Single කොල්ලො | Single Kollo by Infinity [2022]

යමක් කමක් තියෙන
තරුණ වයසේ හැන්ඩි කොල්ලෙක්

හැබැයි තාම සෙට් වුනේ නෑ
මට ගැලපෙන කෙල්ලෙක්

තනිකම පාලුව මැකෙන්න
ජීවිතේ සතුටින් ගෙවන්න

මම තාමත් හොයනවානේ
මැරි කරන්න කෙල්ලෙක්

කොල්ලෝ
Single කොල්ලො
තරුණ වයසේ අපි තනිකඩ
කොල්ලො

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලෝ

1st time ම දැක්ක කෙල්ල වගේ නෙ හැඩ නිලියක්
ඒකිව මම සෙට් කරගෙන ගන්න හිතුවේ ජොලියක්

ජොලිය නෙවෙයි අන්තිමේදි උනේ මාර කෙලියක්
ඒකිගේ පරණ බෝයි ෆ්‍රෙරෙන්ඩ්ස්ලා ඇවිත් ඇද්දා නේද වලියක්

කොල්ලෝ
Single කොල්ලො
හිටපු කොල්ල බකට් දැම්මා අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලෝ

දෙවෙනි පාර සෙට් වුනේ මට
ඒකි මාර බඩ්ඩක්

ජොලිය සොමිය දෙනවා තිතට
නෑනේ කිසිම අඩුවක්
නමුත් එයා පෙරලුවේ මට
මාර පොතක පිටුවක්

ගෑනිගේ බැදපු මිනිහා ඇවිල්ල මට
දැම්මා නේද නඩුවක්

කොල්ලෝ
Single කොල්ලො
ඩිවෝර්ස් වෙලා කිව්වේ අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලෝ

අන්තිමේදී ඇගට ආවා
පෙනුමෙන් හැඩ කෙල්ලෙක්

මමත් ඉතින් උඩ පැනගෙන
ලව් කෙරුවනේ සතියක්
වැඩේ නැගලා යද්දී හැබැයි
ආවා මටම සැකයක්

අනේ ඒකී ගෑනූ පිරිමි
දෙකටම නැති කෙල්ලක්

කොල්ලෝ
Single කොල්ලො
කෙල්ලෝ වගේ කොල්ලො එනවා අයියෝ

කොල්ලෝ
Single කොල්ලො
දෑතේ සවියෙන් සැනසෙන කොල්ලෝ

කොල්ලෝ
Single කොල්ලො
මල් සරාට ට්‍රැක් පනලද කොල්ලෝ

කොල්ලෝ
Single කොල්ලො
අනේ ලව් කරන්න ලක් එක මදි කොල්ලෝ

කොල්ලෝ
Single කොල්ලො
හිටපු කෙල්ල දාලා ගියා අයියෝ

මෙහෙම ගියොත් හැමදාටම
මෙහෙම ගියොත් හැමදාටම
අපි Single කොල්ලො

ට්‍රොල් දූපතේ කතාව | Troll Dupathe Kathawa by RUDEBOYRAY

සිල් ගත්ත ඇස් එක්ක මං, හීන නැති රටක ඇවිදිනවා දූවිලි කාගෙන
දෛවයේ කරට අත දාගෙන, කරුමෙට සරදම ශේප් කරගන්න හිනාවේගෙන
බර නැති අදහස් දරන් ළාමක, යාවත්කාලීන නොවන මොළ එක ආරක
දූපතක් මැද තනිවෙලා පාරක, තුරුම්පු “රුවිත” මට ආවෙම “හාරත”…
මේ ඇස්වලින් දැක්ක දේවල් – බණ කියන් අපි රැක්ක දේවල්
ලියනවා මම ඇත්ත දේවල් – දැක්කා කරවන හැටි පණ හැත්ත කේවල්
මිනිස්සුන්ට වඩා පන්සල් දැක්කා
මිනිස්කම ට වඩා පන්සිල් දැක්කා
“ජේසු” ට වඩා පල්ලියේ දායකයන්ගේ රැස් දැක්කා
Gangster Rappers ලා කෙල්ලන් ට යැව්ව text දැක්කා…
සිවුරත් එක්ක sex දැක්කා
පාදිලි ලෝගු මත මහා mess දැක්කා
බෝම්බෙන් පස්සේ කාදිනල්ගේ වෙස් දැක්කා
“වාල්මිකී” ට වඩා “මිකී-මවුස්” කාටූන් වල මම facts දැක්කා..
අපි ඇස් ඇති – හිත් නැති උන් නේ, පින්තූරත් අරන් නේ පිනටත් දුන්නේ
Empathy දන්නේ කොහෙද අපි නවත්තන්න සුනාමි විහාර මහා දේවිත් මුහුද ට දැම්ම උන් නේ…
සිංහලේ අපි නම් මාරයි, අපේකම ගැනමයි කතාව ලියනවා කවිත්
ඒත් සුද්දෙක් තටමන් සිංහල වචනයක් කිව්වොත් අපේ උන් සුරාන්තෙ ට ඇවිත්
යුද්ධ කරන්න “වේළු” වත් නැතුව
බඩගින්න ට හාල් සේරුවක් නැතුව
ලෝකෙන් උතුම් රට හේතුවක් නැතුව
අපි ආඩම්බර යි තේරුමක් නැතුව…

කාන්තා විමුක්තිය ට පිරිමින්ගේ contracts
Jokes නෙවෙයි ladies මේවා තමයි fun facts
කියවන ගෑණු feminism context
90% ක ට Cinderella Complex…
මාධ්‍ය නිදහස පිළිකන්නෙන් පාරට, භාෂණයේ නිදහස දෙයියන්ගෙ බාරෙට
කාකි කිට ට “රස රිසි ගී” බාර ද ?
ඇයි දැන් වැඩ කරන්නේ පොලිසියේ ද “නාරද” ?…
පඩික්කමකට තරු දාන්, මනුස්සකම වෙළඳාම්
නිදියන්නවත් ඩිංගක් ඇස් තද කරන් උද්ධමනය බං සැනසිල්ලත් මෙහෙ ගණන්…
බබාලා වඩන් පෝලිම් පනිනා, ආගම – ජාතිය කිව්ව ගමන් ට්‍රැක පනිනා
අපි සැමරුවත් නිදහස තියන් වෙඩිමුර සිංහ කොඩියෙත් ගහලා තිබ්බා “Made In China”…
බොට නින්දක් නැතිනම් – තව පෙති නැද්ද බං – කන්න කැඳ නැතිනම් – Mr. තෙන තෙදිනන් – හිතපන් – අපේ කමට පණ පොවන්න අවදි කළ පණ නැති පොර තාම බුදි නම් ?…
කරපින්නන් ජාතිවාදේ යන ගොම කුරුමිණි සිටී මේ ගොම තැම්බෙත්
දියසෙන් කුමරෙක් වෙනකන් බලන් උන්නා නේද උඹලා kiss කරලා ගෙම්බෙක් ?…
රට වලට උගසට තියලා ඇස් දෙකත්
විකුණලා වෙරළත් ගෝල්ෆේස් එකත්
පළුවක් චීනෙට මේක දැන් තැන් දෙකක්
ලංකාව MILF කෙනෙක් මේක gangbang එකක්…
පුරාවෘත්ත ඉතිහාසෙට ඔතාන
සිංගප්පූරුවක් හිටියා ට පතාන
පුරුද්ද ට ඇන්දෙන ඒ සොබාව
“මඩොල්දූව” නෙවෙයි මේකයි
“ට්‍රොල් දූපතේ කතාව”!…

ආදරේ මා නමින් | Adare Ma Namin by Piyath & Sandani Fernando

දග කරනා සිත සොයනා රස
මුව මී මල් ගොමුවේ
විද ගන්නට ඉඩ දෙනවද මට
දැවටී මා සුරතේ
සුදු මීදුම් මැද දුල තරුකැට
දකිනා ලෙස අදුරේ
මුව වදනින් නොව නෙතිනෙත බැද
දකිමුද පෙම් සිහිනේ

ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා

ආදරේ…….. හේ
ආදරේ මා නමින්..
ආදරේ…….. හේ
ආදරේ මා නමින්..

