මංදිරේ හදේ | Mandire Hade by Dulan ARX [2024]

හිත වෑහී යාවී ආලෙන්
ම්ම්.. හිත වෑහී යාවී දැන්
කල් නෑරී හීනේ ආදෙන්
මේ හීනේ ඈගේම දැන්

මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා

ඒයි කෙල්ලේ
අද මං හොඳ සිහියෙන් ඔව්
නමුදු වෙලා ඉන්නේ පිස්සෙක්
පුර පෝයත් අමාවකයි මට
ඔයා නාව දාට හිස්නෙ

චිත්‍ර පට දර්ශන වගේ
අපි දෙන්නා මැවී දිස්වෙයි
හිඳවන්න බෑ හිත සිහියක
ඔව් ඒක තමා ප්‍රශ්නේ

නැහැ විනිශ්චය
පෙම සුන්දරම වැරැද්ද
නරක බඹරෙක් මං ඔයා මල් කිනිත්ත
මිතුරු කමට එහා ගිය කැමැත්ත
මොලේට ඉන්නම නොදී හදයි කලේ පෙරැත්ත

ඔව් ! ගන්නම් කාලේ පස්සට ආයේම
යන්නම් මං අපේ අවසන් වර හමුව දාට
මේ හිතේ තිබ්බ හැමදේම එකක් ගානේම නෑරම
කියාගන්නයි ඕන උනේ ඒක තමා මේ වෑයම

මංදිරේ හදේ ඔයා තියාලා
මං හිඳිම් ලඳේ දෙනෙත් අයාලා
දෙව් ලොවේ සරා සොයාන ආ මා
නිම් නොවේ හැඟුම් ඔයා නිසා මා

දුර පාවී යා නම් මාගෙන්
හිත පෑරී යාවී දැන්
මල් වාරේ ආයේ ආදෙන්
මේ හීනේ ඈ වේවි නම්

මංදිරේ හදේ..//

written by Dulan ARX

රූ චායා | Ruu Chaya by Shashi X Chathumi [2024]

ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුඹේ රූ චායා
ජීවිතේ මෙතුවක් තරම් නුඹගෙන් සදක් සේ පායා
නුඹ ඈත ගියේද නොයෙන ලෙසට කෝ නුබේ රූ චායා

කීව පෙම් වදන් මතක් වෙන වාරයක් පවා
නුඹ රෝස මල් වලින් තැනූ පෙම් යහන සුන් වුනා
ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා

ආදරෙන් මටත් දැනේ මම රැවටුනා කියා
මතක් වෙන වාරයක් පවා නමුත් මම සාප නෑ පතා

රෝසමල් කුමාරියේ නුඹ රැවටුනා තමා
මමත් හරි ආදරෙයි කියා නුඹෙන් නෑ කිසීම දේ පතා
ප්‍රාතිහාරෙන්වත් යලිත් අපි එක් වුනොත් සදා
නුඹට හැකි මා පිටින් නුඹ ලත් දුකත් පිටමන් කරන්න සදා

ආදරේ සද මා…

ආදරේ සද මා මගේ සිත පාළුවේ දමා
නුඹත් දුර යන්න යාවි මේ සිතින් බැදි ආදරේ දාමා
කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් විදින්නෙද මා

කාරණා කිමැයි කියන් මේ පාරණා මෙමා
කලින් අපි ආදරෙන් සිටි ඒ නුඹේ හසරැල් කොහේ සද මා

ආදරේ සද මා…

written by Shashika L Gunsekra

මා තනිවී උන්නා දෙන් | Ma Thaniwi Unna Den by Pradeep Rangana

රුහිරේ ඇදි නාමේ ඔබෙ නාමෙන් ඇදුනාදෝ
ජීවේ බැදි තාලේ ඔබෙ තාලෙන් ගැයුනාදෝ
තුහිනේ පිණි මැද්දේ අපි ගොළු වී උන්නාදෝ
ක්ෂිතිජේ මැවු තනුවේ පද විසිරී මුසුවීදෝ
විසිරූ තැන් මුසුවේදෝ මුසු වූ තැන් යලි ඒදෝ

