මඟ හැරී | Maga Haree by Mihiran [2023]

මදි වුනාදෝ දෙවියන්ට නුඹේ රුව මවන විටදී කළඹනා
ඒ නිසාදෝ වල ගැසුනු දෙකපුල් අතරේ රැදුනේ පෙම් සිනා
මං හිතුවෙම නුඹ ළඟ ඉදගෙන
ඔය රුව දෙස බලමින් සැනසෙන්නට
මඳකට ඉඩ දුන්නා නම් මට
එළිය කරන්නට තිබුනා ඔය හිත

ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත්
නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

මටත් හිනැහිලා ඉන්න තිබුනා
මගේ රුව අරන් නුඹට ආදරේ දැනෙන්නට
දුකක් නෑ ඉතුරු වී
නොහැගුනාදෝ මා දුන් සෙනේ
නුඹ කොහේ කියා සොයන්නට සිතක් මට නැති මුත්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

කදුළු මගේ දෑසට නුහුරු වුනත්
නොනැවතී වැටෙන මේ කදුළු නම්
යනෙන මඟ දැනෙන ඇතැම් විලවුම්
සුවද සිහිකරයි මට නුඹව දැන්

අපි දෙතැනක මතක එක තැනක
හිත් උන්මත්තක ඇස් ආගන්තුක
අහිමිව ගිය හේතු නොදැන මම
ස්වභාව දහමට අවනත වෙමි අද

ඒ දෑස් මඟ හැරී බොහොමයක් කල් ගෙවී ගිය මුත්

නුඹ කොහේ හෝ හොදින් නම් සතුටින් මං
මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

written by Mihiran

සෙරන්ඩිබ් මල් | Serandib Mal by Sanjeew Lonliyes [2023]

ඇබ්‍රෝඩ් වල පාරවල්වල සුද්දො අතරින් මාත් ඇවිදිනවා
දකින නොදකින සෙරන්ඩිබ් මල් ඩොලර් හුලඟක ඔහේ ඉගිලෙනවා
ආලේ උණුහුම ඕනෙ කාලෙම හීත රිතුවක හාදු බොඳවෙනවා
ඒත් ඒ අවසාන හාදුව තාම හදවත අස්සෙ කකියනවා

වාවගන්නට බැරිම තැන්වල කියාගන්නට බැරි කතන්දර සයනවල බන් ඔහේ ලියවෙනවා
හෙනම දිග මහ රෑක දවසක වලාකුළු උඩ දුක තවරගෙන සෙරන්ඩිබ් මල් ඔහේ පාවෙනවා

බ්‍රෑන්ඩඩ්සළු කබා අස්සෙන් තදට නුපුරුදු වෙහෙස හංගනවා
අයිස්කඳු ගිණිකඳුත් එක්කලා පුංචි ලෝකල් ඩයල් හැප්පෙනවා
වීදී සරසන පහන්එළි යට දහස්ගාණක් කතා මිමිනෙනවා
ඈත ගම්වල තැලුනු හිත් පෙති ලෝකෙ කොහෙහරි ආයෙ නැඟිටිනවා ///

written by Sanjeew Lonliyes

මරීනා | Marina by Sarith & Surith ft. KVN [2023]

නෙතගින් පාන
ඉගියෙන් පේන
මායම් සගවා කෙහෙරැලින්

සයුරින් ඈත රටකින් සීත
ආලේ ගෙනැල්ලා උනුහුමෙන්

ඉර යනකොට ඈතින් අවරට
හිමිහිට ඇහෙනා සංගීතෙට
අපි නැලවෙමු ඒ මේ තාලෙට
ලංවී ආදරෙන්

මරීනා
මරීනා
‍යුරෝපේ සමනලී
සරාගි නුවන්තී
දගකාරී හිතැත්තී //

මුහුවී වත් සුව ඔබගේ
වෙරලේ කල දිය සුලගේ
හැඩකාර‍යි මට දුන් ගීතේ
තාලය ඔබගේ

සිත්තම් හීන
ඇත්තෙන් දෑස
වාගේ මවනා රූසිරි

කෝලයි බැල්ම දගකම් පාන
උන්මාදෙන් මැව්වා ආදරී

ඔබ ඉගිලී අහසින් ඈතට
මම මේ සුඩු වැල්ලේ තනිකොට
ගීතය තියලා මගේ හිත යට
වෙන් වී හීනයෙන්

මරීනා //

මුහුවී වත් සුව ඔබගේ…

සමනලියක් වගේ තටු ගසන මරීනා
ඉගසුග නලවන නිලියක් වගේ කරීනා
ආලෙන් පැරදීලා හිටියේ මම
ලෝකෙන් බොද වීලා
ඔය නෙත් අග මේ දුක ගියේ
කොහෙදෝ නොදනී මා

Shawty made me crazy
a body like glass
made some mistakes
we can leave it all behind

ලංවෙන්න ප්‍රියේ
දුරස් වෙන්න මට නම් බෑ
You are one in a million
කෙල්ලේ වෙන කොහෙවත් නෑ

මරීනා //

මුහුවී වත් සුව ඔබගේ…

written by Jagath Jayawardena

සියවසක් | Siyawasak by Zany Inzane [2023]

දනගාපු නිසයි විශ්වාස පොළොව
මේ තරම්
බලපං අහස මගෙ සීමාව ඒ තරම්
යනවා මේ ගඟේ දුක සැප එක සේ ගලන්
බිංදුවෙන් ආවේ උපතින් නෑ කිසි දේපලක්
හදන්නෙ හිත් ඒ වගෙමයි හිත්
ඒ නිසයි අකමැතිත් උන් මට කැමතිත්
තීරණ නෑ නිවැරදිත් නැහැ වැරදිත්
දෝතින් ගෙනැවිත් පුදන්නෑ දිනුම
කවමදාවත්

වැදගත් මේ හැම තප්පරේ
හිතට වඩා ප්‍රෙබල දෙයක් නෑ මේ සක්වලේ
වගකිමෙන් මන් කියන්නේ
මේ හිත නෑ හීනෙට තිත තියන්න කියන්නෙ
ඉතින් කොහොමද තියන්නෙ

වස විසට විතරමයි උනෙ සීමා
මරන්නෙ verse අරන් යන්නෙ herse දැන් මගෙ bars
පුරවන්නෙ perse
උපතින්ම සූදානම් දූපතෙන් එකයි
මගෙ වාසනාවකට මට වැඩි නහර එකයි

වචන මෝපීන් මත් කරන්නේ ලෝලීන් මන් දාන්නෙ නෑ ස්ටෝරීස්
කරද්දී මන් රෝලීන්
ඕනි සල්ලි නම් ගෝනි
ඇයි නිකම්ම යෝ# මේ වදන් හයි ප්‍රෝටීන් ඔව් මමමයි කෝකිත්
දැන් ගණනින් කෝටී මං කරන්නම් රෝගීන්
සමහරු නම් OG ඒත් කන්නෙ අසූචී
මුන් දන්නව CD ඒත් දන්නෙ නෑ AB
මේ සෙල්ලම 2D මං පෙන්නන්නෙ 3D
මං කැඩුව නීතී

රැප් ලිව්ව කඩදාසි කොළ ඩොලර් මැව්ව
පන්දම අතෙ පප් තුන තුන යැව්ව
පිස්සන්ගෙ දූපත
ප්‍රශ්නයක් සමහරුන්ට මේ ඉන්නෙ ඌමද….. ????

