සදනාරි | Sandanari by JTSP Boy [2021]

සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලි
වාරයක් නෑර නුබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
උබෙ දෙතොල් වලින් හැගුම් පුබුදුදාවි

සදනාරියක් වෙයි නුඹයි මගේ මනාලි
වාරයක් නෑර නුබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
උබෙ දෙතොල් වලින් හැගුම් පුබුදුදාවි

පටන් ගත්ත තැන හිතාගන්න බෑ මට
ලස්සන ආදරේ කියවනකොට ඔය කට
නෑ දුකක් දෙන්නෙ කවදාවත් ඔයහිතටම යමු අපි අත අල්ලන් දුරටම
මත් වෙන්න නුබ දුන්න එදා හාදුව
උඹ ලග ඉන්නකොට දැනුනෙ නෑනෙ කෙල්ලෙ පාලුව
මතක නෑ බොද උන අපේ පාවුන
තනියක් නෑ හැමදාමත් නුඹ මගෙ ලග
ඒයි
මතකද එදා නුබ දුන්න ආදරෙ ඇමතුම ලස්සන මතක පිටුම ලියවුන දවසම
නුබෙ ඇස් දෙක පිරුන ඒ මායම
වශී කර ගත්තෙ කෙල්ලෙ උබෙ ඔය කතාවම
ශව්ඩි …වෙන කව්රුත් නෑ නුබ විතරයි හිත තුල
සිපගෙන කියවන ලස්සන ඔය තොල
හැමදේම අමතක වෙලා යන්නෙ උබ ලග පර වෙන්න දෙන්නෙ නෑනෙ උබ තමයි මගෙ මල

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

නුබත් එක්ක ආස වාසෙ හොර රහසේ
දහසක සුවය මැද දෙතොල මැද පහසේ
ඉගිලිලා යන්න යමුද දුර අහසේ
දැවටිලා නුබට කරන්නම් මම ආලෙ

හිත මතින් තෙත් වෙලා උබේ රූපෙට
හදෙ එලි නිවමු තිත තියලා ශෝකෙට
පැතුමක් පැතුවා දකින්න හැම ආත්මෙම
ප්‍රේමයක් ඇතිව නුබෙන් මේ වාගෙම

කාමයෙන් වෙලෙමු මදි නොකර ආලේ
රාගයක් මවමු අඩු නොකර තාලේ
වාරයක් මදිනම් ගෙවමු තව කාලේ
අවසානේ සුසාන්තයක් වේ මේ කතාවේ

කාලය ගෙවති කාමයෙන් නිමා වෙති
නුබෙ රූප හිත ඇතුලෙ සිනා සිසී
මගේ වෘතාන්තෙ මෙය මටම මායාවකි
හිත ගියේ නුබටයි පරදයි පද්මාවති

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

සදනාරියක් වෙයි නුබයි මගෙ මනාල
වාරයක් නෑර නිබෙ සුව පතාවි
ආදරෙන් දැවටි දෙනෙත් අනුරාගි
නුබෙ දෙතොල් වලින් හැගුම් පුබුදාවි

සළඹ සලා | Salaba Sala by Tashni Perera [2022]

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා

බඳ නලවා නේ – ඇස්වහ නෑනේ
තාලෙට පාද තබා
රැඟුම් පපා සල්සා නටන්නේ
රැඟුමට මාගේ – මොණරිය වාගේ
බලනවා ඔයා දිහා
නටා ගයා මගේ පරානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇස් ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා

සළඹ සලා ලෙලෙනා තෝඩු දමා
යනවා ඔමරි පපා සොලවා උකුල මෙමා
හාදවෙලා කියනා කෝල කතා
දැනුනා හිතට හොරා දෙනවා ප්‍රේමෙ පුදා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පවා
මාගෙ හෘදේ පුරා – ඇන්දු සිත්තම් ඔයා
රඟන රැඟුමන් පුරා

මධුවිත පානේ – පදමට නෑවේ
ප්‍රේමය තලා පෙලා
එහා මෙහා ගියා කියානේ
කැරකෙන ලෝකේ – අරුමය වාගේ
එනවා හිනා වෙලා
කොලේ වසා වශී වෙලානේ
මධු පෝනේ තෙමිලා
දිලෙනා තරු ඇහැ ගැටිලා
මත් වී ඇලිලා ගැලිලා

සළඹ සලා
මාගෙ හෘදේ පුරා
සළඹ සලා

නාමල් මිටක් | Na Mal Mitak by Costa ft. Randhir Witana [2022]

නාමල් මිටක් සුදු දෝතින් අරන්
හිරීම උදේ ඈ කොයිදා ගියේ
දිව සළු ඇදන් මහා පොළොවට
උඩින් පියමං කලේ සුර අඟනක් වගේ