හිතනා හැම වාරේ මා මතකෙන් පෙලුනාදෙන්
පතනා හැම හීනේ බොද වූ තැන් පෙනුනාදෙන්
දකිනා හැම තැන්හි ඔබෙ චායා මැවුනාදෙන්
රකිනා ඔබෙ ලෝකෙ මා තනිවූ උන්නාදෙන්

රහසේ බැදි මායා රූ චායා පායා
ගී රාවෙන් ආලේ කීවා //

දෑසේ බැන්දූ මායා ඔබ මා හා ල‍‍ංවීලා
මාගේ හද හෘදේ උණු චායාවක් කලා

මෘදු වූ ඔය වදනින් සිත්තම් වී මැවුනේ
ගෙත්තම් වූ ආලේ හැගුමන් //

දෑසේ බැන්දූ මායා ඔබ මා හා ලංවෙලා
මාගේ හද හෘදේ උණු චායාවක් කලා

හිතනා හැම වාරේ…

written by Pradeep Rangana

කාලයකට කලින් | Kalayakata Kalin by Ramidu [2024]

කාලයකට කලින් හිත ගාව
නැවතුනු එක රුවක් ඇත තාම
සිර වෙලා – මා නෙත් පාරවා
ඈ ළඟ නැති පෙමක් මට දාව
හිමි නැති උණුහුමක් මම තාම
සොයනවා – ඔව් මා සොයනවා
මට නැති වුණේ මා කෙරේ
බිඳුවක් හෝ ආදරේ නොදුන් ඔයා
නොදොඩාම මගෙ භාරයෙන් නුඹත් මිදී ගියා
මට වගේ නුඹ හට දැනෙන්නට නම් දී නෑ මෙමා
පෙර දාම ඒ හාදකම් අපෙන් ගිලිහී ගියා

සඳ නැති රෑක මං මා කෙරෙන් – නුඹ දුන් හීන මකන්නම්
නිදි නැති රෑම මං පාළුවෙන් – සිතුවිලි අකුරු කරන්නම්
හිනැහෙන වාර දැන් නැති තරම් – අල්ලාගෙන මම ඉන්නම්
නුඹ නැති දාට මං ආදරෙන් – මගෙ හදවත සනසන්නම්

ඈතින් නුඹ ඉඳන් දිලුනාට
මා ඇත්තේ ළඟයි සිතලාම
ළං වුනා – නුඹ ඈතට වුණා
මා අරගෙන දුරක් ආවාට
පාවෙන නැවතුමක් නුඹ තාම
වැරදුනා – මට මඟ වැරදුනා

ඔබ නැති කලේ – ඔබෙ සෙනේ
රහසින් වත් මුලාවේ නොහෙළු මෙමා
මට තාම අදහන්න බෑ එසේ කළා කියා
මතු දිනේ මා වැනි තවකෙකු සොයා ඇදෙයි ඔයා
නුඹ මාව ඒ කිසිම දා සොයන්න නම් එපා

සඳ නැති රෑක මං…

written by Lakshitha Mihiran

තුරුලෙම | Thurulema by Azim Ousman x OOSeven [2024]

තුරුලෙම ඉන්න ආවේ පාවී
හදවත හොරාගත්තේ මයෙ රාගී
ආලෙන් ඉන්න කාලේ ආයේ පාවී
Oh noo
මේ ලෝකේ හීන දකිනා
ඒ හීන ආයෙ ආයෙ පස්සෙ දුවනා
Whoah oh
යන්නෙ පාවී ඔය රුව එක්ක පියඹා
ඔයා එක්ක පියඹා

