පාරේ | Gaalu Paare by Gypsies with Sunil Perera [2022]

ඉස්සර බොරලු පාර
ගාලු පාර ගාලු පාර
සුද්දා තාර දාපු පාර
ගාලු පාර ගාලු පාර

අද අපි කවුරුත් යන්නේ
අද අපි කවුරුත් යන්නේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

කාර් වෑන් ලොරි අස්සේ
කන්ටේනර් යන්නේ
අලි තඩි බස් මැද්දේ
ත්‍රීවීල් රිංගන්නේ

ඉගිලීගෙන පිම්මේ
මැති ඇමතිලා යන්නේ
නැතිනම් අයින් උනේ
ගුටිකන්නයි වෙන්නේ
ගුටිකන්නයි වෙන්නේ
නැතිනම් අයින් උනේ
පාරේ ගාලු පාරේ

මොරටුවේ වඩුවන්ගේ
වැඩකිඩ දැකගන්නේ
කලුතර නවතින්නේ
බෝධිය වැදගන්නේ

බලපිටියේ බල මාලු
රස දිව පිනවයි ලූ
අබලන්ගොඩ නගරේ
රූකඩ නටවන්නේ
රූකඩ නටවන්නේ
අබලන්ගොඩ නගරේ

පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

ඉස්සර බොරලු පාර
ගාලු පාර ගාලු පාර
සුද්දා තාර දාපු පාර
ගාලු පාර ගාලු පාර

අද අපි කවුරුත් යන්නේ
අද අපි කවුරුත් යන්නේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

රෑ කඩ වැහි වැහැලා
කන බොන අය පිරිලා
හොදටම අඩි ගහලා
සමහරු මග වැටිලා

කාගෙත් සුරතලියන්
එනකොට බැල්ම දමන්
වයසට ගියත් මචං
හිතෙනවා අනං මනං
හිතෙනවා අනං මනං
වයසට ගියත් මචං
පාරේ ගාලු පාරේ

දොඩමින් පල් හෑලී
එනකොට පෙලපාලී
කඩවල මුදලාලී
වහනවා කඩ ලෑලී

ටුවරිස්ට් ලා ගොඩ බැහැලා
හික්කඩුවම පිරිලා
ගාල්ලේ කොටුව බලා
කවුරුත් පුදුම වෙලා
කවුරුත් පුදුම වෙලා
ගාල්ලේ කොටුව බලා
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ
පාරේ ගාලු පාරේ

written by Chandradasa Fernando

sunil perera tribute,sunil perera,sunil perera songs,sunil perera legend,sunil perera last somg,sunil perera funeral,sunil perera 2021,2021 sunil perera,piyal perera,sunil aiya,piyal perera baila,gypsies,nonstop gypsies,sunil and piyal,sunil songs,sunil sindu,sunil baila,gypsies band,gypsies remix,gypsies songs,gypsies sunil,gypsies medley,sinhala remake,baila songs hits,baila remix,sinhala top songs,gypsies sri lanka,sinhala baila king

අසා ඉමු අපි | Asa Imu Api by Somasiri Medagedara

අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා

අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා

නොයා ජීවන මං තලාවේ
ඈත දුරකට පියඹලා
සිනාසෙමු අපි සයුරු වෙරළේ
අහස සඳ සේ ළං වෙලා

අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා

පතා ආ ලෙස ඈත භවයේ
මෙමං තලයේ හමුවෙලා
රහස් මුමුණමු අපේ ලෝකේ
පෙම්වතුන් සේ එක්වෙලා

අසා ඉමු අපි සුමුදු වැල්ලට
සයුර මුමුණන පෙම් කතා
බලා ඉමු අපි ඈත ක්ෂිතිජයේ
මැවෙන සෙවනැලි පෙම් රටා

somasiri madagedara song,somasiri madagedara songs,madagedara,medagedara,old sinhala songs,sinhala songs,old songs,parana sindu,parani sindu,bass,patta,super,remix,old hit,nonstop,new songs,collection,hit,album

නොසිඳෙනා | Nosidena by Rookantha Gunathilaka

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි

වචන දෙකේ පෙම් හසුනේ ඔබ ඇලවී
මුහුණු පොතේ skype දැලේ ඔබ පැටලී
සැමදා පල නැත තැන තැන සිරවී
ලයටම එනු මැන ඔබ සෙනෙහස දී
ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා.. වෙනවා

සිහින ලොවේ තරු අතරේ ඔබ හිටියේ
වැලි කතරේ ක්ෂේම බිමේ ඔබ දුටුවේ
මල් ගොමුවේ සුවඳ වගේ මට දැනුනේ
දුක නොබලා නුරම සොයා එන්න සඳේ

නොසිඳෙනා පෙම් උල්පත මගේ හදයි
නොබිඳෙනා රන් හදවත මගේ ළඟයි
නොසිඳෙනා නොබිඳෙනා පෙම් උල්පත
රන් හදවත මගේ තමයි
නොසිඳෙනා පෙම් උල්පත මගේ ළඟයි

ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා
ළඟ එනවා පෙම දෙනවා ඔබ හමුවට එනවා
හිනැහෙනවා ලං වෙනවා දිවියට ලං වෙනවා

යසෝදරා වත | Yashodara Watha by Surali Fernando

කාරණාව බුදු වෙනවා
ලකුනු දැනී
නෑර කැටුව ආවා
මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි
හිතින් අනේ
මාලීගාව අද
අදුරුයි ස්වාමිනී

හිමයේ ගොසින්
මල් යහනක නිදනවද
ඔබට අනේ සිරිපා දෙක
රිදෙනවද
හිගේ නැතිව දෙවියෝ
මුර කරනවද
මගේ ඇත් රජුනි
නුබ අද කොතැනකද

කැලේ තියෙන කොයි දේ වත්
රස වේවා
මලේ බබරු මෙන් පිරිවර
ඇති වේවා
අව්වේ තියෙන රැස් මාලා
අඩු වේවා
ගවුවෙන් ගවුව දිව මාලිග
සෑදේවා

sri lankan songs,sinhala news songs,sinhala songs,sinhala music videos,new songs sri lanka,video songs sri lanka,sinhala music yashodara watha kawi bana,yashodara watha kawi,yashodara song,yashodara film trailer,yashodara watha,yashodara kavi bana,yashodara kavi mahamevnawa,yashodara geethaya,yashodarawatha,yasodara watha,yashodara vata,yasodara saman lenin,yasodhara ashram,sanka shoka thawena sitha,yasodara kavi,yasodarawatha,yashodara kavi mp3,yashodara kavi,yashodhara kavi,yashodara devi,yashodara film,yashodara film naraseeha gatha,yashodhara film,yasodara devi

නිල් මිණි දෙනෙතේ | Nilmini Denethe by Rookantha Gunathilaka

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

මේ දිවි ගමන දුරයි
සතුටයි නිරන්තරේ
රන් මුතු වරුසා වැහැලා මිණි දෙහදේ
ලොව කුළු නැගෙන්න අහසේ
තරු පෙලගැහෙන්න රහසේ
මගෙ හිත හඳුණාගෙන ආවා සුහදේ..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

විශ්වය මනෝහරයි
අපෙ ආදරෙ හැඟුම්බරයි
ඉර හඳ දේදුණු දිලෙන්නෙ අපට තමයි
සිසිලක් සදන්න දිවියේ
ළංවී හිඳින්න සසරේ
මගෙ දිවි ගමනේ සෙවණැල්ලත් ඔබමයි..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ..

නිල් මිණි දෙනෙතේ ආදර සිහිනේ
හැබැහින් දකින්න ළංවී හිඳින්න
මට සිතුණා මැණිකේ
ලා තරු එළියේ පායන සඳ සේ
සිසිලස බෙදන්න ඔබ ළඟ රැඳෙන්න
ළං වෙනු මැන පෙර සේ

සංසාරේ සුභ ගමන් | Sansare Suba Gaman by Dinesh Tharanga

දෑසේ රැඳී මා
සෙවනැල්ලෙ වෙලී
මේ හීන ගානේ
මා හා ළං වෙවී

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්

මගෙ දෑත පසුපසින්
ඔය දෑත නුඹ තියන්
සංසාරේ සුභ ගමන්
ආවාද ආදරෙන්

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

වැහි නොඑනා ඉඩෝරෙකි
නුබ එහි ප්‍රාතිහාරෙකි
ජීවිත මධද්‍යානෙදී
මල් වැහි දෝතින් පිදූ

සංසාර හීනයේ
නිස්සාර සෘතුවේ
පිංතාරුවක් වගේ
නොසැලි ඉන්න මා හදේ
සුහදේ සැමදා හෙවනැල්ල සේ මගේ
ලග ඉන්න දෑස පේන මානයේ

written by Udesh Aryan

dinesh tharanga,#dinesh tharanga,dinesh tharanga wife,dinesh tharanga songs,dinesh tharanga wedding,dinesh tharanga wife age gap,dinesh tharanga new song mp3,dinesh tharanga new song,dinesh tharanga new song download,dinesh tharanga new song iranam gamane,kanishka akmeemana,sajith akmeemana,dura atha akasaye,nishan b,iranam gamane,piumi hansamali,meewitha piruna,iranam gamane karaoke,kothek bada song,sinhala new songs 2021,epa mohothak

