නොහිමි | Nohimi by Ramidu [2022]

සිහින සිහිනම නොවන තැන් වල
හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
නොහිමි කවියක ඔටුනු පැළඳුව
කිරුළු වැළපෙයි නොලද සිහසුන

නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
කොපුල සිපගෙන ගියත් අහිමිව
නුඹට මට වාගෙම කඳුළටද
හිමියි කොපුලත සිඹින අයිතිය

සිහින සිහිනම නොවන තැන් වල
හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
නොහිමි කවියක ඔටුනු පැළඳුව
කිරුළු වැළපෙයි නොලද සිහසුන

මගේ හදවත රිදුන තැන්වල
නුඹේ කඳුළක නෙතේ හැංගුන
අපිට අපි හිමි නොවුන තැන්වල
කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම

Written by Ramidu Yashmintha

Galliyan (English Remix) by Hibshi & Chamel [2022]

(Jab tak hum kisi ke humdard nahi bante na)
(Tab tak hum dard se aur dard hum se juda nahi hota)

O.. Yahin doobe din mere
Yahin hote hain savere
Yahin marna aur jeena
Yahin Mandir aur Madeena

O.. Yahin doobe din mere
Yahin hote hain savere
Yahin marna aur jeena
Yahin Mandir aur Madeena

Teri galiyan… galliyan teri, galliyan..
Mujhko bhaavein galiyan, teri galliyan
Teri galiyan…galiyaan teri, galliyan..
Yuhin tadpavein, galliyan teri, Galliyan…

Tu meri neendo me sota hai
Tu mere ashqo mein rota hai
Sargoshi si hai khayalon mein
Tu na ho, phir bhi tu hota hai
Hai sila.. tu mere dard ka

Mere dil ki duaayein hain..
Teri galiyan… galliyan teri, galliyan..
Mujhko bhaavein galiyan, teri galiyan
Teri galiyan…galiyaan teri, galliyan..
Yuhin tadpaavein, galliyan teri, galliyan..

Kaisa hai rishta tera-mera
Be-chehra phir bhi kitna gehra
Ye lamhe, lamhe ye resham se
Kho jaayein.. kho na jaayein humse
Kaafila.. waqt ka.. rok le..
Abr se juda na ho

Teri galliyan… galliyan teri galliyan..
Mujhko bhaave galiyan teri galiyan
Teri galiyan…galiyaan teri galliyan..
Yuhin tadpaave galliyan teri galliyan..

Galliyan…
Teri galliyan..
Tadpaavein…

Written by Manoj Muntashir

වැහි රෑක | Wahi Raaka by Chamara Nirmal [2022]

ආල තාල නෑසුනා නොවේ
රතු රෝස හීන හීනමත් නොවේ
ගොළු වී සිනාසුනාට ඒ වෙලේ
සසැලේ නොකීව කාරණා හිතේ

වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ

සඳ දුර හීන හැම බොඳවීද අත නෑ අත හැරුණේ
දෙතොලග පාට රස නොදැනීද නෑ මා පසුතැවුණේ
සිතිවිලි සේම ඇදහිලි ප්‍රේම තුන්යම නිදි වැරුවේ
ඇය යළි නේන මට නතු නූන නිමිතයි වැහි මතුලේ

වැහි රෑක සීත ආ දා
ගිම්හානයේ පවා මා
ගැයුවේ සුසුම් නිවාලූ මේ ස්වරේ
ක්ෂිතිජේ ඉමේ බලා මා
රළ සේ රැයේ බිඳීලා
ගැයුවේ සෙමින් සිනාසී මේ ස්වරේ

Written by Yashodha Adhikari

සබඳිනී | Sabandini by Abhisheka Wimalaweera ft. Pranirsha

සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ
රතදර කෝඩුකාර
කරමින භාරහාර
දින ගැන ගැන හිඳිමි
සබඳිනී මා ඔබේ
සබඳිනී මා ඔබේ

