රන් තරු පායන | Ran Tharu Payana by Keerthi Pasquel

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ
මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

කුඩා රුවල මැද තනිව සයුර මැද
ඈත අතීතය දෙස බැලු ඈ
කොහේ සිටන් කොයිබට මා යාවිද
මටනම් නැහැ වැටහෙන්නේ

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ
මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

පලා දෙපලුකර හදවත දේ නම්
කාට එකතු කල හැක්කේ
බලාගන්න සෙනෙහස තව ඔබටයි
මා හද තුල හැමවේලේ…

රන් තරු පායන අහස බලාගෙන
ඇයි ඔබ තව හිනැහෙන්නේ
මගෙ හද දිනු ආදරය සොරාගෙන
වෙනකෙ‍කු නොවැ අද එන්නේ
මිහිර සොයාගෙන මගෙ ජීවය ගැන
කඳුලැලි හා ලතවන්නේ
සමාවෙයන් සොඳුරියෙ තවමත් මා
අතමයි වරද තියෙන්නේ

නිල්වර්ණා | Nilwarnaa by Keshan Shashindra [2022]

සිදංගනා රුවක් කියා
මැණික ඇස් රැවටුනා
සරා සඳක් ඔයා
ඇසින් ඇස පැටලී මියුලැසි
සීගිරි රූ පරදනා
උන්මාදවේ මා
නිල්වර්ණා නිලැසියේ – නිල්නුවන් දෙව්මියේ

ලවන් සලා පෙමින් වෙලා
සෙමින් නුවන් පියා
සියුම් වදන් කියා
රැයේ නිල්පිනිපොදේ මදාරා
දිව්‍යාංගනා සැලමුතුයි
නුගිනුරාවේ මා
නිල්වර්ණා නිලැසියේ – නිල්නුවන් දෙව්මියේ

නුඹ පරිස්සම් කරමි මං
තුරුළෙ තියා නැලවිලි කියා
රතු කොපුල් සිඹින්නම්
නිල්වර්ණා නිලැසියේ – නිල්නුවන් දෙව්මියේ

written by Gihan Chamika

keshan shashindra,keshan song,keshan new song,gihan chamika lyrics,nimesh kulasinghe,derana viral clips,keshan new release,nimesh kulasinghe music,deweni inima keshan new song,kalpana kavindi,derana teledramas,sinhala songs,derana entertainment,derana programs,tharinda kasun jayawardana,deweni inima new song,avantha new song,awantha new song,dream stars,das tharaka heena,deweni inima song,daas tharaka heena,etunes music videos,trending

ඈතින් ඈතින් | Athin Athin Asena Nadaya by Nirosha Virajini

ඈතින් පා සළඹේ නැගි නාදේ
සුළඟේ මුසු වී රැව් දී ආවේ
ඕ ඕ ඕ ඕ ඕ

හැඟුම් බර දෑසට ලංවූ
මනාළිය මාද පැතූ
යුගෙන් යුග මේ සංසාරේ
සොයලා

නෑ නෑ

නෑ නෑ
මේ ඇසෙනා රස නාදය මාගේ
හදවත ගැහෙනා රාවය
නෑ නෑ
මේ ඇසෙනා රස නාදය මාගේ
හදවත ගැහෙනා රාවය මාගේ
මේ ගීත රාවේ අසා ඕ සොයලා
ආවාද සිත සරසා
ඕ සොයලා
ආවාද සිත සරසා

නෑ නෑ
මේ ඇසෙනා රස නාදය මාගේ
හදවත ගැහෙනා රාවය මාගේ
මේ ගීත රාවේ අසා ඕ සොයලා
ආවාද සිත සරසා
ඕ සොයලා
ආවාද සිත සරසා

සැඳෑවක ගං තෙරායිමේ
රැඳෙන්නට පෙම් පිළිසඳරේ
දයාබර ඔබ කවුරුන්දෝ ඕ සොයලා

ඈතින්

ඈතින් ඈතින් ඇසෙනා නාදය මාගේ
හදවත ගැහෙනා රාවය මාගේ
මේ ගීත රාවේ අසා ඕ සොයලා
ආවාද සිත සරසා
ඕ සොයලා
ආවාද සිත සරසා