හීන පාරෙ මම සොයනා
දින දින මම සොයනා ආයෙ
ආයෙ ආයෙ මම දකිනා
ඔය දෙතොලග මැවෙනා ooyeah

සිතුවිලි ඔය එක්ක දිවයන පාරේ
සොයා එන මගෙ හදවත අයෙ ආයේ
මරු කය එක්ක දිව යන මගෙ වාරේ
හිත එක්ක දිව යන්නා

හීන මාන එක්ක ඉන්න කාලේ මුවෙ වෑහී
සේදි යන කඳුලැලි උන උන හාවී
ටික ටික දිව යන දුර මග මා ඒ
ඔයා එක්ක සුව විඳගන්න එමි පාවී
Oh no no

නොදැනිම ලඟට වෙලා
තුරුලෙම මිමිනු කතා
දෙතොළඟ රැඳිලා සදා
නොදැනිම එලිය වෙලා woahohoh

තුරුලෙම ඉන්න ආවේ පාවී
හදවත හොරාගත්තේ මයෙ රාගී
ආලෙන් ඉන්න කාලේ ආයේ පාවී
Oh noo
මේ ලෝකේ හීන දකිනා
ඒ හීන ආයෙ ආයෙ පස්සෙ දුවනා
Whoah oh
යන්නෙ පාවී ඔය රුව එක්ක පියඹා
ඔයා එක්ක පියඹා

තිගැස්සී ඇහැරුනා මා නින්දෙන් අවදි වී
මතකේ සමවැදි ඈතට යන්නේ බැදීම්
මං කරගත්තා හැමදේම අකමැතී
නැත්තන් මොන රහත් වහක් වෙන්නේ කලකදී
තීරණ හදවතින් ගන්නවා පෙනි පෙනී
දවස් ගෙවීයද්දී අනාගතේ ගන්නේ ගිනී
වෙනස් වෙන්න රවට්ට ගන්නවා මාව
ඔය දෑස නොදැක්කා වාගේ පෙනි පෙනී
සියුමැලී ඒ මතකේ මා ගිලී
අතරමං වුණා තව පාරක ඉගිලී
ආසයි තව පාරක් සිපගන්න ඔය රතු දෙතොල
ශ්ශ් යාවී මාව පිපිරී
ඇගේ කන ලඟ බොලඳ කතා
මේ සිත ලඟ දොරගුලු ලා
නොදැනිම ලඟට වෙලා
තුරුලෙම මිමුනු කතා
දෙතොලඟ රැඳිලා සදා

තුරුලෙම ඉන්න ආවේ පාවී
හදවත හොරාගත්තේ මයෙ රාගී
ආලෙන් ඉන්න කාලේ ආයේ පාවී
Oh noo
මේ ලෝකේ හීන දකිනා
ඒ හීන ආයෙ ආයෙ පස්සෙ දුවනා
Whoah oh
යන්නෙ පාවී ඔය රුව එක්ක පියඹා
ඔයා එක්ක පියඹා

ඔයා එක්ක පියඹා ////

written by Didula Tharusara

නිහඬ වූයේ | Nihada Wuye by Gayya ft. Chithru [2024]

නිහඬ වූයේ ඇයි මගේ සෙනෙහේ
කෙදින එයි දෝ මා සිපගන්නට ආයේ

දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
මටද අහිමි නුඹගේ ආදරේ

වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ මා හා

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් ///

සුළඟ පාවී ගියා
මහ වැස්සක පැටලී
අඳුරු මන්දාරමේ
යන්නට බෑ සැඟ වී

දෙතොල් මා තෙමිලා නෑ
මේ තරම් හාදු වර්ෂාවකින්
නෑ මේ තරම් දුකක් මා ජිවිතේ
අපට අහිමි අපගේ ආදරේ

වැස්සක් සේ පාවී
වෙන ඉමකට හුරු වී
නොවැටී තොල් තෙමමින්
කෙදින එයි දෝ

හ්ම් හ්ම් හ්ම් හ්ම් හ්ම් ////

written by Gayan Perera & Manuranga Wijesekara

මේ උයනේ | Me Uyane by Hana Shafa [2024]

