සූස්තිමත් දවස් | Susthimath Dawas by K Mac x Smokio x Reezy

ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්

සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්

දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්

සුස්තිමත් දවස් සූස්තිමත් දෙන්නම් මං තවත්
ලැබුන් නැතත් හැමදේම සතුටින් ඉන්නෙ සැපේ තාමත්
කලු සුදු හීන වලට වයිවාරන ආවත්
අපි තාමත් ඉන්නෙ එකට වෙනස් උන්නැ කවදාවත්

අහස දිහා බලන් මන් කරා ප්‍රා‍ර්තනාවක්
පිරිසිදු චේතනාවක් ජීවිතේට වාසනාවක්
හොඳ සිතුවිලි ගෙනෙයි මේ මූනට හිනාවක්
මතකයන් මගෙ මනස තුල කරයි බාවනාවක්

එදා මොනා නැතත් හිටියා අපි සැහැල්ලුවෙන් සතුටින්
දැන් යාලුවො හරිම වෙනස් පෙන දේ නෙමෙයි නෙ තියෙන්නෙ හිත ඇතුලෙන්
කැපුවෙ නැ මන් කාටවත් වලවල්
කැපුවෙ දෙයියො දුන්න මල විතරයි යාලු කතුරින්

හරි වෙලාවට මල් පවන
ඔනෙ හැමදාම මට ඒ සුවඳ විඳින
ජීවිතෙ දිනින්න නම් වෙනවා පරදින්න
ඒ පැරදිම තමයි හයියක් වෙන්නෙ නැගිටින්න

කාලෙ විසින් මැවුව වෙනසක අරුමේ
පරිනත හිත ගන්නෙ පලිගන්න විරාමෙ
උඩින් සුබ පතලා යටින් කපන සමාජෙ
මූනු දෙකේ මිනිස්සු මැද්දෙ වැටුනා මමත් මුලාවෙ

ඉස්සර මතක කවදාවත් වෙන්නෑ අමතක මතකයි මට අද වගේ තාමත්
නැ වෙනස් වෙන්නෙ නැ එ දේවල් කවදාවත්
නෑ අයෙත් එන්නෙ එ ගෙවිලා ගිය දවස්
යාත්‍රා කරන්නෙ වෙනුවෙන් මන් තව තවත් ඒ දවස්
මේ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත් දවස්
මෙ ගෙවිලා යන්නෙ තවත් සූස්තිමත්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්

සූස්තිමත් දවස් සුස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ මේ සූස්තිමත් දවස්
සූස්තිමත් දවස් සූස්තිමත් දවස්
ගෙවිලා යන්නෙ ආයෙ එන්නැ ඒ දවස්

දෙන්නම් මන් සුස්තිමත් දවස් ඒයි
සූස්තිමත් දවස් එයී
ගෙවිලා යන්නෙ මේ සුස්තිමත් දවස්
සුස්තිමත් දවස් එයි සුස්තිමත් දවස් ඒයි
ගෙවිලා යන්නෙ ආයෙ එන්නෑ ඒ දවාස්

කෘතවේදි හැගිමකින් දෑස් කරන් අඩවල්
ආශිර්වාද ලත් මේ ආත්මෙ ජිවත් වේවි තව කල්
මා නිසා ගැලු කදුලු සිනාවන්ට හරවන්
ආලොකෙ කරා යමි අන්ධකාරය පරදන්
ආදරේ මැදින් ගෙවෙද්දි සූස්තිමත් දවසක්
යන ගමන් ඉන්නෙ මං හැරෙන්න බැරි ගමනක්
කවුරුත් නැති අමුතු පාරක මම විතරක්.
මං දැක්ක අහංකාර හින තාමත් මට හිතවත්
හිතුනත් විටෙක උරහිසට උඩින් බලන් හැරි
අතීතය ප්‍රෙහෙලිකාවක් විසඳ ගන්න බැරි
වෙච්ව දේවල් ගැන තවත් ඉන්න බෑ තැවි තැවී
අනාගතේට හීන ඉලක්ක සෑහෙන්න වැඩියි
දැවී තැවී හුළඟේ පාවී ඈතට ඇදී ඈත්වී යන වස්සානෙ පස්සෙන් වසන්තයක් ඇවිත්
පංති ජාති වර්ණ ආගම් පක්ෂයන් පැතී නැති සුන්න්දර ලොවක් ඇත මා වටා මැවි
තැලිම් වැටිම් නොලැබිම් වැරදිම් මැදින් වැටි වැටි නැගිටීමයි මිනිහෙක්ගෙ හැටී
සැනසිමෙ දොර ඇරුනෙ ඇත් වෙද්දි බැදීම් පරිසරෙයි ආත්මෙයි අතර දැන් ණය ගැති මෙ