සුර සුර අඟනක් වෙන්නේ නුඹ පමණක්
වත්ත වටේ ගිහින් වෙන්න එපා දෙවඟනක්
කෙල්ලො පස්සේ කවදාවත් දැම්මේ නෑනේ
උනේ නෑනේ මං හරක් රටට උනේ නෑ බරක්
පන්න පන්න එන්නේ කරුම පස්සේ නෑනේ අන් දෙකක්
ඇන්ද මගේ පළමු චිත්‍රෙ ටීච බැන්නා තන් දෙකක්
නිවන තමා හොයන්නෙ මං ජීවිතේම දුක් කදක්
අම්මා මගේ රත්තරන් තාත්තා මට සම්පතක්

නාමල් මිටක් සුදු දෝතින් අරන්
ඉර බැස යන සැන්දෑවක මම ආවේ බාරගන්න මුළු ජීවිතේම
පස්සෙ තමා ගම්මු කිව්වේ උබ ගැන
රතු කෙක් ගාන් නුඹ මුළු මූණ වටේම
මුල නම කියලා අග නම කිව්වම කොල්ලො
කව්රුත් කිව්වේ තැඹිලි නෙවේ ඒවා මොර පොලු
කොල්ලො ගැන රැව් දෙයි ලොව වටේ ම
අල්ලා ගනින් කොස්සයි බාටයි නලාව කටේම
බෙල්ල ගහලා ගියත් කෙලින් නේ මගේ කද
බෙල්ල නෙවේ ආස මම ආස නුඹේ කද
මෙකාප් වලින් දාලා වගේ නුඹේ මූණ හද
ආවා මගේ හද මම දැම්මා බොල ලප
ආතල් නම් මං ආසයි සිරස් වෙන්නෑ බාන් චෝක
පොලින් දාපු කෙල්ලො උඩ මැස්සෝ වහයි කෝක
කලින් මාසේ නම් ඕක දාපු මාසේ ඔබ
කාපු බනිස් වගේ සෝස් ගොඩක් දැම්මොත් ගොඩ

අරන් වරෙන් මිටක් නා මල් උදුළු ගෑවේ
උඹේ කද ගාව මම හොද වල් කෙල්ලො
බෝමයි මාර පල් වනිස් වෙන්නේ සුදු ගල්
හවස ජොයින්ට් එකයි මැදින් මාර දල්
පාවී පාවී ඉන්න මේවා ආතල් මාර
බොරලු ගොඩේ මගේ බෙන්ස් යන්නේ දැම්මොත් තාර
අපේ සුස්ථි ඉරටු නෙමේ ගස් තඩි මාර මේවා
කේස් උනා පස්සේ තියන කෙල්ලො තාර පාර
කාලා බාන් විටක් කොල්ලා ඉන්න ආස සැපේ
වැල්ලේ බන් ක්‍රිකට් නෑ පොලු ගැලවුනේ
අව්වේ බන් රිලව් මේ කළු හම මගේ
Whts your beuty secret කොහොමද කලු උනේ
ක්‍රීම් ගෑව නෑ අපි පේසල් දැම්මේ නෑ
පේස් ක්‍රීම් නයිට් ත්‍රිපිං අපිට ඕවා නෑ
වතුර ගන්නේ කරාමෙකින් සබන් කැටේ නෑ
ඇතිල්ලුවත් ලෙලි යනකම් කලු නම් යන්නේ නෑ

සුර සුර අඟනක් වෙන්නේ නුඹ පමණක්
වත්ත වටේ ගිහින් වෙන්න එපා දෙවඟනක්
කෙල්ලො පස්සේ කවදාවත් දැම්මේ නෑනේ
උනේ නෑනේ මං හරක් රටට උනේ නෑ බරක්
පන්න පන්න එන්නේ කරුම පස්සේ නෑනේ අන් දෙකක්
ඇන්ද මගේ පළමු චිත්‍රෙ ටීච බැන්නා තන් දෙකක්
නිවන තමා හොයන්නෙ මං ජීවිතේම දුක් කදක්
අම්මා මගේ රත්තරන් තාත්තා මට සම්පතක්

නාමල් මිටක් සුදු දෝතින් අරන්
හිරීම උදේ ඈ කොයිදා ගියේ
දිව සළු ඇදන් මහා පොළොවට
උඩින් පියමං කලේ සුර අඟනක් වගේ
නාමල් මිටක් සුදු

මාලිනි | Malini by Costa ft. Stephanie Sansoni [2022]

නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න මම තමයි ගාමිනි
සිතුවිලි යා වුනි
නුබේ රූපේයි හැදියාවයි දෙකෙන් හිත මගේ සෑදුනි
බලන්න සඳ මාලිනි
කියන්න නුබ තමයි මගේ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි
මාලනි නුබයි මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න තමයි