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා
නුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවා
මට දැනුණු විටත් නොදැනුණු බව දන්නවා
සඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා

නුඹම හා පැමිණි මා නුහුරු දේ තනිවෙලා
දවස ගානේ හඬා ගෙවා යාමයි සදා

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා…

නැවත යා හැකිද ආ ප්‍රේමයේ මග අසා
මතක පා කර දමා නුඹව ඈතින් තියා

මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා…

written by Lasitha Jayaneththi Arachchige

hana shafa,hana mashup,charuka dushyantha,hana,naada,hana new song,hana mashup cover,sinhala mashup,hana new songs,sandesh bandara,dilshan l silva,sanda wage pena,hana music video,chamath sangeeth,sri lanka songs,naada music,nohithunata,yohani,sinhala new songs,manike mage hithe,new sinhala songs,me uyane hana,naada tv,sada wage pena oya mata ona,tv derana,sangeethe,anything for you sudda,manike mage hithe song,aluth sindu,sirasa voice teens

සිතුවම් හදේ | Sithuwam Hade by Uvindu Ayshcharya [2024]

මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා
ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරේ මෙමා නම්
මා ළඟින් සිනා පා කීව ඒ කාරණාවන්
බැ රිදුම් දවයි මා සඟවනා මතකයෙන් මා

සිතුවම් හදේ මැවි මැවී
නුඹෙ දෑසෙ මා පැටලුනී
රුව කෝ මගේ සිතැදුනී
ප්‍රේමි….
මතකෙට ඒ මෙපමනී
නුඹ ඈත යන බව දනී
කිමදෝ නොදැන හඬමී
ළඳුනී….

නෑ හීන ආයේ බොඳවිලා
මාගෙ දිවියේ
නුඹ තව නෑ
හීන ගානේ
සිරවෙලා
තව දුර නෑ ඈත අහසේ පායනා
ඈ සිහිවුනා මා රෑ පුරා
පාළුවෙදෝ තනි වුනේ
මා හදේ ආදරේ
මා රුව දකිනා මේ වාරයේ
මං තවත් පෑරුනා නම්
සිතුවම් හදේ

written by Uvindu Ayshcharya

මතුදාක කාසි | Mathudaka Kasi by Jalinda Karunaratne [2011]

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස
ඔබ ඉදිරියේ රගපා
නැටු වන්නම්
ඔබ නොදනී කිසිදා

මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා

රූරා… වැටෙනා
මහ වැස්සක මම තෙමිලා උන්නා
සිතලා… රවටා
හැකි හැමදේ මම දෑතට ගත්තා

අපෙ හරහට
උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා

මතුදාක කාසී නිසා…

නොකැඩී… ගලනා
දුක් සංසාරේ
පැටලී වෙලිලා
දිවුරා… කිව්වා…
ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා

මගේ පිනකට
මට ඔබ දැන් ලැබිලා
අගහිඟකම් දැන් යන්නේ පියඹා

මතුදාක කාසී නිසා… //

written by Manuranga Wijesekara & Gayan Perera

දිනෙක අපිටත් | Dineka Apitath Waradila Athi by Suneera Sumanga

දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ!

තනි වීම වුව ප්‍රේමය ම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬ ව බිම බලා ගමි!!

අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි

written by Panindu Widane

suneera sumanga,#suneerasumanga,sunira sumanga,suneera sumanga songs,suneera songs,suneera,#suneeranewsong,#suneera,nelagenumata,#suneeradreamstar,aradhana,santhana susum dawata,sunira,derana,sinhala songs,mind relaxing,amaradewa song,santhana susum,#dinekaapitath,tv derana,sinhala old songs,#obamaavidinpbama,mind relaxing song,clasic songs,mind relaxing songs,manthama waru,clasical songs,#dinakaapitath,classical songs,amaradewa,old songs,rap,#sacheetuned