තවපාරක් හමුවි | Thawaparak Hamuvi Hinahi by Sudeera Dilshan

තව පාරක් හමුවී හීනැහී
ගවුගානක් දුර යමු වෙන්වී
මග හැරුනත් මගදී
නුඹ වෙත පෙම් කරමි

හිමිකම් නැති හීනෙක ගොළුවී
ප්‍රේමයෙ මුණිවත මා කරමී
හිමිනම් හමුවේවී
නැතිනම් වෙන් වේවී

මේ ගෙවෙන විරාමේ
හිත තනිව මුළාවේ
අපි පැතුව කතාවේ
සුභ නැකත නිමා වේ

ඔය සිනහව මතකෙ තියා
තනිවෙමි මා සසර පුරා
හැම හමුවීමම කෙලවර වන්නෙ
පසුවදනක් නැවත තියා

අමතක කෙරුවත් ආයේ ආයේ නුඹවම සිහිවෙනවා
සිහිනෙක පාවි පාවී
රහසේ දින වරු ගතවෙ නවා

මේ මොසම් සුලගේ පාවී
යන්නම් නිහඩ වෙලා
ගවුගානක් ඈතින් ඈතට
ඔය ඇස් දෙසම බලා
මල් මාවත් නැති මේ ජීවිත
ගමනේ මගක එදා
හමුවී නුඹ දුන් ආදරයට
දෛවය එරෙහි වුනා

written by Udesh Aryan

ඔබෙන් මිදිලා | Oben Midila by Dinesh Tharanga [2023]

ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං..//
ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//

හිමි මට දුක විතරයි ආයේ
බැහැ ඉන්නට ඔබ ලඟ පෙර සේ
ඉරනම කඳුලයි මේ ආදරේ..

වැරදී ඔබ ගිය මග අඳුරේ
පැරදී එනවානම් සොඳුරේ
ඉඩ තිබුනා තාමත් මේ හිතේ

ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//

මිදෙන්න මිදෙන්න දෙන්නෙ නෑ ඔය හිතකට
රිදෙන්න රිදෙන්න හුරැවුනා වෙිදනාවට
කියන්න ලියන්නම් ආදරේ වටිනාකම
කාටවත් ගන්න බෑ හිතේ ඔයාට තිබුන තැන
කදුලට හුරැ වුනා ජිවිතේ මැදියමේ
වැනසුනත් හිත නුබ රැදුනා මතකයේ
වැලි කැටයක් මම නුබ නම් සාගරේ
නොපෙනුනත් පන වගේ තවම ආදරේ

හිරු සඳු හිටියට එක අහසේ
බැහැ ලං වන්නට නම් සිත් සේ
ඔබ මා අද ඉන්නෙ ඒ ඉමේ

මතකය දිය කරනා කඳුලේ
සුසුමක් දවටා ඔබෙ සුවදේ
තනිකම තනි මැකුවා පාලුවේ

ඒ දෑසේ කතාවන්- නෑ දැනුනේ එදා මෙන්
මං යන්නම් ඉතින් මේ ලොවෙන්..//

ඔබෙන් මිදිලා යන්න බෑනේ
පෙමින් බැඳිලා තාම මං..////

written by Shalini Malsha

ඔපදා | Opada by Kanchana Anuradhi [2023]

ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා
නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා…
ඔයා…ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

පෙම්දඟ දාමී – දේහ නාරී – බැල්මකින් උදම් වනා
වැහි මුතු වෑහී – සේද සාරී – වාගෙ දැන් දුහුල් වළා
ගායනා සකුණ ගීයක නාදෙනා
කුසුම රහසෙම පූදිනා
අනගි මොහොතකි කිමිද කිමිද සරනා…මනා…

ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

හෝ….. නෑ හානිකාරී භාරී සුනාරී
හෝ….. නෑ හානිකාරී භාරී සුනාරී

නුඹ මාව සොයා මේ ළඟ ආව වෙලාවේ
මනලෝල කොමල තවරා…
ඔපදා මතකය මේ යාමේ හැඟුම් පොරකා තිබුණා
මනලකල නිතඹ ලෙලවා මේ සරා සඳ බිම දැමුවා

written by Lasitha Jayaneththi Arachchige

නුඹෙ ඇස් | Numbe As by Yasas Medagedara x Yashodha

මගෙ අත හැර යනදා පවා
නුඹෙ පසු පස හිඳිමී
හද රැඳි හැම සිහිනේ සදා
වෙනතක දළුලාවී

ඇරයුම් නොකල සිත් වේදනා
රහසේ නෙතේ රැඳුනේ
අවසන් නොවෙන පෙම් ප්‍රාර්ථනා
පහසේ සිනා බිඳුනේ

ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා//

ජීවිතේ අඳුරු නිම්නයේ
නුඹ හිඳී ලඟ මගේ
ආදරේ නොවෙද හැමවෙලේ
මේ ගමන ඇරඹුවේ

ඔබේ ඔය උණුහුමේ මා ඉන්නවා
සිහිනෙන් වගේ
හෙට මා තනිවේවි ඒ හැම මතකයන්
බිඳි සෙනෙහසේ

ඒ නුඹෙ ඇස් දිහා බලා සිටියා //
මා නුඹෙ ඇස් දිහා බලා සිටියා //

written by Sajith Akmeemana

කොමලියා | Komaliya by Prageeth Perera [2023]

පා සැරින් සැරේ මා ලගින් තියාලා ඉගි බිගි පෑවා
ලා රෝස තොලේ මා ගිමන් නිවූ
රස මනබන්දන ශ්‍රීලා

තරු පොට්ටු අහසෙ කඩා ලා
සරසන්නෙ වරලෙ ගසා ලා
සුර අංගනාව වගේ නේ ඔයා
තනි පිච්ච මලම නෙලා ලා
හිත ගත්තෙ සෙනෙහ පතා ලා
ගියෙ වන්දනාවෙ වගේ නිවේ මා

පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා
පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා කොමළියා…

රන් බන්දන් සාරියේ කැන්දම් මල් මාලියේ
එක්කන් යන්නම් මල් පාරේ
යන්තම් වත් නෑර මේ අල්ලන් අත් ආදරේ
දෙන්නම් ඉන්නම් පණ වාගේ

තරු පොට්ටු අහසෙ කඩා ලා…

පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා
පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා කොමළියා..

ඒ කොමළ කෝමළි ගානට රාගිනි
ඇවිත් මගෙ ලග දැවටුනා කොනේ
සිහියෙන් විකල් වගෙ සිතු දෙවල් හිතේ
නූල් බෝලෙ වගෙ පැටලුනා මොලේ

අපායෙන් ආවත් මන් බය නන් නෑ නෝනේ
ගෞමටයි ඔයා හැඩ සුදු බෝලේ
කසායටත් තිත තියන්නම් මන් නෝනේ
කසාදයක් කරගන්නයි දැන් නන් ඕනේ

මගෙ සුදු කොමළ කොමළි පා
ආදරය උබටමයි අම්ම පා
කොළ කෑලි ඔරුව කෙරුවා පා
වැඩපන් හැඩට තියලා පා

පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා මනමාල කොමළියා
පලදලා මුතු සිනා තව ලගට එන්න මා
ඔබ දිහා හිත ගියා කොමළියා

written by Harshana K Perera

සුදු මල්ලි | Sudu Malli by DJ JNK x Moniyo [2023]

සුදු මල්ලි ලෝක ජින්තු රස්තියාදු කොල්ලා ගමේ
ගාන්න තියන හැමතැනම දැලි ගෑවා පවුලේ නමේ
හිත හොඳ සමාගමේ , මරිසිනම් කපා දැමේ
ඉන්දන තිබ්බත් නැතත් රොකට් යැව්වා හඳට අපේ ගමේ

ට්‍රැක පැන්න ආතල් විශාෂරද ශ්‍රීමත් අන්දරේ
හන්දිය ලඟ බජවු කිව්වේ බොන්ගෝ සුනිල් චන්දරේ
සැප වැඩි ගමේ බජවු , මේකයි දැන් කතන්දරේ
නටන්නෑ මං සංවරෙන් දැං ඇල්ලුවා ටොප්ම නම්බරේ

බාලලියා හබල් ගාපු අටු දාලා ගන්තෙරේ
එදා ඉදං උපන් ඇඳුම වගේ හුරුයි ජම්පරේ
ම්ම්ම්ම්… මැද පොල්ල යන්නෑ හැම බම්පරෙන්ම
හොඳින් නැත්තම් නරකින් තමයි පැන්නේ හැම ජල්තරෙන්ම

