ලොවීනා | Loveena by Chitral Somapala & Kanchana Anuradhi [2023]

ලොවීනා
ලොවීනා මගේ සොදුරියේ
නුඹේ තුරුණු ලැම හද කිතිකවයි
නුරා ඉතිරෙන වියරු බැල්මන් එල්ලවී තිසරුන් දවයි

ස්වාමීනි මම රොඩි කුලයේ
ඉපදුනේ පෙර පවකටයි
ලැම වසන්නට වරම් නෑ මට
රාජ අණ හරි බලගතුයි

රණ තිසරු උස් අහස දෙස නෙත් යොමා ඇති හැටි සුන්දරයි
පිරුණු ලැම මත වැතිර සිටිනා උනුත් හරි ආඩම්බරයි

රාජ තේජස කොතෙක් තිබුණද මුතු වදන් ඔබේ පෙම්බරයි
ඔබෙන් ලැබෙනා හාදු වැස්සට තිසරු කොහොමත් ලෙන්ගතුයි

මගේ හාදුව ලබන තිසරුන් වෙනත් නෙත් නොගැටිය යුතුයි
වසාගනු ලැම මෙයින් මතුවට රාජ අණ දැන් අහවරයි

ලැම වසන්නට ඔබෙන් ලද අණ මතක් වෙන විට සුන්දරයි
ඉගිල යන්නට අර අදින රණ තිසරු මන්මත් වී නටයි

written by Gen. Kamal Gunaratne

දහසක් දේ | Dahasak De by Bhashi Devanga [2023]

සී සීකඩ විසිරුනු
ගංගාවන් නැවතුනු
මංමාවත් දිග ඇවිදපු
ඒ ලස්සන ඒ කාලේ

නේත්‍රාවන් සනසපු
සීමාවන් පැරදුනු
අපි නෑ සිත් සේ තනිවුනු
කෝ දැන් කෝ ඒ වාගේ

නුබ පමාවී ගියත් මේ දහසක් දේ මැද පාවී ගියත්
දුර අහසේ යන්න බලන්න පාට ලොව ඈතින් ඉදන්

‍දහසක් දේ මැද තනිවුනත්
සුපුරුදු හැගුම රැයක හිත හදයි නම්
දවසක පැය නැවතුනොත්
ගිලිවුනු රැයේ උනුහුම දැනෙයි දෝ දැන්
නුහුරුයි රිදුම් තැන් මේ දහසක් දේ
හිත් පෑරුවා නම්
මේ සාද නාදේ පාව පාවී ඈත යාවී අතීතෙන් මා

වීදුරු ලොවක තනිවුන
දුර ඈත පේන විනිවිද
අපි නෑ දකින සිතුවම් වල
සීරුම් රිදුම් හැර
තිබුනත් අසීරුම තැන්වල
මතකයි හීන මම පහුකර
අශා නොවන දැහැනක රස
කාටත් නොකී මාගේ හීනයේ

නුබ පමාවී ගියත් මේ දහසක් දේ මැද පාවී ගියත්
දුර අහසේ යන්න බලන්න පාට ලොව ඈතින් ඉදන්

දහසක් දේ මැද තනිවුනත්….

written by Bhashi Devanga

මනස්කාන්ත | Manaskantha Sanchare by Ramiya ft. Supun Perera

ජීවිතේ රස වනාලංකාරේ
ගැයුවේ මඟ සහරා කාන්තාරේ…වගේ
වැතිරේ මනස්කාන්තා සංචාරේ
මිහිරේ රස විද්දන්නම් රෙගේ

දෙපය සෙලවෙන හඬක් නම් ඔන්න
සැපට ලෙලදෙන වදන් රැව්දෙන්න
තිතට මත නැති කලාවක් ඒක
දුක අදුර සුන් කලා මන් ඔන්න

ඉකි ගස ගස හඬ පලක් නම්වන් නැතේ
සතුට ටිකක් වත් දෙන්න
ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ
සතුටු සිනාවක් එක්ක
නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ
දුකට නිමාවක් නැද්ද
පසු කල විදවනු එපා බං හාමතේ
මේ ටිකේ

