සඳ මල පිබිදුනු | Sanda Mala Pibidunu by Sunil Edirisinghe & Nanda Malani

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

හඩා වැටෙන විට නෙතුයුග තෙත්වී….
සිනා පොදක් වෙන්නම්…
සිනා නඟන විට පැතුමන් දැල්වී….
කඳුළින් සුරකින්නම්…

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

වියෝ දුකට සුසුමට මඟ අවුරා….
හදේ ළැඟුම් ගන්නම්…
රැදී නිබඳ පණ නළමෙන් දැවටී….
දිවි ඇති තුරු ඉන්නම්…

සඳ මල පිබිදුනු
නිල් කඳුරැල්ළක…
රන් තරු පොකුරක
මල් ඇතිරිල්ලක…
හසරැල් කැල්මක
දුක් කඳුළැල්ලක…
තනිවෙමු දෙසිතෙහි
එක සිතිවිල්ලක…

Miniseku Pita Nagi Asaruweki / මිනිසකු පිට නැගි අසරුවෙකි – Sunil Edirisinghe

මිනිසකු පිට නැගි අසරුවෙකි…
ඒ බර ගෙයි වහලට බරකී…
පාන්දරින් පැරදුනු ඒ මිනිහා…
හැන්දෑවෙත් අසුපිටට නගී…

මිනිසකු පිට නැගි අසරුවෙකි…
ඒ බර ගෙයි වහලට බරකී…
පාන්දරින් පැරදුනු ඒ මිනිහා…
හැන්දෑවෙත් අසුපිටට නගී…

හෙට මම ගෙදරට සුර සැප දෙනවා…
අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා…
කාසිමල්ල සතෙකුගෙ පිට යනවා…
දූ දරුවන් පැදුරෙ නිදියනවා…

මිනිසකු පිට නැගි අසරුවෙකි…
ඒ බර ගෙයි වහලට බරකී…
පාන්දරින් පැරදුනු ඒ මිනිහා…
හැන්දෑවෙත් අසුපිටට නගී…

ඉරණම විසදුම සතෙකුට දෙනවා…
තිරිසනෙකුට මිනිසකු පරදිනවා…
දරුවන් බිරිදත් ගිනි උහුලනවා…
සිහිනෙන් නුඹ තව ගෙවල් හදනවා…

මිනිසකු පිට නැගි අසරුවෙකි…
ඒ බර ගෙයි වහලට බරකී…
පාන්දරින් පැරදුනු ඒ මිනිහා…
හැන්දෑවෙත් අසුපිටට නගී…

Malata Suwada Se / මලට සුවද සේ – Sunil Edirisinghe

මට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
මට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
හද සිනාවේ…
නෙතු දයාවේ…
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි…

බඹර තුඩක පහස පිපුණු මල් පතාවී…
වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී…
බඹර තුඩක පහස පිපුණු මල් පතාවී…
වෙරළ වැළද සයුර පවස ගිම් නිවාවී…
ඔබ සොයා ඒ…
මා සොයා ඒ…
සසල ලොවම නිසල සෙනෙහසින් බැදේවී…

මට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
මට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
හද සිනාවේ…
නෙතු දයාවේ…
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි…

නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී…
ගතට සිසිල පවන හද ගැබින් හමාවි…
නෙතට නුහුරු කදුල නෙතු පියන් වසාවී…
ගතට සිසිල පවන හද ගැබින් හමාවි…
සද ලතාවේ…
හිරු සිනාවේ…
නොහිමි නිහඩ අරුත ආදරේ කියාවී…

මට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
මට සුවද සේ යොවුන් ජීවිතේ…
පිළිගමු අපි නැවුම් ආදරේ…
හද සිනාවේ…
නෙතු දයාවේ…
මහිම කියමු සොදුරු ලොවට සිත නිවේවි…

Paata Dedunu Sedila / පාට දේදුනු සේදිලා – Sunil Edirisinghe

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ…
සීත රෑ සද පීදිලා…
නීල තරු යායේ…

ඈ ලවන් තෙරේ සෝ ගී සුසුම් නැගී
මීදුම් වලා ලෙසින් පාවී
ඈතින් හැපී බිදේ…

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ…
සීත රෑ සද පීදිලා…
නීල තරු යායේ…

මා නුවන් බියේ පීනා නැගෙන් සදේ
පායා දුරින් ඇදී ඈ මෙන් පාවී නොයන් සදේ

පාට දේදුනු සේදිලා
ඈත කදු යායේ…
සීත රෑ සද පීදිලා…
නීල තරු යායේ…

Me Tharam Siyumalida Kalugal / මේ තරම් සියුමැලිද කළු ගල් – Sunil Edirisinghe

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා…
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා…
දෑස් දුන් මිනිසා සොයා…