නැව ගිලුනත් ආතල් එකේ ,
මං දැන් යන්නේ පාගල් එකේ,
රට බ්‍රැන්ඩි නැත්තම් ලෝකල් බොතල් තියනවා ටේබල් එකේ,
ටේබල් එකේ
ගෑස් බෑස් ඔන්නෑ දර ලිපෙන් ස්ටේබල් එකේ
රට කාපු උන්දැලා ආවොත් දෙන්නේ ෆයිබර් කේබල් එකෙන්

සල්ලිත් නෑ දැන් පර්ස් එකේ
කුන්දෙන් ජීවන රේස් එකේ
අඩියට ගෙවුන වේවුස් දාගන ඉන්නෙ ෆුල් චිල් කේස් එකේ
අලුත් ගෙවල් නෑ බං තාමත් ඉන්නේ තාත්තගේ ප්ලේස් එකේ
මොන වාහනේ පැද්දත් අන්තිමේ කවුරුත් යන්නේ හර්ස් එකේ

සුදු මල්ලි නටයි ඉල්ලයි බවුන්ස් බොං බොං
කැන්දන් එන්නෙපා බං සුදු කෙල්ලෝ ගොං
කොල්ලෝ විස දාලා ඔලෝ නීලො බොං බොං
වැඩි වුනත් දැන්නම් කෑකෝසන් නෑ දැං//

ඔය හයි කෝට් පාටි නෙවේ, බොන්ගෝ බජව් පාටි තමා,
දෙයක් බලන් දෙයක් දුන්නේ නෑනේ පින් පිනිස,
ඇයි දැන් ඉන්නේ වයින් වෙලා, කෝ බලනෝ
සැර එපා හිනා වෙනෝ හැම වෙලේ හිත සුව පිනිස,

ගෙවල් තිබ්බත් ඉන්නේ මහ පාරේ,
හෙට ඉදන් හැදෙනවා කොල්ලා ඒවා බොරු මල්ලේ, අපි යා, සාස්තරේ කිව්ව වගේ, ග්‍රහ චාරේ අවුල් ජීවත් වෙනෝ පුදුමයි සුදු මල්ලේ!

බාර් එක ළග කොල්ලෝ රස්තියාදු පොලිමේ,
සිරි වෙන්නම කෙල උනත් හිනා වෙන්නේ දෝදුනේ,
අඩො දුක වානා සැප තමා ඕන කිව්ව ගොඩක් කොල්ලෝ
අද ඉන්නේ මහ පාරේ පෝලිමේ!!!

මොනා උනත් හිනා වෙන්නේ අපි සති අන්තේ,
සොමියට බර බජාර් එලකිරි වංශේ යා!
හිත හොදයි ඩිංග ඇත්තන් උනු වෙන්නේ,
පවුලේ වාසනාව තමා ගෙදරම බාල කොල්ලා,

හෙට මැරයි සුදු මල්ලි අද ඉන්නෙ සැපේ,
සැර වැඩි ජාති ගද්දි වදන පිට රට බසේ,
තක්කෙට අඩු මාසෙන් ඉපදුනත් මුන්ට මර විසේ,
බාර දුන්නොත් ඉතිහාසේ ඉදන් ලෝක කුන්ඩවාලේ

කට ගාව වල ගැහේ සට්ට ගාලා කීව හැක්කේ,
ආයේ නාවල ගෙට ගන්නෑ ඔයා දෙන්නේ මාර වදේ,
ඩේලී කාල ගහල රෑට ජාති අමතාලා අපේ ගමේ
ඩෝපර්ස්ලා කියයි ඉන්න විදිය රටේ

සුදු මල්ලි නටයි ඉල්ලයි බවුන්ස් බොං බොං
කැන්දන් එන්නෙපා බං සුදු කෙල්ලෝ ගොං
කොල්ලෝ විස දාලා ඔලෝ නීලො බොං බොං
වැඩි වුනත් දැන්නම් කෑකෝසන් නෑ දැං //

written by Moniyo x DJ Jnk

හැඩකාරී | Hadakaari by Nadeemal Perera x Pasan Liyanage [2023]

ස්වේත සිහිනේ සරනා ලියේ
මේ වසන්තේ හිමිකාරියේ
ස්වර ගී දැහැනේ මිහිරයි දැනුනේ
පෙර ආ ලෙසිනේ ඔබ හා බැඳුනේ

