හිතුවක්කාර අවිහින්සකාවී
ඉරි තැලුනු දෑසින් මදෙස බලාවී
සිනාසී ඉඩෝරය ඈතට පාවී
වැහි වලාවන් ඇයට අතවනාවී
නිර්දෝශී වැරදිකාරි මයෙ යෙහෙලි
පබ ගාලක පැටලිලා ඉන්නෑ
ඈව ගිනි සෑයක ඇවිලිලා ගියත්
දැන් ඕනී සුර යහනක සැතපිලා ඉන්නයි
තෝර ගත්තේ ඇය වැරදි පාරක්
එය තීරනයක් ඇය වැරදිලා ගත්
කාටත් වැරැද්දක් කරේ නෑ ඇය වැරදිලාවත්
වැරදි ලොව ඇය මත තබයි වැරදි දාහක් බියෙන්
හකුලවාගෙන ඇය පියාපත්
හින මවන්නේ දුර ඈත පියාබන්නයි
හැකිලුනු අත්තටු නැවත විදාලන්නයි
පැටලී ගිය යතාර්තය ගැට ලිහාගන්නයි
සමාජේ මුහුදක් ඇය නැව ගිලාබත් වූ
සතා කියා ඇයට කිව්වා සත්තූ
සමාජෙන් ඇයට නෑ කියන තැන තියා ගත්තු
ශුද්දවන්තයයින් ගැන කිව්වානම්
උන්ගේ වැරදී ගාව ඈ නිවැරදී තාමත්
හරි වැරැද්ද තෝරමින් ඈ වී ඇත විඩාපත්
ඇත රැවටිලා නමුත් නෑ වැලපිලා නම්
ඇය ජීවිතය අල්ලන් ඉද්දී වැරදි තාමත්
කෙල්ලෙක් වරක් දෙවරක් ජීවිතේ පැරදිලා යද්දී
නැගෙනවාද හිතේ කැත හිනාවක්
ඇය දිහා වත් තවත් දෑස පිහිදලා බලද්දී
ඇය ඔබේ නැගනියක් නම් ඈටත් වැරදිලා නම්
පාමින් සිනහා….
ඇය වෑයම් දරයි සගවලා තබන්න වේදනා..
දකින්න දරා යෙහෙලි මවා පාමින් සිනා…
ඈ වෑයම් දරයි හදවතේ සගවලා තබන්න වේදනා..
හීන මාලිගාවන් මවාන් යෙහෙලී මා….
යෙහෙලී මා….
හිතුවක්කාර අවිහින්සකාවී
ඉරි තැලුනු දෑසින් මදෙස බලාවී
සිනාසී ඉඩෝරය ඈතට පාවී
වැහි වලාවන් ඇයට අතවනාවී
නිර්දෝශී වැරදිකාරි මයෙ යෙහෙලි
පබ ගාලක පැටලිලා ඉන්නෑ
ඈව ගිනි සෑයක ඇවිලිලා ගියත්
දැන් ඕනී සුර යහනක සැතපිලා ඉන්නයි
ඈ දැන් හරි පාරක් ලග නැවතිලා නම්
ඇයි මේ සමාජෙට ඇය වැරදී තාමත්
ඇය හදන්නේ දිය වලෙන් ඈතට පිනාගන්නයි
ඈව වෙලාගත්ත දැල ඉරාගන්නයි
රහස විශ්වාසය ඇගේ දෑස කියාපායි
දැන් ඇගේ වටිනාකමට නැත ඉල්ලක්කම්
ඇත පිපාසක් දැන් ඈට ජීවත් වන්න
ස්වයන් නිදහසක් බිද හැර සීමාවන්
සමනලයන් පියාබයි ඇගේ ලැම සිසාරා
මදනැලි කුනාටුවකට හැරවිලා හමයි
හැම දිනාක්ම දැක්කේ මැලවිලායි වත
දැන් ඇගේ පිඩාවට පත් මූනේ ඇත හිනාවක්
අන්දකාරය අතරින් අරුනැල්ල කින් ආවවත්
අවසානේ දකින්න හදන්නේ රෑ නිමාවක්
පාමින් සිනා…
ඈ වෑයම් දරයි හදවතේ සගවලා තබන්න වේදනා..
හීන මාලිගාවන් මවාන් යෙහෙලී මා….
යෙහෙලී මා
written by Kevin Smokio
Leave a Reply