නිදි නොයෙනා හැම රැයකම සිත
ඔබ ලගමයි රැදුනේ
රෑ සිහිනෙන් මම සෙව්වේ නුඹ
කොහෙදෝ ඔබ සිටියේ..
මා අතැගිලි ගෙන පපු තුරුලෙම
සගවනු මා සොදුරේ
මට කොදුරනු මැන මගෙ සවනට..
අපෙ ආදර ගීතේ

ඔබෙ ජීවිතේ මගේ කියා
මා හදවතේ ලියා තියා

ආදරේ…….. හේ
ආදරේ මා නමින්..
ආදරේ…….. හේ
ආදරේ මා නමින්..

ලංවෙලා ආදරෙන්
මට උණුහුම දෙන්න සැමදා….
ඔබේ නමින් මා නිවෙම්
සෙනෙහෙන් සිපගනිමි සැමදා….

ලංවෙලා ආදරෙන්
මට උණුහුම දෙන්න සැමදා….
ඔබේ නමින් මා නිවෙම්
සෙනෙහෙන් සිපගනිමි සැමදා….

ආදරේ…….. හේ
ආදරේ මා නමින්..
ආදරේ…….. හේ
ආදරේ මා නමින්..

වරුසා වැහැලා | Warusa Wahala by Keshan Shashindra

වරුසා වැහැලා සොදුරු ආදරේ
මල් පිපීලා අප යන මාවතේ….
ගෙවුණු වසත්සම යලිත් එන්න යැයි
මතක ඉමට කවි ලියනු බෑ
ලොවට හොරෙන් ඔබ මගෙම වූ බව
කාත් කවුරුවත් දන්නෙ නෑ
නුඹට ලෝකයක් නොවන නමුත් මං මගේ ලෝකේ නුඹ තමා

හසරැලි මුව මත සැමදා රන්දා
මගේ ලගින් ඔබ උන්නු හැටී
සිහිවන හැම මොහොතක් ගානෙම
ඇස අද්දර උණු කදුලු කැටී
ඔබට ලෝකයක් නොවන නමුත් මං
මගේ ලෝකේ නුඹ තමා නුඹ තමා

ආදරයේ උණුසුම දුක ගැන මට
කියාදෙද්දි ලෝකයක් වටී
ඔබගෙන් මිදෙන්න එක මොහොතක බෑ
මගෙ හැමදේ ඔබ හටයි හිමී

වරුසා වැහැලා සොදුරු ආදරේ
මල් පිපීලා අප යන මාවතේ….
ගෙවුණු වසත්සම යලිත් එන්න යැයි
මතක ඉමට කවි ලියනු බෑ
ලොවට හොරෙන් ඔබ මගෙම වූ බව
කාත් කවුරුවත් දන්නෙ නෑ
නුඹට ලෝකයක් නොවන නමුත් මං මගේ ලෝකේ නුඹ තමා

කුසුම් සරා | Kusum Sara by Damith Asanka

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
ගැටිස්සියෝ ඇස ගැටෙනා හැමවිට රූබර
මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර
මටත් වැදිලා වගේ දැනෙයි මලවිගේ හීසර

හංස විලාසෙට ඇවිදින ගමනේ අපූරුව
බැලුවා නොවෙයි මට හොරැහින් බැලුනා ඉබේටම
වසන්තයේ මල බඳුනේ මානවිකා දැක
සුරංගනා ලොව හැබැහින් පෙනුනා මේ මට

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට

නිලංකාර කර ඇස් දෙක ඉඟි බිඟි පෑවට
අහංකාර කම අවියක් යුවතියෝ සන්තක
ඒම කියන හිත විටකදී කැපව නුරාවට
හද ගැඹුරේ කලතයි යෞවනයේ හැඟුම් විල

කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹර තාලෙට
යෞවනයෝ මාන බලයි මල් හීසරයට