ආතත විතත විතතාතත ඝන සුෂිර
සංගීතේ රෙගේ විලාසෙට
පාට කරමු අපි මිතුර
රුසියාවට වඩා ලොකුම ඊර්ෂ්‍යාවල් දැන් පැතිර
මේවා අහලා පැනික් වෙලා
සමහර අය දානවා කතිර

හිසට උඩින් නිල් අහසට නිදහස මුසුවී එන සුලඟ
හතර වටෙන් අදුර කපාගෙන
ලොවට උදා හිරු එලිය
හිත ඇතුලෙන් පන්ති බෙදාගෙන
කට්ටි කඩා සංහතිය
තිත තියපන් කල්ලි කතන්දර
දුරු කර නොමිනිස් ගතිය

නිර්වාණය දුරස් නිදහසට පෙරමුණ
ගත් කල කාරණේ
වෙර දාගෙන දුරක් ගෙවාගෙන
ගිමන් නිවා යන මාවතේ
පොරකාගෙන කෙමිකල් ගහගෙන
වැනසෙන ලෞකික ජීවිතේ
අවසානෙට සොම්බි වෙලා
වැටි වැටි ඇවිදිති මිටියාවතේ

දෙපය සෙලවෙන හඬක් නම් ඔන්න
සැපට ලෙලදෙන වදන් රැව්දෙන්න
තිතට මත නැති කලාවක් ඒක
දුක අදුර සුන් කලා මන් ඔන්න

ඉකි ගස ගස හඬ පලක් නම් වන් නැතේ
සතුට ටිකක් වත් දෙන්න
ඔසු රස මුසු කල යමක් මං ලඟ ඇතේ
සතුටු සිනාවක් එක්ක
නිසි කල විඳගමු සැපක් නම් ජීවිතේ
දුකට නිමාවක් නැද්ද
පසු කල විදවනු එපා බං හාමතේ
මේ ටිකේ

ඉකි ගස ගස හඬ පලක් නම් වන් නැතේ ///

written by Ramiya

පෙරදා | Peradaa by Nadeesha Dayarathna & Udara Samaraweera

හැම හීන ගානේ ආව ඒ රුව මැකිලා ගිහින්
මගේ ජීවිතේම අදුරේ වෙලිලා
නෙතු ගාව පෑව ඒ හසරැල්ල
කොහෙදෝ ගිහින්
අපෙ ආදරේම හීනයක් වෙලා

හැම තප්පරේ – ඔබ එයි කියා
මග බලා ඉන්නම්
කවදාක හෝ – හමුවේවීනම්
හිත හදා ගන්නම්

හරි ආදරයෙන් උන් කාලේ
මතකෙට එයි මොහොතක් ගානේ
පෙරුමන් පිරුවත් මං ආයේ
ඔබ එන්නේ…නෑ
සිතුවිල්ලක්වත් නෑ මාගේ
ඔබ ගැන අහිතක් කොයි වාරේ
අමතක නෑ ඔබ දුන් ස්නේහේ
පෙර දා

හැම තප්පරේ – ඔබ එයි කියා…

හරි ආදරයෙන් උන් කාලේ…

written by Udara Samaraweera

nadeesha dayarathna song,nadeesha dayarathna songs,nadeesha dayarathna,nadeesha dayarathna new songs,nadeesha dayarathna cover songs,nadeesha dayarathna video songs,nadeesha dayarathna new song mp3,nadeesha new song,perada nadeesha dayarathne,nadeesha cover songs,lalaseeya song,na dalu patin song,new sinhalasongs,sinhala new songs,new sinhala songs,lalasiya song,sinhala songs,chamath sangeeth songs,desawana music,perada song,chamath sangeeth

පොඩ්ඩක් කට | Poddak Kata Adu Una Nm by Kumara Ekanayake

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් විතර මොලෙත් ටිකක් වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්…

