එලියට එලියට මම දැක්කා හීන
ගොඩක් ඇත්ත වුනා එක පේලියට
අත්දැකීමෙන් දිසාපාමොක් හරිම හරි කියන
එකෙන් පටන් අරන් සමත් වුනා හැම ශ්‍රේණියම
උඩින් පල්ලෙන් ගහලා දැම්මේ නෑ මං ලේසියට
හබල් ගෑවා අතින් දාඩිය කඳුලු ලේ විලක
ඒ උනත් හීනෙන් වත් නෑ හති වැටුනේ හිතට
ඒකයි පේලි පිටින් එන්නේ ගන්නම් ලියන දේ මිලට
අවුල වෙනුවෙනුයි කරන්නේ මම මේ සෙල්ලම
මං නැතත් නම තියෙයි අමතක නොවෙන්නම
ලේබල් වැදුන කොල්ලන්ට කටහඬ පෙන්නන් මා
ඒ වෙනුවෙන් මැරෙන්න වුනොත්
පන වුනත් දෙන්නම් මා
සමහර අත්දැකීම් දැනුනා රිදෙන්නම
තැලුනා පොඩි උනා හිත මිදෙන්නම
වැරදුනොත් තමයි පාඩම් දුන්නේ පොත් පිරෙන්නම
ආදරෙන් මතක් කරන්න ඕන හැම කෙල්ලම
හැමදේම පටලගත්තු කාලේකුත් තිබ්බා
නින්දා අපහාස නම් අපමණ වින්දා
දැන් අපි අමාරුවෙන් ඔලුව උස්සන් ඉන්න හින්දා
එදා බැන්න උන්ම අද පතුලේ ඉඳන් ඉම්බා
දුන්නා සමාව තාම මතකයි සතාව
ස්මෝකා තාම එහෙමයි වෙනස් කලේ නෑ රටාව
හැමෝටම දාන්න බෑ වදන් මම දාන
හැමෝටම නෑ මේ වගේ චරිතාපදාන
මේ අධි මාත්‍රාවක් මගේ හරි ප්‍රාර්ථනාවන්
තව ගොඩක් දුර අරන් යාවී අනිවාර්යයෙන් මාව
කන්ද මුදුනටම නගින්නයි ආසාව
බලාපොරොත්තුවක් නෑ බහින්න ආය කවදාවත්
හොයනවා මම තාමත් මගේ හරි ධාරිතාව
උපතින්මයි ආවේ පද බඳිනා විද්‍යාව
දන්නවා මම පෙන්නන පාර හරි මාලිමාව
අල්ලන්නයි ආසාව තනි අතින් ආසියාව
ඒ උනත් එකක් නෙමේ මං රකින් නෑ සීමාව
මං පිස්සුවාක් වෙන මන්දාකිනියකින් ආව
මං නිරුවත් කලා වදන් ලියනා ක්‍රීඩාව
මං ආව දා කාගෙත් පුරසාරම් විනි මා
ස්මොකා වදන් මෙලෙසින් ගතියකින්
නොහොබිනා බිඳි
නැති ආත්ම විස්වාසයකින් හා
ගුණාංග වලින් යුතු මා ඉන් විඳිනා
උපමා කල හැකි සුනාමියකින් පවා
මිනිසුන් කුනාටුවක් සුන් කරන සතුරාව
කල විලසින් ලාංකීය හමුදාව
ඒ ලංකාභිමානය ලේවල දුවන කාවවත්ම
හොයාගන්න බැරි නම් ඇවිත් අඳුනගනින් මාව
මං තෝරගත් එකෙක් කෝටි ගානක් අතරින්
සැප වින්ද තරමට big උනා කරුමත්
නින්දක වෙනසක් නෑ මාලිගාවෙත් මඩුවෙත්
මේ මුව හට නෑ කටාන කඩුවෙන්
සුපුරුදු හින්දයි ඇස් වහන් යන්නේ අතුරෙත්
ඉව නිසයි වලේ නොවැටෙන්නේ ඝන අඳුරෙත්
හිතන්නවත් එපා කරගන්න හතුරෙක්
මට හිතුනොතින් ඇවිදිනවා මං වතුරෙත්
විශේෂයෙන්ම ආව ලමයි අලුතෙන්
පොත ගැන සරලව හිතාගන්න පටුනෙන්
එක වගේ දහස් ගානක් විසිවෙද්දි පඳුරෙන්
මං වගේ එකයි දෙන්නයි ඉන්නේ හිරු සඳුමෙන්
මස් කන්න ආසයි රස දන්න නිසා කටුවෙත්
තිරිසන් ගති නැතුව අම්මා නොවෙයි පපුවේ