ඔබගේ හදවත ගැහෙනා රාවය
රහසේ ඇසිලා කවුදෝ ආවේ
ඕ ඕ ඕ

ඔබගේ හදවත ගැහෙනා රාවය
රහසේ ඇසිලා කවුදෝ ආවේ
ඕ ඕ ඕ

හැඟුම් බර දෑසට ලංවූ
මනාළිය මාද පැතූ
යුගෙන් යුග මේ සංසාරේ
සොයලා

හැඟුම් බර දෑසට ලංවූ
මනාළිය මාද පැතූ
යුගෙන් යුග මේ සංසාරේ
සොයලා

ඈතින්

ඈතින් ඈතින් ඇසෙනා නාදය මාගේ
හදවත ගැහෙනා රාවය මාගේ
මේ ගීත රාවේ අසා ඕ සොයලා
ආවාද සිත සරසා
ඕ සොයලා
ආවාද සිත සරසා

ලංවී බැඳිලා ඔහුගේ දෑතේ
සැනසෙන් උණුසුම් වී රෑ සීතේ
ඕ ඕ ඕ

ආලවන්ත නෙත් | Alawantha Neth Wida by Dayasiri Jayasekara

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා
මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා

සඳකැන් හොරෙන් මුව තවරලා
මල් මල් ගවුමකින් ගත සරසලා
ඉඳිකඩ උඩින් තරුනෙත් වසා
මතකයි තවත් අපි හිනැහුණා
මතකයි …. තවත් ඔයා හිනැහුණා

සිහිලැල් සුළං රැල්ලක එතී
වනමල් උයන් හැරදා අප සිටී
මතකෙන් මකා අපි පෙම් කළ හැටී
මතකයි ඔයා මං හැරගිය හැටි
මතකයි …. තවත් ඔයා හිටි හැටි

ආලවන්ත නෙත් විදා මන්දහාස නංවනා
සඳකින්දරී සුන්දරී මුතු පලස මත දිදුලනා
මනබන්දනී නන්දනී මුතු පලස මත හිනැහෙනා

නාරී | Naaree by Chinthy [2013]

නීල දෙනුවන්
මතින් අඩවන්
යොමන කැලමට කුල්මත් වී
රඛ්ත දෙකපුල්
පිරුණු එයකුල්
හැගුම් පුබුදයි මා සිත් හී

නීල දෙනුවන්
මතින් අඩවන්
යොමන කැලමට කුල්මත් වී
රඛ්ත දෙකපුල්
පිරුණු එයකුල්
හැගුම් පුබුදයි මා සිත් හී

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

ප්‍රීතිමත් වී
දුක් තුරන් වී
කෙල්ලේ
ඔබ මා හා දැන් එක්වී
අලුත් ගීයක් දෝ
තනු අලුත් වී
විදිමු ගී මිහිර දැන් සතුටු වී

දැහැන් රද දුන්
දුටුව එලදුන්
වැවෙයි සුරගුන් දෙවිවන්හී
ලැමහසුන් වන්
ගමන මනරම්
ඉගියක් එක් කරවයි ප්‍රීතී

දැහැන් රද දුන්
දුටුව එලදුන්
වැවෙයි සුරගුන් දෙවිවන්හී
ලැමහසුන් වන්
ගමන මනරම්
ඉගියක් එක් කරවයි ප්‍රීතී

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

ගිනි රග දෙන ප්‍රියලාලී
සුමිරාගෙන් පිරි මිහිරාවී
ආශාවේ රූ රූ රානී
දෙනුවන් පිරි දෙව්නාරී

ගිනි රග දෙන ප්‍රියලාලී
සුමිරාගෙන් පිරි මිහිරාවී
ආශාවේ රූ රූ රානී
දෙනුවන් පිරි දෙව්නාරී

නීල දෙනුවන්
මතින් අඩවන්
යොමන කැලමට කුල්මත් වී
රඛ්ත දෙකපුල්
පිරුණු එයකුල්
හැගුම් පුබුදයි මා සිත් හී

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

සොදුරු ප්‍රියකරු
ගෝමර නාරි නුඹේ
රුව දැක සිත බැදුනා
රුවැති නාරි රුව
පිරි හැඩකාරි නුඹේ
රන් ප්‍රානේ මාගේ දිනා