මේ සඳ වුනත් | Me Sanda Unath by Buddhika Ushan

මේ සඳ වුනත් පායා ඇවිත්
ඉස්සර වගේ එළිය දුන්නා උනත්
මේ හුළඟමත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැමදේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම්
ඉවසම් දෝ

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ

අයෙ හිරු නෑ හෙට හුළඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයෙ නුඹ නෑ දුක් කඳුළුත් නෑ
රැය ආවත් මම නෑ

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ
මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ

ඔබ ඇයි ඉන්නේ | Oba Ai Inne by Buddhika Ushan

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ
සුන්දර රුවැත්තියේ අවිහිංසක මුවැත්තියේ
ඇයි ඔරවන්නේ හොරැහින් බලා
මා රිදවන්නේ නෑ යළි සදා
උතුරන්න ඔය ආදරේ සිපගන්න මේ ජීවිතේ

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ
මල්සර කතන්දරේ පවසන්නද නිරන්තරේ
මං ඉගිළෙන්නේ නෑ ඔබ දමා
ඇයි ඉහිරෙන්නේ කොපුලින් නුරා
පායන්න නෙතු කැන් අගේ
මට දෙන්න ඔය පෙම් සුවේ

ඔබ ඇයි ඉන්නේ තරහ වෙලා
මට ඉවසන්න බැරිව ගියා
හිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑ
දැන් ගුලිවෙන්න තුරුලට වෙලා

ඔයා මගේ පණ නිසා | Oya Mage Pana Nisa by Buddhika Ushan

ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

හිත හැදෙන ආදරයෙන් ලඟ ඉන්න
අද හොයන්නේ ඔබේ උණුහුම විතරක්ම
හීන පුරෝගෙන දෑස පියාගෙන
හිඳින්නේ කොහොමද මා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

දුක දැනෙන්නේ මටමම විතරක්ද
හිත කියන්නේ ඔබ මගේමයි පිළිගන්න
කාට කියන්නද කොහොම දරන්නද
ඔබ නැති පාළුව මා

මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලා
මා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලා
ඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා

සුවඳ සොයනා | Suwanda Soyana by Buddhika Ushan

සුවඳ සොයනා කඳුළු සඟවා
සුළඟ ඇවිදින් මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරේ තරම්

සුවඳ සොයනා කඳුළු සඟවා
සුළඟ ඇවිදින් මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරේ තරම්

රෑ පුරා හීන මල් වාස්ස ආදරී
රෝස මල් පෙත්ත සිප ගත්තු
මට හොරා මගේ හිත ගත්තු මිතුරියයි
ඈ ආදරේ දුන්නු සිත් ගත්තු

සුවඳ සොයනා කඳුළු සඟවා
සුළඟ ඇවිදින් මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරේ තරම්

හිත පුරා ජිවිතේ අඳින සිතුවමේ
එනවාද නවතින්න හිත ඇත්තී
නැවතිලා මගේ හිත් අරණේ මුමුනලා
ආදරේ පවසන්න සුවදැත්තී

සුවඳ සොයනා කඳුළු සඟවා
සුළඟ ඇවිදින් මා සනසවනා
මම දන්නවා ඔබ දන්නවා කියා
ඔබට මං ආදරේ තරම්

සුළඟට මුසුවන | Sulangata Musuwana by Buddhika Ushan

සුළඟට මුසුවන දවසක
අවසන් සුසුම් පොද
අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ
මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ

සුළඟට මුසුවන දවසක
අවසන් සුසුම් පොද
අද වාගෙම මා ළඟ මගෙ මැණිකේ
මට කියන්න ඉන්නවා නේස ඉතින් ඔබ

සීතල පැන් පොදක් දෙතොලඟ
උණුසුම් හාදුවක් නළලත
තබනවාද එබ පවසන්න මගෙ සඳ
ඒ පිනෙන් මට සමුගෙන යන්න

ළංවී එක්වරක් සවනට
යන්තම් තෙපලන්න හෙමිහිට
ආදරෙයි නේද මේ ඩිංග මට ඇති
රත්තරන් ඇස් දෙක වහගන්න