රෑ තිස්සේ ඇවිල්ලා | Rae Thisse Awilla by Shihan Mihiranga

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

ආදරේ දැනුනා හිත සළු පුරා
ශෘංගාර හීනේ තියන්නට එපා

තනියෙන් ඉන්නට බෑ කෙතරම් දුරයිද ජීවිතේ
දමා යන්නටත් බෑ මෙතරම් සොඳුරුයිද ආදරේ
හිතා ගන්නටත් බෑ මටනම් ආදරේ දැනුනාදෝ
ජීවිතේ වින්දාදෝ මං ඔබව ඉම්බා මාගේ ජීවේ

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

ආදරේ කියන්නේ නෑ මෙතරම් දුප්පත් දෙබස මගේ
හීනය දකින්නේ නෑ මෙතරම අන්ධයි දෑස මගේ
නිහඩව ඉන්නෙත් නෑ මමනම් ආදරේ රල වගේ
ගලනවා ගඟ වගේ මං ඔබව ඉම්බා මාගේ ජීවේ

හිත අගුළුලා හිටිය හින්ඳා
ඔබ ඇවිත් දොර කවුළු බින්දා
මගේ ජීවිතේ ඔබම හින්දා
මසිත බැන්දා ඔබව ඉම්බා ..

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

රෑ තිස්සේ ඇවිල්ලා නුගී නුරා අවුළුවා
ඔබ ඇවිල්ලා හිත කොනිත්තා දැල්වුනා
පණ වගේ ලංවෙලා හද විලේ සැරිසරා
හිරිහැර කළා කරදර කළා මල්සරා

රැ සිහිනෙන් | Raa Sihinen by Shihan Mihiranga

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

මේ බැදුනු සෙනේ, කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා, කෙලෙස ද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවෙන්නේ

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

ඈ සනසවමින්, ගී වැල් ගයමි මෙමා
ඒ මිහිරි ලොවේ,සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

රැ සිහිනෙන්,ඔබ ලඟ මා සැනසෙනවා
මා සැබැහින්, ඔබ ගැන සිත ලතැවෙනවා

පුංචි කුමරියේ | Punchi Kumariye by Shihan Mihiranga

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

තනිවුනු මා ලග පිපේවිනම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවිනම් ආදරෙන්

කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ…

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සගවන්නේ, හගවන්නද ආදරේ

හිත හඩනා වෙලාවේ
නුඹ පමනක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ

ඔය රුව දුටු විට | Oya Ruwa Dutu Wita by Shihan Mihiranga

ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

මල් වල රොන් බී වන බඹරුන් පියඹන්නේ
මල් රොන් නැති නම් ආයෙත් නෑ උන් එන්නේ
ඔය මල ළඟ ඉඳ මේ බඹරා ලත වෙන්නේ
රොන් ගන්නට නොව මල සිඹින්න සිත දෙන්නේ

මට කියාගන්න බැරි ආදරයක හිත පැටලෙයි
හිත පුරා ඇඳි සිරි බැලු බැලු තැන ඔබව පෙනෙයි
හද පතුලේ ඇති පෙම දැන් ටික ටික ලියයයි
මට නිදාගන්න බැරි ඔබ මා ළඟ නැති හන්දයි

මට නෙලා ගන්න බැරි ඔය ලස්සන මල් පරදයි
හිත හදාගන්න බැරි ඔබ මට හිමි නැති හන්දයි
ඔය රුව දුටු විට හද කිතිකැවෙනවා සත්තයි
මටගොතා ගන්න බැරි පෙම් කවියේ මුල් පදයයි

ඔබේ සෙනෙහේ | Obe Senehe by Shihan Mihiranga

ඔබේ සෙනෙහේ දැවටෙමින්
නෙතු පියා එහි රැඳවෙමින්
කඳුළු පුරනා දෙනෙතු අභියස
සොඳුරු මතකය බොඳ වුණි

අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනිකලේ
මව්නි කිම හැර ගියේ

පායා එන සඳටත් වඩා
ඔබ මට උණුසුම වූවා

අම්මේ අම්මේ
අම්මේ අම්මේ
ඇයිද මා තනිකලේ
මව්නි කිම හැර ගියේ

නොඑන ගමන් ගොස්
ඔබ මා මේ ලොව තනිකලේ
කුරිරු ලෝකයට බිහි කළේ
කිමද මා මෙහි තනිකලේ
ආදරේ නැතිවද අම්මේ
පාලුයි දැන්
අත ඇති මල් මිට ගිලිහුණා
පිපි පැතුම් පොඩි වියැකුණා
මව්නි ඔබ මා හැර ගියා

ඔබද මා | Obada Ma by Shihan Mihiranga

ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා
ඔබට මා තවමත් ආදරෙයි

අද ඔබ මගේ සඳ සාවිය
ඔබට ආදරෙයි කී දවසේ
මතකයි ඔය ඇස් නැටුවා හොර රහසේ
මට ආදරෙයි කියා තොල් මත හාදුවක් තියා

ඔබද මා එපා කී ආදරේ
අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා
ඔබට මා තවමත් ආදරෙයි

