අතීත දිවියේ | Atheetha Diwiye by H.R.Jothipala

අතීත දිවියේ අනන්ත අඳුරේ විඩාව නිමවේ
මිලාන දෙනෙතේ වියෝග කඳුලේ සිනාව මතුවේ
උදාර මවගේ සෙනේහ දැඩිවී සිතේහි පුතුගේ
අසාර කතරේ තුෂාර සිසිලයි දයාව මවගේ

විනීත මවගේ පැතීම නොතකා
ගියාම දුකසේ හඩන්න වූයේ
තුසිත විමානේ අපාය වෙත මා
ගියාසේ කඳුලැලි හෙළන්න වූයේ
සමාව ඉල්ලා දෙපා වදින්නයි
රත්තරන් අම්මා බලන්න ආවේ

විනාසේ ගැලලූ ඔබේම පුතුනු
ලැබීම් පිටුපා දයාව අම්මේ
අගේට පැළඳූ ගෙල වට මාලේ
එදා සොරා ගෙන ගියානෙ අම්මේ
මගේම දැතින් පළඳවන්නයි
මෙදා මාලේ මා ගෙනාවේ අම්මේ
සමාව ඉල්ලා දෙපා වදින්නයි
සමාව දෙනු මැන පුතුහට අම්මේ

ඈත දිලිසෙන | Aatha Dilisena by H.R.Jothipala

හෝ……….හෝ…….

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

ලා තන නිල්ලේ, පිනි කඳුලැල්ලේ
මා ඔබ දුටු ඒ ප්‍රේම ලෝකේ
දෑස දෑසක් සොයා තනිවූ දිනේදී

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

(මදු සඳ රැල්ලේ සතුටු සඳැල්ලේ
වාසනාවේ, අමිල උදාවේ
සීත සුළගේ වෙලී මතු හමුවුනාවේ

ඈත දිලිසෙන හිරු සඳු රන් තරු
රහසේ කීවා මට ඔබ ගැන තොරතුරු
මගෙ නෙත් යුග මතු පිය වෙන තුරු
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි
ආදරෙයි මා ආදරෙයි

සූස්තිමත් දවස් | Susthimath Dawas by K Mac x Smokio x Reezy

ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්

සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්

දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්

සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
කලු සුදු හීන වලට වයිවාරන ආවත්
අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්

අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්

එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
කැපුවෙ නැ මන් කාටවත් වලවල්
කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්

හරි වෙලාවට මල් පවන
ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න

කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ

ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්

සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්

දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්

කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ

නෑ ශෝකෙන් | Na Shoken by K80 x Shan Putha x Prasa KG

අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
නන නානා නානා නා

ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට
දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට
වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට
කොල්ලො, ට්‍රැක් එක අතේ මගේ තුරුම්පු හාරත

ඕනෙ හොයන්න ඩොලර්ස් මිටි සාක්කු වෙන්න තර
අස්වද්දන්නේ රැප මගේ වචන සොරබොර
අත් උස්සන්න උඩට! කෝ රැප් අහන පරපුර
දෙපා අභියසට ගෙනාවා අපි සුරපුර

අරන් ආවේ මේ සින්දු තාලෙන් උඹලා ආස
ඇහුවොතින් නිට්ටාවට නිවාරණයි දෝස
හලාවත PKG භවන කරන් වාස
සුසංයෝගය සිදු වුණි SPMP + අ.හ.ස.

පාසා මොහොතක් ඔළුවෙ ඉපදෙන්නේ වචන සරු
ආදරෙ කරමි රැපට තියෙන තුරු හිරු සඳු
පන්නර පොවපු වදන් කටට නෑ කීකරු
K80 තමයි මේ බ්ලාස්ට් එකේ මහ මොළකරු

වරක් ඇසුවන් සිතින් මන ලොල් වෙනවා
වරම් ඇත්තො අපි සක්වල හොල්ලනවා
චීස් වගේ උඹලගෙ ට්‍රැක්ස් තේරෙද්දි දොදොල්
Bless එකක් කරගනිං සෙල්ලම නැත්තං වදින්නේ ගඩොල්

