පාවී පාවී මාගේ ලෝකේ සාමෙන් උන්නෙ තනිවී
හීනෙන් වාගේ නාරි බැල්මක් මාගෙ නෙතු හා යාවි
එවන් ශ්‍රියාවෙන් පිරි අඟනක් නෑ කිසිදා ලෝකේ හමුවී
ජීවන ගීතේ ලියනට එක්වී වෙනවාදෝ මා භාරී
අතමිට කාසි ඔබ සැනෙකින් පා කෙරුවා
මා කුළුදුල් ප්‍රේමේ හින්දා ඔබටම හද පිදුවා
බොළඳ පෙමින් මගෙ ඉහ මොල කර දෝවා
රූකඩයක් වී ඔබෙ සුරතේ ආලෙන් අඳ වූවා
රවටා හද මාගේ.. දැං මහ පාරේ..
සල්ලිත් නෑ කෙල්ලොත් නෑ..
මා මොල කරවුණා – ආලේ කුමටයි වැටහුණා
පතිනි වෙසින් එන චපල කතුන් අද පිරිම්න් රූකඩ කරනවා..
ජවු – සං නටනවා.. අමු අමුවේ සිල් බිඳිනවා
අවංක ආලේ හමුවුණු තැනදී මණිමේඛලාව හඬනවා
සැනෙකින් මැවූ ඒ ආදර ලෝකේ බිඳී ගියා හද සුන්වී..
මා හද සැනසූ බොළඳ වදන් අද මැකී ගිහින් දෝ වියැකී..
පේනා රූපේ පැහැපත්කම නෑ ඈ සන්තානේ හිලකී..
ආලෙ මැරූ කාරණාව සිහි වී උමතු හිනා මතු වෙවී
Leave a Reply