ආදරේ ගැන | Adare Gana by Kasun Kalhara

ආදරේ ගැන දෙගිඩි යෙදුම්
ජීවිතේ ගැන දෙමහ වැනුම්
රැඩිකල් ප්රේමයේ
සමනල පියාපතකට දී රිදුම්

සෛන්දවයින් පිට නැගී
සිත මැවූ
සශ්රීක හීනයකී
විඳගන්න ඉඩ නොදී

පාට වත්සුණු දියෙහි තැවරූ
පාෂාණිභූත මතකය ඇගේ
විඳගන්න ඉඩ නොදී

රතැගිලි නලියන | Rathagili Naliyana by Kasun Kalhara

රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ
රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ

අපේ ලොවේ …. අපේ ලොවේ ….
අපේ ලොවේ …. අපේ ලොවේ ….
පායා පායා එන්නේ රිදී වලා
ගයන්නේ පෙම් ගී රඟන්නේ බඹරිඳු
අරන්නේ මල් හසරැල්

තරු කැලුම් ගත දැවටිලා හිතට
සඳත් හොරෙන් එබිකම් කළා
මලක් පිපී සැලෙනා පෙති කුමටද
අපට පවන් කළේ

රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ
රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ

අහස් ගඟ කැළඹුණා අපේ ලොව
සතුට උතුරා ගලා සිහිනයේ සරා
මල් වනේ පියඹලා
සිතුවිලි උදම් කළා

රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ
රතැගිලි නලියන ගිම්හානේ
යෞවන සිහිනය මත් වූයේ

රාත්‍රිය මනරම් | Rathriya Manaram by Kasun Kalhara

රාත්‍රිය මනරම්
ඔබ ලඟ හිදින විට නම්
විදින්නට හැකි නම්
ජීවිතය මෙතරම්…

දෑස් පියවෙන විට ඉතින්
යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්
දෑස් යට රැදි සිහින උදුරන්
මියෙන්නට පෙර විදින්නම් පිරිමන්
මියෙන්න පෙර විදින්නට පිරිමන්..

රාත්‍රිය මනරම්
ඔබ ලඟ හිදින විට නම්
විදින්නට හැකි නම්
ජීවිතය මෙතරම්…

දෑස් නලියන විට පෙමින්
ඔබ මිසක් කිසිවක් දකින්නට නොපතම්
දෑස් බැද දිව පුරුදු උණුහුම් සුසුම් සුවයෙන්
මියෙන්නට හැකිනම්
මියෙන්නට හැකිනම්….

රාත්‍රිය මනරම්
ඔබ ලඟ හිදින විට නම්
විදින්නට හැකි නම්
ජීවිතය මෙතරම්…

සරා සඳේ සිරියාවේ | Sara Sande Siriyawe by Kasun Kalhara

සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා…
මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා…

සඳ පායන ගනඳුරු යාමේ
ඔබෙ ආදර දෙඅදර රාවෙන්
සඳ සීතේ පිනි වෑහුණා…
සඳ සාවී ඔබමද මාගේ
සැතපී හිඳ සිතුවිළි යහනේ
මගෙ ආදර හිත පාරනා…

මිළාන වූ මේ දෑසේ…
සරා සඳේ සිරියාවේ…
පියඹා එන සමනළ රෑනේ
තටු දහසක මදහස වාගේ
නෙතු මානේ සිත පා වුණා…
පියඹා එන සමනළ සීනේ
සිරිපා වැඳ සැනහෙනු වාගේ
නෙතු මානේ ඒ හිත යා වුණා…

සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා…
මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා…

සඳ සඳ වගේ | Sanda Sanda Wage by Kasun Kalhara

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ…

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ…

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි…

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ…

ඔබ මා නොවන තුරු
මම ඔබ නොවන තුරු
ඔබ ඔබම දැයි
මම මමම දැයි

සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි අපි වගේ…

ලිහිනියේ කියන්න | Lihiniye Kiyanna by Kasun Kalhara

ලිහිණියේ කියන්න
පාර වැරදුනි ද කියන්න
ගැබ්බරයි නවෝ ගැබ
සීතල හිරිකඩ හමයි

ලිහිණියේ කියන්න..

