ඔබෙමයි සෑමදා | Obemai Saamada by Duava [2022]

ගොලුවෙලා මා සිත තනිවෙලා,
ඒ ලයේ කොණටවී ගුලිගැසී මාවෙලී,
පායා, ආව සේයා රූප චායා මාගේ දෑසින් පේනා,
සීතලේ මිදී සිත මා වෙලා,
මගේ වී ලයේ හී,

සොයා ගියත් ඒ සදා,
සෙවූ ලොවේ රෑ පුරා,
නොමැකෙන සේයා කඳුලැලි පාරා,
පැතු චායා.. තනිවී ගෙවනා,
හීනෙන් මා ඔබේ උනා මා පෑ ආදරේ,
පෑආල සේයා ඒ රූප චායා මා,
ආලේ කලේ ඒ යාමේ ඈ හා මා,

මා ලය මිදීලා රෑ පුරා,
මෙ සයනේ තනිවෙලා අඳුරේ මා වෙලා,
හදේ, රැඳී මේ ආලේ සේයා,
සොඳුරේ සේ එදා ඔබෙමයි සෑමදා,
සෙවූ මා පෑ ආලේ,

තනිවෙලා ආදරේ මුමුණනා මාහදේ,
කොඳුරණා ගුලිවෙලා පෑ සෙනේ,

සොයා ගියත් ඒ සදා,
සෙවූ ලොවේ රෑ පුරා,
නොමැකෙන සේයා කඳුලැලි පාරා,
පැතු චායා තනිවී ගෙවනා,
හීනෙන් මා ඔබේ උනා මා පෑ ආදරේ,
පෑආල සේයා ඒ රූප චායා මා,
ආලේ කලේ ඒ යාමේ ඈ හා මා,

මා ලය මිදීලා රෑ පුරා,
මෙ සයනේ තනිවෙලා අඳුරේ මා වෙලා,
හදේ, රැඳී මේ ආලේ සේයා,
සොඳුරේ සේ එදා ඔබෙමයි සෑමදා,
සෙවූ මා පෑ ආලේ,

පිණි වැටුනට | Pini Watunata by Roshan Fernando

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

සිරගත සිතුවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගතකල තැන් තැන් වල මතකය යන් නෑ
සිරගත සිතුවිලි වල කිසි අඩුවක් නෑ
අපි ගතකල තැන් තැන් වල මතකය යන් නෑ
වෙනදට වැඩියෙන් ආදරෙ කිසි වෙනසක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන් නෑ
ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන් නෑ
අදට වඩා හොඳ දවසක් හෙට නැතිවෙන් නෑ
ඔබ ළඟ ඉන්නව නම් මට කාලය යන් නෑ
දිනාගන්න ඔයාව හැර වෙන කිසිවක් නෑ
මොන දේවල් ලැබුණත් මට ඔයා නැතුව බෑ

පිණි වැටුනට සුදු නෙළුමට බර වැඩි වෙන් නෑ
මල පිපුනට පිණි බිඳු වල වෙනසක් වෙන් නෑ
ළඟ නොමැතිව දුර හිටියට අමතක වෙන් නෑ
ඔයාගෙ ඔය පුංචි හිතට දුකක් දෙන්න බෑ

You’re My Paradise by Yohani [2022]

You’re my paradise, running in my veins is the colour of waves
I’ll be coming home, light-years or more can’t keep me away

Music of my land and tongue
Calling is our ayubowan
Where there is love, there is home

Take a sip of warmth and
Let the truth be salt and sun
Isthuthi see you again

You’re my paradise, running in my veins is the colour of waves
I’ll be coming home, light-years or more can’t keep me away

වසන්ත වැස්සට | Wasantha Wassata by Rookantha Gunathilaka

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

මනබර ගීත ගුමු දෙන යහන
බඹරු වඩිති අරගෙන හීන
නිවා දමමි රෑ සඳ පාන
මමයි ඔබේ ලොව බඹරාණ

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

හැඟුම් පිරුණු මල්බර පියසේ
හැඬුම් ඇසේවිද හොර රහසේ
සුසුම් කඳුළු පිසදා නොලසේ
පැතුම් හොවමි නිල්වන් දෑසේ

