දැන දැනත් | Dana Danath by Thashmi Jayaweera [2013]

දැන දැනත් දුර ගියා යලි මෙ මං එමි කියා
නාවේ ඇයිදෝ ඔයා
දැන දැනත් දුර ගියා යලි මෙ මං එමි කියා
නාවේ ඇයිදෝ ඔයා
හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා
හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා

ඒ කාලේ මතකය මා හා ලං වෙලා
රිදවූවා ඇති තරම්
ඔබ නාවේ ඇයිදෝ ඒ බව දැන දැනත්
රිදවූවා මදිදෝ තවත්
හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා
හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා

මේ පාළු කතරේහි මා තනි වෙලා
හැඬුවා ඉකි ගසත් එය නෑසුනේ ඔබට පමණයි ඉතිං
නෑ මෙලොවේහි තව කෙනෙක්
මිරිඟුවක් වී මාව රවටලා
නොමරා මැරුවා මා ආදරෙන් ‍වෙලලා
හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා
හෙමි හිමින් මට ලං වීලා ඔබ ගියා සුළඟක් වීලා

Written by Thashmi Jayaweera

කාමාශි | Kaamashi by Rajith Senaratna ft. Smokio [2022]

මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත
සිල් සිඳලන බව හිත කිව්වා
හති මට හොඳටම නවතින හිතකට
මොන සෘංගාරෙද කලකිරුණා

කවුරුන්දෝ
කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා

කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා

මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත
සිල් සිඳලන බව හිත කිව්වා
හති මට හොඳටම නවතින හිතකට
මොන සෘංගාරෙද කලකිරුණා

දන්නෑ මට තේරුනාට
ඇත්තටම තේරුනාද
අහම්බෙකින් පාපෙන් මාව බේරුනාද
හිත තෘප්තිමත් ආස සියලු දේ උනාම
ඒ උනාට කලකිරෙනව ඇත්ත තේරුනාම

හැමදේම මායාවක්
කාමෙන් ඇලී මවාගත්
රාගී හිතේ තවමත් ගැටේ සරාගී චායාවන්
මා හා යහනේ දැවේ කෙල්ලන් තන්හා රතී රඟාවන්
පාවී මරඟ රැඟුම් මවමින් නෙක රටාවන්

කාමය දේදුන්නක් වගේ පාට පාට
කාලේ මැරුව මන් ඒ වෙද්දි ගාට ගාට
ඒ අද්දැකීම් හිතේ ඇත පාඩමක්ව
ස්ත්‍රියයි වියවුලට කාරණාව

ලොව මට හිනැහෙන බව හිත දැන ගෙන
මට මම පමණකි බව දැණුනා
කම්සුව විඳි මම හැම දෙය අතහැර
ලොව නිර්වානෙට දොර ඇරියා

කවුරුන්දෝ
කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා

කාමාශ්‍රීයෙන් සරා
රාගී හිත රවටලා
පරිනත වෙද්දී තමා
තේරුම් ගත්තේ මේ මා

මගෙ ළඟ තනියට අඩ සඳ නිරුවත
සිල් සිඳලන බව හිත කිව්වා
හති මට හොඳටම නවතින හිතකට
මොන සෘංගාරෙද කලකිරුණා

Written by Sudesh Attanayaka x Smokio

සීන් එක මේකයි බං | Seen Eka Mekai Ban by G TV [2022]

මල්ලි මම ගෝඨා
දාන්නෑ මම බාටා
ඩ්‍රයිවර් කෙනෙක් වගෙ
මම ලොරි වල ටාටා
යන්නැ මම ගාටා
කන්නෑ මාගරීටා
හැබැයි පොඩි වංගුවක් ගද්දි
මම ගියා රූටා

රෑට රූටා ගියේ බස් එකෙ මම ටාටා
පාට පාට ෆයිල් අස්සෙ දාලා තිබ්බ ඩේටා
සටපට ගාලා ඉස්සුවා කිව්වෙ නෑ මම වෙන කාටත්
අමතක වෙලා මම දාලා ඇවිත් කොටු ශෝටත්