හැබෑවෙයි, හීනේ වෙනුවෙන් නිදි වරපිය
මියැදෙන්න පෙර මලක් පැඩ්ල් කරලා ම බලපිය
Complete! , තුන මේ බූස්ටර් ඩෝස් එක
ගුණදොස්, කියන්න කෙළින් ගලවලා මාස්ක් එක

එක් පේළියක් මිල කරන්නෙ ගාණෙ half lakhs
සැණකෙළියක් කොල්ලො කෙල්ලො අහන්නේ අපේ ට්‍රැක්ස්
තාලෙට පැද්දෙමු නානන නානා
K80, Prasa Kg එක්ක මාගම්පුර ශානා

අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ..
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
නන නානා නානා නා

(මාගම්පුර)
ගෙන හැර පාමි මෙසේ උණුසුම් පුවත් මං
පෙරහැර යාවි දසඅතේ පුවක් මල්
හෙණ දුරක් බං, ගෙවලා ආවේ මං මේ
පුරුද්දට වඩා ලොකුයි අපෙ උන්ට ජන්මේ

කල් බලා සුබ මොහොතක
ඔන්න ආයෙ රැප ගෙනාවා බොලාගේ දෝතට
මම ගමේ ඩොල්කි පලපු වාදක
රැප දීලා රටේ උන්ට කෑවා වගේ මෝදක

ඉන්නෙ ෆුල් ජෙන්ටා බොන්නෙ වෙල් පැන්ටා
දණ ගාගෙන ගෙට ආවොත් ලෙප්ට් වෙනවා දණිස්ස
මුලින් අපි රැප් කරේ අපිට ආතල් පිණිස
දැන් ඒම බෑ! ගේම ඉල්ලනෝ ප්‍රේක්ෂක පිරිස

කාලෙකින් ආයෙ කුණාටු ගිගුරුම් එක්ක ටොනාඩෝ
ළපටි බාර්ස් ඔයාගෙ දැකලා මට හිනාඩෝ
කුණු නැ හිත්වල අපෙ සල්ලි නැ පොත්වල අපෙ
අඬල පසුතැවිලා මොකට හත්වලාමේ

එළිපෙහෙළි කරල මාවත
උස්සා දුන්නා රැප අපි මුලසුන ගාවට
ඒ ඇහෙන්නත් එක්ක හඳේ හාවට (මාගම්පුර)
මයෙ පුතා සද්දෙ වැඩි කරමු ළාවට

රටේ ලෝකෙට පම්පෝරි ලක්සෙට කොඩි දාන
කරපු ලව් ඉවර වුණෙ බූටෙන්
පාර හිටින්න ඉරට්ටෙන්
ගහන්නෝන ලව් කරාට පරංගියා ගියා වගෙ කෝට්ටේ

(ඒයි..)
අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
නන නානා නානා නා

(හරි)
(කිලෝවලින් රැප් Prasa Kg)
(Kilo Gang)
(අහසෙ දෙවියො නැ)
(කරාත්වයෙන් දෙන්නෙ වේදනාව)

දැන් එක පාර මේ වදන් වැටුණු ගමන් overdose යයි අහපං පරිස්සමෙන්!
ක්ෂණික හදවත් උස්සලා ඇති තේරෙද්දි ම ආතල් වදනෙයි එළිසමෙයි
කිලෝ රසිකයෝ, පිණිස මේ වචන යුද්ධයේ ස්පාර්ටකස් පිරිස මේ
අඩෝ දුකේ ද? දුක දාපං අධෝ මුඛේට කණිසමෙන්!

දැන් මල් සමේ මං මල් පාරේ මනෝපාර දාගෙන කරේ මහ පාරෙන් මනෝ විද්‍යාව පිළිවෙලට
Juicy Jයි මායි එක වගේ අපි ආස ම ලංකාවෙ නිල්-කහ-රතු ගල්වලට
Wiz K.යි මායි එක මතේ අපි අහසෙ ම දැන් පාවෙන්නෙ රහ සතු මල්වලට
උඹෙ ටෝක් හොඳයි තාලෙ නැති බයිලවලට
මේ වදන් එක පාරින් ම සෛලවලට!

කොල්ලො මං නැති රැප් ගේම දැකල කිව්වා
ඒ මේ නිමෙනවා!
කිලෝ ෆන් ඇති තරං අරන් එනවා දැකලා
එමිනෙම් එනවා!!

අ.හ.සෙ.න් කලා රසේ වලා අස්සෙන් එන්නේ
වත තියෙද්දි සේරම ළං වෙන්නේ
ළං වෙන තරමට තව දුර වෙන්නේ
හිතුණොත් උඹෙ සේරම මං දන් දෙන්නේ (පඃ පඃ)
ශෝකෙන් නෙමේ සැපේ අපි අහසෙ ම ඉන්නේ!

(ඒයි..)
අපි නෑ, අපි නෑ ශෝකෙන් ඉන්නේ
ලල ලාලා ලාලා ලා
වෙනසක් නෑ පෙන්නන්නේ
නෑ මං නං නෑ නාහෙන් අඬන්නේ
හිතුණොත් ක්ෂෙණි ව උස්සන්නේ
නන නානා නානා නා
හිතුණොත් සේරම දන් දෙන්නේ
නන නානා නානා නා

ජීවිතේ අපි නානාවිධ එවුන් ආශ්‍රේ කරා මචං ගාණට
දොරේ ද පඩේ ද සද්දෙ කියලා නිගමනේට එන්නෑ එක පාරට
වෙඩි කාලා පණ ගියත් පාවලා දුන්නෑ ඉතිහාසෙත් කස පාරට
කොල්ලො, ට්‍රැක් එක අතේ මගේ තුරුම්පු හාරත

ආශාවේ ආශාවේ පායා | Ashawe Ashawe Paya by H.R.Jothipala

හෝ හෝ හෝ හෝ හෝ
ආශාවේ ආශාවේ පායා
රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ සිත
මී පැණි දේ මට තව ලංවෙලා
මේ යාමේ හෝ හෝ හෝ

හෝ හෝ හෝ හෝ හෝ
ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත තව ලං වෙලා
මේ යාමේ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ

මා ඔබ හා අද යාලු වෙලා
ඒ සතුටේ සිත මෝදු වෙලා
මා සනසාලා මා සතපාලා
වෑහීලා අද ආරාධනා

සීගිරියේ බිතු රූ විලසේ
මා මිතුරේ අපි යාලු වෙලා
ජීවිතයේදී මේ භවයේ දී
පෑහීලා අපි ප්‍රේමේ රසේ

සඳ පාන ලෙස දැනේ
හිරු තාප මිහිතලේ
ඇති දාට හිතට ආදර සරණා
හෝ හෝ හෝ
හෝ හෝ හෝ

හෝ හෝ හෝ හෝ හෝ
ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත තව ලං වෙලා
මේ යාමේ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ

ජීවිතයේ රස හා දැනුනේ
ආදරයේ මුව ගෑ කොතැනේ
සාගරයේ දී යාවෙමු පෑහී
ආසාවේ අපි ආදරයේ

ලෝකය මේ සැදුනේ තැනුනේ
ප්‍රේම දයා සෙනෙහේ මතිනේ
යාලුවනේ මේ මා හද යාවූ
ආසාවේ මන ආදරයේ

ඇති දාට පෙම්ලොවේ
කුලභේද ලෝකයේ
හිටු වුවේ කොහෙද නෑ කිසි සරනා

හෝ හෝ හෝ හෝ හෝ
ආසාවේ ආසාවේ පායා
රෑ සිහින මායාවේ සේයා
දෑසේ සිනා හද සීතල මේ සිත
මී පැණි දේ මට තව ලංවෙලා
මේ යාමේ හෝ හෝ හෝ

හෝ හෝ හෝ හෝ හෝ
ආශාවේ ආශාවේ පායා
පා වේවී පා වේවී සේයා
ප්‍රේමේ අමා රස වෑහෙන මීවිත
මා දෙතොලේ ඇත තව ලං වෙලා
මේ යාමේ හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ

අපි දෙන්නා | Api Denna by H.R.Jothipala

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා

වැලි අහුර කන්දක් කියාලා
දිය බිඳුන ගඟකැයි සිතාලා
මල් අත්තේ කටුවක් සොයාලා
ලතවෙන්න සිදුවෙයි කිපීලා

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා

සඳ මඬලේ සා ලපය ඇතිදෝ
මද දිගට සම සමව ඇතිදෝ
මෙය ඔබට තෝරන්න බැරිදෝ
අප දෙන්නා මැද ඉන්නේ කවුදෝ