ගෙදර දොරේ වැඩ කරන්න පුදුම දක්ෂ මගේ නෝනා
පිරිමි හතර පස් දෙනෙකුගෙ හයිය තියෙන මගේ නෝනා
කම්මැලිකම දන්නෙත් නැති කඩිසර ගති ඇති නෝනගෙ
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්
පොඩ්ඩක් මොලෙ වැඩි උනා නම්
මගෙ නෝනගෙ වටිනාකම කියලා වැඩක් නෑ…//
කියලා නිම කරන්න බෑ

කොයි තැනකට බැස්සත් ඒ ඕන තැනක කැපී පෙනෙන
අරපිරිමැස්මෙන් වැඩි කර මගේ සල්ලි ඉතුරු කරන
සුන්දරකම වැඩිපුර ඇති ගින්දර වගෙ මගෙ නෝනගේ
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්…

අහල පහල කාට උනත් නිතර නිතර උදවු කරන
නැන්දම්මත් එක්ක උනත් රණ්ඩු නොවී හොඳින් ඉන්න
කා සමඟත් හොඳ හිත ඇති මට පණ වගෙ මගෙ නෝනගෙ
කට පොඩ්ඩක් අඩු වෙලා තව මොලෙත් ටිකක් වැඩි උනා නම්
හරි වටිනවා එහෙනම් පනේ කියලා වැඩක් නෑ

පොඩ්ඩක් කට අඩු උනා නම්…

written by Kumara Ekanayake

kumara ekanayake,sri lanka songs,sinhala songs,lassana sindu,sinhala baila,sri lanka baila,ket band,senehe latha,latha,baila

ලතා ලතා | Latha Latha by Kumara Ekanayake

ලතා .. ලතා ..
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා
ලතා .. ලතා ..
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා

දැක්කම එක වර කොල්ලොත්
තව පාරක් දෙකක් බලයි
එතකොට
වැඩිය පද්දන්නට එපා

ගස්සන්නට එපා
ඉඟ සුඟ නලවන්නට එපා
කොල්ලෝ අන්ද මන්ද කරන
බැල්ම දෙන්න එපා..
එපා
ලතා .. ලතා ..
මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා

රෙද්දෙ හැට්ටේ ඇන්ද ලතා
කොටට ගවුම ඇඳලා මෙදා
ඔය කොට
ගවුම ඇඳ යන්නට එපා
විලි බිය වනසන්නට එපා
රෙද්දෙ හැට්ටේ වැඩිය හොඳා
කොටට ගවුම නැති උනාට
තාම හැඩයි ලතා ..

මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..
ලතා

පස්සෙන් එන කොල්ලන් හට
උඹත් තවත් ඔමරි දමයි
කොල්ලනි
උඹල අහුවෙන්නට එපා

පැටලෙන්නට එපා
පැටලිල රැවටෙන්නට එපා
මම පැටලුනු දැලේ උඹල
පැටලෙන්නට එපා එපා

මගේ සෙනෙහෙ ලතා
අඟර දඟර දමන ලතා
ලතාවකට යන එන කොට පිස්සු හැදෙයි ලතා
සුන්දර ලලනා ඔබ මගේ සොඳුරු ලතා
දැක්කම ආස හිතෙන මගේ සෙනෙහෙ ලතා
බලනා අය වසන්ගෙට ගන්න එපා ලතා..

ලතා

written by Kumara Ekanayake

මුණින්ද්‍රයානෙනි | Munindrayaneni by Kumara Ekanayake [2023]

ඔද තෙද ඇති
දෙත බල ඇති
තෙද ගුන ඇති
රජ තෙද ඇති
මුණින්ද්‍රයානෙනි //

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

නිල් කටරොලු මලෙන් උපන්
මුණින්ද්‍රයානෙනි //

දැක්කත් ඇති හිත පිරෙනවා
ලගින් ගියත් හිත පිරෙනවා

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

නිල් කටරොලු මලෙන් උපන්
මුණින්ද්‍රයානෙනි

කියා දෙන්න රහස කිමද
අපටත් ඒ මගම යන්න
වදාරන්න කෙටිම ක්‍රමය
මුණින්ද්‍රයානෙනි //

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

දුකක් සිතට නොදැන ඉන්න
සතුටු සිතින් කල් ගෙවන්න
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි //

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

ඔබ ඉන්නා තැන කුමක්ද
එතැනට යන මග කුමක් ද
කියාදෙන්න රහස අපිට
මුණින්ද්‍රයානෙනි //

සිරි සමන්ත්‍රබද්ද
මුණින්ද්‍රයානෙනි //

written by Kumara Ekanayake

ඩ්‍රාමා ක්වීන් | Drama Queen by Dulan ARX ft. Yureni Noshika

සංකාරී නුඹේ වත පේනා
හීනෙක මා නැවතීලා
නාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා //

නෑ පෙම නෑ පෙම නෑ
ඈ ළඟ නෑ ළඟ නෑ
ඈගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ නෑ

එයා Drama Queen 
මවලා හේතු රඟපාලා Scence 
එයාගේ පදේ දැම්මා Dance ඉතින්
විදින්නෙ බොරු ඒවා නම් nothing ! ඒවා නම් nothing !!

මං විසික් කරපු හිතත් අහුලන් එයා අවේ
විතත් පෙරලා මධුත් පටලන් දෑස ආයේ
නැතත් ආලය දිනක් ගානේම රාගේ නෑවේ මතක් වෙද්දි ඇස් හිතත් තිබුන්නෑ භාවනාවේ

Jeez ! එයා අවේ ගලවන්න දත
මේ මමත් ඉන්නෙ බීලා වතුර කාලා බං රට
මීටරෙන් පුතා ආලෙත් එක්ක ගනු දෙනු
සුදු අම්මිලා හතරවටේ සට සට කපට ඒයි ! 

අනේ පනේ කියාගෙන ආවට 
මේ කනෙන් ගිහින් අනිත් කනෙන් ආවේ
ඇහේ කනේ තියාගෙන හිටියට 
වටෙන් දෙකෙන් එයා නැවතුනේ නෑනේ

බඩගින්නට කෑවේ මගේ ඔලුව
වචන නගුල හෑවේ හිත වගේ මලුව
අතුරුපසට ආයේ තව එක වලියක්
‍යන්තම් මං ඔලුව බේරගත්තෙ නිසා නලුවා ඒයි !!

Daddy ට sugar උනත් හොයයි Sugar Daddy ලා
Attention ගන්න බදාගන්නෙ එයා Teddy ලා
ඇටෙන් පොත්තෙන් එද්දිම වැටෙන් පැනලා මුන් මේ අගේට හිටි උන්ට දෙන්නෙ යන්න ඇඬීලා

ආ සේ මුලාවේ ඈඳීලා
යාවී නුරාවේ නෑවීලා
පාරාම යාවී ගෑවීලා
ඒ හද ආයෙම ඈ

එක බැල්මයි දැම්මෙ අනේ කොල්ලා වයින්
මං අත තිබ්බ හැමදේම වෙන්නේ mine
ඔයා කතාව දෝලාවෙන් යන්නේ පයින්
මගේ අත ගන්න පොරකන්නෙ කොල්ලො dying 

එක බොරුවට මගේ බොරු දෙකයි babe !
මේ karma ඔයාව හොයන් එයි
ඇන්දෙ මමද ඔයාද මට සැකයි huh !
මේ Drama එකේ නලුවා ඔයයි

සංකාරිද මා වත පේනා
හීනේ පුරා රති ගේනා
නාරිලතාවක සේයා
දෑසේ මායා //

නෑ පෙම නෑ පෙම නෑ
මා ළඟ නෑ ළඟ නෑ
මාගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ

සංකාරී නුඹේ වත පේනා
හීනෙක මා නැවතීලා
නාරිලතා නුඹදෝ මා.. දෑසේ මායා //

නෑ පෙම නෑ පෙම නෑ
ඈ ළඟ නෑ ළඟ නෑ
ඈගේ හදේ පෙම නෑ
නෑ නෑ නෑ නෑ

written by Dulan ARX

මල කඩ කඩ | Mala Kada Kada by Dinesh Gamae ft. Kaizer Kaiz

මල කඩ කඩ පාරේ ආවේ
මල කඩ නැති ආලේ මගේ
නුඹයි මගේ පරම නිධානේ

නෑනා නුඹ නැනේ අනේ
හෝරා කටු හෙමින් ඇනේ
හුස්ම ගියත් සැපයි දවාලේ

මාවත් හිර වූවාදෝ මේ හැන්දෑවේ
ආලෙන් බර දෑසක් වැසුනා
මංමාවත් කල තාවත්
නාවත් තුරුලේ
මානම් අද නෑ පරදින්නේ