බොඳවී යන මීදුම
හිත පාරන නුබ රුව රූප කාය මනරම්
වගේ සීගිරි බිතුසිතුවම්
ඔබේ රූප කාය මනරම්
මා නුබ ගැන සිතමින් මම කවිපද
ලීවේ රාත්‍රී කාලයේ මා
ඔව් රාත්‍රී කාලයේ මා

නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න මම තමයි ගාමිනි
දුමෙන් අපි පාවුනි
මාලනි නුබයි මම හැඩකාර ගාමිනි
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න මම තමයි ගාමිනි
සිතුවිලි යා වුනි
නුබේ රූපේයි හැදියාවයි දෙකෙන් හිත මගේ සෑදුනි
බලන්න සඳ මාලිනි
කියන්න නුබ තමයි මගේ ස්වාමිනි
දුමෙන් අපි පාවුනි
මාලනි නුබයි මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
මම හැඩකාර ගාමිනි
නුබ උනොත් මාලිනි
නුබේ අත ගන්න තමයි
නුබේ හැඩකාර ගාමිනි

නුබ කඩවසම් බොදු ගොවිකුලේ ඇද නුබ සරම්
මම කල් අරන් බඩුමුට්ටුත් කෑමට වලං
නුබ උනොත් ගාමිනි
නුබේ අත ගන්න මම තමයි මාලිනි
සිතුවිලි යා වුනි
නුබේ කඩවසම් හින්දා සිත කිති කෑවුනි
බලන්න සඳ ගාමිනි
නුබ සැමදා සඳ මගේ ස්වාමිනි දෑවදි බාර දී
මාලනි මමයි නුබේ හැඩකාර ස්වාමිනි
හැඩකාර ස්වාමිනි
නුබේ හැඩකාර ස්වාමිනි
මාලනි මමයි නුබේ හැඩකාර ස්වාමිනි

ඇහෙනව නම් | Ahenawa Nam by H.R.Jothipala

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ
පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

පතන පැතුම් සුළඟට මුසුවේ
මියුරු වදන් කඳුලේ ගොළුවේ
සතුට උපන් හැම දින වැළලේ
කුමන නැටුම්දෝ දිවි මඬලේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

අපගෙ අහිංසක ලොව බිඳිලා
ඔබද අනන්තෙක ඇත රැඳිලා
ගිණි දළුවා මා ගත වෙළෙනු දැනේ
ඔබ මල් යහනක හිඳිනු මැනේ

ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ

පෙරදින රජ මැදුරක උන්නේ
අද මා මහ මග සැතපෙන්නේ
ඇහෙනව නම් හිත හඬන තරම්
කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නනේ

jothipala song,jothipala songs,hr jothipala songs,jothipala best song,jothipala best songs,jothipala song nonstop,jothi songs,hr jothipala best songs,jothipala original song,hr jothipala,jothipala dj,hr jothipala cover songs,jothipala song collection,jothipala mp3,h r jothipala,hr jothipala songs karaoke,hr jothipala popular songs,jothipala dj nonstop,hr jothipala nonstop,jothipala old hit,hr jothipala original songs,jothipala

ආලේ මිහිර පෙන්නා | Aley Mihira Penna by H.R.Jothipala

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
පොකුණු ජලේ සියපෙති පිපීලා දිලෙන්නා
පිල් විදහා මොණරුන් ඒ බලා නටන්නා

මුවපැටවුන් හා රඟන නිදැල්ලේ
ඕ කුරුලු කතා ඇසේ අසල කැදැල්ලේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ගිජිදුන්ගේ ආලෙන් වනමල් සිනාසේ
ආදරේ රසේ ඒ තමා ලොවේ

ආලේ මිහිර පෙන්නා
සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

නාඹර ප්‍රේමේ ජයකොඩි බන්දා
ඒ ප්‍රේම කිරුළ ඔබේ හිසේ පළන්දා
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
ජීවාභිෂේකෙන් සැනසී විනෝදෙන්
මිහිරි ජීවිතේ ඒ අමා සුවේ

ආලේ මිහිර පෙන්නා සියොතුන් නාද දෙන්නා
මලිති ගිරා ළිහිණින් පෙම් ගී ගයන්නා
මල් පිපිලා තුරු ලිය මාරුතේ සැලෙන්නා

ඇල්හේනෙ පැල් රකිද්දී | Alhene Pal Rakiddi by H.R.Jothipala

ඇල්හේනෙ පැල් රකිද්දී – කුඹුරේ කරල් කපද්දී
ඔබ කීව ගීතිකාවෝ – මට නෑ ප්‍රියේ ඇසෙන්නේ

මල් රේණු රේණු උරලා – පැණි බොන්න ආව බඹරා
වගෙ හැංගිලාම ඉදලා – ඔබෙ ගීත මිහිර විඳලා
මම ගියෙ සුසුම් හෙලාලා

