පාරෙන් | Paaren by Sanuka ft. La signore & Randheer [2014]

පාරෙන් ඉවතට යයිදෝ මම නම්
අහකට විසිවෙයිදෝ දැන්
හදවත පුපුරයි තරහින්
සෙනෙහස පැතු ඈගෙන්
උණුහුම නොලැබෙයිදෝ දැන්
හදවත විඳි දුක මෙතරම්
ඇයි මෙලෙස කරන්නේ දැන්

අඩමානෙන් සිටියේ
මගෙ හිත කිවුවත් නෑ ඇසුවේ
නෙතු මානෙන් මැකුනේ
ඔබෙ සිතුවම් දැන් බොඳවී යන්නේ

පාරෙන් ඉවතට යයිදෝ මම නම්…

අඩමානෙන් සිටියේ…

සෝඩි නුබේ ලැම ගාඩි රැහෙන් පැන
පාන සිනා දැක ප්රේත වුනා සිත
ආල කෙරෙව්වට තාලෙ සැරයි බොල
කාලෙ මෙයයි හොද වහන් වෙමුද

පාරෙන් ඉවතට යයිදෝ මම නම්…

අඩමානෙන් සිටියේ…

written by Manuranga Wijesekara

a bar song lyrics,lyrics,tipsy lyrics,a bar song tipsy lyrics,a bar song tipsy shaboozey lyrics,shaboozey a bar song tipsy lyrics,a bar song tipsy,lyrics a bar song,a bar song,tipsy song,a bar song tipsy shaboozey,lyrics a bar song tipsy,i’m on my way,shaboozey a bar song tipsy,sleep tomorrow but tonight go crazy,rose apt,don’t you need me like i need you now,don’t you want me like i want you baby,there’s a party downtown near 5th street

මා කවුරුන්දෝ | Ma Kawurun Do by Dinesh Gamage [2024]

ගාලු කොටුවට වඩා තද ඇති හිතක් ඇති එ නුඹහට
ආදරේ සුව දැනුනේ නෑ එය දැනුනේ නෑ ඔබ හට සොඳුරේ
සරල කවිපද විරල අයුරින් වින්ඳ උඹ හට නොදැනුන
රසය වැහෙන ආදරේ රස වින්ඳේ නුඹ නම් නුහුරට සොඳුරේ

මා කවුරුන්දෝ නුඹ හට මා කවුරුන්දෝ 
මේ දුක් ඉව්රේ තනිවුනු මා
රෑ තරු සිතුවම් ලියනා දුක් ගී විරහින්
අහසින් වැටෙනා තරුවක් මන්

අහස කඳුලින් තෙමෙන දවසක යලිත් හමුවෙමු ඉඳ හිට 
කලින් නොකියපු බොහොදේ ඇත ළඟින් හිඳ මට කියන්න සොඳුරේ..
දුරක යන්නට අවසරයි හෙට මතක පමනක් ගුලිකර..
හිතින් විඳවන හිතින් හිනහෙන බොහො අය ඇත තනිවුන සොඳුරේ … 

සරල කවිපද විරල අයුරින් වින්ඳ උඹ හට නොදැනුන
රසය වැහෙන ආදරේ රස වින්ඳේ නුඹ නම් නුහුරට සොඳුරේ …

මා කවුරුන්දෝ නුඹ හට මා කවුරුන්දෝ…

written by Manuranga Wijesekara

lyrics,sarah geronimo lyrics,sarah geronimo songs with lyrics,maybe this time lyrics,syrebralvibes,sarah geronimo maybe this time lyrics,maybe this time sarah geronimo lyrics,sarah geronimo reactions,music,sarah geronimo reaction,sarah geronimo maybe this time,geronimo song,sarah geronimo songs,sarah geronimo,music video,maybe this time,maybe this time sarah geronimo

රැල්ලෙන් රැල්ලේ | Rallen Ralle by Dinesh ft. Kanchana [2024]

රැල්ලෙන් රැල්ලේ පාවෙන රැල්ලේ
වැල්ලේ ඉදගෙන මා නුඹව සිඹිනවා
නින්දේ වින්දේ පැද්දෙයි හීනේ
ගැඹුරේ රෑ අහසේ නුඹව පේනවා //