මල කඩ කඩ පාරේ ආවේ..
නෑනා නුඹ නැනේ අනේ…

අනේ අම්මේ තුක් නොදකින්
පත කදවල් නූල් පොටකින්
හැට්ට කට්ට ගහල ඒකේ කොනකින්
පට ගාල හිත ගියා ක්ෂනිකෙන්

නිකන් බෙදන කොකෝ
අපි කෑවම මොකෝ
උඹේ ඉන්ජිම මැනුවල්
ඒත් මගේ එක යකො ඔටෝ

ඉතින් අත ගෑවත් ඇතී
බොක කලච් පාගල හතී
බෝල කැටි සුදු මුහුන
සිපගන්න ඕනෙලු ආසන පටි

මල කඩලා ඒක විකුනා මම ගියත් වැලිකඩ
එක දොකහට බොට වෙන්න දෙන්නේ නෑ
මම ආයේ තනිකඩ

මල කඩ කඩ පාරේ ආවේ..
නෑනා නුඹ නැනේ අනේ…//

written by Manuranga Wijesekara

dinesh gamage,dinesh gamage songs,dinesh gamage new song,dinesh gamage thamarasa,dinesh gamage rachanaya,nisal gamage,oyai mamai dinesh gamage,denena thuru ma,dinna,veralu mal dinesh,sheshadri priyasad,veralmal,amith guru,innada oba gavin,kaizer kaiz,sinhala new songs,shanudrie priyasad,sinhala song,manuranga wijesekara,saranga,male kada kada,mala kada kada,wahi bindu watenawanam,oba nisa,thisara inmulana,yasas madagedara,new sinhala songs

kaizer kaiz,kaizer kaiz new rap,kaizer kaiz new song,kaizer,kapruka,kaizer new song,katayam kaizer,hadakari naari,weralu mal,sandani fernando,veralu mal dinesh,katayam hana,shanudrie priyasad,katayam,ketayam,hiru tv,veralmal,denena thuru ma,wasthi new song,tv derana,weralumal,man dana katayam,anushka new song,gata dodam,geta dodam,menike mage hithe,dan sepada,hana shafa,wasthi productions,charuka dushyantha,kalu patata,sinhala rap

ගිම්හානයේ පාවෙලා | Gimhanaye Pawela by Samantha Konara

මං තාම වා..රු ගන්නේ – මල් හීනයේ
ඔබ දුන්නු පැතුමන් හින්දයි – මුළු ජීවිතේ
ඔය නෙතට කදුලැල් දුන්නේ – මං ජීවිතේ
ඔබෙ හීන රජ කරවන්නයි – මා සැරසුනේ
සවනේ තාමත් රැදුනේ – ඔබගේ වදනයි සොදුරේ
ඔබ මා..ගේ සිහිනේ රැදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා – ඈත රන් මාලිඟා
සීතලේ ගුලිවෙලා – වින්ද සෙනෙහේ පුරා
අද නෑ..කොහෙදෝ පාවී – සිහිනේ මා අද තනිවී
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ
ගිම්හානයේ පාවෙලා – ඈත රන් මාලිඟා

සංසාරෙ හුරු හින්දයි – යලි හමුවුනේ
මේ දෑස ඔබගේමයි – ඇයි හැඬවූයේ
පවසන්න මගෙ සෙනෙහේ – ඇයි මදිවුනේ
පෙර සංසාරෙත් ඔබමයි – මා හැරගියේ

සැමදේ සුන්වී බොදවී -කොහෙදෝ තුරුලක සැඟවී
ඔබ මා..ගේ සිහිනෙන් මිදිලා ලදුනේ

ගිම්හානයේ පාවෙලා //

written by Samantha Konara