බේර ගන්න මාව ඤාණා ගියා ගම කතර
බාර ගන්න බෑලු මාව මුසවෙනි මිතුර
නතර වුනෙ Rub’ al Khali ලඟ වැලි කතර
ආයෙ ගමට එන්නෙ නෑ කරන්න පිළිසඳර

කොහොමත් සීන් එක මේකයි බං
ජනාධිපති නම්, නාකියි
අපි කිව්වොත් ඕන්න පනහක් සීයක්
උනත් බස්සනව කාකි
බෑ කියල එකක් නෑ හැටපැන්නත්
පුළුවන් එකාට ඈකි
මේ රට හොද්දක් නං අපි තමයි
හොද්ද හැඳිඟාන කෝකි

ආන්ඩුවක් ගන්න වෙන්නෙ නෑ මේ කපේට
ආතල් ගන්නව සමහරු මගෙ ලපේට
තුනක් හොඳටම ඇති මගෙ වටේට
වැඩක් කල යුතුමයි මේ මුතු ඇටේට

සමහරු කියනව ජේ වී පී
බටයක් දාලා පී වී සී
උගන්නනවා ඒ බී සී
නිවුස්වලින් ආවත් මොකෝ බී බී සී

ජනපති කම නැද්ද මල්ලි මට උරුම
මොනවද මල්ලි මම පෙර කර කරුම
බයිසිකලේ සැපයි කියලා පදිනව බයියො තරුණ
කන්ද යද්දි චේන් පනින්නෝන එතකොට තමයි මරුම

කොහොමත් සීන් එක මේකයි බං
ජනාධිපති නම්, නාකියි
අපි කිව්වොත් ඕන්න පනහක් සීයක්
උනත් බස්සනව කාකි
බෑ කියල එකක් නෑ හැටපැන්නත්
පුළුවන් එකාට ඈකි
මේ රට හොද්දක් නං අපි තමයි
හොද්ද හැඳිඟාන කෝකි

ගෙදරක
හයදෙනෙක් ඉන්නවනම් දෙන්නෙකුට උයන්න ඕනෙ
ඇඟට හරියන්නත් එක්ක පයින් පාරෙ දුවන්නෝනෙ
කේස් එම ආවොතින් ක්ෂණික වෙඩි තියන්නෝනෙ
ඉදිරි සති අමාරුයි විශේෂයෙන්ම කියන්ටෝන

තාම
කොල්ලා වගේ කොන්ඩෙ මෙහෙම වෙලා තිබුනට සුදුම
අටවන ජනපතිම වෙච්ච එකයි මටත් පුදුම
ගොඩ ගන්න යනව තව මාස පහක් හයක් අඩුම
ඊට කලින් ආයෙ ඇවිස්සිලා ආවොත් තමයි බඩුම

දැන් තියෙන්නෙ අලුත් මාතෘකා මහබැංකු කැලේ
රජ මැදුරු වල ඉන්නව ආපු උන් ඉඳලා පැලේ
මුං කන්නගත්තම ඉවරයක් නෑ වැඩියි ඇඟේ තෙලේ
පොඩි උන්ට මොකට සැප ඔක්කොම උන්ට ඉහල පෙලේ

හැමෝටම සෙත් පතනව මගේ පියානන්ගෙ නාමෙන්
ප්‍රයෝජනයක් ගනිල්ලා උඹලා අදහන ඔය දහමෙන්
හොද්දක් රස වෙන්නට දාන්නෝනම තුන පහ මෙන්
රට හදන්නනම් මම එන්නෝන රාමෙන් රාමෙන්

තුන් පෝයටම සිල් අරගෙන පුංචි මම පේවේ
උසනම් කම්කරු මිටිනම් ආරක්ෂක සේවේ
කොච්චරකිව්වත් තාමත් මුංගෙ චන්ද පාවේ
මේපාරත් කෙලවුනොතින් මම යනවා නෝවේ