උඩට ආවේ ඉපදිලා මම පතුලේ
හොඳ විදියටයි මට පල දෙන්නේ කරුමේ
ඇති වීමයි නැතිවීමයි දැක්කා අපි තරුවෙන්
හැසිරෙන්න එපා අපේ ඉස්සරහා නම් තරුමෙන්
කලාව නම් වූවා සේ ගොඩක් දෙනෙක් තරුවෙන්
මං මැරුණු දවසට නිල් අහසත් කලුවේ
තක්සේරු කිරීම සුදුසු නෑ අඩුවෙන්
ඒකයි මට මාව විස්වාස මරු මෙන්
නා ලෝකේ තරම දැක්කේ මම අඳුරෙන්
එනිසායි පිට පනින්නේ නැත්තේ මම තනුවෙන්
පන තියන අරුමේ වදන් මරන්නේ අමුවෙන්ම
ලියවෙන්නේ දේවල් ඉඩ දෙන්නෑ ලකුනු අඩුවෙන්න
මේකෙන් පස්සේ පුලුවන් ගැටලුකාරි තත්ව මතුවෙන්න
ඒකයි මටත් ඕන මූනක් දෙකක් රතු වෙන්න
ආදරෙයි වදන් සෙල්ලමට හද පතුලෙන්ම
පතුල් දෙක ගෙවිලා පහු කරලා කඳු එහෙම
සෙල්ලම මගේ මං ආස නෑ මේක බදු දෙන්න
පවරන්නම් දිනක මවන් වදන් මරුවෙක්ට
විශ්වීය දරුවෙක්ට නියම සටන් කරුවෙක්ට
මිසක් මේ උරුම නෑ පෘතක්ජන පනුවෙක්ට
ඇත් පැටව් හිටියත් දැන් ගල ඇවිත් අලුතෙන්ම
සද්ධන්තයි ස්මෝකා කකුලෙන් නෙවෙයි අරුතෙන්ම
පිරමීඩේ මුදුනට එන ගමන් ඉන්නේ මඟ
දැන් ළඟ පිටාර ගලනවා වගේ නයිල් ගඟ
පෘථිවියට දිස් වුනත් හඳ
බිම ඉඳන් ප්‍රමානේ මනින්න පුලුවන්ද
එනිසා සිහියෙන් පිරික්සා බලන්න
අගුලු නෑ දොරවල් නෑ දේවල් නෑ වහන්න
දේවල් නෑ හන්ගන්න බැරිනම් පිලිගන්න
ඇත්ත නැත්ත මාව දන්න කෙනෙක්ගෙන් අහන්න
ඕනේ නෑ මගේ නමින් තවත් නඩු අංක
පරණ කතාවලින් ඒකයි හිතුනේ සමුගන්න
කෙල්ලෝ මත්ද්‍රව්‍ය ,
බෑ ඔහොම නම් සල්ලි වපුරන්න
සෙල්ලමෙන් මයි සපුරන්නේ හැම අඩුවක්ම
ඉපද සබඳතාවන් කරවන්නේ අතුරුදන්
යතාර්තය තේරුම් අරන් ඉන්නේ තටු හකුලුවන්
කැමති නෑ උදම් අනන්න මං ගැනම මං
ඒත් මං කලු සුදු පාටයි යන්නේ බැටලුවන්
පිලිතුරුයි ඕන එපා වෙන ගැටලු නම්
නොගැලපෙන උන් නෑ
ගනන් ගන්නේ පැටලුනත්
පොඩි පොඩි සත්තු මොනතරම් දැඟලුවත්
මකුලු දැලකින් උන්ට වෙයිද ගැලවුමක්
දෙවුරම් මත මැවෙන මනෝ බව දුක්වය
සොයයි එක එකා ඒ තුලින් ප්‍රතිබිම්බයක්
ක්ෂේත්‍ර වර්ණාලෝක පිරි නිම්නයක්
කෙලවර ඇත්තේ අන්ධකාර ගින්නයක්
නැටුමන් පැනවුන් නිතින්ට පමනයි විස්වය විසින්
ඒ නිසා හැසිරෙන්නේ පවත්වාගනිමින් රිද්මය
ඇතුලාන්තේ දකිමි යොදාගෙන ප්‍රිස්මය
ඉතින් විස්මයක්ද වැඩිවීම දිස්නයක්
අඳුරුයි අතීතය ඔව් නමුත් මම එහි
වහලෙක් නොවී වර්න ගන්වාගත්තා චිත්‍රය
කර්මෙට පමනයි කල හැකි විනිස්චය
මේ අංක ත්‍රිත්වය ප්‍රනීත
අඳුරත් ආලෝකයත් අතර ඇති රික්තය
හේ…..
හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕන