සඳ නේන දා | Sanda Nena Da by Lakshitha Mihiran [2022]

තනුවට හොරා වැයෙනා ස්වරන්දරේ
මතකය දිගේ වැළලුනු අතීතය අවදි වේ
කඳුළට හොරා සරනා දිගම්බරේ
දෛවය ලියූ සරදම් විරාමය මෙය නොවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

ඝනඳුරු වලාවේ නුඹ සැඟවුනාවේ
නුඹ නොමැති අහසේ තරු දුන් විලාපේ
යලි අන්ධකාරේ දුරු කළ විලාසේ
ගතම වෙලුනා ස්නේහයෙන් නොහෙලනු මුලාවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

තනි වූ සැඳෑවේ නුඹ ඇයිද නාවේ
කඳුලක ගිලී තැවුනා නුඹගේ පමාවේ
සංසාර ගානේ ආ චාරිකාවේ
නුඹම පතනා හෘදේ නොදවන් ප්‍රියාවේ

සඳ නේන දා සෞම්‍ය රාත්‍රියේ මාගෙ තුරුලේ වෙලීලා
උණුහුම සොයා ආදර හැඟුම් පාරවා
මන බැන්දු ආශා හීන වර්ෂා මතකේ පැටලිලා
සිහි වී ගියා නුඹෙ හාදකම් පෑ සිනා

ආදරයෙන් වෙන් වීලා | Adarayen Wen Weela by H.R.Jothipala

ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
ආදරයෙන් මත් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ

නෙත් පේනවා නම් හිත් පේනවා නම්
රසේ දන්නවා නම් නිසි කාලේ මේ නම්
ඒ සුබ මොහොතින් ඇයි ඵල නොලබන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ

නෙත් පෙනෙනවාමයි හිත් තියෙනවාමයි
රසේ දන්නවාමයි නිසි කාලේ මේකයි
මා ගිනි දැල්ලකි මැද්දේ ඇවිලෙන්නේ
ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ

ඒ ගින්න නිවලා මද සීත ගෙවලා
මා ඉන්න ඇදිලා පිළිගන්න බැඳිලා
එකම රැයක මුළු ජිවිතයට ඇත්තේ

ආදරයෙන් වෙන් වීලා මා තනියෙන් මෙහි දාලා
යන්න එපා මග හැරලා මේ රැයේ
හිනැහෙද්දී පෙම් පාලා ඔබ එද්දී අත දීලා
යන්නේ කෙසේ පිටුපාලා මේ රැයේ

රිදෙන තරම් | Ridena Tharam by Sanka Dineth

රිදෙන තරම්
සොදුරුයි ජීවිතේ
කදුළු පිරෙයි
යළි මැකෙයි

දුරට පෙනෙයි
නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි
යළි බැදෙයි

සමුදී නෑ සමුගෙන ගියත්
සමුදුන් සිතේ මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැගුම් අපේ

ක්ෂිතිජයක් දුර මාවතේ
ආදරේ පවතින තුරා
සිහිනේ ලග
අප යලි නැවතිලා
ආයෙත් තනිවෙනවා

රිදෙන තරම්
සොදුරුයි ජීවිතේ
කදුලු පිරෙයි
යළි මැකෙයි
දුරට පෙනෙයි
නොපෙනෙයි ආදරේ
මතක ලිහෙයි
යළි බැදෙයි

සමුදී නෑ සමුගෙන ගියත්
සමුදුන් සිතේ මගේ
වෙන්වී නෑ වෙන්වී ගියත්
වෙන්වූ හැගුම් අපේ

අබලන් | Abalan by Chubby ft. Breezy, D Rulz [2022]

දුක් වින්දා වාර වැඩි ඒකයි තියෙන්නේ පාර කැඩි
තාත්තා දුන්නා හදල පාර ඒකයි මේකෙ තාර වැඩි
අපි එද්දි කහනො ඇති තෙල් දැම්මා පහන මැදින්
සිල් ගන්නො පහල පැටි ගහන්නෙ හැබැයි කාල බැගින්

හතර වටේ විදි මුල්ලේ දිව්ව මාර ගති
නතර වෙද්දි කොල්ලා දැක්ක පාර ගති පාර ගති
පිටියෙ බැස්සම පිත්තෙන් දාර හයේ පාර වදි
මාව දවා ගන්න උබේ බොලේ සැර තම මදි

ඉතින් බන් එද්දිම රගපාන්
ලගට ඇවිත් ටොක්කක් දුන්නොත් උබ අඩපාන්
උබත් බැට්මන් නම් මන්එන්නේ දගදාන්
එද්දි උබ දෙක තුන වෙද්දි එකමාන්

