නෙතු නොනිදා රෑ | Nethu Nonida Ra by Aki Vish ft. Evill D ZAYGE [2020]

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇදිලා
ආදරේ සිතේ රැඳුනා

දුර ඈතකට ඉගිල ගිහින් රහ⁣සේම
තව කෙතරම් ඉවසන්නද මෙ දුන් රිදුම්
ඔය තුරුලේ සැනසෙන්නට හැමදාම මගේ ළ⁣ඳේ….
උණු කඳුළැල් සලන්නමි නුඹේ නම්න් ආද⁣රී….

නෙතු නොනිදා රෑ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී….

හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි ම⁣ට නුඹ හිමි නැ
මගේ ආදරී..

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා

අපේ ආදරේට නැ නේද ලස්සන මතක කෝටියක්
රැක ගත්තු හීනත් ඔයා පුච්චලා අළු කරේ දවසක්
අද වෙන්වෙලා හෙට අපි අයෙ මුණ ගැහුණත්
හඳුනන්නෙ නැති ගානයි ඒ තරම් ලොකු වෛරයක්

සමාවෙන්න දෙවරක් නොහිතා කරපු දේට මම
දීලා මං මැරෙන්නෙ කොහොමද ඔයාව ⁣වෙන කෙනෙකුට
නොතේරුම් කමට තාමත් කරාට ඔය දඟ වැඩ
ඉස්සර වගේ බලන් ඉන්නෙ කාටත් හොරෙන් නිතරම

අත් අල්ලන් යන්න තිබ්බත් වාරුව මඟින් නැති වුනා
ඊළඟ වටය එනකං ගොඩක් අය දින ගැන්නා
කළුවර අහසෙත් පායන්නෙ එක හඳයි මට තේරුණා
ඔය ඇස් මත්තෙ මගේ ආදරේ පිස්සුවක් උනා

දකින්නත් ආසයි ඇවිත් තව එක වාරයක්
වැලිගල්ලෙ බැම්මෙ චිත්‍රත් බලන් එන ගමන්
දැන් පරක්කු වැඩි නේද පෙරහැරත් ගිහින් හුඟ දුරක්
කළු පාලමත් කියයි හමු වුන හැටි අපි වරුවක්

කිව් කතා අකුරක්ම බැනුමි අවලාද
ඇසෙනා පාළු රැයේ
ඔය හඬත් රැව්දෙයි උණුහුමත් මට දැනෙයි
විඳවන මෙ දිවියේ

නුඹ මගේ වේදෝ – මා නුඹේ වෙිදෝ
සුළඟ සේ ගිලිහී නුඹ යයි දෝ
නොහැගෙනා මේ තැලුන හිත රහසේ
හොයන්නෙ නුඹ් ම රුවමයි

සිතන්නෙ කෙලෙස මං
ප්‍රියාවී මා හදේ…!

නෙතු නොනිදා රැ අඳුරේ
දකින්නට වත් හිම් නැ දැන්
එක පාරක් මදෙස බලන්න
සිනහා වෙලා ආදරී….

හමුවුණ නගරේ අද මා තනිවී
මතක අහනවා නුඹව කෝ දැන්
පවසන්නද යලි ම⁣ට නුඹ හිමි නැ
මගේ ආදරී….

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා…

ඔයා ළඟින් මා ඉන්නට සත්තයි
ජීවිතේ පෙරුම් පිරුවා
හීනයේ ඔයාවම ඇඳිලා
ආදරේ සිතේ රැඳුනා..

ඔයා ළඟින්….
මේ ජීවිතෙන්….
හැම හීනයෙන්….
ඔයා ගියා….