වන මල් නෙලා ගෙනල්ලා – ඔබෙ රූපෙ වාගෙ හදලා
මම ඒක ඉම්බ තාලේ – ඔබ නෑ දයාවි දන්නේ

පොඩි පරවියෙක් ඇවිල්ලා – මගෙ කන ළගින් ගිහිල්ලා
මොනවාද රහසෙ කීවා – උන් එව්වේ ඔබද මිහිරේ

මගෙ දෝතෙ මල් පිපීලා – හොඳ පාට පාට වීලා
තිබුණා එදා නිදද්දී – තේරෙන්නෙ දැන්නෙ සිහිනේ
තේරෙන්නෙ දැන්නෙ සිහිනේ

ඔබ තනිව උන්න යාමේ – ඔබ තනිව බැන්ඳ ප්‍රේමේ
නොකියා ගියේ සුදෝ ඇයි – දැන් නම් අනේ ප්‍රමාදයි

හිත මාගෙ දෙන්න කියලා – මම ආමි ප්‍රේමි සොයලා
ආවේ ප්‍රියා පමා වී – දැන් නම් පලක් නොවේවී
දැන් නම් පලක් නොවේවී

ඔබ ඉන්න පැත්තෙ ඉඳලා – එන සුළඟ මම සිඹිනන්ම්
මේ ජීවිතේදි බැරි නම් මතු ජාතියෙදි ලබන්නම්
මේ වන් දුකක් නොවේවා – ප්‍රේමෙන් දුකක් නොවේවා
මෝරාලා බැන්ඳ ආලේ – මතුදාත් ඔබ ලැබේවා

අල්ලේ රේඛා | Alle Rekha by H.R.Jothipala

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
ඔබගේ ම් මූණේ ආදරේ
පිරිලා රැළි වාගේ සාගරේ
දස ලක්ෂයකින් බේරා ලැබගන්නට බැරි තෝරා
පෙර පිනකින් දෝ ලැබුණේ ප්‍රියාව් ශෝබනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

ගමනේ නාරිලතා ලීලෙකී
ඇත්තේ ප්‍රිය කෝමල තාලෙකි
ආදරී සුපෙම්වන්තයි මා ඉතාම පින්වන්තයි
මැණිකක් මුද්දේ බැදෙනා සුබ යෝගේ පෑදුනා

අල්ලේ රේඛා විහිදා ශාඛා
අල්ලේ රේඛා විහිදා ශාඛා
අනාගතේ නිධානයක් හිමිවෙනවාලු හෝ
සිතුම් පැතුම් හැඟුම් මගේ ඉටුවෙනවාලූ

මේ හිත නෑ පාළු | Me Hitha Na Palu by Dhyan Hewage ft. Yuki Navaratne

එක මල් දවසක් මේ
නෙක මල් දවසක් හීනේ
මේක හිරු දහසක් පෑයු රෑ මේ

අමතකයි සන්තාපේ
පවසටයි ගී කීවේ
නුඹටම වෙන් වූ මුලු රෑ මේ

දැතේ වෙලී මාගේ
ඉබේම ඈතට යන්නයි මේ
මේ ටික ⁣කාලේ ඉන්න මා හා

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

මගේ හිත මත සොයා ඉඩ දැන්
අසුන අරන් ඉඳගන්න
සිපගන්න ඒ සියුම් මුවින්
අල්ලගන්න තදින් මගේ අතින්
අපි ලංවෙන්න ඇති
අහන්න එපා දේවල් කියා ගන්න බැරි
නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි
රහසේ වූ දුක් සැනසූ කුමරී

මගේ හිතේ ඉඩ දැන්
නුඹේ අතින් හැඩවෙන සිතුවමකි
නුඹ එහි තියා මං
තනියම සරසන මිරිඟුවකි
යමු හෙමින් හොයා තැන්
විනිවිද යමු ඈත තරු අතරින්
නුඹ ලඟ නොවේ නම්

නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ
නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු

සැළලිහිනියෝ | Salalihiniyo Numba Danne Na by Amara Ranatunga

සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ
පෙම් හදක සුව හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
මං ආදරේ කියන මට ආදරේ කරන
කුමරෙක් මටත් ඉන්නවා අපි ආදරෙන් ඉන්නවා

වෙන කාටවත් හේම නොකියන් හොඳේ
මං උඹට රහසක් කියන්නම්
ආලෙන් පියාසරන ආදර හැඟුම් මහිම
දැන් නම් අපිත් දන්නවා අපි ආදරෙන් ඉන්නවා

සැළලිහිනියෝ නුඹ දන්නෙ නෑ
පෙම් හදක සුව හඳුනන්නෙ නෑ
සාගරය බඳු පෙම් ආදරය දැනුනොත්
උඹ කූඩුවේ ඉන්නෙ නෑ