හිරිකඩට නොතෙමෙන්න
සීතලට ගුලි වෙන්න
යනගමන් නවතින්න
ආවාදෝ හිත පිරට

ලිහිණියේ කියන්න..
මම බයයි තනිකමට

ඇහෙනකොට හඩ
කවුලුවට එහාවෙන්
ඉවසන්න බෑ තවත්
ලිහිණියේ නවතින්න //

නුඹ ආයේ ගිලෙයි ද
මට බයයි තනිකමට
නෑ කමක් නෑ ලිහිණියේ
දවසකට නවතින්න
ලිහිණියේ නවතින්න…

written by Charitha Disanayake

kasun kalhara new songs,kasun kalhara all songs,kasun kalhara,kasun kalhara live,kasun kalhara song collection,kasun kalhara acoustic,kasun kalhara songs collection,kasun kalhara the voice,kasun kalhara sanda mithuri,songs kasun kalhara,sanda mithuri kasun kalhara,best of kasun kalhara,ananthayata yana para dige,sinhala relaxing music,kasun kalhara songs

ලිහිනියෙකු සේ | Lihiniyeku Se by Kasun Kalhara

ලිහිනියෙකු සේ සිඳු මතින් පාවී…..
අහසට නැගී ඉහල ඉගිලෙමි….
දුර පාවෙනා වලාවේ…. කිමිදිලා….
ඉගිලී යමි ආකාසේ හිමතුරා….
ඔබ නිසා…….සුළග වී……..
ඔබ මගේ ලග නිසා……..

නිම්හිම් නැති සිහිනයක් දකිමි
රෑ සඳ පහන් මන්සලේ නැවතී
තරු මාවතේ දිගන්තේ සැරි සරා…….
ඉගිලී යමි ආකාසේ හිමතුරා……..
ඔබ නිසා…….සුළග වී
ඔබ මගෙ ලග නිසා…..

මා බලවත් කරනා | Ma Balawath Karana Samide by Kasun Kalhara

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ…

දිවියේ පෙණ පොඩි හැරදා
නැගිටින්නට වෙරලන සඳ
කුරුසයේ සෙවනැලි අතරේ
පා නගන්න දිරි දෙනු මැන
සමිඳේ සමිඳේ…

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ…

හිරු බැස යන අවරගිරේ
ඔබේ අතැඟිලි මත රැඳිලා
දිවියේ ජය පැරදුම හා
දුකයි සැපයි දෙකම කියමි
සමිඳේ සමිඳේ…

මා බලවත් කරනා සමිඳේ
ඔබ තුල මට කළ හැක සැම දේ
දුබල මසිත සැලෙනා මොහොතේ
දිරියක් වී රැඳෙන්න නිබඳේ…

මදකට හෝ නුඹ | Madakata Ho Numba by Kasun Kalhara

මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්
මගේ හිතට මඟ වියදම් දෙන්නම්
ඒ අපෙ පෙර මතක
මතකද දෙදෙනා එකතු කරපු මතක

මල් ලියකම් සැදි උයන තීරයේ
මා සිත ඇතුලේ මිණි බැඳි ඕවිල්ලේ
පෙම් ගිමන් හැරිය නුඹ ලමැද තලා යහනේ
මතකද මා හැර නොයනා බව කිවා

සල් සපු මල් පිපි ඉවුරු තිරයේ
මා නෙතු පතුලේ මන්මද තරංගයේ
පෙම් පවස නිවාගෙන මතකද මට කිවා
සසර පුරා නුඹ මට අයිතියි කියලා

මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්
මගේ හිතට මඟ වියදම් දෙන්නම්
ඒ අපෙ පෙර මතක
මතකද දෙදෙනා එකතු කරපු මතක

කඩදාසි ඔරු | Kadadasi Oru by Kasun Kalhara

කඩදාසි ඔරූ….
තොටුපලේ දිය වෙලා…සිහිලැල් සිතුම්..
ගං දියේ..පා වෙලා..සුන්දර හැඟුම්…
ගං දොරේ නැවතිලා කඩදාසි ඔරු..
තොටුපලේ දිය වෙලා..
කඩදාසි ඔරූ….

නව යෞවනේ කාලය දිනා යයි…
හැල හොල්මනක්..ඇති ඒ ගානේ..
ඔබ කියූ කතාවෙන්..රස තැන් සොයා මං..
මා පා කලේ..කඩදහි ඔරු වගේ..
මා පා කලේ..කඩදහි ඔරු වගේ..
මා පා කලේ….
කඩදාසි ඔරූ….

සිත පිබිදුනත්..ආලය දිනා යයි..
හැල හොල්මනක්..නැති ඒ ගානේ..
මා කියූ කතාවෙන්..නී රස සොයාලා..
ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ..
ඔබ පා කලේ..කඩදහි ඔරු වගේ..
මා පා කලේ….
කඩදාසි ඔරූ…