ෆුල්
හින්දුස්තාන් පොරක් මම උඹලා අදහන බැතියෙනන්
පොඩ්ඩක් ඉවසල ඉන්න මල්ලි රංජා එනවා සතියෙන්
එලවලා දැම්මා එකපාරක් හොරෙක් වගේ පිටියෙන්
රජකමේ ඉන්න ට්‍රයි එක යනගමනුත් හැරමිටියෙන්
මතක හැටියට මං ඇතුලෙ හිටියා
අවුරුදු එක හමාරක්
මූනට හම්බුනොත් වැටෙන්න ගහනව
දෙකේ දාලා වමත් පාරක්
බොරුනෙවෙයි ගෙයක් තියා ගෙදරකට
යන්න නෑ තාමත් පාරක්
උඹලා හරක්
කරගන්න එපා
මාව නරක්

මුං හැමදේම කරගන්නවා
පොඩි එකාව තම්බලා
ලොකු ඇඟ පත ඇතුලෙ හුලං
නෙවෙයි තියෙන්නෙ පුම්බලා
වැඩිය දඟලන්න ආවොත් ගෙනල්ලා
හන්දියේ පිටියට බංබලා
කුණුහර්ප කියලා බං බොලා
කවනව කරවල කුම්බලා

මල්ලි පත්තු කරපන්
නිවපු කංසා බාගෙ
දියවන්නාවෙ ඉන්න
ගොඩක් උන්ට අංස බාගෙ
පාර්ලිමේන්තු ඇවිත් ඉස්සර
වැඩ කරපු උන් ගං සබාවෙ
මං එන්න කලින් බඳීවිද
මල්ලි පියුමි හංසමාලි

කොහොමත් සීන් එක මේකයි බං
ජනාධිපති නම්, නාකියි
අපි කිව්වොත් ඕන්න පනහක් සීයක්
උනත් බස්සනව කාකි
බෑ කියල එකක් නෑ හැටපැන්නත්
පුළුවන් එකාට ඈකි
මේ රට හොද්දක් නං අපි තමයි
හොද්ද හැඳිඟාන කෝකි
බෑ කියල එකක් නෑ හැටපැන්නත්
පුළුවන් එකාට ඈකි
මේ රට හොද්දක් නං අපි තමයි
හොද්ද හැඳිඟාන කෝකි

Written by Dhanushka Wickramasinghe x Shan Putha

සයනට නාවේ | Sayanata Nawe by Isuru Deshan [2022]

කඳුලැල් සඟවා ඉන්නට හැකි නම්
දෙකොපුල් තෙමුනේ කොහොමද පවසන්
නිකැළැල් මාගේ ආලය විඳිමින්
හසරැල් නැං වූ ඔබ ඇයි තරහින්
වෙනදා තරම් මුව දෙන්නෑ අදත්
මට නුඹ මිසක් කවුරුත් නෑ තවත්

සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ

නිදි නේන කාරණා හිත ගාව ඈඳිලා
නුඹ කීව ගීතිකා සිහි වී ගියා
පෙර වාගෙ පෑ සිනා යළි ඒ ද පීදිලා
ඒ කාලේ ගෙන එන්න ආයෙත් සදා
නුඹෙ පහස නොලැබිලා දෙදිනක් ම ගත වුණා
යලි ඉන්නෙ නැති වේද පෙර මෙන් ඔයා
විරසකව තනිවෙලා ඉනු බැරිය හිනැහිලා
මා එක්ක සැනසෙන්න බෑ රළු වෙලා

සඳ කැන් වසා ලූ මේ රෑ යාමේ
නුඹ ඇයි කුමාරී සයටන නාවේ
තරු මල් පවා මට ඉඟි බිඟි පෑවේ
නුඹ ඇයි සඳේ මා ඉවත හෙලූයේ

Written by Lakshitha Mihiran

ඉලක්කය | Elakkaya by Senaka Batagoda [2022]

නාඩන් කැකුල
යලි යලි දැනෙනවා වැස්ස
ඉඩෝරයට හැමදාමත් නැහැ අහස

විසිරිලා
කෑලි කෑලී වලට
ගියා සෑම දෙයම
නොපිරෙනා සෙනෙහසේ සුවද
තියෙනවා දිගටම
හැම අතටම
ජීවත් වෙන
කාලය තුල අපිලිවෙලට