ගිනි රග දෙන ප්‍රියලාලී
සුමිරාගෙන් පිරි මිහිරාවී
ආශාවේ රූ රූ රානී
දෙනුවන් පිරි දෙව්නාරී

ගිනි රග දෙන ප්‍රියලාලී
සුමිරාගෙන් පිරි මිහිරාවී
ආශාවේ රූ රූ රානී
දෙනුවන් පිරි දෙව්නාරී

Written by Antonio Fernando

එකම ගෑනි | Ekama Gaani by Costa ft. KK [2022]

අද නම් මාරම දවසක්
හොඳට පායන හවසක්
සූස්ථිය ගහගෙන කැටේ මං නැගලා යන්නේ මං car
එකේ ගමනක්
හම්බෙන්න ලස්සන අඟනක්
ගැළපුණත් නැතත් හඳහන්
අම්මේ මං ආසයි මේ කෙල්ලට
හම කලු සුදු කලවන්
තනි කලු මට අරහන්
තනි සුදුත් මට අරහන්
ලෙඩ හැදුණොත් නම් සමහන්
අනේ උඹේ මචං සමයන්
කබ්බ බන් යන්නේ බන් වක්කරලා ගැහුවොත්
කලු සුදු දෙක කලවන්
මුද්ද මං දාන්නේ උඹේ ඇඟිල්ලට බෙල්ලේ මං මාල දැන් තවරන්

අද නම් මාරම දවසක්
නැගිට්ට උදේම ගමනක්
එතුව සැරට පන්දමක්
බලන්ඩ යනවා අඟනක්
පිම්බල වන්ඩීයේ ගමට
යනවා ඇයව කැන්දාන
කිරිල්ලී මගම එනවා
හඳහන් නැතුව එනවා
KK තමා මගේ නම
පට්ට කළුයි මගේ හම
සල්ලි ඇත්තේ මගේ ළඟ
ගලවනවා ඒත් දත
ගලවනවා ඒත් දත කූඩූ කරන් මම ඇය
කූඩූ කරන් මම ඇය කරනවා මම සැර

උඹ කරාට සැර මම නම් කරන් නෑ සැර
දාලා මං හොඳට වැර පස්සෙන් තමයි බර
ඒ වුණාට බාන් බොල මේ වැඩේ මාර කැත
Call කරලා තියෙන්නේ මචං මන් එකම ගෑනී ගැන
ඇයි බං අපිට මෙහෙම වෙන්නේ
KK බං ඇයි මට ගෑනූ ඕනේ
මේ ගෑනී තියාගෙන අපි
සහයෝගෙන් අපි බං ගේම දෙන්නේ
මොකටද බං කෙල්ලො දෙකක්
තියාගමු අපි එකක්
හදමු අපි බං බබ්බු ගොඩක්
ගොඩ දාමු අපි රටක්

ගොඩ දාමු මචං රටක්
දෙමු තාරුණ්‍යට හෙටක්
සෙට්වෙල තුන් දෙනා වක්කරන් නැටුම් තෙල්
ගහමුද ඕමි අතක්
හාමිනේ කැමතිනම් දැන් කියන්නද මං රැපක්
Scene එක ගමම දැනගත්තොත් උන් ගනී හොඳ සැපක්
මිහිරිම කට හඬක් හොඳ උඩරට කන්දක්
හඳහන් ගැළපුණත් නැතත් මේක නන් පට්ටම වැඩක්
කොස්තා KK Set වුණොත් පිස්සුම හැදෙන සඳක්
එකම ගෑනී set කරගෙන hit කරමු අපි වැලක්

Share කරමු මේ මගුල මොකද කියන්නේ කොස්තා
යන විදියට කඩේන් නවත්තලා ගන්න වෙන්නේ මචං astra
ආසයි ඒ ලැම ගස්සන දිගැස් තියන ගමේ කෙල්ලට
රොන් ටික බොන්න බලන් ඉන්න මැස්සෝ වගේද මේ කැස්ස
Ill take you from සාලේ to කාමරේ
මහන්සි උනාම හාමිනේ
Tag team එක mad scene එක මොනා වුණත් මම ආදරෙයි
හදමු නේ අපි බබ්බු ගොඩක් ගමු නේද සුර සැපක්
මචං අද මාරම දවසක්

අද නම් මාරම දවසක්
හොඳට පායන හවසක්
සූස්ථිය ගහගෙන කැටේ මං නැගලා යන්නේ මං car
එකේ ගමනක්
හම්බෙන්න ලස්සන අඟනක්
ගැළපුණත් නැතත් හඳහන්
අම්මේ මං ආසයි මේ කෙල්ලට
හම කලු සුදු කලවන්
තනි කලු මට අරහන්
තනි සුදුත් මට අරහන්
ලෙඩ හැදුණොත් නම් සමහන්
අනේ උඹේ මචං සමයන්
කබ්බ බන් යන්නේ බන් වක්කරලා ගැහුවොත්
කලු සුදු දෙක කලවන්
මුද්ද මං දාන්නේ උඹේ ඇඟිල්ලට බෙල්ලේ මං මාල දැන් තවරන්

Written by Costa & KK

Ice by Costa ft. DKM [2022]

Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ

හිත වාවගන්න බෑ
යන්නෙ ම ඇදී ඇදී නුඹේ රුව මතක් වී eyy
කාමෙට තැන දී
අමතක වුනා මගේ කාලෙට දැන් එය ඉඩ මදි
පිණි බින්ඳුවක් සේ වැටී
දියවෙයි සෙනෙහස නැති
Ice ගැහුවා වගේ නුඹේ ආලෙට
මම වශී වී ඉන්නෙ නුඹේ රාගෙට
ගෙදර යන්න හිත නෑ මගේ ළග
හිත හොරකම් කර දැම්මා නුඹ සේප්පුවකට
හොර පාරට හිත හැදුනත්
දුක තියනවා පතුලේ හැමදාමත් eyy
දාලා යන්න හිත දෙන්නේ නෑ
ඒත් නුඹ ළග හැමදාම මට ඉන්න බෑ
ඉන්න බෑ
හිත ඉඩදෙන් නෑ

Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ

මගේ තනිකම මට තනියම විඳගන්නට බෑ
නුඹේ රුව වීදුරු කටු මත නැලවෙයි දැන් රෑ
අදුරට හුරු මම එළියක් සොයමින් රෑ
අද අන්තිම පාරට නුඹේ අත අල්ලයි රෑ
දැන දැන වරදින බව දනිමින්
රිදුම් කන්නේ හිත ඇන්න වගේ තුඩකින්
ආස වුණත් හිත මොලේ කිව්වේ තුක් නොදකින්
ඉන්ඩ බෑනේ හිත
පන්නන් යන්නේ සැප සොයමින්
පන්නන් යන්නේ සැප සොයමින්
පන්නන් පන්නන් යන්නේ සිත සැප සොයමින්
Ice වගේ මේවා ඇබ්බැහි වෙන සුළුයි
කෙල්ලේ මම නුඹ දැන් අත්හැරිය යුතුයි

Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ
Ice ගැහුවා වගේ නුඹේ ආලේ
දවස් දෙක තුන නිදි නැතිව ගෙවෙයි කාලේ
රිදවගන්න බෑ හිත ආයේ
මුලින් ආස වුණත් මම ගියේ හොර පාරේ

ආදරේ පාරා යාවිනම් | Adare Paraa Yawi Nam by Bachi Susan

ආදරේ පාරා යාවිනම්
රෑ පුරා කඳුලේ මා දවා
ජිවිතේ පෑරූ කාරනා
මා සිතේ ගැඹුරේ මා දරා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

ආදරේ රිදවා මේ තරම්
දුක ලැබී ගලනා වේදනා
මා දරා හිඳිනා කාරණා
ඔබෙ සුවේ පතමී සැමදා

සඳ හැඬුවා රෑ පුරා
හිත රිඳුනා රෑ දිවා
හිමි නොවුනා තනිවෙමි මා
එක් වෙනු බෑ යලි ඔබ හා

හඳ ගැබුරේ වේදනා
විඳගමි මා චෝදනා
හිමි නොවුනා තනිවෙමි මා
එක්වෙනු බෑ යළි ඔබ හා

නුබේ ආශා | Numbe Asha by Zany Inzane ft. Sam-P [2022]

