නිල් තරු නෙතු | Nil Tharu Nethu by Rookantha Gunathilaka

නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

පෙම් සිතුවිලි පිබිදේ
මේ මංගල රැයෙහි දිලී
තරු රෑනක් පායාලා
මල් යායක් පීදීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

මා හා ආ දා පෑහී ඒ මල් මාවතෙහි
නෑ නෑ ආයේ සෝ ගී නෑසෙයි ජීවිතයේ
මා හද එක් කර ආශාවෝ රැඳෙනා

නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

දෑහී යාවී ආවේ මා ඔබ හා සුහදේ
ජාතී ජාතී පෑහී ආ ලෙස මේ සසරේ
මා ඔබ මින් මතු වෙන්වීලා නොයනා

නිල් තරු නෙතු හිනැහේ
මේ සුන්දර රැයෙහි දිලී
සිත සතුටේ කිමිදීලා
ඔබ මා වෙත යාවීලා
ආදරේ මල් වරුසා ඇද හැලෙනා

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

නිදි නැති රෑ | Nidi Nathi Raa Yame by Rookantha Gunathilaka

නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ
මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ
අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ

දහසක් අවුරා කළුවර ආ දා ඔබේ නෙත් හිරු මඩලේ
එළිය ගලා ආවා
දහසක් පිටුපා තනිකර ගිය දා ඔබ සිත් මල් යහනේ
සඳු ද උදා වූවා

නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ
මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ
අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ

දෙනුවන හඩවා ලොව සැනසුනදා ඔබගේ උර තලයේ
යහන තනා දුන්නා
දෙසවන් නොඅසා ඔබව ඇසූ දා ඔබගේ රන් සරයේ
මිහිර ළඟා වූවා

නිදි නැති රෑ යාමේ ගීතය ගැයුනාවේ
මට හිමි යාත්‍රාවේ ඔබේ රැය ගෙවුනාවේ
අරුතේවිසුළ වළා අතරේ මුව දොර පෙනුනාවේ

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

සිප ගන්නම් | Sipa Gannam by Duava [2022]

You know what you deserve,
And I want you to have it all,
Ain’t none of these diamonds shine like you no,
Take em off baby we could still have a ball,
I notice that you’re hurting where I’ve hurt before,
Know the place when you look away,
Where your heart go,
Show me the things you’re scared of,
Let em show,
Baby we can make em run away,

මතකේ පාවීලා යාවී,
අඳුරින් ගැලවී ආකාසේ,
ඔබගේ හදේ රැන්දූ මාගේ ආලේ,
රකිමී,

සිප ගන්නම් යලිත් ආලෙන්,
රෑපුරා,
සයනේ වෙලීලා,
මතකේ නොමැකෙන රූප ආයේ,
සේයා පේනා,
ආකහේ,
ඒ සීතල රැයේ ගුලිවී තනිවී,
ආදර ලොවේ,
තුරුලේ හිඳිමී,
All we need is patience,
Cus I know we gone be alright,
Just keep moving,

You know we,
We could live a life in a day,
And I know sometimes it feels like it ain’t fair,
Everybody leaves,
Everybody goes but I’ll stay here,
I won’t go nowhere,
Leave your problems at the door,
Life’s to short to lose our hope,
Time won’t wait don’t take it slow,
For nobody,
Take no breaks don’t stop your grind,
What’s mine is yours what’s yours is mine,
Feed your soul look in my eyes,

මතකේ පාවීලා යාවී,
අඳුරින් ගැලවී ආකාසේ,
ඔබගේ හදේ රැන්දූ මාගේ ආලේ,
රකිමී,

සිප ගන්නම් යලිත් ආලෙන්,
රෑපුරා,
සයනේ වෙලීලා,
මතකේ නොමැකෙන රූප ආයේ,
සේයා පේනා,
ආකහේ,
ඒ සීතල රැයේ ගුලිවී තනිවී,
ආදර ලොවේ,
තුරුලේ හිඳිමී,
All we need is patience,
Cus I know we gone be alright,
Just keep moving,