අද ඔබ මගේ සඳ සාවිය වීලා
මගෙ වූ තොල් පෙති අද වෙනකෙකු හට දීලා

ඔබ කවුරුද | Oba Kawuruda by Shihan Mihiranga

හිත ළඟ දඟ කරමින් හීන ගෙනාවේ
මා හිත කිති කවමින් සෙනෙහස පෑවේ

ඔබ දෙව්දුවක්ද මට කියන්න
සුර ලොවින් වැඩියද කියන්න
මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ
මගේ හිත නලවන කළඹන ඔබ කවුරුදෝ
කවුරුදෝ

ඔය ඉන වට දැවටෙන සළුපට
වෙන්නට මට ආසයි
ඔය තොල්මත රැඳෙන්න බිඳුවක්
නවතින්නට ආසයි

ඔබ දෙව්දුවක්ද
හිත ළඟ දඟ කරමින්
ඔබ දෙව්දුවක්ද

මේ තරමට ආදරේ හිතෙන්න
මොනවද මට කිවේ
හොරෙන්ම හිත නුඹ ළඟ නැවතුනා
නෑ මටවත් දැනුනේ

ඔබ දෙව්දුවක්ද
හිත ළඟ දඟ කරමින්
ඔබ දෙව්දුවක්ද

ඔබ ගියා මා | Oba Giya Ma Sitha Handawa by Shihan Mihiranga

ඔබ ගියා මා සිත හඬවා
මා ලොවේ තනි කර දා
ඔබ දුකින් නොමිදුනු කිසිදා
මා ගියේ නෑ කිසිදා ඔබ හැරදා

පාළුවේ තනිවූදා මා ඔබේ සුවෙන් සැනසුවා
මගේ සඳේ ඔබ වියැකු දා මා හැරදා
තනිවුණා මා සිත හඬනවා
හැම කඳුලකින් පවා ඔබේ නම ඇසෙනවා

තනිවුණු හැමවේලේ මා නෙතු ඔබ ගැන විමසුවේ
මගේ නඟේ හැම භවයේම මා ඔබ පැතුවේ
තනිවුණා මා සිත හැඬේව්වා
මුළු ජිවිතෙන් ඔබේ සැනසුණු මා

ඔබ ගියා මා සිත හඬවා
මා ලොවේ තනි කර දා
ඔබ දුකින් නොමිදුනු කිසිදා
මා ගියේ නෑ කිසිදා ඔබ හැරදා

shihan mihiranga songs,shihan mihiranga new song,shihan mihiranga new songs,shihan mihiranga,ai napuru shihan mihiranga song,ai napuru shihan mihiranga,hada dauna shihan mihiranga,sinhala songs,best singhala songs,new sinhala song,new sinhala songs,sinhala new songs,sinhala songs 2023,ai napuru song,hitha hadana welawe,sinhala new songs mp3,new sinhala songs 2023,sinhala new songs 2023,sinhala sindu,sirasa super star songs,new songs

නෙතු කඩා හැලෙන | Nethu Kada Halena by Shihan Mihiranga

නෙතු කඩා හැලෙන තරුවක් වාගේ
මතකයි ඈ දෙව්ලියක් වගේ
තොල් මත පොපියන පිණිබිදු වාගේ
මතකයි මා හද නැටුවා රහසේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

මා නෙතින් නෙලා ගත් මල අද මා හද ලග විකසිත වෙන්නේ
ඒ උණුසුම් සුසුමන් අද මා හද කිති කවමින් හිනැහෙන්නේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

නිල් දෑස් අගින් මුතු කෝල වූ වදන් හිත ලග දැවටෙන්නේ
ඔය නෙත් කොනින් කීව රහසට මා හිත කොහිදෝ ගෙන යන්නේ
ඒ උණුහුමට ලංව සුසුමන් අයදින නෙතු අග දිලිසෙන්නේ
මට තුරුළු වුණා ඈ සිත හංගාගෙන ලොවට හොරා රහසේ
මනාලියක් වී ඈ
අද මා අසලින් ඉන්නේ

මිතුරෙකු වාගේ | Mithureku Wage by Shihan Mihiranga

මිතුරෙකු වාගේ ආදරේ
තවකෙකු දේදෝ සංසාරේ
ලංවෙලා හිත් හදනා
පැහැදිලි අහසින්
දළ රැළි සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා

හිතවත්කම් මුමුණලා
හද ගෙත්තම් කරගෙනා
වේදනා වැළදගෙනා
රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා
තාරුකා දිනාදෙන ගායනා

මනුසත්කම් බබළනා
සඳ වත්තම් කරගෙනා
චේතනා පැළදගෙනා
පැහැදිලි අහසින්
දළ රළු සයුරෙන් හෝ
කරදර වටලා සුවය දෙනා

හිතවත්කම් මුමුණලා
හද ගෙත්තම් කරගෙනා
වේදනා වැළදගෙනා
රකින්න වේ කඳුලින් ඒ ප්‍රර්ථනා
තාරුකා දිනාදෙන ගායනා

shihan mihiranga songs,shihan mihiranga new song,shihan mihiranga new songs,shihan mihiranga,ai napuru shihan mihiranga song,ai napuru shihan mihiranga,hada dauna shihan mihiranga,sinhala songs,best singhala songs,new sinhala song,new sinhala songs,sinhala new songs,sinhala songs 2023,ai napuru song,hitha hadana welawe,sinhala new songs mp3,new sinhala songs 2023,sinhala new songs 2023,sinhala sindu,sirasa super star songs,new songs