<script type=”text/javascript”> atOptions = { ‘key’ : ’29b44b2b874c8cbff0369c0626fdd306′, ‘format’ : ‘iframe’, ‘height’ : 90, ‘width’ : 728, ‘params’ : {} }; document.write(‘<scr’ + ‘ipt type=”text/javascript” src=”http’ + (location.protocol === ‘https:’ ? ‘s’ : ”) + ‘://itinerarymonarchy.com/29b44b2b874c8cbff0369c0626fdd306/invoke.js”></scr’ + ‘ipt>’); </script>

වින්දනය | Windanaya by Malith Perera [2020]

නනනේ…. නනනේ…. නානා…. නානා….

රතු නුවන් පෙති නෙතු වියන් යට….
හඬා වැලපෙන කොකිලාවී….
වසා රතදර සුසුම් තවරා….
ඔබේ සුවඳට මත් වෙලා මම….
ඔහේ හිටියා සම වැදී මෙමා….
ඔහේ හිටියා නෙතට නෙතු යොමා….

ඔහේ හිටියා සමවැදී…
වින්දනය ලැබුවා…. මන්මත්ව හිටියා….
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා….

රතු නුවන් පෙති නෙතු වියන් යට….
හඬා වැලපෙන කොකිලාවී….
වසා රතදර සුසුම් තවරා….
ඔබේ සුවඳට මත් වෙලා මම….
ඔහේ හිටියා සම වැදී මෙමා….
ඔහේ හිටියා නෙතට නෙතු යොමා….

ඇඟිලි තුඩු මගේ ඔබේ කම්මුල්….
මතින් පැහැපත් රෝස පාටින්….
දෙකන් පෙති මත උණුසුමක් වී
හඬින් අවදිව කොකිලාවී
වින්දනය ලැබුවා…. මන්මත්ව හිටියා
වින්දනය ලැබුවා හ්ම් හ්ම් හ්ම් මන්මත්ව හිටියා….

නා නනනේ… නනනේ…. නා නා…. නේ නා නා…..

ලිලී මල නුඹ | Lilly Mala Numba by Dinusha Jayasinghe ft. Tharindu Damsara [2020]

ප්‍රේමයේ මේඝ ගැටී දෙහදෙදී
ආලයේ වැසි රූරා වැටේ
අපි ඇවිද ආ වැලි පාරෙහි
මගෙ වේදනා දිය කඩිත්තේ
සුලැඟිලි තුඩින් ඉස්සී
තුරුපත් පවන් සැලෙනා වෙලේ
සිනාසී නුඹ නැටුවා පෙම නිමාවී

මා ලියූ සන්දවනියේ රළු හඩයි නුඹ
ඒ අසා සැනසූ මෘදු හඩයි මම
නුඹ ඒ ලෙසින් වැයෙන්න
තව තවත් මා නිවෙන්න
ලියඅරා උයනේ මට හමුවුනු
ලිලීමල නුඹ

මා ඇන්ද සිතුවමෙහි බොදවු තැන නුඹ
රසම තැන එය වූ කලී මා සෙවූ මම
නුඹ ඒ ලෙසින් පෙනෙන්න මට තවත් විදින්න
ලියඅරා උයනේ හදෙහි ඇන්ද
ලිලී මල නුඹ

ලිය ලියා | Liya Liya by Smokio ft. Dilki Uresha [2020]

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

හැමදේම දුන්නා මං ඔයාට කැමති කැමති
හැම වෙලාවෙම ළඟ ඉඳන් දැවටි දැවටි
අපි ගොඩක් දුර ආවා ඒත් නැවති නැවති
මං හිතන්නෙ අපි පටන් ගත්තෙත් වැරදි තැනකින්
මට ඔයා ගාවම ඉන්නයි ඕන වුනේ, ඈත් වෙන්න නෙමෙයි
මං ඔයාගේ අතින් අල්ලගත්තේ යන්න දෙන්න නෙමෙයි
“කවදාවත් නෑ කඳුළින් නෙත් තෙමෙන්න දෙන්නේ”
ඒ හැමදේම වෙලා දැන් මං කිව්වත් ” නෑ වෙන්න දෙන්නේ ! “
හිතේ ගිනි තවත් ඇවිලෙනවා මිසක් නෑ නිවෙන්නේ
තේරෙන්නෑ ! මං කොහොමද ඔයාගේ ආදරෙන් මිදෙන්නේ ?
ඔය මුහුණ දකිද්දි ආදරේකින් හිත පිරෙන්නේ
ඔයා ගාව වෙන කෙනෙක් ඉද්දි, ඒකයි රිදෙන්නේ