වසන්ත වැස්සට තෙමුනාවේ
වසන්ත සුළඟක් හැමුවාවේ
වසන්තයේ මුණ ගැසුනාවේ
වසන්තයේ ඔබ පිපුණාවේ

හැම රෑකම | Hama Raakama by Madhuka Wijesinghe [2022]

රැවටුනු හිත සුන්බුන් වේවිද
සුන්දර එදවස ගැන නුබ හිත හිත
පැවසුව වදනන් ඒ නුබමද
නොමැකෙන සේ අද

හැම රෑකම හැමතැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හද පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා

ඈත අල්තාරෙ
පියබ ආවානේ
රැයට දුන් ආලේ
නුබද සිතුනානේ

සිහින නෑ පාවේ
දුරට ඇදුනාවේ
නුබට දුන් ආලේ
හදෙහි නෑ ආයේ

හැම රෑකම හැමතැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හද පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා

හැම රෑකම හැමතැන ඇවිදන් යන්
තරු බල බල අහසෙම හද පෙන්නන්
රහසෙම ඇවිදින් නොකියම යන්න
ඒ රැවටුන තාලෙට මම ආසා

හිරු හිනහී | Hiru Hinahi by Pradeep Rangana

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා

නව යොවුනේ පැතු පෙම වීලා
නොසිතුව සේ පෙරමඟ රැඳිලා
මා මනසේ රැඳි පෙම් රුව වූවා
මා හඳ රැඳුනේ නුඹ පමනයි නේ
සිත ගත් ආදරියේ
මන පුබුදා වසඟ කලා

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා

නෙතු අතරේ කඳුලැලි රඳවා
කිසි දිනයේ නොයනෙමි හැරදා
මා පණ සේ රකිනෙමි නුඹ සැමදා
නුඹ හද අරණේ මිනි පහනක් සේ
හිඳිනෙමි ආදරියේ…
මන පුබුදා හිඳිමි සදා..

හිරු හිනහී දිලුනා පෙරවරේ
නෙතු ගැටුනා නුඹ සරසවි බිමේ
සසරේ මතක මැව්වා දෝ රූ
හද කළඹා
සිත බැඳුනා නේ නෙතඟින් කී දේ
මා හද පුබුදාලා
මන පුබුදා වසඟ කලා
මන පුබුදා වසඟ කලා
මන පුබුදා වසඟ කලා

සයිකො | Psycho by Thilan Dhanushka [2022]

නිම්නාදේ තත් අතරින් අප සැඟවී සැඟවී
අඳුරු මන්දාරමේ තනිවී
ලා නිල්ලේ පාවී යනවා නොදැනී නොදැනී