ත්‍රි මාන | Thri Mana by Ramesses Reezy [2021]

ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන්
පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්

විකාර නම් ඇති , මං පෙන්නන්නම් ඇවිත් පැති
උඔ දැකලවත් නැති , උබට තේරුම්ගන්න බැරි
මගෙ හදවත දැඩි ඔව් ඒකයි මගේ හැටි
කරන්නට බැරි දෙයක් නැති , හෙව්වා වෙන පැති
මදුවිත මත්තෙ නහින්නැ මං කඩන් ගියා බැමි
මතු කරයි ලොවක් එළියට මනෝභවනේ ඇති
කලබල වෙලා ලිහාගන්න බෑ මකුළු දැලි
උච්ච තැනකට යන්න මගේ හිත නැහැ මැලි

වැඩි , ගොඩක් උනගේ නාඩගම්
නැති වෙලා සාරදම් ,
මනස විරල වෙලා ඉපදුනු දා පටන්
බනින් නෑ මං කාටවත්
තුවාල බැ පාරවන්
වැරදුනු පාරවල්
ඉගැන්නුවේ පාඩමක්
වෙනයි මගෙ කාචයන් , පිටවන රාවයන් !
හිර කලත් මාව මගේ සිතුවිලි දාමයන් ,
හදවත සොයා ගිහින් හොයාගත්තා පාර මං
දකින රකින මට විශ්වයත් ආගමක් ..!

ඔව් වෙනයි මං මගෙ වර්ගෙන් එකයි බං
මං පුරයි දම් තුනයි ඇස් දෙකයි කන්
අපි එකයි නම් කුලයි බේදයි ඔන්නෑ බං
ඔව් වෙනයි මං වටී වදන් වගේයි රන්
හිතත් රන් , රින නෙවෙයි ආරේ මගේ දන වන්
පරදන් යක්කුන් මගෙ ,එන්නේ පොළෝ කලබන්
ඔව් මං ආසි , නොබැදෙයි පාසි ගලන්නේ වාගේ ගඟ මං
වැටුනත් ආයෙත් නැගිට්ටා දැක්කා ගියා මං ගලපන්

සමාජයෙන් හුදෙකලාවී
ඒ අත්දැකීමන් මා උඩට දමාවී
මනෝ භවනක මා දැහැන් වඩාවී
දෙගොඩ කම්පා කර මා ගලාවී
අබිප්‍රායන් නිසා කල කැපකිරීම් දෙස බලා මා ලොවක් තනාවී
මඩෙන් ගොඩ එන නිසා උඩ ඇවිත් මඩ ටිකත් මං ගසා දමාවී
බය නෑ වෙන්න තනි මන් දන්න උන් දනී
දැන් නැ රින ගතී මට මාව වටී
කලාවට ලැදී ගෙවෙන්නැ මෙ දැති
විලංගුවෙන් කැඩී කොහෙටත් නෑ බැදී
ස්වාදීනයි රටාව නැ කාටවත් ගැතී
මා ගජකුම් බිදී කෙසරිදුන් වැනී
අනන්තයි දේවල් උන හිතුවෙවත් නැතී
මනින්න එපා කවරෙන් පොතේ හැටී