වැරදි කළ එවුන් වින්දා දිට්ඨදම්මවේදනීය
බලන්න අමාරුයි ඒ විපාක මාර ඛේදනීය
ක්‍රීඩාව මරණීය මිනිස්සු නෑ ප්‍රේමනීය
ඉදන් නෙමේ අද ඊයේ මාරයත් එක්ක පැද්දෙ සීසෝ
පඩියක් නැග්ග ගමං හැම එකාම Ego
මේ යකා බය වෙන්නෑ කියපන් ඉතිං පීසෝප්
ඩෝ මම INZANE මං උබෙ සෙන්සේ ශිෂ්‍යයෝ බීරෝ

ඉපදුනා ගුලිකරන් මරණෙ අතේ
මං කාපු දේවල් ගැන ප්‍රශ්න කොහෙවත් උන්ගෙ දතේ
මං අදුරනව සතෙත් ඒ වගෙමයි පන්දාහත් ඒකයි දවස ගානෙ පිරුණෙ ගෞරවෙ කැටේ
ඕනෙ නෑ වෙන්න මට තව එකෙක්ගෙ පිටපතක්
විස්වාසයි මුන් මාව කොපි කරයි සියවසක්
දැක්ක මං ගියපු උන්වත් පහළ ඉදන් ඉහළටත්
දැක්ක වැටුණ උන්වත් ඉහළ ඉදන් පහළටත්

පළමු පාඩම තමාන්ට තමාන්මය
නාමය නෙමෙ ZANY කියන්නෙ සන්නාමය
නිමාව කලියුගෙ ආරම්භෙ යුගාන්තය
පිළිගන්න ළගයි නෞකාව ගමනාන්තය

written by Zany Inzane

අපි දන්නැති | Api Dannathi Landun Inne by Nalin Perera [2015]

නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුලු වෙන්න ඕනේ
නපුරුකමට රවන් ඉන්න කවුද ගණන් ගන්නේ
හිත පිරෙන්න නටන්නනම් තුරුල් වෙන්න ඕනේ

හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලෙ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ//

පාවෙන භ්‍රමණය වෙන හැම දෙයක්ම අතට ගන්න
ගානට හොඳ පදමට සතුට ටිකක් පෙරල බොන්න//

අහ් හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ //

සැවැන්දරී සුගන්ධිකා නෙරන්ජනී ප්‍රියංගිකා…

කෙස් වැටි ටික උඩදාගෙන
එළිවෙනකන් පිනිබාගෙන//

හා හා මලක් පිපීලා
මූණේ මලක් පිපීලා
ඒයි හලෝ මේ අහපල්ලා
අපෙ හොඳ කාලේ ඇවිල්ලා

අපි දන්නැති ළඳුන් ඉන්නෙ
අපි යනකොට අරන් යන්නෙ
කොහෙට යයිද කවුද දන්නෙ
ගලන දොලෙන් බිඳක් බොන්නෙ//

written by Wasantha Dukgannarala

හංගන්නද | Hangannada Adare by Iman Fernando ft. Dilu Beats

සන්තානික මාළිගේ ඔබ තාම තනියම ඇයි මෙලෙස තව
මං ඉන්නද පාඩුවේ අඩමාන නෙතු සඟවා…
ප්‍රේමාදර මායිමේ හැමදා නිහඬ වනු ඇයි කෙලෙස මම
හංගන්නද ආදරේ හැම රෑක හිත රවටා…

ඔබ ගාව නවතින චේතනා
මුදු හීන ලෝකෙක පා කලා
ඈත යනවද පාවෙලා
මම නෑ ඔබෙන් මිදිලා..

දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා…

මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා..

කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා…

සංකා නැති මාවතේ තව නාවෙ මට කිමදැයි කියනවද
ළං වෙන්නද මා මෙසේ අමනාපකම් තියලා..
රූරා ගිය ආදරේ ඔබ පාමුලේ තැබුවත් හැඟෙනවද
පාරා ගිය කාරනේ නොකියා හදක් රිදවා…

ඔය හාදු මං ගාවින් තියා
ළං වී හිඳින්නද රෑ පුරා
මා සිතින් ඇඳෙනා නුරා
හද නෑ තවත් සනසා…

දුර කාලයක බැඳෙනා රටා
හිත පාරවන රචනා එපා
දෑස බොඳ කරනා කතා
තව නෑ හදින් විමසා…

මා ළඟින් සැනසීලා , හිනැහීලා
මට හේතු මොකටද යා කරන්නද අශා
ඔබ හා මා බැඳෙනා..