සිප ගන්නම් යලිත් ආලෙන්,
රෑපුරා,
සයනේ වෙලීලා,
මතකේ නොමැකෙන රූප ආයේ,
සේයා පේනා,
ආකහේ

written by Duava

duava songs, duava age, duava real name,

නිර්වාණේ | Nirvane by Chey 9 ft. Enza [2022]

තාමත් හොයනවා ලැබුනේ නැති නිර්වාණේ නන්නාදුනන මාවතේ මං
පස්සේ මං දන්නේ අතරමං වෙලා නිර්නාමික මාවතේ දැන්
මගේ හදවත කැඩිලා, තැලිලා, පෙළිලා අනන්ත දේවල් වෙලාම දැන්
අන්තිමේ මට මම විතරයි කවුද අපිට මොනාද කරේ බං?

වෙනස් වෙලා මං, වෙනස් වෙලා මං
වෙනස් වෙලා නෙමේ වෙනස් කරා බං
සමාජෙන් මාව වෙනස් කරා බං
තේරුම් අරගෙන වෙනස් වුනා මං

දැන් දන්නවා මිතුරා කවුද, මගේ හතුරා කවුද, ලග හිටියේ කවුද, උදව් කරේ කවුද
යාළු දුකේදි මාරු වුන සැපට වහල් වුන මිතුරෝ කවුද

නිහතමානීකම වැදගත් අපි මනසින් උසස් සත්තු
අදුරගන්න බැ වෘකයාව සුදු බැටළු හමක් පොරෝගත්තු
නින්දෙන් ඇවිදින මනෝකාය මගේ වෙන ග්‍රහලෝකෙක මත් වූ
අද පුරමුද සව්දිය අරගෙන සමු අපි රංචුවෙන් ගැලවුන සත්තු

රිදුමන් දෙන හදවත අකුලා
මිතුදම් නෑ හැමදේ වැටහුණා
තනිකම හුරු වන්නට මා හද හුදකලා වන්නට අවසර ඉල්ලා

හැකි විට සිටි උං කෝ කියලා
වද දිදී මගේ හිත විමසනවා
ආදරේ කල උං අද නැ ඒත් හිත සැනසෙනවා නිදහස සොයලා

බිදුනු වීදුරුවක් හදන්න බැ වගේ විස්වාසය හරිගස්සන්න බැ
බොරු යාළුවෝ, බොරු බැල්ලියෝ වෙනුවෙන් මගේ ජීවිතේ මං ඉඩක් දෙන්නේ නැ
අතීතය දවසක් ගානේ පරණ වුනත් ම⁣ට මගේ මුල අමතක වෙන්නේ නැ
මගේ තරුව දිලිසෙනවා තාමත් ඒත් මං පුහු මාන්නයෙන් උඩ ගියේ නැ

හැමතැනම බොරු චරිත දැකලම මහන්සි
මුං කතා කරන්නේ වැටුනා වගේ අහසින්
සමූල ඝාතනේ කරා වගේ නාසීන්
කපන්නේ තුරුම්පු කොල දාලා මං ආසි

අංක එක කලාව නම් දෙක තමයි කාසි
ලංවුනේ නැ කාටත් බලන් වාසි
ඕනතරම් දැක්කා අපිත් කැ*යන්ගේ මර්සි
Album එක ඉවරයි මම එක මාසෙන්

මංමුළා වී සිතුවිලි පාවෙලා
තනිකම හෙමි-හෙමියෙන් මා වෙලා
අදුරේ මා දැන් දැන් ගිලෙනවා… තනිවෙලා

ජීවිතේම සුළි සුලගක් වෙලා
ආදරයත් දැන් කොහේදෝ ගියා
මා තනිවෙලා

written by Chey 9

chey 9 shinhala rap

නෙළන්නට | Nelannata Gihin Pala by Rookantha Gunathilaka

නෙළන්නට ගිහින් පල වැල
ගෙනෙන්නම් ඉතින් බරටම
අනේ දරුවනේ නාඩන් කියූ අම්මලා
සත් සමුදුරෙන් එහා බැසගෙන
සිත් තොසින් නොවේ මැරි මැරි
කප්පරක් කිළිටි වුන් ළඟ – වැටී උල උලා