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

ඔව් මට තව පාරක් හිතන්න තිබුණා
මම ගත්ත තීරණේ වැරදියි නිතර හිතුනා
නොදැනුනා වගේ හිටියට මේ හිතත් රිදුණා
අපි දෙන්නා මැව්ව හීන ලෝකේ මං අතින් බිඳුනා
සමාවෙන්න ! මං සුදුසු නෑ ඉල්ලන්න සමාව
පසුතැවිල්ලට හේතුවයි පමාව
මං හිතන්නේ මේක වෙන්නැති ආදරේ වේදනාව
හෙමින් හෙමින් මරනවා වගෙයි පාළුව මාව
ගලයි වරදකාරී සිතුවිලි කඳුළු ගංගාවක්
මගේ ලෝකේ වහගෙන ඉන්නේ අඳුරු වළාවක්
ඔයාගෙයි මගෙයි ආදරෙත් අමුතු කතාවක්
ඒ කතාවට උරුම නැතුව ඇති සතුටු නිමාවක්..

පාරාලා පාවීලා ගිය හීනේ හැරදා හීනේ මා දමා
පායාලා ඒදෝ රෑ සඳ මාගේ සැමදා මාගේ වී ඔයා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා
ලිය ලියා දුන් ආදරේ මා, ඉර ඉරා ඇයි යන්නේ හැරදා
මගේ හදවතේ ගිනි අවුලා

written by Achala Solomons, Chamath Sangeet & Smokio

ගිරිදෙව් ලියෝ | Giridew Liyo by Hashen Dulanjana Silva

තිස්තුන් කෝටියක් දෙවියෝ වී සතුරූ
මගතොට නෝවේ ගෙයි ඇතුලෙත් දළ කුමරූ
කනේරු මල් පුසුඹ තුරුලු කර වියරු
ගිරිදෙව් ලියෝ වැළලෙත පිහිටට කවුරු…

නෑඹුල් රස සොයනා වියපත් බඹරූ
මුවරද ඉව කරනා ගොරහැඩි විෂ දෙබරු
මලිගිය මල් තලා දල කරලති සිදුරු
මලකට පිපෙනු බැරි බිම කෝමද සොදුරු…

සිහිනෙක සතපවා ගෙන ගොස් මග නපුරු
සමනළ තුඩට හුරු කරවති රස නුහුරු
බුදු හිමි වැඩිය පින්බිම කරමින් අඳුරු
වැඩි ලංසුවට විකිණෙන හැටි මල් අහුරු…

hashen dulanjana songs,hashen dulanjana,hashen dulanjana the voice,hashen new song,sadara bandara song,sinhala songs,satheesh rathnarajh,new song,madhushani sarukkali,new sinhala songs 2020,hash music,yashodha adhikari,hashen voice teen,the voice sri lanka,sinhala sindu,sadara bandara,voice teens sri lanka,sinhala sindu 2020,team sanuka,aluth sindu,giridev liyo,giridew liyo,coach sanuka,giri dew liyo,sayuri jayaratne,giridewliyo,voice globle

උමතු වී | Umathu Wee by Aki Vish [2019]

සංසාර හීනේ පුරා
නුඹ ගාව සිත නැවතිලා
දඟකාර නුඹේ රූ ශ්‍රියා
පෙම් ලොවක මා සිරකලා

තරු අතරින් මා නුඹවම සොයා
පියඹා යමි ගුවන පුරා
හිරු සඳු පරදා විලි සැලරුවිනා
ලැබ ගන්නෙමි ඔබ පරදා