ඔය අතගාවින් අතක් තියා හිතගාවින් හිතක් තියා
රෑ අහසට සදක් වැඩක් නෑ

මේ මහදියඹට රහස් කියා
ඒ රහසට පණක් පුදා 
එළිවෙනතුරු නින්ද ආවේ නෑ…..ඈ

මේ දියඹේ…සැඩ පහරේ
මාහිමිගේ…පණ රැකුණේ

කළු අහසේ…. තරු පොකුරේ
මගේ හුස්මේ… දුක රැදුණේ
එනතුරු හෙට දවසේ
ඇයි දෝ දුක් වෙන්නේ

කදුළට මං බය හින්දා

රැල්ලෙන් රැල්ලේ
පාවෙන රැල්ලේ 
නින්දේ වින්දේ
පැද්දෙයි හීනේ…

ඔය අතගාවින් අතක් තියා 
හිතගාවින් හිතක් තියා රෑ අහසට සදක් වැඩක් නෑ

මේ මහදියඹට රහස් කියා
ඒ රහසට පණක් පුදා
එළිවෙනතුරු නින්ද ආවේ නෑ…ඈ…

written by Manuranga Wijesekara

නිහඬ වූයේ | Nihada Wuye by Gayya ft. Chithru [2024]

නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහේ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ

දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
මටද අහිමි නුඹගේ ආදරේ

වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ මා හා

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් ///

සුළඟ පාවී ගියා
මහ වැස්සක පැටලී
අඳුරු මන්දාරමේ
යන්නට බෑ සැඟ වී

දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
අපට අහිමි අපගේ ආදරේ

වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් ////

written by Gayan Perera & Manuranga Wijesekara

මතුදාක කාසි | Mathudaka Kasi by Jalinda Karunaratne [2011]

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස
ඔබ ඉදිරියේ රගපා
නැටු වන්නම්
ඔබ නොදනී කිසිදා

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා

රූරා… වැටෙනා
මහ වැස්සක මම තෙමිලා උන්නා
සිතලා… රවටා
හැකි හැමදේ මම දෑතට ගත්තා

අපෙ හරහට
උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා

මතුදාක කාසී නිසා…

නොකැඩී… ගලනා
දුක් සංසාරේ
පැටලී වෙලිලා
දිවුරා… කිව්වා…
ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා

මගේ පිනකට
මට ඔබ දැන් ලැබිලා
අගහිඟකම් දැන් යන්නේ පියඹා

මතුදාක කාසී නිසා… //

written by Manuranga Wijesekara & Gayan Perera

අතරමං වෙලා | Atharaman Wela by Sanka Dineth ft. Yuki

කියවා ගන්න පසුව ලියා දෙමි සිතා
වදනින් වදන එකට අමුණගෙන තියා
ඔබ ගැන ප්‍රේම කරුණු එකින් එක සිතා
යන්නට හැදුව විගස දකින්නෙම ඔයා

ඇස් මත ඇයි මේ අකුණු
හිත මත ලියවෙයි අකුරු
හිතා ගන්න දරාගන්න බෑ…

ඈ මුදු පාද තබනවා
මල් මතින්ම එනවා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමංව
රෑ මට අයිති ද මන්දා
නුබ සියුමැලි හින්දා
මගේ ළඟම උන්නු මගේ හිතම අතරමං වෙලා

තාරුකාව අහස නෑ හැරදා
මාව නෑ නුඹ විදලා..
නින්ද නේන හේතු නෑ අසලා
ඇයි මේ අපි දුර මන්දා

written by Manuranga Wijesekara

sanka dineth,sanka dineth new song,sanka dineth super star,dineth,sanka new songs,sanka official,sanka,valentines,manali,dancing videos,manuranga,adaraneeya prarthana,dance,best sinhala songs,new songs sri lanka,yuki navaratne,kavya eriagama,yuki nawarathna,best songs in sri lanka,manuranga wijesekara,atharaman wela,rishi rahul wara,raffella,raffealla,new music,yuki beatz,viral songs,rahul rishi,latest songs