රාමු කඩා බිද පාට කලා හීන
පහු කර ගෙන යාවී කාල දින
මං මතු දාක අබිප්‍රායන් ඇත්ත කරන්නයි
ඇබ්බැහි තැන් වල තිබ්බෙ තිත
මම වෛරය ගනන් ගන්නැ ,
අහස කඩන් යන්නේ උඩටම ඉනිමගෙ
වෙනක්න් නිම
ආත්මාභිමානයකින් බලන් ඉන්නෙ
මගෙ පාට වෙන හීන බලන් හිද
මගේ පාරට වැටෙන් බාධක බිදිමින් ජීවිතෙ
අරුත දකිමින් ගමන් කරයි උඩට
විහදාගෙන අත්තටු පියබා යන උකුසකු වගෙයි
තරනය කරන්නෙ උඩු ගුවන
තම පාලනෙ තමන්ගේ අතට රැගෙන ගියොතින්
හරි ගනන් ගන්නෑ බල්ලෝ උඩු බුරන
හරි මගේ ඉලක්කං, වචන වල ඇත හැගීම්
පිළිගනිම් සාදරෙන් මා ලොව තුළට

written by Ramesses Reezy

හීන සක්වළ | Heena Sakwala by Ramesses Reezy [2021]

හීන ලොවක් මවාගෙන හිටියම හරිද ?
වෙන උන්ගේ රටාවන්ට මම පලිද ?
පොඩි ළමයි බිත්ති ගානේ ඇන්දේ බලිද ?
වෙනස් උනොතින් කෝණේ ලොව දකින ?
වෙන කතා වැඩක් නෑ “මම හරිද ?”
ඒකයි එකම පැනය මට වටින
යුතුකම් නිසා ඇත ගුණ රකින
පරම්පරාවක් ඕනි දුර දකින
ගලා යමි ගල් පර අතර මැදින්
ජීවය මා හට පොවයි හැගීම්
ඇයි රිදවන්නෙ මෙතරම් බැදීම් ?
දෝරේ ගලා යාවී මා තුල හැගීම් !
හයියක් වුනා ජීවිතේ වෙච්ච වැටීම් !
මං නතර වෙන්නේ උසම තැනින් !
මං නතර වෙන්නේ හරිම තැනින් !
දැක්කා මිනිස්සු වෙනස් වෙන හැටිත්
තම හිසට තම අත බැවින්
ගත්තා පාලනය අතට මා සැනින්
හඹා යමි හීන සක්වළ මැදින්
දකිමි ලොව විදාගෙන ඇස
මගේ පිටු කලා මම හැඩ
පිට ගියා මා රාමුවෙන් පැන
තාම මතකයි පටන් ගත්තු තැන
කෙල්ලේ මා තුළ රාගයත් ඇත
ආලයටත් ඉඩදිය හැක
මට ඔබව භාවය මැද ,
රාගිනි තුල පාකල හැක
අත දීපු කාවත් නෑ අමතක
ප්‍රශ්න මැද බෑ වෙලා කලබල
මං ගියා සොයන් හදවත
සටන් කරන්නෙ නෑ මං බොරු බරකට
දුර ඉගිළි ගියා තරමට
සැඩ සුළං කපා කළඹන
මුන් යට වෙලා බලයට
මේ වදන් දාගනින් හරයට
නොපෙනෙන මානෙන් පා කරවයි
වෙච්ච හැමදේම යා කරවයි
අම්මා ඇවිත් හිද මා සනසයි
වැරදි පාරකින් මා නවතයි
හැදුනේ මගේ වටේ බලලයි
අදුර ගත්තේ මගේ තරමයි
හිතේ බය සැක දැම්මේ වලටයි
විශ්වාස මට විශ්වයේ දහමයි !

KAAM by Smokio ft. Reezy & Tee Cee [2021]

දඩයමේ පස්සෙන් පන්නන්
අපි එන්නෙ බල්ලන් මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ලනම් වෙන්නෑ
අපි සත්තකින්

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නේ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නේ මේ
පස්සෙන් එන්නෙ මාරයා මාරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

සාදරෙන් ආදරෙන්
අන්ධකාරෙට පිලිගන්නවා
කතාවක් නෙවෙයි මේක සුරංගනා
ආයෙමත් ආවා බං මං
ඔලු දහයේ රාවණා
දාන්නේ දිව්‍යය ලෝකේ සාදේ
දෙවියොන්ගේ ලෝකෙත් රගලා

සමහර පොරවල්
මාර කූරවල්
නටයි අමුතු වන්නම්
ඒකයි මං එන්නේ භූමිකම්පාවක්
වාගේ තාලේ හොල්ලන්
මේකයි වෙන්නේ
එන්න යාලු මං කියලා දෙන්නම්
මේක කරන විදිහ සෙල්ලම්
මුන් දිව්‍යය ලෝක පෙන්නන්
රවට්ටන් චූට් කෙල්ලන්