මා ඔබේ ලයේ ගුලිවීලා
හෙමින් හෙමින්
හැර යන්න බෑ ඉතිම්
ඉන්නේ මා දැන් උමතු වී

මා ඔබේ ලයේ ගුලිවීලා
හෙමින් හෙමින්
හැර යන්න බෑ ඉතිම්
ඉන්නේ මා දැන් උමතු වී

ඉන්නේ මා උමතු වී
ඉන්නේ මා උමතු වී

මුලු රෑ පුරා මා
නුඹ ගැන සිතාලා
පෙම් ගී පොතේ මා හා
නුඹේ රුව සිත්තම් කලා

නොවිඳුල් ආදරේ ඔබෙන් ප්‍රියේ
මා හට අත ලැබිලා
ඉගිල යමුද මේ ක්ෂිතිජයේ
ඉම නොපෙනෙනා

මා ඔබේ ලයේ ගුලිවීලා
හෙමින් හෙමින්
හැර යන්න බෑ ඉතිම්
ඉන්නේ මා දැන් උමතු වී

මා ඔබේ ලයේ ගුලිවීලා
හෙමින් හෙමින්
හැර යන්න බෑ ඉතිම්
ඉන්නේ මා දැන් උමතු වී

ඉන්නේ මා උමතු වී
ඉන්නේ මා උමතු වී

සින්ඩරෙල්ලා | Cinderella by Cairo Rich [2020]

පාට මල් වැල් මත් උනාදෝ
හවසක අපි හමුවුනාදෝ
කාලය දැන් ගත වෙලාදෝ
රහසේ…..
චූටි අපි රහසේ ලංවුනාදෝ
රෑ මල් රහසේ පරවුනාදෝ
මා හීනෙක තනිවුනාදෝ
ඈගේ…..
සින්ඩරෙල්ලා….
සින්ඩරෙල්ලා….

පාට පාට මල් වැස්සක් වැස්සේ
ඈගේ තොල් වලින් මත්වේ
ඈගේ රූපේ මා හිතේ ඇඳේ
දවස පුරා මතක් වෙයි
හීන ලෝකේ පාවී යමුද
හැබැයි රෑ වෙයි
ලංවෙලා ඉන්න සෝඩී
දැන් දින සෑදෙයි

රෑ යාමේ හීන අහසේ
සිතුවිලි පාවෙයි රහසේ
ඈගේ ලෝකේ තාමත් අන්ධකාරේ

පාට පාට මල් වැස්සක් වසී
හවස්වෙලා ආයේ
හීන ගනන් ගෙවිලා දැන්
හැම දේම දුරස් වෙලා ආයේ
හීන ලෝකේ
පාවෙමු සිනඩරෙල්ලා දැන්
නුඹේ රූපය දුටුවා දා හීනෙන්
මා මත් උනා
සමනල්ලුන් පවා
පියඹා ගියා

පාට මල් වැල් මත් උනාදෝ
හවසක අපි හමුවුනාදෝ
කාලය දැන් ගත වෙලාදෝ
රහසේ…..
චූටි අපි රහසේ ලංවුනාදෝ
රෑ මල් රහසේ පරවුනාදෝ
මා හීනෙක තනිවුනාදෝ
ඈගේ…..
සින්ඩරෙල්ලා….
සින්ඩරෙල්ලා….