කළා වැව ළඟ ඉළුක් හෙවණක
මැටි පිළක පැදුරක් එලා…
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියේ නුඹ තැනු
පෙම්බරිය කොතැනද කියා…
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා…
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා…
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා…
දෑස් දුන් මිනිසා සොයා…

Soya Plisaranak / සොයා පිළිසරණක් – Sunil Edirisinghe

සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ…
ඔබේ බුදු වදනක්

ගෙවා සුවහස් යොදුන් මේ කතරේ…
සොයා යන මං නොදැන මේ අඳුරේ…
ගෙවා සුවහස් යොදුන් මේ කතරේ…
සොයා යන මං නොදැන මේ අඳුරේ…
යුගෙන් යුගයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ
ඔබේ මුදු සිහිලක්

සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ…
ඔබේ බුදු වදනක්

මහා කරුණා නුවන් දිය ගැඹරේ…
ගිලී සැනහී නිවා ගිනි සසරේ…

මහා කරුණා නුවන් දිය ගැඹරේ…

ගිලී සැනහී නිවා ගිනි සසරේ…
හිමියනේ ඔබේ
ඔබේ නෙතු කැල්මක්සොයා පිළිසරණක් ලොවෙන් මා
නොලැබ හව්හරණක්
භවෙන් භවයේ පතා ආයෙමි
හිමියනේ ඔබේ…
ඔබේ බුදු වදනක්

Kubuk Gahe Mal Pipila / කුඹුක් ගහේ මල් පිපිලා – Sunil Edirisinghe

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ…

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ…

වක්කලමේ තොටමුණ ලඟ දියරළ සැඩ නැතේ…
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ…
ලැජ්ජාවෙන් මුව රතු වී නෙතු බාන බිදේ…
නාන තොටෙන් නුඹ යනවද මී මල් වැහි පොදේ…

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ…

උණ පඳුරේ සිලි සිලි‍යෙන් මුමුණන සීපදේ…
මට විතරක් ඇහුනම ඇයි හොදනැති වග නගේ…
හිතකට මල් මේතරම්ම එබිකම් කර නැතේ..
නෙළුම් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ…

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රගේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමෙයි
හිත ඉගිලෙයි ඒදණ්ඩෙන් සමනල් කැල පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ…

Sayurak Nodutu Gagula / සයුරක් නොදු‍ටු ගඟුලක් – Sunil Edirisinghe

සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ…
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ…

සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ…
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ…

කඳුලක් නොසැලු නෙතකින්
හස‍රැල් සොයන්න එපා…
කඳුලක් නොසැලු නෙතකින්
හස‍රැල් සොයන්න එපා…
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා…

සයුරක් නොදු‍ටු ගඟුලක්
කිසිදා ගලන්නේ නෑ…
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ…

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා…
සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා…
ලැබුනත් බිඳුනු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදු‍ටු ගඟුලක්

කිසිදා ගලන්නේ නෑ…
වෙරළක් අහිමි සයුරක්
කිසිදා හඬන්නේ නෑ…

Sandakada Pahanaka / සඳකඩපහනක – Sunil Edirisinghe

සඳකඩපහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී..
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ..

යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතුවෙද්දී..
නොපෙනෙන ඈතක ඈගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී…
සියුමැලි කැකුලක් මැලවෙද්දී…

දහසක් පෙති මත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙන යන බින්දූ…
ගව්වක් ඉහලට ගොනුකොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ…

අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහුවුණු වැහි බින්දූ..
ඈගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈවෙත හද රැන්දු…
තවෙකෙක් ඈවෙත හද රැන්දු…

සඳකඩපහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී…
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවේ…

හදවිල ඉපැදුන කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා…
මිහිලිය තෙත්කොට ගිලිහුනු කදුලක්
සත්සමුදුරකට මුහුව ගියා…

ඔබට උරුම වූ රිදුනු තැවුනු හද
එක්ටැම් මැදුරක කවුළු අරා..
රුවන් විමානෙන් පියඹා එන තුරු
පොපියන හදවත සිටී බලා…
පොපියන හදවත සිටී බලා…
සිටී බලා…

Ran Samanalayo Punchi Kakuliyo / රන් සමනළයෝ පුංචි කැකුළියෝ – Sunil Edirisinghe

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ
මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ
මව් දෑතින් මිදුණාදෝ
යෞවනයේ මත් වීදෝ

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා

ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ
තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ
මල් යහනා පැතුවාදෝ
ඒ යහනා හමුවේදෝ

රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
මීදුම් සළුවේ තුරු මල් උයනේ
කොයි යන්නේ පියඹා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා
රන් සමනළයෝ පුංචි කැකුළියෝ
දේදුන්නේ නැඟිලා