රාමුවකට ගන්න දෙනවදෝ
ඔය හිනාව
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටින් වසා
ඉන්නම් හීන බලබලා
සළලාන මාගෙ
හීනේ පාට ඇහිරිලා
හනි හනික එන්න
හීනේ පාට ඇහැරිලා

ඔබගේ ආලෙන්
දුන්නු ඒ නිධානෙන්
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ

පාද සළඹෙ ගිගිරි පාළුවෙන්
හනික එන්න
නෙළුම් තුඩු වටා
ඇන්ද නිය රටා
සළු පටෙන් වසා
ඉන්නම් හීන බල බලා

සළලාන මාගෙ
හීනේ පාට ඇහැරිලා
හීනේ පාට ඇහිරිලා

අටවෙනි ස්වරය ඔබද
ඔබ ළඟ ළගම නේද?
දින ගැන ගැන හිදිමි
සබඳිනී මා ඔබේ

නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ ඔබගෙ නේද?
නින්ද නේන රැයක පිපුණු
කුමුදු සුවඳ මගෙම නේද?

අයාලේ | Ayale by Tehan Perera ft. Kaizer Kaiz [2022]

වරුවක් ඉවසන් මං උන්නා පාරේ
තරුවක් විසි වී එය රැදුනා අහසේ
කළුවක් වී අහසම එනවා වාගේ
කවුරුත් නැති ජීවිතේ සොදුරුයි වාගේ
හිත මගෙ හැදුනේ නෑ
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ

නුඹ නැති ලොවක අයාලේ
තනියම සිනා සුනා වේ
නුබ මැව් කඳුළු වලාවේ
මේ හිත රිදුනේ නෑ
අඟහිග තිබුනු වෙලාවේ
ඇයි උබ ගියේ අයාලේ
මුලු ලොව බිදී ගියාවේ
මේ හිත රිදුනේ නෑ
මට නම් දැනුනේ නෑ

මට හම්බෙලා දවසක් මඟදි
ඇස් වලින් සෙල්ලන් කලා කඹඩි
එදා ඉදන් මගෙ හැගුම් බඩවී
දැන් ගොඩ කලක් පෙමෙ ඉපදී
විසබීජ නසාලා මගේ හිතේ
හෙමින් දිය උනා මගේ සබන් කැටේ
හොද වැඩේ ඉතින් අනේ මටත් උනේ
දැන් කව්ද උලන්නේ බං ඔය කැටේ
සට පට ගාලා ගැහුව කල
එලි බැස්සේ නොදැනම පාර
මගේ හැඟුම් කරන මේකි හරක් ගාලක්
දැක්කුවා මාව දිදී කස පාරක්
අයාලේ යන්න උනේ එල්ලෙන්න
බැරි නිසයි ගෙදර පරාලේ
මැරුනත් තොපි අඩයි ඇරියා වගේ
වත්තක පොදු කරාමේ

නුඹ නැති ලොවක අයාලේ…

හිත ලඟ මල් පරවී ඈතට ඇදුනේ
මගෙ ලඟ නුබෙ මතකය පරවී වැටුනේ
දවසක් නොව සතියක් නුබ ගැන සිතුවේ
සිත යන දුරකට මම යනවා අයාලේ
හිත මගෙ හැදුනේ නෑ
හැදුනට පලකුත් නෑ
උබෙ ලඟ මගෙ හිත නෑ

නුඹ නැති ලොවක අයාලේ

ආල අඩව්ව | Aala Adawwa by Isuru Withanage [2022]

යක්බෙර නාදෙට තාන සොයා රඟනා
තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
ආල අඩව්වට විලක්කු හිත දැවුනා

මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සාර සදිසි නුබේ රාග නොවන සිත
මේඝ ගර්ජනා හීන නොවන කල
සීල බිඳින හද ප්‍රේම සොයන දින

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
සංසාරේ නොයෙනා මතක නුබේ
ගම්බාරේ සරනා එකම තැනේ

මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
ඒක තමයි හැරදා මම නොයන ඉනා
ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

ගොන් රජුුුනේ | Gon Rajune by Master D [2022]

ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල
කන්නෙම පරවෙල යායපිටින්
ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල
ලස්සන උබ දැක ඈත කොනෙන්

ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

ඇගෙ පිපුණූ මල මත නූරු
රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ දූවිල්ලෙන් නෑ

පිපුණූ මල මත නූරු
රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ

මූණ දෙන්න බැරි හුගක් එවුන් දැං ඔටුවො කඩන් වැටුන පුටු
අම්මප අතට අහුවෙන්නැ මුන්ගෙ බොටු
මගෙ කම්මලෙ යකඩ තල හදන්නෙ ගොටු
උබට කන්නම ඕනිනං බැදපං ඉසකොටු

කොච්චර වැහිල තිබුනත් මගෙ ආකහේ
කොල්ලො රැප දෙන දෙන තරං මට පාටවේ
මං මුල කියවන්නෙ මොකටද පාඩමේ
හැම දෙන ඇලිල පෙගිල මේ නරාවලේ

ගත්තට කවුරුත් උස්සල බහිද්දි උබ ලොස්ද
උබෙ කටින් කියවන්න ඕනි මට ඩිස්ද
එලිසම රෙන්නද පිපෙන්නැති හත්තක මලක් උනු හබලෙම ඇදගෙන යංද

පෝර අදුරන්නැති ගොවියො මෙන්න මේ පාටි දායි
බාර් එක පිටිපස්සෙ හිස් බෝතල් මෙන්න ආටිගායි
ඇද වෙන්න බීල ගමෙ කොල්ලො මෙන්න පාටි දායි
කොච්චර ඇහැරිල හිටියත් බලන්න වෙන්නෙම නාට්ටි පහයි

ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල
කන්නෙත් පරවෙල යායපිටින්
ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල
ලස්සන උබ දැක ඈත කොනෙන්

ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

ඇද නටුවෙන් ගැහුව නලලෙ කටුවෙන්
කන්දට කොහොමත් පායන්නෙ හිරු හවස අඩුවෙන්
ගංතෙරෙ පුරෝල ඉන්න අන්දරෙ ගගෙ ගැටුමෙන්
මැද්දට තියල ඔතන්න කලිං කපන්නං කතුරෙන්

නින්ද යන්නෙ නැත්තං මල්ලි ගහන්න ඇද්ද මලක්
මගෙ එක වචනෙත් උබට දිග පහන් වැටක්
දැන ගත්තු ගමං ගැහුව මගෙ වත්ත වටෙ වැටක්
පොට ගන්න කලිං පැටිය පටලයි මුගෙ හොටත්

ඇගෙ පිපුණූ මල මත නූරු
රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ දූවිල්ලෙන් නෑ

පිපුණූ මල මත නූරු
රැස්වෙන ඇයි මේ බඹරගෙ කූරු
පෙම අවි දූවිල්ලෙන් නෑ

ඉන්නෙත් බරවෙල ඇස්යට කරවෙල
කන්නෙම පරවෙල යායපිටින්
ගැස්මට කොරවෙල පැත්තකින් ඇලවෙල
ලස්සන උබ දැක ඈත කොනෙන්

ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ
මගෙ ගොන් රජුනේ ගොන් රජුනේ ගොන් රජුනේ

Written by MasterD

සිංදු හැන්දෑව | Sindu Handawa by Intenze ft. Nelu Adikari [2009]

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව, කඳුලකින් ලීව
කවි ගී තියෙනවා

මට නම් දැන් ඔබත් ඔන නෑ
අඩවන් දෑසින් බලන් ඉන්න බෑ
මට නම් දැන් ඔබත් ඔන නෑ
අඩවන් දෑසින් බලන් ඉන්න බෑ

ඔය ඔච්චම් හිතත් පාරවයි
හාද්දක සුවද මතක් වෙන සුලුයි
ඔය ඔච්චම් හිතත් පාරවයි
හාද්දක සුවද මතක් වෙන සුලුයි

කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් නෑ
කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් ගන්න බෑ

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව, කඳුලකින් ලීව
කවි ගී තියෙනවා

හිත අද්දර හිතත් ඉගිමරයි
තොල් සායම් මට කරච්චල් කරයි
හිත අද්දර හිතත් ඉගිමරයි
තොල් සායම් මට කරච්චල් කරයි

මට කොච්චර උනත් දුක වැඩී
ලග ඉන්නට සිතත් සතුටු වෙයි
මට කොච්චර උනත් දුක වැඩී
ඔබ ලග ඉන්නට සිතත් සතුටු වෙයි

කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් නෑ
කීව කරපු දේ මතකයි තාමත්
වෙන අතක් හිතක් මටත් ගන්න බෑ

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව, කඳුලකින් ලීව
කවි ගී තියෙනවා

සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
සිංදු හැන්දෑව පෙම්වතී ගාව
සිංදුවක් සේම ගෙවලා
නින්ද මා ගාව තාමත් නෑ
එන පාටකුත් නෑ
සුසුමකින් කීව, කඳුලකින් ලීව
කවි ගී තියෙනවා

කදුලකින් ලීව
කවි ගී තියනවා

දන්නවද ඔයා | Dannawada Oya by Raween Kanishka [2014]

නැවතත් ඔබ එයි කියලා වරු ගණන් බලා
හිතටත් නොදැනීම රහසේ කාලයා ගියා
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා

ඉඩෝරයට එන කඳුළු නෙතේ කතා කරයි මතකයට අපේ
උන්නු තැනම මං එදා වගේ කවුද කියනවද වෙනස් වුණේ
හදාගන්න හැදුවත් හදවත තවම බැරි වුණා
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා

තද කඳුලේ රස්නෙට ලොල් වී කෑ ගහලා නෙතු හැඬුවා මදී
හැම සංසාරේම මේ ලෙස හමු වී මේ විදිහට වෙන් වෙන්න ඇතී

නැවතත් ඔබ එයි
අදටත් ඇති සෙනෙහේ තරමක් දන්නවද ඔයා

පද්දපං | Paddapan by DK ft. Pasan Liyanage, Lucky & Shan Putha

මෙහේ උන්නම් ගෑණු හින්දා හත්පලේ ගාගාන්නෑ, මොන සක්වලෙන් ආවත් අපිට නක්කලේ වාවාන්නෑ ඕයි…

අපිට නක්කලේ වාවාන්නෑ ඕයි
අපිට නක්කලේ වාවාන්නෑ ඕයි

Lets Go Putha
කප්පරකට පැතුදේවල්
සොක්කරලා ගැටගැහුවා…
Lock කරල හීන අපි
දොස්තරලා යට ගැහුවා…
Diss කරල අපරාදේ Miss කරලා කට වැහුවා…
ජැක් කරල සෙල්ලමේ වැඩදාපු අඩිකෝඩේ…

සද්දෙට දාගෙන සැප සිංදු
වොකි ටෝකි Conversation
අදහන්නේ දැඩිමුණ්ඩ
Rap තේරෙන්නෑ මළවුන්ට
ආලෝ නීලෝ , ඒලෝ මේලෝ
ඔන්න මෙන්න සිහි එන්න..
හෙට මැරුණත් ලිලි පුට්ටු සැප දාන ගිහියන්ට..

මොනාද අලුත් Updates…?
ගිහිල්ලා තියෙන්නෙ ක්ලච් ප්ලේට්

කාලද ඉන්නෙ මුත්තේ…?
ඔව් කාලා ආවෙ පුතේ….

හිරි ඇරල ගන්නයි ආවෙ පණගහලා..
Romba nalla සිංදු මේවා වටේ යවපං තුන ගහලා.. තුනගහලා… තුනගහල….!! තුනගහල….!!