අරගත්තා මම මාළුවෙක් ගොඩට දියෙන්
ගැහෙන්නෙ රාගෙන් මිස නෑ මරණ බියෙන්
කෙල්ලෙ ඔයා අඟවන්න මං තේරුම් ගන්නම් ඕනෙ දේවල්
කිසිදෙයක් කරන්න ඕනෙ නෑ හදිස්සියෙන්

හේතුවක් නෑ මට රණ්ඩු වෙන්න
පුළුන් වගෙ ඔයත් බලන් ඉන්නෙ පත්තු වෙන්න
ආදරෙන් මං පරාදයි මගෙම නඩුවෙන්ම
සායම් ඕනෙ නෑ සිපගන්න රතු වෙන්න
නොදැක ඈතින්, ගෙවෙන්නෙ හෝරා ඉන්න මං ගාවින් ඔයාටත් ඕනා
ආසම පාටින් කොහෙන්ද දෝලා
හිතමු රහසින් හිතන දේවල්

ආදරෙ විභහගෙ වැඩිම ලකුණු ඔයා
එක මලෙන් සෑහෙන්නෙ වෙන මලක නොයා
ආවා ගොඩක් දුර බලන් එකිනෙකා දිහා
අපි අතරෙ වෙච්ච දේවල් අතීතෙ අරන් ගියා

නුඹ තමයි මං ලගට ආවේ එදා නිවලා මගෙ අපායෙ ලාවා
අපි ලියන මේ කෙටිකතාවේ කිසිතැනක තිබුණෙ නැහැ බාධා
අපි බැඳුනා නොසන්සිසෙඳෙන කාමෙන්
තව නැහැ නිමාවෙලා නුඹෙ ආශා
ඔයා හැමදේම අඟවන්න දෑසින්
මම තේරුම් ගන්න දන්නවා ඒ භාශා

උපමා කරන්න බැහැ නුඹව කිසිදේකට
ඔයත් පුරුදු උනා මං වගේම ඕන දේකට
විරහවක් නෑ මේ ආදර කතාවෙ එක කඳුලු බිංදුවක් නෑ හොයන්න බෙහෙතකට

අද වෙනකං නෑ වෙනසක්
ඔයා පිරෙව්වෙ මං නොදැකපු හිඩැසක්
කලාතුරෙන් සමහර දාට සමානයි ගාසා මගෙ මුහුදට ඔයා එක වෙරළක්

ආදරෙ නවකතාවක් මගෙ වීරක්‍රියා හැමදාම බිහිසුනු අත්දැකීම්
මේ ජීවිතෙ හොඳම ගුරුවරයා වැරදීම්, ජීවිතෙ හොඳම තීරණ මැව්වෙ රැවටීම්

ආදරෙ වගේම රාගෙ එකම තරාදියෙ දෙපැත්ත
ඔයාම කියන්න මං සමාන කළෙ නැද්ද
දඬුවම් දෙන්නෙ මගෙ නීතිමාලාව අනුව
වෙනස් වෙන්නෙ වීණාව නෙවෙයි වයන තනුව

Written by Zany Inzane

පිහිතුඩෙන් ආදරේ ලිව්වේ | Pihithuden Adare Livve by Sanjeew L

මමයි උඹෙ ඇස්දෙකේ මේ හැටි විඩාබර දුක් කඳුලු මැව්වේ
උඹයි මම ඒ කඳුලු පිසලන මොහොතෙදිත් මට
එහෙම කිව්වේ
මගෙත් හිත මොනතරම් රිදුනද මගෙන් ඇයි ඒ ගැන නොහැව්වේ
උඹයි හදවත සියුම් තැන්වල පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය විරහ ගිනිමැද මමයි නිතරම උඹව හෙව්වේ
රිදෙන බව දැන දැනම අපමණ උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

දැවෙන චිතකය කඳුළු පිනිඉස මමයි ඇවිලෙන ගින්න නිව්වේ
මතකවල සුසුමන් දරාගෙන උඹයි හදවත සියුම් තැන්වල

පිහිතුඩෙන්
පිහිතුඩෙන් ආදරේ ලිව්වේ

Written by Dilshan Pathiratne