තොත්තුව | Thththuva by Sanjeew Lonliyes [2024]

රුපපා රුම්ප රුපා රුපා පම්ප පපහ් ////

තොත්තුව දීලා කන්ඩ කොත්තු ගේනවා
අද රෑ ඩිනර් එකත් නැගලම යනවා
හිඳෙනවා හිඳෙනකොටත් සතේටම ඔයා
තියෙනා දාට අපිත් හඳ අල්ලනවා…

තනියම පාරෙ යද්දී හීන මැවෙනවා
හදවත අපිත් එක්ක කතාකරනවා
ඈතට වෙලා ඉන්ඩ එපා හැන්ගිලා
ෆන් එකෙ ඉමුකො සල්ලි බල්ලට දාලා

Benz BMW ගන්ඩ හිතෙනවා
අරගෙන ලෝකෙ වටේ යන්ඩ හිතෙනවා
ලොකු ලොකු හීන අතර හිත කැරකෙනවා
තියෙනා චැලිය අපිට හුඟක් වටිනවා…

පාගලා යන්ඩ හැටට කෙල්ල එක්කලා
එක එක වන්ඩි පාරෙ යද්දී හිතෙනවා
බස් එකෙ පිටිපස්සෙම මුල්ලකට වෙලා
එයා එක්ක යද්දී මචන් සැපකනේ තමා

පිටරට සුද්දාවගේ බ්ලේසර් දාලා
ටයි එක බැඳලා බ්‍රෑන්ඩ් ඇඳුම් අඳිනවා
ශොටයි බාටා දෙකයි ඇතුලෙ හැංගිලා
ගන්නා සැප නෑ ඒ බ්‍රෑන්ඩ් එක්කලා

ලොකු ලොකු හෝටල් වල බුෆේ දානවා
එනමුඳු අම්මගෙ බත් කට රස වෙනවා
කොහෙහරි අපිට නින්ද ගියත් වැඩිවෙලා
ගෙදර ඇඳේ මචන් අමුතු සැපක් තියෙනවා

written by Sanjeew Lonliyes

මං ආදරෙයී | Man Adarei by Kanchana Anuradhi [2024]

හුස්ම වැටෙනා ඇසිල්ලේ
මා ඔබ සොයා එමි නිදැල්ලේ
තබාගෙන ඔබෙ තුරුල්ලේ
නලවන්න ඔබෙ හද තොටිල්ලේ

කියනු මැන තුරුලට අරන්
මං ආදරෙයි මගෙ රත්තරං //

සඳේ සාවිය විලසටා
ගුලිවෙන්න මට ඔබේ තුරුලටා
නිශාවේ ඇති සරා සඳ වී
එළිය දෙමි ඔබෙ දිවියටා

කියනු මැන තුරුලට අරන් //

මා දකින හැම සිහිනයේ
ඇසිපිය හෙලන හැම වාරයේ
අතින් අල්ලන් තුරුළු වී අපි
ඇවිද යමු සංසාරයේ

ඔබේ ලෝකයෙ රැඳෙන්නම්
ඔබ භවෙන් භවයේ පතන්නම්
ඔබේ හුස්මට එකතු වී මම ඔබව ජීවත් කරන්නම්

කියනු මැන තුරුලට අරන් //

written by Gen.Kamal Gunaratne

නොහිතුනාට | Nohithunata by Yuki Navaratne [2024]

හිත හිත නුඹ පිට ඇදුණාට
රහසෙම වෙනතක බැදුණාට
මම සිටි සිහිනය මම මෙහෙම
අල්ලන් ඉන්නම්

ටික ටික ඉඟි මට දැනුණාට
නොහිතුණු හැටි පුදුමෙකි තාම
අපි වෙන්වුණු හේතුවෙ රහස
හංගන් ඉන්නම්

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට
මගෙ සතුට සොයමි නුඹ ගාව
සැනසුම පතමි නුඹට හැමදාම
සඳ නුඹට දුක නොහිතුනාට //

හිතවත්කම් හිත කඩලා තිබුණා
අපරාදේ අපි හමුවී තිබුණා
තුරුළේ සතපා
අඳුරේ සනසා
මදිවීද කියන් දැනුණා…

දවසක් වත් පෙම් කරලා තිබුණා
හිතුනේ නැතිදෝ වැරදී කියලා
හැමදේ සඟවා
පිට වී තිබුණා
හිත නැද්ද දරා

නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට //

written by Yashodha Adhikari

ලබැඳි කොමළියා | Labandi Komaliya by Bathiya & Santhush

මගෙ ලගම රැදිලා
නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා ඒ රංකද දකින සිරියා

ගැස්මක් තදට දැනිලා
හිත අරන් මගෙ ලග රැදිලා
නුඹ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරේ යාවිද මැකිලා

