in Dinesh Gamage, Gajaman Movie, Manuranga Wijesekara

මං තනිවම | Man Thaniwama by Dinesh Gamage

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැමවිට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

දෑසින් දෑසම මිදුනේ
අපෙ හිත් අපිවද හෙව්වේ
ඔය තුරූලේ දැවටී ඉන්න හිතෙනවා
වැස්සක තනිවම තෙමුනේ
දුක නෑ කවුරුත් දන්නේ
හුස්ම දැනෙන දුරක ඉන්න හිතෙනවා

දවසක දැනේවී – තනිවම හඩාවී
කදුලුත් හඩාවී…හඩාවී

මන් තනිවම යන්නම් තව දුර
දෑස හුරු හින්දා
පපුව තනියට දැනෙන හැම විට
ඔය දෑස මම හෙව්වා

අදුරේ පාට ගෑවුනේ
සිහිනේ පාව යාවුනේ
සිහිනේ පාට සේදුනේ
තනි වී මා

written by Dinesh Gamage & Manuranga Wijesekara

Leave a Reply