නග්න වූ ජීවයේ
අවුලනා සුසුම් පාරනා
කර්මයේ කඩතොළු සොයා
අසිහියෙන් නිමකළා

ස්වර්ගයේ රූ දිහා
කල්පනා අතුරලා
මුඩුබිමේ රඟදෙනා
මානවයන් සිහිවෙනා

සැරිසරා පාරාදීසෙක අපි යලිත් තනිවෙලා
සනසවා නිවාලන්නට කාටවත් බැරි වෙලා

කාලයක් හිතේ මැවුනු හීන දිය කරලා
ජාලයක් වගේ ලෝකය සිව්දෙස කැළඹෙනවා

වියරු මනසින් මා දුටුවා
මිනිසුන් යදිනා
සියළු දේවල් අතහැරලා
නිවිලා යනවා

මාවතේ සරනා දිනේ
නෑ සෙනේ කිසි කෙනෙකුගේ
සරදමින් වියලුණු ලයේ
පවසමින් අතීතයේ

අසුරයන් හමනා ලොවේ
මා සිරවෙලා දුමාරයේ
ගිල්වුනත් මිරිඟුවේ
රළ නැගෙයි ක්ෂිතිජයේ

abhisheka wimalaweera,abisheka malith songs,abhisheka new songs,abisheka new songs,abhisheka songs,abhisheka yannama awasarada,abisheka hemal,malith perera songs,hemal ranasinghe,abi new song,malaka weerakkody,sinhala love song,sinhala songs,abhisheka,podu theam song,new sinhala song,2021 sinhala song,new sinhala songs,abisheka,abi songs,abhiskinclinic,latest sinhala songs,abiseka,malith perera,nissara music video,love songs,hemal music video, lyrics,shape of u lyrics,ed sheeran lyrics,cupid lyrics,shape of you lyrics,cupid twin version lyrics,lyrics cupid,shape of you ed sheeran lyrics,ed sheeran playlist,ed sheeran shape of you lyrics,shape of you remix,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,cupid song,music,ed sheeran songs,ed sheeran equals,hopeless romantic,shape of you,i’m feeling lonely,shape of you tiktok,second chance to cupid,pop music

හද සැනසෙනවා | Hada Sanasenawa by Rookantha Gunathilaka

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

සීතේ තුරුල් වෙමූ
මීදුම පවන් සැලූ
කාලය හෙමින් ඇදෙයි ගෙවිලා
නැහැවෙයි සුපෙම් හැඟුම්
යාවේ සුසුම් පවන්
ඔබෙයි මගෙයි සැමදා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා

ආයේ හඬන්නෙ නෑ
සෝ ගී වයන්නෙ නෑ
ලඟින් ඉමී සැමදා
පෙම් ගී ගයන්නෙමී
නොසැලී හිදින්නෙමී
ආදරේ හින්දා
තරු කැට දිලිසෙනවා
ඔබ මට ලං වෙනවා

හද සැනසෙනවා රෑ තරු යායේ
සිත නලවනවා විසිතුරු ලීලේ
පායන්නකො ආයේ මේ මහ රෑ යාමේ
මගෙ රන් සුදු රන් සඳ පානේ

හැමදාම හිතගාව | Hamadama Hithagaawa by Rookantha Gunathilaka

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

සාගරේ ජලෙන් පිරී එතේ
අහස් කුසේ රහස් බොහෝ ඇතේ
අපේ සිතේ ඔබයි මමයි ඇතේ
සිතුම් අපේ පෙමින් පිරි ඇතේ…

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

සෝ සුසුම් ඔබෙන් සොරා ගමි
සිතේ ඔබේ සිනා පළඳමි
දිවි පුරා ලඟින් ඔබේ ඉමි
උණුහුමයි සිහිලසයි දෙමි…

හැමදාම හිතගාව රැදුනහම
ඔබ මව හදුනාවී ඉදුරාම
හැමදාම මම වෙනස් වේවි
වැඩිය වැඩිය ආදරේ දෙමි
ඔබේ හදට මා තුරුල් වෙවී
සුළං වගේ ඉතින් එබෙන්නෙමි

නොඑනා දුරක | Noena Duraka by Sasanka Rajasekara [2018]

මනසෙ දොරගුළු කඩාලා
ආදරේ කල ඔයා
මිරිඟුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියෙ මා
තරහක් නැතේ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ

නොඑනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිඳිමි මා

තවමත් රූපෙ ඔබගේ
රහසේ මම තියා
මොහොතක් ගානෙ බැලුවේ
නොබලා බැරි නිසා
ජීවිතේට ආදරේ හීනයේ තියා
වාසනාව මා වෙතින් පාවෙලා ගියා

නොඑනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිඳිමි මා

මිහිදන් වෙච්ච අපගේ
ඇසුරේ අග සොයා
අදටත් එදා වාගේ
මම දුක් විඳිනවා
සාගරේක වේදනා රංචුවක් මෙදා
හීසරේක වේගයෙන් ආවා මා කරා

නොඑනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිඳිමි මා

මනසෙ දොරගුළු කඩාලා
ආදරේ කල ඔයා
මිරිඟුවක් වෙයි කියාලා
නෑ දැනන් හිටියෙ මා
තරහක් නෑ මගේ හිතේ
අදටත් ඔබ කෙරේ

නොඑනා දුරක සිටියත්
මාගෙ දෑසින් සැඟවිලා
හැරිලා නැවත එනකල්
ඔබගෙ මත්තේ හිඳිමි මා