හැඩකාරී… දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා

රූ කැලුම් නෙත රස ගන්වනා
භාග්‍යවන්තී දිව්‍යංගනා
මධු මී බඳුනේ තැවරූ ලවනේ
පහසේ මිහිරී නිම් හිම් නොවුනේ

හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා

හිමිකාරී ඔබයි මගේ ලොව නැවුම් හැඟුම් මැව්වේ
පෙම් නුරා සුසුම් පැටලේ ඔබ හා
ගෙවනා මේ නිමේශයේදී සිතේ දැහැන් බිඳුනේ
සුරවමිය ඔබයි ලඳුනේ සැමදා

හැඩකාරී දෙනුවන් සලා
අනුරාගී මන්මත් කළා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හදගිම් නිවා
හැඩකාරී හසරැල් මවා
ඔබ ඒවී හද ගිම් නිවා

written by Malini Liyanage

දිල්හානී දුවනී | Dilhani Duwani by Indrani Perera

දිල්හානී දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඬා නිදියන්නේ

දෑත දෙපා සලමින් ඇය කරනා
සුරතල් දැකගන්න
වාසනාව මට ගෙනදුන් දියණී
සුරතල් දිල්හානී

රන් ඔන්චිල්ලේ
ඇයව හොවාලා
පදවන්නට සිතුනා
රන් තැටියේ කිරි පැණි පුරවාලා
ගෙන එන්නට සිතුනා
රන්වන් තටු ඇති
සමනළයින් දැක
ඇයගෙ දෙතොල් පිපුණා
රන්වන් මුහුණේ ලස්සන දැකලා
සිපගන්නට සිතුනා

දිල්හානී දුවනී
නාඬා නිදියන්නේ
නිවසට සුරතල්
ආලෝකය දී
නාඬා නිදියන්නේ

written by Clarence Wijewardena

indrani perera,indrani perera mp3,indrani perera songs,indrani perera best mp3,indrani,indrani perera best songs,perera,sinhala best,sinhala,athagili bedune ai,sinhala old mp3,sinhala songs,sinhala old songs,sinhala best songs,collection,songs,old hits

සරෝජනි | Sarojani by Raini Charuka [2023]

හෙට උදේම පොලීසියට යන්න එන්න සරෝජනී
පැමිනිල්ලට ඔබත් එක්ක මං එන්නම් සරෝජනී
උසාවියේ එක බංකුව බෙදාගනිමු සරෝජනී
උබේ කඳුලු මටත් දියන් අපි අඬමුද සරෝජනී

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී
සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී
සරෝජනී සරෝජනී දුක බෙදාගනිමු සරෝජනී
සරෝජනී සරෝජනී හිත් මැරුණ අපේ සරෝජනී

ඔය පල්ලම් මකා ගන්න වත්සුණු මදි සරෝජනී
මගෙත් තිබුණ දැං මැකිලා කල් ගෙවුණා සරෝජනී
මගෙ හිමි නුඹ අරං ගියෙ හරි ඉහලින් සරෝජනී
ලෝකය නොදුටුව මගෙ දුක දැං නුඹ දන්නවා..

සරෝජනී සරෝජනී අපි අඬමුද දැං සරෝජනී

වහලක් යට නිරයක දුක විඳගෙන ආ දිග ගමනක්
නුඹ හිංදා නිමා උනා නුඹ දන්නෑ සරෝජනී
ඒ දුක දැං නුඹ විඳිනවා මම දන්නවා සරෝජනී
සැමියකු නොව ගිනි කන්දක් අපි බෙදාගත්තෙ

සරෝජනී සරෝජනී නාඬ ඉඳින් සරෝජනී…

written by Manuranga Wijesekara

ඔබ තරම් | Oba Tharam by Theekshana Anuradha

ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වි ගිය දා
ඔය නෙතු හැඬ වූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි
මේ තරම් ආදරේ… මේ තරම් ආදරේ

රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුර
මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්

තනිවෙලා මා ලොවේ හිරු නොනගිනා මේ වසන්තේ
දිවිතුරා විඳවමි අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමිවෙයි නම් ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම් සුභ පතලා ඈතට වෙන්නම්

written by Dilan Gamage