සෙනේහයේ ප්‍රතිමුර්තිය සිහි කරනෙමි පෙම්මා
ලේ කිරිවුණු හදවත තුල දරුපෙම නැත නිම්මා
කඳුළු දරා සුසුම් දරා විඳි දුක් කන්ද රෑ දිවා
මෙතේ බුදුන් දැක නිවනට යනු මැන මගේ අම්මා
සාගර ජලය තරමට දුක වෙලාගෙන
දෑසේ කඳුළු රහසෙම බිම හෙලාගෙන
විශාකාව සේ පියවර තබාගෙන
නා කපනා වැහි බීරම දරාගෙන
ඈ හද මඩල දුක් ගිනිකඳ නිවේවා….
ගෙවෙන ගෙවෙන මොහොතෙම සැප වැඩේවා….
ආයුවර්ණ ප්‍රඤ්ඤා බල වැඩේවා….
අම්මට මගේ නිවනට දොර මැවේවා….
Leave a Reply