සිහින මායාවේ මේ සිත ගොලුවී
අඳුරු සෙවනැල්ලේ මා තනිවී
මිරිඟුව සේ නුඹ මා වෙත පැමිණි
කිමද මා කඳුලේ
මායාවී ඈ සිත ළඟ රැඳුනා
සේයාවී ඈ මා සිත බින්දා
නෑ ආවේ යලි මා හද වෙතට
ඈ ආවේ මගේ සිත ගැන නොදැන
රතු දෙතොලේ ගෑවුනු රස්නය
සිත් දියකරවන සිහිනෙක ඇරඹුම
නුඹ මගේ හදවතේ සිටි කල
වෙනතක තිබූ අරමුණු අද මතුවිය
සිත සනසන නුඹ මගේ දෝ විය
ලය මත තිබු උණුසුම සිහි විය
ගලකි කෙටූ අකුරෙන් නම ලිය විය
නුඹ කවුරුද මා අදටාත්…
මායාවී ….
ඇස් රතු වූ දා මෙමා නුඹ ළඟින්
සේයාවී …
පෙම් කවි ලිව්වේ බැඳී ප්‍රේමයෙන්
ආදරේ …
මා හද වෙහෙසී නුඹේ ගැන සිතා
අද කෝ නුඹේ ආදරේ
මායාවී ..
මායාවී ඈ සිත ළඟ රැඳුනා
සේයාවී ඈ මා සිත බින්දා
නෑ ආවේ යලි මා හද වෙතට
ඈ ආවේ මගේ සිත ගැන නොදැන
Leave a Reply