කාලයෙන් බැඳි සීමා හැරදාලා
අද ඒ ලෙසම තව ආදරේ මට ඕනා
නොම බාධා අප හා…

written by Iman Fernando

උකුල සලා | Ukula Sala (Tikiriliya 2) by Shehara Sandaruwan [2023]

නෙතු සලන සලන තිස්සෙම රාගිනි විසෙ පෙනුනා
මගෙ ලගට ලගට ගන්නම රන්කද මට හිතුනා
එක පෙලට පෙලට හීන හතක් අඩ නින්දෙ මැව්නා
ඉග තාලෙට පද්දලා හිත කොනිත්තනවද මැනිකා

මගෙ රෝස මලක් වගෙ කෙල්ලේ
අපෙ ආදරෙ දැන් ගිනි දැල්ලේ
තව ආසනම් ඉන්න නිදැල්ලේ
ඔයයි කිරිල්ලි මගෙ මෙ පුංචි කැදැල්ලේ

නිතඹ රන් උකුල සලා
විටෙක මුව කොමල පපා
නිතර මන් ලගට වෙලා
ඉන්නකො කට කොනින් හිනා වෙලා..//

ඒ කට පාඩ්ම් ගොඩ මට ආදරේ
අකුරු හතරටයි මන් කැදරේ
ලග පාත ඉදින්නකො අහක නොයා
බොරු පානය නම් එපා රාගිනියේ..//

කලු වලාවක රැ තනි වුනූ
සුදු ඔයා ලග සමිප වුනූ
මගෙ කියා පිලි ගන්නමයි හිතූ
මෙ හිතත් ආස දැන් ඔබටමලූ

දැක්කත් දවස සුභයි සුදු මූනූ
පින් වත් හිතක් ඇති පෙම්වත් කුමරූ
යන්තම් බලා ඉගියක් වත් එවනූ
කෑදරේ ආදරේ හින්දමයි සුදූ

written by Harshana K Perera

දැන දැන | Dena Dena by Ashanya Premadasa ft. Avickz [2023]

දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග

තේරුම් ගත්තා ඇත්ත නැත්ත නෑ තේරුන් නෑ කිසි දෙයක්
කිසිම තේරුමක් නෑ කල දේවල් කිසි දෙයක්
ආදරෙ නම් මුලවක් ඇතුලෙන් නෑ ඇති දෙයක්
අපිට නෑ අපි හිමි ඒක නියතයක්..
නුඹෙ මතකයත් මං මරා දාලා අවසානයි මගෙ ලෝකෙ මට විදගන්න ඉඩ දෙන්න
වැනසීමක් තුලින් ආදරේ සැනසීමක් හොයන් යන්න ආයෙ එපා කවුරුත් ඇවිත් මට අත දෙන්න
අද වෙනකන්ම තේරුම් ගන්න බැරි එක දෙයයි හේතුව මොකක්ද මේ තරම්ම වැරදෙන්න
නිශ්ඵලයි මං දැක්ක දේවල් ඇත්ත සැගවී ගිහින් සරාගී දෙනුවන් මා වශී කලා නොදැනෙන්න..
නොගැලපීම් ගලපන්න ආදරේද පලි
ඔව් මං වැරදි හිතන්න තිබ්බා අත ගන්න කලින්
තේරුමක් නෑ නටුවෙන් ගිලිහි ගිය මලින්
බලාපොරොත්තු නොවෙමි නුඹෙන් කිසිදෙයක් යලි..

දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග
දැන දැන රැවටුනේ මම
නැහැ යලි යලි එන්නෙ නෑ මම
අපි හමුවෙන්නෙ නෑ මග
ගිය දුර යලි වෙන්නෙ නෑ ලග

ක්ශේම භූමියකයි දැක්කේ මනක්කල්පිත මිරිගුවක්
දිය බිදක් ලබන්න බෑ වැලි කතරක් මිරිකුවත්
යදින්න ආදරේ සුදුසු නැහැ කිලුටු අත්
හීන මන්දිර බිදින්න හේතු ඇහුවත් නෑ පිලිතුරක්
යන්නම් ආයෙත් මුලට මං ඇවිදින් බලපන් හිතට
මං කල කීව දේවල් මගෙ පැත්තෙන් හරි තිතට
තේරුම් ගැනීම නුඹ සතුයි එන්නෙපා ආයෙ හිතට
ලියන් නෑ මං පරිච්ඡේදයක් පස්සෙන් තිබ්බ තිතට..