මහ එවුන් ඇවිත් එතකොට
අත් දෙකින් අරන් හනිකට
එක්කරන් ගොහින් දරුවන් වනේ තනි කළා
පොඩි උන් වනේ තනි කළා

හිස් අතින් එහෙන් එනකොට
සත් මහල් උඩින් බැසගෙන
සත් පියුම් මෙහේ තැන තැන අනේ පරවෙලා
සත් පියුම් මෙහේ පරවෙලා

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

නංගේ නගන්න | Nange Nagana Mal by Rookantha Gunathilaka

නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතා
ජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතා
සිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝ
හැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්

පාසලේදී ඇයි දඟේ මෙසේ
පාරේදී මොකද මේ රඟේ
මල් කුමරියක් වගේ මනාලියක් වගේ
ජිවිතේ යොවුන් වියේ සුපෙම් රැඟුම් සලයි

නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතා
ජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතා
සිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝ
හැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්

ආදරේට මං බයයි අනේ
තාම ඕවා පුරුදු නෑ වගේ
එන්නකෝ පුදන්නකෝ ඔබේ යොවුන් සෙනේ
ආදරේ ලබන්නකෝ මගේ යොවුන් හදේ

නංගේ නගන්න මල් සිනා හදේ පිපෙන මල් ලතා
ජීවිතේ පුරාම ආදරේ සොරා ගනී ඔබේ යොවුන් වියේ යොවුන් කතා
සිනා නගන්නේ කාටදෝ හිතේ තියෙන්නේ මොනවදෝ
හැමදාම මේ වගේම ඇයි උදෑසනේ ඕනදෝ මගෙන් සෙනේ බිඳක්

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

ස්කුබි-ඩූ | Scooby Doo (Theme Song) by Gaminda Priyaviraj

වෙඩි වගෙ නිතරම රෙඩි පිට සිටින්නේ
අපි බැල්මෙන් හොල්මන් දිවියන් කරන්නේ

කොහේද
කොහේද
කොහේද
හොල්මන් තියෙන්නේ
කොහේද
හොල්මන් තියෙන්නේ

ආ වා ඕ න් න
ස්කූබි ඩූ බිඩූ
ස්කුබී ඩූ බී ඩූ
ස් කුබී ඩූ බි ඩූ

සද්ද බද්ද බොරු දෙඩවිලි
අපි ලග නෑ නෑ
තාන්න මාන්න ලොකු ලොකු තනතුරු
ඕනෑ නෑ
අපි හොල්මන් දැක්කත්
හොල්මන් වෙන්නෙම නෑ නෑ
අපි වගේ සූරයෝ මේ ලොව තව වෙන නෑ නෑ
අපි වගේ සූරයෝ මේ ලොව තව වෙන නෑ නෑ

ආ වා ඕ න් න
ස්කූබි ඩූ බිඩූ
ස්කුබී ඩූ බී ඩූ
ස් කුබී ඩූ බි ඩූ

බූතයෝ හොල්මන් පීරා
අපි සැරි සරනවා
දුෂණ භීෂන සේරම සුන්බුන් කරනවා
ඔය අපා දෙපා සතාලගේ වැඩ ගැන
දන්නවා
ඒ ඔක්කොම හොල්මන්
සල්ලන් කර ජය ගන්නවා
ඒ ඔක්කොම හොල්මන්
සල්ලන් කර ජය ගන්නවා

