පියවීලා දෑසේ ඈ දුන් සේයා..
යහනේ තනිවී මා හා එදා..
නුඹ දුන් කැල්මන් නෑ සැඟවී පේනා
මේ ජීවේ ස්නේහේ මා හා..
හන්තානයේ ඉම දුටුවා මෙමා.
ඇගෙ ආලේ දවා නිවෙමී..
හැරයන්නෙදෝ.. ප්‍රේමය පසෙකලා..
සිත් රූ ඇඳිකෙනා සොයමින් පීරා..
ගංතීරයේ මා සොයනා කෙනා..
ජීවිතේ මෙන් මා..
හිත පාරපු දේම වීය ඒ පෙම්පාරේ
මට නෑසුන දේම කීවෙ ඇයි සන්තානේ
ඔබහා ගිය පාළු මාවතේ පෙරවාගේ
නැවති මම පාර පීරුවේ නෑ ආයේ
ආලේ පානා මෙන් කාමේ සේයා
මේ ගංගාවේ මා පාවෙනා..
දිවියේ ආයේ මා කිසිදා පීරා
නොයමී මේ ආලේ සොයනා..
ආයේ හදේ යලි කිසිදා මෙමා..
නොපතමි ඈ නමින් කෙදිනා..
හැරයන්නෙමී.. ආලේ පසෙකලා..
සිත් රූ ඇඳිකෙනා සොයමින් පීරා..
ගංතීරයේ මා සොයනා කෙනා..
ජීවිතේ මෙන් මා..
Leave a Reply