ගිලිහෙන්න ගිලිහෙන්න අතින් අල්ලගත්තා තදින්
දුරයන්න අල්ලගත්ත අත අතහැරී මගින්
ආදරේ තර්ම් කියයි ගැලූ කදුලු නෙතු අගින්
මියදෙන්න ඉඩදෙන්න වේදනාවන් දුක මතින්
මතකයන් විලාප හඩ නගද්දි පපුතුරින්
පෑ සෙනෙහ අදත් මගෙ ලගින් ඒත් නුඹ දුරින්
එදා ඔයා කිව්ව හරි හිතන්න තිබුනෙත් මුලින්
රගපෑමක් කරන්නෙ මං සිනාසෙමින් දුකක් තුලින්

Written by Chamath Sangeeth & Avickz

දන්නවද | Dannawada Adare Neethiya by Abhisheka Wimalaweera

තාම ඔබ ගැන ලියනවා
නොකියවන බව දන්නවා
දන්නවද ආදරේ නීතිය
රිදුණු තරමට දැණෙනවා…

නමුණුකුල බර දරනවා
ගයනකම් මග බලනවා
දන්නවද ආදරේ නීතිය
දැණුනු තරමට රිදෙනවා….

කාලේ නැවතුනු තැන තාම මම
ගාලු කොටුවත් කියනවා
තාම හෙවණක් නැති අහස යට
අළුත් හදවත් අඬනවා

තාම ඉදහිට රිදී නූලක්
පපුවෙ ඉහළට ඇදෙනවා
කලු ගලක් බව හිතන් හිටියට
කදුළු මුහුදට වැටෙනවා…

written by Abhisheka Wimalaweera

abhisheka wimalaweera,abhisheka wimalaweera new song,abhisheka galle song,abhisheka latest song,abhisheka,abisheka malith songs,nirosha perera,abhisheka new song,abisheka new songs,shashika nisansala,mihindu ariyaratne,abhi live in concert playlist,abhii,abhiii,srilankan music videos,kandaksema,sinhala latest songs,mind relaxing,salli,new sinhala songs,3calm sinhala songs,classical,abi songs,latest sinhala songs,galle song,abi new song,latest songs

කඩියෝ ඩියෝ | Kadiyo Diyo by Nalin Perera [2023]

කඩියෝ ඩියෝ ඩියෝ
වෙන්න එපා ළිංමැඩියෝ
පිපියෝ පියෝ පියෝ
මල්වාගේ ගැටිස්සියෝ
ජහිතෝ හිතෝ හිතෝ
රම්ප සේර කරපින්චෝ
රහ කර කියෝ කියෝ
බයිල රාග කපිරිඤ්ඤෝ

එල්ලං මුණ මොකෝ – හිනා නැතුව අට පට්ටං
දෙන්නං රහට රහයි – අබු නානගෙ වටලප්පන්
ඉල්ලං ගේමට රෙඩි – හැමදේටම හිත ෆිට් මං
කුට්ටන් පොකුනෙ නාමු – මම කිං නුඹ මට සෙට් නං

කඩියෝ ඩියෝ ඩියෝ

ලැවිනිය බීච් එකේ – හඳ අල්ලා ගමුද හිටං
තරු සැණකෙළි කවදත් – එළිවෙනතුරු ලඟනෙ මචං
වටකරගෙන විසිතුරු යමු – හුරතල් ගමනපටං
රැප සැප ක්ලැසික් රෙගේ – බයිලෙ දමා හොඳට නටං

කඩියෝ ඩියෝ ඩියෝ …

written by Athula Kaldemulla