කෝල කතා බැල්ම හෙළා
මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා

ඒ ලබැදි කොමලියා
මගෙ හද පෙළෙන මුකුලියා
ලග ලගම දැවටියා මුකුලිත නුඹට හිත ගියා

ඒ ලබැදි ලබැදි ලබැදි ලබැදි ලබැදි කොමලියා
හද පෙළෙන පෙළෙන පෙළෙන මුකුලු නුඹට හිත ගියා

ඒ ලබැදි කොමලියා…

මගෙ ලගම රැදිලා නුබ නෙතග නොදුටු හින්දා
මේ හිතට ඉවසිල්ලක් නැතිවා
ඒ රංකද දකින සිරියා

ගැස්මක් තදට දැනිලා
හිත අරන් මගෙ ලග රැදිලා
නුඹ යන්නෙපා මගෙන් මිදිලා
මේ ආදරේ යාවිද මැකිලා

කෝල කතා බැල්ම හෙළා මගෙ හිතට ඉගිරි පපා
රූප ශ්‍රීයා නාරිලතා මටම ගැලපියා

ඒ ලබැදි කොමලියා…//

සැර වීලා – රතු විලා කොයිද යන්නෙ මේ සුරංගනීයා
දෑස ගස්සා වැස්ස වස්සා උබෙ රුවට පිස්සු වැටිලා

යං යං යං මුකුලියා
කළබල වීලා හනිකට ඉන්දා ආලේ මන බන්දා
මගෙ සුර ලන්දා තනිකඩ හින්දා මට උබ ඕනා

ඉටි රූපේ වගේ සුදු කෙල්ල
කරවාල මගෙ හද මෙල්ල
කැලබිල නුබෙ කෙහෙරැල්ල
තෙරපිලා මගෙ හද පල්ල

ඒ ලබැදි කොමලියා…//

written by Chamitha Cooray x Randhir

මම ඔයත් එක්ක | Mama Oyath Ekka by Denuwan Kaushaka [2024]

හිතක් තිබුනා ඔබ ලබන්නට
අපිට අපි ආදරෙකල
මතක අතරෙ ඇහෙනවා තව
ඔබ ලබන්නට බැරි බව
මම හොයපු මවපු හීන පොඩිකර
දිය කර හරිනවා කඳුලු විලසට…

මම ඔයත් එක්ක එක දවසක තනිවෙච්ච
පෙම් හිතක් තිබුනා මුලු හදවත ඩැහගත්ත
වෙන හිතක් ලඟට කොහොමත් බෑ ලංවෙන්න
මුලු ආදරෙම හැම දාකම සුරකින්න
මම හොයපු මවපු හීන පොඩිකර
දියකර හරිනවා කඳුළු විලසට…

හිත නැවත්තුවත් බෑ මට පව් පුරවන්න
අද ඉන්න තැනක ඔයා හොඳින් හිනහෙන්න
තව හිතක් නොමැත ආයෙත්නම් රැවටෙන්න
මුලු ජීවිතයම විඳවන්නට ඉඩ දෙන්න
මම හොයපු මවපු හීන පොඩිකර
දිය කර හරිනවා කඳුළු විලසට…

හිතක් තිබුනා ඔබ ලබන්නට…

written by Sathyajith Lakmal

පිණි බිංදු | Pini Bindu by Dilshan Maduranga [2024]

සතුට කියයි හිරු කතා
ආදරෙ ගැන ගොත ගොතා
මං ආසම මල් ලතා
පරදයි ඔබ සදලතා වී

තරු සිනා සී ආකාසයේ
ඔබ නිසා පා වේ මා

මේ හීනේ ලයාවී
රෑ යාමේ හිනා වී
සංසාරේ සරාවී
මා හුදෙකලා වී

සුරලන්දූ ඔබ හිනැහෙද්දී
හිත ආසම මල් පිපේ ආදරය ගෑවී
පිණි බිංදු ඔබ නහවද්දි
අපෙ ආදර මල් පෙතේ මා දුරෙක යාවී ඒවී

සියුමැලි අතැගිලි ඔයා පටලවන්න මැණික මගෙ හිසේ
හද තුල සිතැගි ඔබට අවනතයි මේ දවසේ
පිවිතුරු ළය මත මගෙ ඔබ නිදන්න දැවටි සුව ලෙසේ
නල මුදු සුවද ඔබගෙ මට දැනේ මේ රහසේ

මියැසි මං ආවේ සංසාරේ සංචාරේ සංකාවේ ඔබ සොයා
නැවති මං ගාව නෙත් මානේ සිත් යායේ ඉන්න ඉවත නොයා

සද නැතිවූ කළු අහසයි
ඔබ නැතිවූ දිවි පලසයි
කිසි පල නැති මගෙ සෘංගාර කුමරි
සංසාර හීනෙම වින්දෙ ඔබයි මම

මේ හීනේ ලයාවී…

සුරලන්දූ ඔබ හිනැහෙද්දී…

written by Kelum Dissanayake

කඳුළක් | Kandulak by Tharin [2023]

කීව හැමදේම
තාම එහෙමයි ද
ප්‍රශ්නයක් ඇත හිතේ

පෙර වගේ තාම ඇයිද නුඹ නාවේ
මග බලා ඉමි මෙසේ
සැක හිතෙන සේම නුබේ හැසිරීම
දැන් වෙනස් වී තිබේ
තව කෙනෙක් වේද ඔය හිතේ කොනක
කියන් දැන්වත් ලදේ

නුඹ ගියොත් නොකියා
ලොකු දුකක් ඒක
නොදන්වා කාරනේ

කදුලක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැක ගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ලග ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා

රැදෙන්නට හේතු ඇතත් අඩලා
විදින්නට ලොවක් ඔබට හදලා
කදුලක් වැටෙන්නට නොදී මං
මෙතුවක් රැකගත්ත නිසාවෙන්
වෙනසක් දැනෙන්නට නොදී මං
තාමත් ලග ඉන්න නිසාවෙන්
කොතරම් ආදරේද කියලා
වචනෙන් කීව හැකිද මැනලා

පේන හැමදේම තාම ඒ වාගේ
හීනයක් වාගේ මයි
නුඹ මගේ නේද මට දැනෙන සේම
නුඹට දැනුනොත් හොදයි

හිත බයයි මෙහෙම
නුඹ අහිමි වීම
ඒ තරම් වේදනයි
මගෙන් දුර ඈත නොයන් කිසිදාක
නුබ මගේ ලෝකයයි

නුඹ ගියොත් නොකියා…

කදුලක් වැටෙන්නට නොදී මං…

රැදෙන්නට හේතු ඇතත් අඩලා…

written by Yasith Dulshan

නුඹ දැක මා | Numba Daka Ma by Sasindu Raveen [2024]

මතකයන් අතරේ තනිවී මා
හීන රාශි හීන වේ ඔබ හා මා
විඩා නෙවෙනා ඔබගේ සිනා
සුවදේ මතකේ වෙලිලා

නුඹ දැක මා නිවුනා
ඒ රුවමයි දැනුනා
කදුලක රස මැවිලා
පාරනා

ආදරේකට තව හේතු සොයනවද
ආදරේටම ආදරේ නම් //

නුඹ දැක මා නිවුනා…

තහනම් ද දැන් මට
ආදරේ දැනෙනවද
තනිවෙන්න දෙනවඩහ
ඔය දෑස මත සිරවී //

මතකයන් අතරේ තනිවී මා…

written by Sasindu Raveen

lyrics,cupid lyrics,cupid twin version lyrics,lyrics cupid,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,cupid song,music,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,a hopeless romantic all my life,fifty fifty cupid english,fifty fifty cupid,cupid fifty fifty,cupid twin version,cupid english version,fifty fifty,cupid speed up,cupid fifty fifty english version,kpop,cupid,cupid twin,cupid tiktok

බඩු බැස්සා | Badu Bassa by DJ JNK x Moniyo [2024]

කාගේ කොගේත් ලාබා උපන් විදියටයි බබා වැනෙන්නේ
නෑ මල්ලී නොලැබෙන දේවල් වෙනුවෙන් අඬා වැටෙන්නේ
අපි හිටියොත් සන්තෝසෙන් , දූරිම්බූත වෙයි දෝස
පසුතැවෙයි බෝ සේ, දුන්නොත් ගෑනුන්ට රෝස

උඹ ගොං වස්සා

උඹෙ අම්මා මටයි බැන්නේ නහුතෙට ගස්ස ගස්සා
තාත්තා කිව්වේ අපි නැති අස්සේ

අපේ එකාව ඇදං ගිහින් පෝපු ඔලමොට්ටල ගෝත බස්සා

මාමේ , සතුට සන්තෝසේ දෙයියෝ දෙන්නෑ බන්දේසියෙන්
මේ මධ්‍ය පානේ original imported ලන්දේසියෙන්
තෝ කට ගැහුවොත් අටේ පන්නලා Sell කරනවා වෙන්දේසියෙන්
මකබාවනෝ උඩුබැල්ලේන් ගැන්සි බස්සලා නන්දේසෙන්


බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ…////

( සචිනි Calling )
ඉතින් නගා මට මන්දෝ උඹ ගියාම තවකෙක් එන්නේ මං කැන්දං
ඔච්ර ගෙම්බර් උඹෙ බොඩි පාට්ස් දඹරන්දෝ
රට්ටු කියාවි මොලේ පෑදුනේ මුගේ දැන්දෝ
කනකොකාම හඬයි උඹයි මමයි බැන්දොත්

අමු ලෝක කායි කාරයෝ වටේ ඉන්නේ අතේ දුරින් ආස්සරේ
කියවං අවොත් අම්මාපල්ලා කටේ ගහනවා ප්ලාස්ටරේ
අතිශයෙන් වෙනස් අපේ ශබ්දකෝෂෙයි මෝස්තරේ
රැප කොටු වෙලා තිබ්බේ ඒකයි පිටවානෙන් බ්ලාස්ට් කරේ


දග දග දග දාන කොල්ලෝ //

ඕන අපි ගෑණි දුර තියාගෙන් එනෝ
මට කෝල් කරා මම නැහැ හලෝ
ඕවා හංගාපන් හංගාපන් අර මුල්ලේන්
නැත්නම් මහ දෙවනතක් වෙන්නේ කඩ පිල්ලේ

දෙන්නේ හොදවායි, අල්ලන්න එන්නෙපා මගෙ අතින් පයින්
ඕන් බලපන් කෙලින් ඉන්නෝ ශෝක් එකේ,
කොහේ මට නෙවෙයි වෙරි මෙකි ගෙදර යවපාන්,
නැත්නම් අම්මපා අරිනවා බෝතල් පාරක් හොද එකෙන්

සාස්තරනම් ඉල්ලේ, කෝ රේඛා නෑ නේ අල්ලේ
මූන බලා කිව්වා ගෑණු 7ක් ගේනෝ මල්ලේ
නේත්තරා දෙක පල්ලා මචන් ඕවා හෙන කල්නේ
පිට යෑමනම් ඉල්ලේ, ගියොත් මන්නේ තියයි බෙල්ලේ

සෙල්ලක්කාරයි පොඩි කාලේ ඒකයි හුරු මහා පාරේ
උරුමක්කාර දේවල් නැතත් ඇල්ලුවා දේවල් තනි අල්ලෙන්
මොන ..කා උනත් එහා ලෝකේ එකා උනත්
බොක්කෙන්නම් එකෙන්ම ඌට ටොක්කෙන්නම් හනස්සෙන්

මෙකේ සෙල්ලම් දාලම හති, නාබර කොල්ලෙක් හරි ගති
බෙන්තර පාලම පැන්නම ඇති නම කිව්වත් සලකති කොල්ලෝ
පාරේ තොටේ දැක්කම ජනා මගේ එකා ඉතින්
‍ඕන දෙයක් කියපන් අඩෝ වචනෙමත් ඇති

හති දාගෙන පැදගෙන ඕන ආවා, දුන්න රැප් වාන් දැම්මා
නංගේ මල්ලේ ආයුබෝ නමස්තේ සුභ මාංගලම්
වදි ඩෝං ගාලා තැපැලෙන්ම මේන් ආවා

මට පොඩ්ඩක් ඔක්කාරේ ආන් අරේ වාන් වෙයන්


බඩු බැස් බැස් බැස් බැස් අඩෝ මේ…////

written by DJ JNK x Moniyo

අතරමං වෙලා | Atharaman Wela by Sanka Dineth ft. Yuki

කියවා ගන්න පසුව ලියා දෙමි සිතා
වදනින් වදන එකට අමුණගෙන තියා
ඔබ ගැන ප්‍රේම කරුණු එකින් එක සිතා
යන්නට හැදුව විගස දකින්නෙම ඔයා

ඇස් මත ඇයි මේ අකුණු
හිත මත ලියවෙයි අකුරු
හිතා ගන්න දරාගන්න බෑ…

ඈ මුදු පාද තබනවා
මල් මතින්ම එනවා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමංව
රෑ මට අයිති ද මන්දා
නුබ සියුමැලි හින්දා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමං වෙලා

තාරුකාව අහස නෑ හැරදා
මාව නෑ නුඹ විදලා..
නින්ද නේන හේතු නෑ අසලා
ඇයි මේ අපි දුර මන්දා

written by Manuranga Wijesekara

sanka dineth,sanka dineth new song,sanka dineth super star,dineth,sanka new songs,sanka official,sanka,valentines,manali,dancing videos,manuranga,adaraneeya prarthana,dance,best sinhala songs,new songs sri lanka,yuki navaratne,kavya eriagama,yuki nawarathna,best songs in sri lanka,manuranga wijesekara,atharaman wela,rishi rahul wara,raffella,raffealla,new music,yuki beatz,viral songs,rahul rishi,latest songs