කාලය යන්නේ නැහැ
එය එකතැනම වගෙයි
දිගටම හිතනකොට
එහෙමත් දැනුනා වගේ

සැගවිලා කරපු හෑමදේම
එලියට එනකොල
සැගවිලා ඉන්න
තැන් හෙව්වට
පලක් තියෙනවද
පුදුමය මේ දිග
නොදැනෙන එක
ජීවිතයට

හදවත එලිය මිස
කිසිවක් ඕනෙ නැත
හිතකට ආදරය වාගේ
බැදිලා ඇත

අපි සිතාසිටිය ලෝකය
ලග ලගම දැනෙන කොට
විද දරාගන්න බැරි විදිහට
දිලිසෙයි හැමතැන
සාමය
සමගිය
ගෙනයයි ඉලක්කයට

Written by Senaka Batagoda

හාදු | Haadu by Shehan Kaushalya ft. Smokio [2022]

සින්න වූ එක හාදුවක්
තියන් හිටියා කල්පයක්
සසරේ හමුවෙමු තව දිනක්
යළිත් දෙන්නට හාදුවක්
සරා සඳ ඇති තව රැයක්
ලංව ඉන්නට මට දිනක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු

It’s your boy Smokio baby
Smoka, Smoka, Smoka, Smoka
ඒයි,ඒයි,ඒයි
හීන සිනමා හලේ දී හීන මැව් දිව්‍යාංගනාවි
රාත්‍රී කාල රාග ගින්නෙන් දැවුණු විලාසිතාවී
තීව්‍ර වී ඇසේවී තවමත් ඒ ගැයූ ගී රහසින්
ආදරෙන් තෙමන්න මා දෙතොල්
මැවුණේ මා නිසා නම්
මා නිසාමයි නේද දුන්නෙ ප්‍රේම හාදු
විශ්වාසයි නේද ආදරේ මං හිත පුරා ගෙනාපු
ස්වර්ණමාලියේ මකන්න දෙන්න ඔය පාළුව
ඔය තොල් හොයන්නේ තොල් දෙකක් තවත් වෙන්න යාළු
හීනයක්ම යැයි කියාලා පිළිගන්නෑ මේ හිත තාමත්
චිත්ත රූප සනසාවි මනස දෑස පියවාලා
හෘදෙහී ගලාවි ආදරේහි දිය දහරා
තෙමුනොත් ඒ දියෙන් ක්ෂේම භූමියක් වෙයි සහරා

නුරා නෙතු රැඳි මාවතේ
යලිත් ඒන්නට බැරි දුරක්
සිනාසෙන නෙතු හැමවෙලේ
නුඹව හෙව්වා හැම දිනක්
කඩා හැලෙනා තව හිතක්
රැගෙන යන්න ද මම දුරක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු

ආලවන්ත ප්‍රේම හාදු
ආයෙ යාළු වෙන්නෙ නෑ ලු
හීන ඇත්ත වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු
වෙන්න බෑ ලු

Written by Manuranga Wijesekara

මේ ඇස් දිහා බලන් | Me As Diha Balan by Shihan Mihiranga

මේ ඇස් දිහා බලන්
දැන්වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද… ම ඔබේද
අපි අපේද කියලා
දැන්වත් කියන්න මගේ රත්තරන්

පැහැදු නුවන් දල්වා
මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා
දෙහදක් ගොළුව උන්නා
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ…
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ…
දැන්වත් කියන්න මගේ රත්තරන්

කදුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනිකරවා
සිල් ගත්ත සිත නවතා
ඔබ දෑත වෙත ඇත පෑවා
ඔබේ සෙනෙහෙ මග
රැදුනේ ඇයි සංසාරයේ
මේ බවයේ මා වෙනුවෙන්
ඔබ මැවුවේ…
දැන්වත් කියන්න මගේ රත්තරන්

මතකයි හිත | Mathakayi Hitha Haduwa by Shihan Mihiranga

මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුණදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා
තුරුල් කරන් මගේ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කළ තරම්

හිතේ කොනක් හෙමිහිට හැඩුවා
තනිකම තනියට තනිමැකුවා
ඔබ එන මගබලලා හඩනා නෙතු සඟවා
මගේ හිත කොහිදෝ තනිවූවා

මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නවැතුනදා

සීතල මීදුම් මා සිත පොපියා
ඔය ගත උණුසුම මතකෙට නැගුවා
හීනෙට තුරුල් වෙලා ඔබේ ආදරේ පතා
සැනසෙන්නම් මා දිවි තිබෙන තුරා

මතකයි හිත හැඩුවා එදා
මගෙ හිත ඔබ ළඟ නැතිවුණදා
හීනෙන් ඇවිත් මට තුරුල් වෙලා
පැවසූ ආදරේ හීනයක් වුනා
තුරුල් කරන් මගේ ළඟට ඔයා
හිතට හොරෙන් ආදරෙයි කියා
අනේ මම ඔබට ආදරේ කළ තරම්

රොන් සුවඳ ගෙන | Ron Suwanda Gena by Shihan Mihiranga

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

මල් වයසේ නිදි නැති ඇස් පියන් යට
ආල හැඟුම් පිබිදෙයි උස් පැතුමකට
හිරිමල් සිතිවිලි කළඹා
රත්තරනේ ඔබ සිත තුල රහසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

මල් වරුසා වැගිරෙන මේ සිසිල යට
හීන ලොවේ දොරගුල් දැන් ඇරෙනවද
නිකැලැල් පැතුමක සැඟවී
රත්තරනේ ඔබ හිටි හැටි මනසේ

රොන් සුවඳ ගෙන මල් පියලි මත පාව යමු රෑනේ
ඇල් පවන් මත නිම්තෙරක් වෙත මන් බිඟුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරය එහි මල් මිටයි
ඉන්නවානම් මා ළඟින්
කොයිතරම් නම් සොදුරුද මිහිරේ

රැය පිබිදී | Raya Pibidi by Shihan Mihiranga

රැය පිබිදී තරුද දිලුනී
නිම් එලි ගණදුර සරසාවී
හිත කිමිදී සතුටු සයුරේ
සුවබර සිහිනයෙ දැවටේවී
යව්වනේ
යව්වනේ මල් හිනා දැල්වුනා
මේ තමයි ජීවිතේ
ලං වුනේ
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ

Six super six keep on moving
Six super six
The nights start to grooving
Come on come on come on
and join the party super six super six
lets keep on moving to the beat

මීදුමෙන් සඳ හෙමින් එබි එබී
දන්න ගීයක් කියා දේවී
සාදයේ සවු දියෙන් නැහැවෙවී
තුරුනු හිත් ලං වුනාවේ

රැය පිබිදී තරුද දිලුනී
නිම් එලි ගණදුර සරසාවී
හිත කිමිදී සතුටු සයුරේ
සුවබර සිහිනයෙ දැවටේවී
යව්වනේ
යව්වනේ මල් හිනා දැල්වුනා
මේ තමයි ජීවිතේ
ලං වුනේ
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ

Six super six keep on moving
Come on come on come on
and join the party super six super six
lets keep on moving to the beat

හද ගැබේ පොපියනා නව හැඟුම්
සීත පවනේ ගලා යාවී
යව්වනේ ඉස්තරම් කල්පනා
පිරුනු හිත් ලං කලාවේ

රැය පිබිදී තරුද දිලුනී
නිම් එලි ගණදුර සරසාවී
හිත කිමිදී සතුටු සයුරේ
සුවබර සිහිනයෙ දැවටේවී
යව්වනේ
යව්වනේ මල් හිනා දැල්වුනා
මේ තමයි ජීවිතේ
ලං වුනේ
ලං වුනේ ප්‍රීතියයි ගී සුරල් රැව් නැගේ

Six super six lets keep on moving
Six super six