රස්තියාදු කොල්ලො කෝ
කොල්ලෝ ගැම්මට සද්දේ දෙන්නකො
හදුනේ වැඩුනේ රැගුවේ පාරේ
ශිල්ප හොදට පුරුදුයි
හුරු මේ
කොළඹ ඩෝ අඩි
තියන ආරේ
තාලේ වෙනස් කරන්නෑ
උඹලට හොද කරන්න
බැරි ලෙඩක් මේ මං කරන්නේ බෝ

වදන් ගලන්නේ වගේ ලාවා
ඒ කියන්නේ මං ආයෙත් ආවා
අමතක වෙන්නෑ ස්මෝකා
දුන්න ගැම්ම කවදාවත්
මාත් එක්ක මුහුදේ ගිලිලා
ආයේමත් ගොඩ ආවා
මං ගන්නම් මේ ලංකාවම
රැප් සාගරයෙන් නාවා

කන් රත් වෙනකම්
පදම් වෙනකම් මං
මත් වෙන වදන් දන් දෙන්නේ
ඉස්සර නම් දත් දෙන්නේ
කෙල්ලන් හා මත්වෙන දේවල්
ඒත් දැන් සෙල්ලමෙන් තමයි
අල්ල රත් වෙන්නේ

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නේ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නේ මේ
පස්සෙන් එන්නෙ මාරයා මාරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

ඕඩර් ඕඩර්
පැන්නොත් අපේ බෝර්ඩ‍ර්
ඇගේම බා ගනී කෝඩර්
උඹ වෙනවද මෝඩ
ඒ තරම්

Chhohte Too Daud
Hamaara Hai Ye Rod

ආවත් මුරුගසම් කෝඩ
අපි වද්දගන්නෑ කෝඩ

ආයෙමත් උඩ
හති නෑ පෑන් තුඩ
පාරෙන් පත් වුන
අහසෙන් වැඩම්මුව

Muhut Jaisee
Turant Mein
Koee Se Bhee Oopar

ගොඩ එද්දී මුහුද
මොර දේවි කුඩ

Ab Saree Ladakiyaan Jaan
Dedetee Mera Par
Vah Achchhee Letee
To Deta Hu Mein
Khul Kararar
Chhabbees Hai
Mera Umar

ලංකාවේ පිස්සුව
මං මගේ වර්‍ර්ගේ
අන්තිම ලේ බිංදුව

Is Jungal Mein
Sher Ke Saamane Aane
Pe Marata Hai Soar
Khatara To Hain Tuj Par
Magar Sab Ke
Aankhe Hai Mujh Par

මං නම් දන්නේ රුවල්
මංමයි හකුලවන්නෙත් රුවල්
තාත්තා වගේමයිලු මං

අධිවේගී උන
අවිවේකී වුන
ගමනක් මිසක්
තැන් නෑ ලේසි වුන

මරලත් විටක්
ආයේ බිහි වුණ
වචනත් විසක්
වෙයි ඔහේ ලියවුන

ගලපද්දී කොලේක
මොළේ දියවුන
අතටත් කතක් වැහෙයි
වේසි වුණ
කවදත් කාටත් වඩා
සංවේදි වුන
අදටත් බැල්ලි ලගින් දනියි
ඒකී ගුණ

විදේශීයයි මූණ
ඒත් දේශීයයි උණ
විදේශීයයි රුව
ඒත් දේශීයයි ගුණ

ඇයි පුතේ තියන් ඉන්නේ
බෙල්ල දං ගෙඩියල් මුල
උඹ වගේ සීයක් මැරෙන්නේ
මගේ පේළියක් උඩ

දඩයමේ පස්සෙන් පන්නන්
අපි එන්නෙ බල්ලන් මෙන්
ලේ සුවදට ඉව අල්ලමින්
අපිව දැක්කොත් දුවපං බං
දැක්කොත් දුවපං
අඩෝ මෙල්ලනම් වෙන්නෑ
අපි සත්තකින්