මේ සෙල්ලමේ ගොඩක් උඩ පනින ජාන කවලම්
එකා එකා නිසා ජිවිතේ වින්දා මන් අවලන්
මේ ජිවන නදියෙන් ගොඩ යන්න ගත්ත හබලක්
මේ පීඩිත පන්තියේ හිස් මොල ටික අබලන්

තනියට මම අද තනියම
ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල
මන්තර දාපු උන් මතකයි හොදට
මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට
කාලෙත් එක්ක හැමදේම විසදෙයි
එක දෙයක් හිත තුල වද දෙයි

ඔය කාගේ කාගෙත්
ඇගේ ඔළු තිබ්බේ බෙල්ලේ පාලුවට
දැම්මේ දැල දගලද්දි පැටලෙන්න මාළුවට
දෙන්නෑ ඉඩක් නලුවට
වෙන්න ආස හතුරට
දීලා බලන් ඉන්නෑ ලැම්බා හැමදේම කාලයට

වෙද්දි මම පරල දිව්වා තොපි තරඟ
ලග ඉදන් නටන්න එපා වලිග පටුන
වගේ කට කතුර
චබී ලග ඩෝ යතුර
රංචුව කඩන් එද්දි වෙන්නේ කාගෙත් ලේ වතුර

රට වටේ කල්ලි පිටින් නරි ගොඩක් රඟන්නේ බන්
එන්න එපා කිරුලපන පැත්තෙන් සෙම අරින්නේ
මං හිනාවෙලයි මැරෙන්නේ තෝ බයේ පණ අදින්නේ
යදින්නේ වදින්නේ නෑ ඩෝ
මාරයා ආවත් රඟන්නේ මං ශුවර් නැති රටේ
කැරකෙද්දි කාසි අතේ යාළුවෝ ඉන්නේ වට
නෑයෝ කර වටේ හිදුනම අතේ සතේ
අම්මා තමයි පුතේ කියලා
බත් කටක් කැව්වම තේරෙයි බොට අගේ

තනියට මම අද තනියම
ගන්නෑ ගනම් කාගෙත් කයිවාරු බොරු හිල
මන්තර දාපු උන් මතකයි හොදට
මීටර් පන්නන් රඟයි උන් අද බොරුවට
කාලෙත් එක්ක හැමදේම විසදෙයි
එක දෙයක් හිත තුල වද දෙයි

ආදරේ හිතෙනවා | Adare Hithenawa by H.R.Jothipala

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි

ඔබ සොයා ඉගිල එයි
මා හදේ භෘංගයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා
හැංගුවේ ඇයි ප්‍රියේ
මල් විලේ හංසයා

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි

හැංගුවේ නෑ කිසිත්
ඇත්තමයි මා ඔබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ
මා සෙවූ මා පැතූ
ආදරේ දැන් ලැබේ

ආදරේ හිතෙනවා දැක්කම
දෙවඟන වාගේ ලස්සනයි
පොඩ්ඩක් ඉන්න සුදෝ මා
එනවා ළගටම දැන් හොඳයි

පාවී අහසේ තරුවක් | Paavi Ahase Tharuwak by Costa ft. Tikx Kooda

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක් වාගේ
මම ආය යන්නේ මට හිමි පාරේ
හිතේ මගේ ආයේ නෑනේ ආලේ
මට තුරන් වෙලා යයි මේ කාලේ
මිහිරාවි ඈ මිහිරාවි ඈ
අද ඇය කෝ අද ඇය කෝ
තනිකමක් නෑ තනිකමක් නෑ
ලෝකෙම දැන් Slow
තරුත් එක්ක නිදි මේ රෑ
උඹේ අත ආය මට ඕනේ නෑ
ආය ඕනේ නෑ ඕනේ නෑ
මට ආය ඕනේ නෑ මං ආයේත් එන්නේ නෑ
ආයේත් එන්නේ නෑ මට ආලේ ඕනේ නෑ
හීනේට මං යාවි මගේ ලෝකෙට මං යාවි
යන්නේ සුළගේ මං පාවි හැරදා
හැමදාටම යාවි මං

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

ලෝකෙම Slow
මම ප්‍රශ්න ඉදන් වද්දගත්තා Bro
හිත අද නෑ ඒක තැන නෑ
සුපුරුදු ලෙස පාවෙමි ලෝකේ රෑ
ඔව් පාලුවෙන් තනිකම මගේ යාලුවෙන්
උහුලන ගිණි පාලුවෙන්
පාවෙන සිතුවම් කාලෙක නුඹ සමගින්
අද නෑ තනිකම හුරුවෙලා තනියක් නෑ
සුපුරුදු ලෙස කොල්ලො වටවෙලා රෑ
නුඹ මැද්දෙන් පීනන් රෑ
සිනහව දුක පරදයි ඈ
ඕනේ නෑ නුඹේ ආලේ රෑ
ඔව් ඈතින් සිතුවිලි මගේ ඈතින්
පියාඹන් නෑ උඹේ රූපේ උඹේ රූපේ මා හට

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

පාවී අහසේ තරුවක්
ආසයි බලන් ඉන්න තවත් වරුවක්
ඉන්නෙ මම රැස් පුරුදු ලෙස පාවෙවී අහසේ
සින්දු කියලා මගේ පාවෙන මනසේ

Written by Costa

ලෝකේ වටේ | Loke Wate by Costa ft. Clewz [2022]

ලෝකේ වටේ යමු මේ සින්දුවත් එක්ක
හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට
පූජියම ගිණි කන්ද ගාව මම
ගත්තේ පිච් එක ගොඩක් ක්‍රිල් එකකින් තව
සකුරා මල් ගස් යට අපි ට්‍රැක් ලව්
හම් හපලා ජෝතිපාල අපි පෙති
කෑවේ ලුණුමිරිස් එක්ක මම රොටි
යද්දී බ්ලුක්ලින් පාලම යටින්
ලෝකේ ලෝකේ වටේ යමු මේ සින්දුවත් එක්ක

ලන්ඩන් වල ඇල්බට් අංකල් එක්ක
සල්ලි සල්ලි තිබ්බේ නෑනේ ගන්න මුද්දක් මට
මම මම ගියා මචං ජැමෙයිකා වට
හම්බුනා බොබ්මාලි ඇහුවා මං සින්දු
මත් වුණා දුමෙන් මචං තොලෙන් මගෙන් රිංගූ
රතුවෙලා ඇස් ගලයි කදුළු බිඳු
පිනන් සොක් එක මචං නිශි ආවා නම් ඉදු

ලෝකේ වටේ යන්න ඕනේ නෑ මට වීසා
ඔලුව වටේ ගිහිල්ලා මේ අරිස්ටේ බීලා
ඉතාලියට පැන්නේ මම කන්න පීසා
පැරි පැරිස් බලන්න මගේ මොනාලිසා ලිසා
දැක්ක ලංකාවේ කෙල්ලෙක් කව්ද බොලේ ඇලිස්
කොන්ඩේ තියේ හැරුනාම මම ෆුල් සැටිස්
ගෙදර යන්නේ නැතුව රිදේ මගේ දණිස්
කොහේ ගියත් නෑ නේ අපේ වගේ කිඹුලා බනිස්
ප්ලේන්ටියක් ගහමු එනකම් චිල් වේම කෝඩ
ඔයා පිච්චන් සල්ලි වලට වෙන් නෑ අපි කවදත් මෝඩ
ලෝකේ වටේ ලෝකේ වටේ කැරකෙන්නේ වගේ රෝද
ඒ බැහැලා එන්න මැණිකේ කන්න රෝස් පාන් ඇන්ඩ් සම්බෝල

කොල්ලො ආසාවෙන් ගියා ට්‍රිප් දැන් බන් බැංකොක්
කෙල්ලෙක් හොයාගත්තොත් කිම්ඹක් නෙවේ ඇත්තේ බන් කොක්
ලොල්ලෙක්
යමු ඉතාලියට නෑ පොලිය තමා
ගම හූවයි බඩියේ දුර
බොරු එපා තියාගෙන කරේ බන් උර
දහසක් හීන මවන් හිත යන්නේ බන් දුර
රට මගේ ශ්‍රී ලංකා ඉන්නේ කොහේවත්
ලෝකේ වටේ කෙල්ලො ආශ්‍රය කරා මම බොහොමත්
ලෝකේ වටේ කෙල්ලේ උබ ගියේ විත් බොක්ස්
එද්දී මෙහෙ උබ හ්ම් දැන්

ලෝකේ වටේ යමු මේ සින්දුවත් එක්ක
හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට
පූජියම ගිණි කන්ද ගාව මම
ගත්තේ පිච් එක ගොඩක් ක්‍රිල් එකකින් තව
සකුරා මල් ගස් යට අපි ට්‍රැක් ලව්
හම් හපලා ජෝතිපාල අපි පෙති
කෑවේ ලුණුමිරිස් එක්ක මම රොටි
යද්දී බ්ලුක්ලින් පාලම යටින්
ලෝකේ ලෝකේ වටේ යමු මේ සින්දුවත් එක්ක

