මගෙ සන්තකේ | Mage Santhake by Ajith Bandara

මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
ඔබේ ආදරේ බව ඔබ දන්නේ නෑ
රහසින් පවා වරදක් නෑ මගෙන් වෙන්නේ
මට මා තරම් විශ්වාසයි ඔයා
පියඹා ඔබ මාගෙන් මිදිලා
ගියොතින් මා මියදෙයි හඬලා
මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
අපෙ ආදරේ බව ඔබ දන්නේ නෑ

මට මේ ලෝකේ ඔයා තරම් ළංවුණ කවුරුත් නෑ
මගෙ හදවත තුළ ආයේ නම් වෙනකෙනෙකුට ඉඩ නෑ
පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ
ඔබෙ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ

මගේ හිත හොයපු ඔයා වගේ මිහිපිට කවුරුත් නෑ
ඔබ මට සුපුරුදු මේ තරම් ඇයිදෝ මා දන් නෑ
පිළිගන්න මගෙ ආදරේ කිසිදා වෙනස් වෙන්නෙ නෑ
ඔබේ දෑත මාගේ අතින් ගිලිහෙන්න ඉඩ දෙන්නෙ නෑ

මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
ඔබේ ආදරේ බව ඔබ දන්නේ නෑ
රහසින් පවා වරදක් නෑ මගෙන් වෙන්නේ
මට මා තරම් විශ්වාසයි ඔයා
පියඹා ඔබ මාගෙන් මිදිලා
ගියොතින් මා මියදෙයි හඬලා
මගෙ සන්තකේ ඇති වටිනාම දේ වෙන්නේ
අපෙ ආදරේ බව ඔබ දන්නේ නෑ

සලා දෙනෙත් යුග | Sala Deneth Yuga by Nishantha Pradeep

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

එදා පෙමින් ඉගි කලේ ඔබයි
සදා දුකින් තනි වුනේ මගේ ලොවයි
අදත් මගේ සිත ඔබට හැගුම් බරයි
දුකින් වුනත් සිත තවමත් ඔබ සොයයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

පුරා සදක් ලෙස පෙනේවි දැයි
බලාන ඉන්නවා ඔබ නොබෙනෙයි දුකයි
බිගුන් අරන් ගියේ මගේ මලයි
දුකින් වුනත් සිත තවමත් ඔබ පතයි

සලා දෙනෙත් යුග ඉගි කර හොරෙන් බලා
සලා දෙනෙත් යුග
සිනා සුනා මට ඔබ ගැන හැගුම් පොවා
කොහේ ගියේ ඔබ මගේ සිත තලා පෙලා
සදාතනයි කියු අපමණ පෙමක් දවා

මගේ නගේ | Mage Nage by Ajith Bandara

මගේ නගේ ඔයා මලක් වගේ
දොළක් වගේ ගලන්නේ ගඟක් වගේ
රෑ හඳක් වගේ නිදන්නේ තුරුලේ මගේ
හීනේ මගෙ මගේම වෙන්න නගේ

රොන් සුවඳ වපුරලා
සිත හාදකම් කරා
නිල් වැස්ස යටින් යමුද පේ වෙලා
මල් පිපෙන රෑ පුරා
සිත් අටුවා පුරවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා

සඳ නිමුණු රෑ පුරා
ඔබ ඉන්න සඳ වෙලා
තරු රැසක් වසා කඳුළු හංගලා
සිත් පිරිත් මතුරලා
පින් සිරිත් කියවලා
අපේ හීන විඳිමු ආදරේ
ලං වෙලා

හෙණ හත වැදියන් | Hena Hatha Wadiyan by Kanishka K [2022]

හෙණ හත අකුණු මාරක තොට වදින්නේ
කන බොන දෙයක් ලේබඩ වී ගලන්නේ
කළ පව් උඹට මතකද අපි නොදන්නේ
වෙන මක් කරම්දෝ නොදැනයි ලියන්නේ

කඩවර හීනියම් දෙවිඳුනි මේ වැන්දා
වරදට පහරදී බිලි දීපන් උන්දා
පොලයක් බිඳෙන සේ කටුකර ඒ පෙන්දා
කඳුළැලි නවතපං අපි අසරණ හින්දා

දෙවි මැද කාලි බල තෙද සවි ඇති අම්මා
දැක මේ කඳුළු උං මරපං හිත නම්මා
ගිනි හද හූනියම් දෙවි බලයෙන් දම්මා
ඌ සහ උංගෙ ටික – කරපං සුම්මා

මැහුමෙන් මැහුම සැත්කම් බැමි කඩීයන්
නිදි නැති රැයක තොපි නොමැරී මැරීයන්
මිහිපිට කරුම ලෙස කිසිවක් තිබේ නම්
පිට පිට තොපිට වැහි නැති හෙණ වැදීයන්

මාගෙ හුස්ම වාගේ | Mage Husma Wage by Ajith Bandara

මාගෙ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගේ පණ පුදාලා
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමි සදාකල් මගේ පණ පුදාලා
දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී
මිහිදාන වූ ආදරේ සදහට රැදේවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

ඔබේ සුව දැනිලා හැඟුම් යයි පිරිලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳිලා
ඔබේ සුව දැනිලා හැඟුම් යයි පිරිලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳිලා
අපේ සුසුම් පාවී පාවීලා යාවී
යලි ආයේ භවයකදී අප වෙත හමාවී
ඉසුරුමුණි නොවේ මේ අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී

නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කලා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ

ප්‍රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ

කඳුළු හුරු නැති | Kandulu Huru Nathi by Ajith Bandara

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

පාළු නිසසල රැයකදි ළංව තුරුලව උන් හැටි
දෑස මානයෙ මැවි මැවි මසිත හඩවයි යළි යළි

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

ඔබයි මගෙ මුළු ජීවිතේ කියා ළඟ උන් කාලයේ
මතකේ සිත යළි දැවි දැවි සවනේ රැව් දෙයි යළි යළි

කඳුළු හුරු නැති දෑසට හිනැාහමින් රිදවනවද
ඔබේ සෙනෙහස පැතුවට දෙන දඩුවම් ද මේ
වෙන්ව ගිය මුත් මා හැර විමසන්නෙ සිත ඔබ ගැන
ආදරෙයි මා ආදරෙයි ඔබට තවමත් ආදරෙයි

කදුලක් මෙතරම් | Kandulak Metharam by Ajith Bandara

කදුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්

සිත මත පොපියන සීතල සිතුවිලි
එකිනෙක අහුලා දෝත දරන්
උදැසනක් සේ මා හමුවන්නට
දුවගෙන එනවද සිනා අරන්

කදුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්

කාලය ඉගිලී මතකය අරගෙන
ඈත ගියොත් අප අපට හොරා
සිත් අසපුව ලග නුඹේ සුවඳ පොද
තියා යන්න යලි එන්න සිතා

කදුලක් මෙතරම් උණුසුම් බවනම්
දැන සිටියේ නෑ මීට කලින්
දෑස තෙමන්නට නුඹ රිදවන්නට
සිතුවේ නෑ මං තුන් හිතකින්
හැඩුවේ මා නෙතු ඔබේ නමින්
ඈතට නොගොසින් අතේ දුරින්
හිඳින්න සිත ලඟ සිනා සරින්

කන්‍යාවි | Kanyavii by Mihindu Ariyaratne [2022]

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී
නෑ නොමැරී කන්‍යාවී
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී
නෑ නොමැරී
පිරිමි ගොඩයි ඔබ තුරුලෙයි
කන්‍යාවී
නෑ නොමැරී

පිලී ගඳයි, රතු රුධිරෙයි
කාණු දිගේ වීදි පුරා
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්
මහපාරේ සෝපාකලා
තිබුණා මියැදුනු ජීවිත හැමදාමත්
මහපාරේ සෝපාකලා
ඈ හිනැහෙයි
නෑ නොමැරී
කන්‍යාවී

කලු සපත්තු බයිනෙත්තූ
රතු පාටින් වෙඩි වරුසා
තිබුණා අපෙ පපුවේ
කවදත් හිටියේ නෑ හිරගේ ඝාතකයෙක්
ඈ හිනැහෙයි
නෑ නොමැරී
කන්‍යාවී

ඇස් බැඳුනු සළු පැලඳු කන්‍යාවී
නෑ නොමැරී කන්‍යාවී
කඩුව දිලෙයි තුලා පිරෙයි
කන්‍යාවී
නෑ නොමැරී
පිරිමි ගොඩයි ඔබ තුරුලෙයි
කන්‍යාවී
නෑ නොමැරී
කන්‍යාවී

ජීවිතේ | Jeewithe by Dinu’h MRRD [2022]

මේක කැරකෙන පොඩි රවුමක්
මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්
නවතින්නෑ මම මැරුවත්
මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්

මට අත දුන්නු හැම එවුන් මතකයි
කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි
තනියට උන්නෙ මට මම පමණයි
ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි

පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා
හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා
මම උඹලගෙ පපුවට රිංගා
ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා

වැරදුනු එක තැනක් මට ප්‍රේමය
හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය
හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය
මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය

ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර
අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය
මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං
හැමෝම අඳුරු කල අතීතය

මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
මවගේ සෙනේ

ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද
මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා
ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද
උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව

උදව් කලේ බිල්ලට තියල මගෙ පණ
ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම
මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම
කවදකහරි ගෙනියන්නෙ උඩටම නම

මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක්
උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්
ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත්

මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්
අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්
කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව
ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව
ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්
මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන්
සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්
කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්

අදුරු මතක | Aduru Mathaka by Niyou Ganz [2022]

මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටු
පස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතු
හිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතු
මම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ

සුන්දර ලෝකයක් කිව්වට හැමෝටම සුන්දර වෙන්නේ නෑ
හොඳට දුක වින්දා කාටවත්ම ගින්දර දෙන්නෙ නෑ
ආදරෙයි ආදරෙයි කිව්වට අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ
ඉස්සර මතකයි හැඬුවා කවුරුවත්ම පිහිටට උන්නේ නෑ

පණට පණ දුන්න අය නම් මතකයි මට තවමත්
මං වින්දා නින්දා අපහාස සමගම ලෝකෙන් අවමන්
හිතුවා ගේමක් ගහනවා ඉවසන්නේ නෑ තව මං
රවන්නෙපා පස්සට දැන් හැකිනම් මූනට රවහං

උත්තර දැනගෙන මම අද මගෙන්ම අහනවා ප්‍රශ්නයක්
විමානෙ හැටියට තමයි කොල්ලො ගැලපුනේ මොන යක්ෂයත්
ආහ්… ගත්තෙම නෑ මං පක්ෂයක්
අතමිට කාසි නැත්තං අද ගැලවිලා යන්නේ දක්ෂයත්

ගින්දර එක්ක මන් ඇවිද්දෙ මහ අව්වේ
මගෙ යටි පතුල් දැවුනත් දෙවියන්ගෙ නෑ යැද්දෙ
මගෙ අඩුපාඩු කියන දෙනෝ දාහක් මැද්දෙ
අම්මයි තාත්තයි විතරයි අඩුපාඩු ගැන හෙව්වේ

ගින්දර එක්ක සතුටක් හොයපු කොල්ල්ක් මං
පඩියක් උඩට එද්දි අඩියෙන් ඇදපු උන්නම්
හැමදේම ස්ලිලි කොලයට යටනම්
හබලක් අතැති පාරුවක් නැති තොටියෙක් මං

එකට ඉදල ලගට වෙලම ඇරල ගියපු මිතුරා
ලගින් හිටපු එකත් සල්ලි හින්ද අදවෙල මගෙ සතුරා
සල්ලි නැති හින්දද ආදරෙ මට උරුම නැත්තෙ සැමදා
යන්න ඕනෙ පාර තේරුම් ගත්තනම් වරදින්නෑ කවදත් ඒයි

මගේ හීන පාට කරේ මගෙම තනි පාටින්
යන්න ඕන පාර දන්නවනම් යන්න කාටත් මුලින්
කරන කියන හැමදේකම පිනයි පවයි ලැබෙවි ලොවෙත්
මත තියාගනිං අඩි හයෙ වල කාගෙත් දෙපය යටින්

තනිවුනා මන් මේ සිතුවිලි අතරේ
ගෙවාගන්න බැරිතරම් පව් කලා සසරේ
දුප්පත් කම යන ඒපාලු කතරේ
තනිවුනේ මම අද පාලු දිවි කතරේ

මහලුවෙක් මම පිහිනන මහ සයුරේ
දිය පොදක් නැහැ මිරිගුමයි දැක්කෙ කතරේ
අප්‍රාණික වෙන්නෙ නෑ මගෙ කතාව සසරේ
කඩන්නයි කඩන්නයි දැල මකුලුවත් වියුවේ

දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මෙ ජීවිකාව
ලංකරගත්ත ගොඩක් දෙනා බැස ගියා වේදිකාව
දුප්පත් නිසා කොං කරන්නයි සමාජයේ කතිකාව
ආයෙ කවදාවත් විශ්වාස කරන්නෑ මමකාව

අතරමං වෙලා මෙ හිතම නිසොල්මං
හීනෙට මගෙ මාවත යන්න ගන්නෑ තවකල්
මම නිවැරදි නම් නෑ පාත් කරන්නෙ මගෙ කං
වට්ටවන්න බැහැමයි වටවෙලා ගැහුවත් මට ගල්

අඩියෙන් අඩිය නගින්නෙ මම දැන් උඩට
මං පැත්තට තල්ලු කරා බොරු මිතුරුකම් කවට
සමහරු කිව්වා උඹ චරිතයක් විකට
දුකට නෙවෙයි හුග දෙනෙක් ලං වුනේම සැපට

මිනිස්සු දැක්කෙ නිතරම මගෙ අඩුපාඩු
සිනහවස්සෙ පිරි කදුලයි මට වාරු
නවත්තලා දාපං කවදාවත් උඹටනම් බෑලු
ජීවිතේ නැමති වැවෙ මට නැත්තෙම පාරු

විදි දුක මගෙ හිත හොදට දනි මම නොවෙයිනෙ අන්දරේ
මේ කවට නිවට සමාජෙන් කෙලවිලාම තමයි පදම් වුනේ
මට වැරදුනෙ කදුලු වැගිරුනෙ දැක්කෙ ලෝකෙ බොරු හිනාවනෙ
ගොඩක් අය මගදිම වෙනස් වුනෙ මගෙන් දුරස් වුනෙ මම යනවා මගෙ මේ මාවතේ