හැප්පුනොත් පස් වෙන්නෙ පොලවට
පස්වෙන්නේ
ලග ඇවිලෙන්නෙ ගින්න
ඒකයි රස්නේ මේ
පස්සෙන් එන්නෙ මාරයා මාරයා
පස්සෙන් එයි
පැහැදිලිවම කිව්වොත් ඔය කාගෙත්
ගේම් ඕවර්

written by Smokio, Tee Cee & Ramesses Reezy

කාමිණී | Kamini by Smokio ft. Reezy & Tee Cee [2021]

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

හඳ නෑ, කළුවරයි රාත්‍රිය..
ඈ මගේ ලඟින් ඉඳන් නිවනවා මගෙ කාන්සිය..
ගෙවෙනවා විනාඩියෙන් විනාඩිය..
කතාවේ තව කොටසක් නිමා විය..
දෙවියෝ ඇති තරම් කල් අරන් අඹන්න ඇගේ රූපේ..
ඇඳුනොත් හිතේ එක් වරක් මැකෙන්නැහැ පින්තූරේ..
කවදාවත් අහන්නැහැ මගෙන් “ඇයි පමා වූයේ?”
මං පමා කල තරමට ආසාව වැඩියි මූණේ..
ඈ මන්දෝදරී, මං රාවණ..
ඈ කාමිණී, මමයි වත්ස්‍යායණ..
වෙනසක් නෑ මධ්‍යම රාත්‍රී, මධ්‍යහන..
මේ හෝරාවයි සංවාස අධ්‍යාපන..
Ayy කාලගුණේ සීතලයි, අපි දෙන්නයි මීදුමයි..
එක පාර ඇවිත් ගිම්හානෙයි ශීත සෘතුවයි..
උෂ්ණත්වමාපකේ අංශක බිංදුවයි..
රතු වෙලා ! වගෙයි ඈ “පුපුරන්න මිනිත්තුවයි”
තව මදියි ඇගේ කාමුක දෑස් අයදී..
ඈ ළඟදි “රති” මාර දූත් පරදියි..
ඈ කොඳුරයි මගේ කණට, උරහිසට බර වී..
“මා සනසන්න හැකි නුඹට ප..ම..ණී..”

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

ඈ හිස් අවකාශයක් වූ නිසල රැයකි..
දිව්‍යාංගනාවක් ඈ සුරලොවින් පැමිණි..
මා ලෝ අන්ධකාරේ, ඒ ආලෝකෙන් යයි නැතිවී..
මන් මත් කරයි ඈ මා තුරුලට දැවටී..
අවුලයි මා සිත ඇගෙ කොඳුරන මුවඟින්..
ආශා දහසක් වපුරයි ඇගේ සුවඳින්..
සම කරන්නද නුඹේ දෙනෙත් මම කුමකින්..?
එනු මැන තුරුලට, ඉන්න එපා දුරකින්..!
පුරඟනී, ඈ මා ගාව දැවටී..
මා යහනේ වැතිරී, නිරුවතින් හැඩ වී..
මුමුණාවී “මත” කින්, “මමයි නුඹේ රැජිණී, රජුනී! නුඹ කැමති දේ කළ මැනවී..”
තෙත් කරන්නම් මං නුඹ, වැස්සක් වගේ..
මතු කරයි නුඹ නොදැකපු පැත්තක් මගේ..
රාගය ඇත ආලය නැතත් හදේ..
ආත්මයන් ගැටී! නොතේරෙයි ඇත්තක්ද මේ..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

සරාගියි දෙනෙත් බර වූ, නොහඳුනන මින්දද රූ උන්මාදිනී..
සල්ලාල රජුන් පවා, ඇගේ නෙතු හමුවුණු දා මුලාවිණි..
පිරුණු වදන් “මත” කින්, නැගෙයි ඒ දෙතොල් අතරින් නුරා ගිනි..
නොසන්සිඳෙනා පවසින් සිටියි මා දෙපා අසල දණින් කාමිණී..

හිස් අවකාශයෙන් මතුවෙන්න සැණින්..
ඇස්බැන්දුමක් වගේ මට හිතාගන්න බැරි..
ඒ කාමිණී.. මං ලග වැටී දණින්..
එළිවෙනකන් යාඥා කරලා රතු වෙලා ඇගේ දණිස්..

written by Smokio, Tee Cee & Ramesses Reezy