තනිකම | Thanikama by Izzy Iznu x Chey9 x Smokio

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම
තනියම විදිනවා තනිකම

ඇයි කෙල්ලේ ආදරෙයි කිව්වේ ඇස් දිහා බලන්
ඈත් වෙන්න නම් ඇයි හීන මැව්වේ මාලිගා හදන්
මුලදිම ලන් වෙන්න එපා මතකද කිව්වා මන්
ඒත් ඔයා කිව්වේ මාවමයි ඕන දිව්රන්නම්
සුන්දර දෙයක් තිබ්බද අපි දෙන්නාගේ ආදරේ තරම්
සීමාවන් කඩන් උඩට එනවා වගේ සාගරේ ගලන්
ඉන්න නොදි මගේ ලෝකේට වෙලා තනියම ඉද්දි මන්
Babe ඇයි මන් ගාවට ආවේ බලාපොරොත්තු අරන්

මන් අහන්නද ප්‍රශ්නයක්
කෝ ඒ දැනෙන හැගීම
වචනෙකට සීමා උනාද අපේ බැදීම
ලේසි නෑ බොද වු සිතුවම මකා ඇදීම
ඉවර උනා කතාව පටන් ගත්ත තැනීන්ම

බාදුර මලට ලන් උනා මමත්
ඔයා ගාව මෙලෙක් උනත් මගේ හිතත් ගලක්
වෙච්ච දේවල් ගැන පසුතැවෙන්නේ නෑ මන් තවත්
ඔයා වෙලා මගේ අතීතයේ තවත් එක නමක් Babe

මුලු රෑම කලුවරයි හද නැති රැයක්
කල්පනා ලොවක දැන් ගෙවිලම පැයක්
මම දන්නවා වැරදුනා කොහෙ හරි තැනක්
අපි දෙන්නම හිතන්නේ එකම එක දෙයක්
අපි හමුවෙමු රෑක අන්තිම පාරට
තනියම එන්න ගං ඉවුර ගාවට
නුපුරුදු අදුරක් වෙලාගෙන මා වට
ගැලවෙන්න කෝමද කියලා දෙන්න මා හට
රතුපාටට ඉර බැහැන් යද්දි
වැවම තනි වුනා හද මෝදු වෙද්දි
සීයට සීයක් අදහස් ගැලපෙද්දි
ඈත් උනා උත්තර නැති ප්‍රශ්න එද්දි
තාමත් ඉන්නවා පාර ගාව දන්නෑ වෙන් වුනු කාරනව
මතක් උනත් ඇති ඔය හිනාව
දෙන්න නම් බෑ කෙල්ලේ ආයෙත් සමාව
දෙන්නම් බෑ මම දෙන්නෙ නම් නෑ
කැඩිලා ගිය හිත හදවන්න නම් බෑ
කොච්චර කිව්වත් කොච්චර ඇඩුවත්
ඉස්සර වගේ අපිට ඉන්න නම් බෑ
වෙච්ච දේවල් හරිගස්සන්න බෑ
මට සමහර දේවල් මතකත් නැ
අපිට ඉස්සර වගේ ආයේ ඉන්නත් බෑ
මට පරන මනුස්සයා වෙන්නත් බෑ
මට නැති උනේ ඈ නෙවෙයි නැති උනේ මාව
ඇගේ මුලු සතුටම තිබ්බේ මගේ ගාව
ඈ නිහඩව අඩද්දි මගේ හිත පාරයි
දෙන්නා වෙනස් උන විදිහත් මාරයි
වැඩක් නෑ දැන් ඕවා හාරලා
ඈ යන්න ගිය හිත පාරලා
මම එලියෙන් සතුටෙන් හිනාවෙනවා
ඒත් ඇතුලෙන් මාව මරලා

තනිකම තනිකම හැම රෑම
තනියම විදිනවා තනිකම
තනියම විදිනවා තනිකම

smokio little,smokio lyrics,serandip izzy,smokio rap lyrics videos,smokio,kevin smokio,little smokio,youngizzy,kaizer kaiz new,liya liya smokio,thanikama smokio,chey 9,suwahas and smokio,illnoize,izzy 44 kalliya,izzy iznu,kaizer rap,kaizer kaiz songs,izzy iznu new album,ill noize tv,music,izzy iznu song lyrics,44 kalliya new,44 music,44 kalliya,sri lankan rap music,sinhala song reaction,sri lankan music 2020,sri lankan music album