අපි දෙන්නා පොකුණයි පියුමයි විලසින් උන්නේ
ඔබ පමණයි අප උන් සුවතැන් රසතැන් දන්නේ
ඔබගේ සිත මා නැත හඳුනන්නේ
වරදක් නැතුවයි පිටුපා යන්නේ
තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි
සුභ සැන්දෑවක් වේවා

කාකි වහළුනි | Kaki Wahaluni by Sadara Bandara [2022]

කපා ඇති බැව් දැන දැනත් උන්
පරපුරක ඉගිළෙන තටූ
තරු හිඟා කන කාකි වහළුනි
රසද එතරම් මස් කටූ

රසද එතරම්, රසද එතරම්, රසද එතරම් මස් කටූ
තරු හිඟා කන කාකි වහළුනි රසද එතරම් මස් කටූ

හිතට එකඟව හැකිද කියපන් රකින්නට තව රජ පුටූ
කාකි වහළුනි කාකි වහළුනි රසද එතරම් මස්කටු

කෙළෙසනා’යුරු දැක දැකත් උන්
නීතියේ දෙවඟන ගරූ
පපුව මැද්දට කුමට වහළුනි
රතු ලෙයින් නෑවුනු තරූ

රතු ලෙයින්, රතු ලෙයින්, රතු ලෙයින් නෑවුනු තරූ
පපුව මැද්දට කුමට වහළුනි රතු ලෙයින් නෑවුනු තරූ

හොරුන් අභියස නමන්නේ තොපි යුක්තියට නොනැමෙන කොඳු
කාකි වහළුනි කාකි වහළුනි රසද එතරම් මස්කටු

අපේ ජීවිත | Ape Jiwithe by H.R.Jothipala

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ

රෑට කෑවාම පිටවීලා මුහුදේ ගොසින්
ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්
ලෝකෙ මුහුදයි අපේ මාළු බෑමයි සැපේ
අපි ලබා උපන් හැටී

අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ
ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ

ඈත ළඟ පාත දැළ දාල බිලිබානවා
ඒව විකුණා මුදල් ගන්න අපි ගේනවා
කන්නෙ මාළුයි බතුයි
ඉන්නෙ වෙරළේ පැලෙයි
අපි ලබා උපන් හැටී

ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ

ඔරු පාරුවලයි රෑ එළි වෙන්නේ
කරුමේ නේ මල්ලියේ
අපේ ජීවිත මේ මහ සාගරේ
ගෙවිලා යනවා අයියේ

අප රට සුරකින | Apa Rata Surakina by H.R.Jothipala

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ

කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ

අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන ‍රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
සුවසෙත සම්පත සැළසේවා

අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ

කුළුණින් දිවනෙත්
දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ

අඬන්නේපා සුදු මැණිකේ | Adannepa Sudu Manike by H.R.Jothipala

අඬන්නේපා සුදු මැණිකේ
මා ඔබ ළඟමයි ඉන්නේ
අඩන්නෙපා සුදු මැණිකේ
මා නැත ඔබ හැර යන්නේ

රෑ දාවල් යයි ගෙවිලා
මම ඉමි ඔබ වෙත රැදිලා
මධු රස බසකින් නළවා
මම ඉමි පාළුව පලවා

අදමෙන් හෙට සනසන්නම්
මිහිරෙන් මිහිර පොවන්නම්
සැප සම්පත් ගෙන දෙන්නම්
ඔබ සුබ සිහින සැබෑ කරවන්නම්

මල් යහනක සතපන්නෙම්
මල් පැණි පෙරලා දෙන්නම්
මුතුවැල් ගෙළ පළඳන්නම්
රන් විමනක රඳවන්නම්

hr jothipala songs,h r jothipala,hr jothipala best songs,jothipala song,hr jothipala cover songs,hr jothipala nonstop,jothipala songs,hr jothipala popular songs,hr jothipala songs karaoke,hr jothipala original songs,hr jothipala,jothipala best song,jothipala best songs,jothipala,jothipala song nonstop,jothipala top song nonstop,jothipala original song,jothi songs,jothipala song collection,jothipala dj,jothipala mp3,sinhala songs,jothipala dj nonstop