ආ වා ඕ න් න
ස්කූබි ඩූ බිඩූ
ස්කුබී ඩූ බී ඩූ
ස් කුබී ඩූ බි ඩූ

written by H.S. Perera

scooby do sinhala cartoon, scooby doo song, scooby doo sinhala song, scooby doo music,what’s new scooby doo song,scooby doo,scooby,simple plan scooby doo,what’s new scooby doo,simple plan songs,song,simple plan what’s new scooby doo,cartoon,doo,mystery (tv genre),best of simple plan,animated cartoon (tv genre),cartoon network (tv network),old,horror comedy,simple plan music videos,punk rock (musical genre),simple plan greatest hits,sistema brasileiro de televisão (tv network),action/adventure,simple plan live,machine,mystery

නෞකා එලි | Nauka Eli Niwena by Rookantha Gunathilaka

නෞකා එලි නිවෙනා රෑ
මුහුදේ රළ කැළඹෙන රෑ
තනි වී ක්ෂිතිජය අඳුරේ
හිඳිනා පිළිරුව මම දෝ

සුසුමෙහි සුළඟට සැලි සැලි හිත වෙවුලා
මම ඉකි බිඳිනෙමි ගිනිසිළු පද අවුලා
සිවුසිය ගව් දුර ගොඩ බිම කොතැනක හෝ
පෙම් සිරි යහනක ඔබ ඇත දනිමි අහෝ

නැව් බඳ දෙදරා යලි යලි හැපෙන රළේ
අසරණ නැවියෙකු වැලපී ඇසෙන නදේ
ඔබ නැති ලොව මට කඳුලක ඉන්න කියා
මැදියම් කළුවර සඳු අර යන්න ගියා

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

මුතු මුතු පිණි | Mini Muthu Pini Kata by Rookantha Gunathilaka

මුතු මුතු පිණි කැට පොළොවට වැටෙනා වෙලේ
සිතු සිතු විලසට ගහකොළ වැනෙන රඟේ
තරුමල් අහසේ නිවි නිවි දිලෙන පැයේ
දෙව් පුතු ඉපදීලා සුබ මංගල්ලේ

නත්තල් කාලේ ලෝකය බබළවමු
සාමය සමගිය සිත් තුළ පතුරවමු
සිතෙහි කැත කුණු අද සෝදා ගනිමු
ජේසු බබා නළවන්නට ගී කියමු

බෙත්ලෙහෙමේ ඉපදුණ මගේ සුදු ජේසු
ඔබව බලන්නට ආවෙමි මම ජේසු
දවසක මාගේ පව් සෝදනු ජේසු
සිරි ලංකාටත් ඔබ එනවද රන් ජේසු

rookantha gunathilaka , rookantha chords , rookantha gunathilaka live , rookantha nonstop , rookantha songs , rookantha and chandraleka all songs , rookantha,best of rookantha,ekathuwa,rookantha gunathilaka,parana,rookantha gunathillake,rookantha goonathillaka,rookantha gunathilaka songs,rookantha gunathilaka nonstop,githa,best of rookantha and chandraleka,eka pelata,gunathilake,parani,geetha,rookantha gunathilaka original music,sinhala,old songs,sri lanka,collection,song,chandraleka,songs,sinhala songs,artist,song collection,sinhala old song,night music,old,new,nice,calm,singer,miyuru gee

මද සීත නල රැල්ල | Mada Seetha Nala Ralla by Rookantha

මද සීත නල රැල්ල දැඟලිල්ල පා
කැළඹිල්ල දී දසත විසිරී ගියා
සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

ඔය බැල්ම දෙන කැල්ම සුර ගීත පා
සුරතල්ම බව පේන රහසක් කියා
දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
පෙම් ලෝකයේ සුවඳ මුසුවී ගියා

සුදු සේල මිහිදුම් අහසින් නැඟී
නිල් ලෝකයේ එලිය නොපෙනී වෙලී
මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
ඔබ මාගෙ ජීවේ සදා

ඔය බැල්ම දෙන කැල්ම

මගේ දෑස ඔබ ගන්න ඔය දෑත මට දෙන්න
යුග ගීත පවසන්නකෝ
ලොව මීර නරඹන්න මධු මීර රස බොන්න
ඔබ මාගෙ ජීවේ සදා

මද සීත නල රැල්ල