කරඹ මල් | Karamba Mal by Sashika Nisansala ft. Bachi Susan

කරඹ මල් තලා
යන අයුරු බල බලා
හිතවත්කම් නැති ගොම්මන් යාමෙ තනි උනා
රුදුරු තැනිතලා පසුකරන් හෙල් පවා
එක හැල්මේ යන ගමනේ
මට මාව නැතිවුණා

හංගා මයෙ ආලේ
වින්දා ඇහි දාරේ
නින්දා වැහි කෝඩේ
තනිවුනු දා…
මට නැතිවුණු ආලේ
ඉරිතැලෙනා හෘදේ
නුඹ හින්දා ප්‍රාණේ ඉකිබින්දා…

නුඹ ගිය පාරේ මල් පිපුණාද ආයේ
නෑ දන්නේ හිත රිදුනේම මාගේ
සුවඳට නුඹගේ හිත උතුරන්න පිරුණේ
සංසාරේ එක සුවඳයි දැණුනේ…

වැව ඉරිතලා ගියා
වැව් ඉවුරෙ තනී වුණා
අපි ආයේ හමුවෙන්නෑ මේ භවයේ…

හංගා මයෙ ආලේ…

written by Manuranga Wijesekara

රෝස යායේ | Rosa Yaye by Ashanya Premadasa [2023]

රෝස යායේ රෝස මල් කතාවේ
රෝස හීනේ කුමරි මා නේ
ඈත කන්දේ සුදු සේල මාල බැන්දේ
පේන හීනේ කුමරි මාගේ

ඔයයි මමයි ආදරෙන්ම හුරතලෙන්
කාලයක් ඉන්න ඕන
ඉතින් ඉතින් දැන් කියන්න ආදරෙන්
මා අතින් තියන්න ආලේ

රෝස යායේ…

මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං

පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ

රෝස යායේ…

හදින්ම පුදන්න මටත් ඕනේ ආදරේ
සැබෑව තුරුල්ව ආයේ
තදින්ම ළඟින්ම බදා
ගන්න මං අනේ
රෝස පාට හීන මාවතේ
රෝස මල් කුමාරි නේද මා හා

රෝස යායේ…

මල් වත්තක මල්
හිතේ තියන් ඉන්නේ මං
ඔයත් එක්ක දැං
යන්න වුනොත් ඉතිං යං
පාට හීන වැල්ලේ
යමුද ඉතිං රහසේ
එන්න ලගින් මගේ
ඈත පේන නිම්නේ

written by Manuranga Wijesekara

සරෝජනි | Sarojani by Raini Charuka [2023]

හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
පැමිනිල්ලට ඔබත් එක්ක මං එන්නම් සරෝජනී
උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී
උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී

ඔය පල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා..

සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී

වහලක් යට නිරයක දුක විඳගෙන ආ දිග ගමනක්
නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී…

written by Manuranga Wijesekara

හිරිවැටෙනා | Hiriwatena by Dinesh Gamage ft. Samitha M

හීන දග යැයි කියා
වෙන්ව නුඹ
හීනයක විදවනා

පාව දුර යමු කියා
කිව්ව නුඹ
ඇයිද මග තනිවෙලා

ජීවිතය බර නිසා
කදුල මං
පවුරකින් වටකලා

ආදරය මග කියා
දුන්නු මං
ඇයිද දැන් තනිවෙලා

සුහ දේ සමුගන්නම් මා
හැකිනම් දුර යන්නම් මා
ඔබ නොරිදා

හිරිවැටෙනා කදුලු පවා
මට දිවුරා සමුගත්තා
යලි රිදෙනා හිතත් නිසා
ඔබෙ මතකේ අගුලුකලා

ආලය මුදු හැගුමක් නම්
ඒ කියු දෙසිතත් දැන්
කාලය නම් හසුරන තැන්

අපි නැවතුණු දෙලොවක් නම්
හිමි තැන හිද සැනසෙන්නම්
අපි වෙනුවෙන් අපි ජීවත් වේ නම්

දැන් සමුගන්න හැකි දුර යන්න මට සමු දෙන්න… //

හිරිවැටෙනා කදුලු පවා

written by Manuranga Wijesekara