අපේ බලයට | Ape Balayata by Master D [2022]

මනසින් වෙලා භූත වෙලා මූසිල භූත
ඉතින් ගී කියයි වූට බැත වේන් කලා වූට
නැලවේන් අතෙන් රූට ගැලවේන් අතෙන් රූට
රසවේන් කලා සූප දිරවාන් නුබේ රූප

විකුණාන් මගෙ දූව විකුණා මට හූ
විකුණාන් මගෙ දූව විකුණා මට හූ
පිලිකාන්නට මූව ඇදලා පලලු
ගිලගාන් නමුදු ගිල පාන් අරඩු
පැලදූ කරඩූව ඇවිල්ලා ඇගෙත් බූව
කසපාරට හූව තියහාන් මෙන්න ලේ
කරතාක් වෙරලේ ගිලුනා දියබේ
පුරවාගෙන දේවල් ඇදුනා දියබේ

පැරදූ පැරදූ සුරයන් පැරදූ
පැරදූ පැරදූ සුරයන් පැරදූ
කෙනිතූ කෙනිතූ බලයෙන් කෙනිතූ
කෙනිතූ කෙනිතූ බලයෙන් කෙනිතූ
එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට
එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට

එන්න පහළට රූටන්න
කන්දෙන් පහළට ගාටන්න
රට පහළට කාටත් බෑ
කට වහල දැන් කාටත් නෑ
රට වහල දැන් කේස්
මට ගහනව බේත්
උණ සහලෝල ඒත්
අහයිද කොල්ලන්ට බේත්

උබට හිතෙන දේවල් මේ ඇත්ත වෙනකන්ම ඉන්නද බලාන ඔහේ
හිතට නැගෙන දේවල් මං හංගලා තියන්නම් මේ වගෙ රැපක කොනෙන්

අපෙ මනදොල සින්දා
උගෙත් කන උබ ඉම්බා
රට ගියා එක පිම්මේ
තරුණයෝ හැම ගින්නෙ
පරිසරේ මගෙ නිම්නේ
අපේ පරපුරක් නින්දේ
දිය රැලි යටින් යටින් යන්නෙ
දිය රැලි යටින් යටින් යන්නෙ
කවුද උගෙ බල බින්දේ
රට කන යටින් රිංගේ
කට මැද කියවිල්ලේ
කට මැද කියවිල්ලේ
අසමානයි මිනිස් බිල්ලි
අඩමානයි මිනිස් එල්ලි
දුමෙන් වහගෙන දිල්ලි

උබට හිතෙන දේවල් මේ ඇත්ත වෙනකන්ම ඉන්නද බලාන ඔහේ
හිතට නැගෙන දේවල් මං හංගලා තියන්නම් මේ වගෙ රැපක කොනෙන්

මනසින් වෙලා භූත වෙලා මූසිල භූත
ඉතින් ගී කියයි වූට බැත වේන් කලා වූට
නැලවේන් අස්සෙන් රූට ගැලවේන් අතෙන් රූට
රසවේන් කලා සූප දිරවාන් නුබේ රූප
එපා එපා ආයෙ අත තියන්නෙපා අපේ බලයට

ආදරේ සිහිනයකි | Adare Sihinayaki by H.R.Jothipala

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේ
ඔබෙ හෘද්දේ හි…
ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ
මම ඔබෙ සෙවන පතා ආ….ඕ…..
මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

මල පූජිත පින පාදවන කුමාරි රාණි
මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි
සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි
පොවලා ප්‍රේමෙ අමා…ආ
පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ
ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ

නොලියමි | Noliyami by Kanchana Anuradhi

නොලියමී අසුන්දරකම්
ඉතින් මතකෙන් වියැකුනා වේ
හිමි නැතී පෙමින් තව නම්
නොවෙම් මා තොර සොදුර මාගේ

හීනයක් හීනයක්
දෑස අභියස මා ලග දැන්
හීනයක් හීනයක්
මවනු නොහැකිව මා

අහංවර වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී

මුවපුරා හරි ආදරෙන්
ආදරෙන් ඔබ කී වදන්
නෑසුනා තරමින් දුරින්
මා හිදින්නේ ඈතකින්

අහංවර වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී

රෑ පුරා දැවෙනා සුසුම්
සෝසුසුම් අළුවී ගිහින්
ඔබ ගෙනා උනුසුම් හැගුම්
හීතලින් වියැකී ගිහින්

අහංවර වී
ඔබෙන් පැමිණී වසන්තය මල් නෑ පිපී
සොවින් නොතැවී ගිමන් හරිමී
අදින් පසු නවතීමී