රුබිරි පපා | Rubiri Papa by Kasun Sanjaya ft. Funky Dirt

කලබල සින්යො සිමයියා…
මන ගයනා කපිරිඤ්ඤා
යකදුරා පරදා
යකින්නි මහදේ යකා නටන්නා

කෙල්ල මට කැව්වේ පිපිඤ්ඤා
කට ඇගේ සද්දෙ රතිඤ්ඤා
ලොතරයි ඇදුනා වගේ දැනුනා
මට දැක්කම සුමනා

වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ

වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ

මගේ ඉරුණු පිජාමේ සෙල්ලම් නිසා එළිවෙන ජාමේ
කෙල්ලෙ දෙදරන්න පරාලේ ගර්ජන උඹේ යටිගිරියෙන්
මේ ජරමර අස්සේ කවුද යකෝ දොරට ගහන්නේ
හිතේ වම් පැත්ත කහන්නේ පෙම මෝරලාද මැනිකේ
යකදුරාට හෙනහුරාට හිටි ආතුර මැණිකේ
ඇඟ පුරාම හූරලාම නුබ අයිතිය ලිව්වෙ
සරන සසර පරන පෙමද පෙමක සරනේ කැවෙන ඇමද
නුබගෙ ළමැද මැද පිරිමැද – රලු මා හස්ත සංචාරෙක…

කෙසෙ මම ප්රේමේ දෙසඤ්ඤා
අඩියක් උඩින්ම යනවා
පොලොවෙ පය ගහලා
+ඉන්න කෙල්ලො ගියේ දේවි බාලිකා

ඈ ගෙම්බර පානා
එතරම් සුන්දර නෝනා
බහ දෙනවානම්
ඉවසන්නම් නුබෙ ශෝභන ලීලා

වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ

වතුපිටි ගේ දොර ඕනෙම නෑ මට නුබයි නිධානේ
ස්වර්ගෙක ෆීලින්ග් එකෙ මං නුඹ ලග පැදුරේ නිදන්නේ

written by Murshad Huvais

යෞවනියේ | Yauwaniye by Chathura Dulantha [2020]

මා සිතුවිලි…. කෙසේ සඟවමි
නුඹේ හසරැලි හා වෙලී….
ආදරයකී…. හදේ ඉපදුනී
නුඹේ සෙවණැලී හා බැඳී….

යෞවනියේ… සමනලියේ
මට වාගේ… දැනුනද ආලේ
යෞවනියේ මගේ…. පෙම්බරියේ
මට වාගේ…හැගුනද ආලේ…

කෙහෙරැල්ල පුසුඹේ….
පවනැල්ලෙ නටනා
ලංවෙන්න මා ආශා කරනා….
ලඳුනේ නොකියූ – රහසේ බැඳුනූ
ඒ ප්‍රේමනීය වූ සෙනේහේ
කාරනා….
ආදරියේ මගේ නුඹ නෑ දන්නේ
මං ආදරෙන්ම ආදරේ කලා….

ඉවසිල්ලෙ දැවිලා….
සැනසිල්ලෙ සරනා
හද ගැස්ම මා නුඹව සොයනා….
සුසුමේ රඳුනූ ඔබ මා හමු වූ
මේ චුම්බනීය වූ සෙනේහේ
යාවෙනා….
ආදරියේ මගේ නුඹ නෑ දන්නේ
මං ආදරෙන්ම ආදරේ කලා….

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,new sinhala songs,numba nomathi dihawaka,sadakalika premayknam,sadakalika,hithalu,dhammadewa,sanjula himala,ruhunuketha,nuba nomathi,reazon records,the night without her

පාරමිතා | Paramitha by Shashika Nisansala

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

කඳුළු වලින් දියවී යනවා නම්
අවිහිංසක රූපේ
දෝරේ ගලන තුරු කඳුළු හලන්නම්
මට ඔබ නොපෙනෙන සේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

මට ඔබ, ඔබ මට පෙම්කල තරමට
වෙන්වී යන්න බැරී
අසම්මතේ පෙම්වතුන් නොවෙමු අපි
වරදට වහල් වෙවී

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ

පාරමිතා නොපුරමු අප දෙදෙනා
මතු මතු සංසාරේ
පාන සිනා සුළඟට විසිකරමු
හමුවෙන හැම වාරේ