නිල් මැණික | Nil Manika by Sanjeew Lonliyes [2023]

ඉසුරුමුනි ජෝඩුවට නොදෙවෙනි
පෑහිලාමයි හිටියෙ ඉස්සර
කොල්ලා සමනළයෙක් වගෙයි
හැදුවා තරමක් මනෝ මන්දිර
බුර බුරා ඇවිළිලා යද්දී මතකයේ දොංදමක ගින්දර
පිච්චුනේ අපිමයි එකට වැටිලා හිටිය ගන්දොර

ඇත්තමයි ඒ කාලේ ඉඳලම අනුන්ට ම ඉල්ලමක් පාදන
ජීවිතේ දෝනා මැදින් දැක්කමයි ප්‍රේමයක් මෝරන
ඒ කතාවේ තැනකදී
පෙම්වතිය කැම්පස්එකට තේරුණ
සරසවිය පතළක්ද දෙයියනේ
දිස්නෙ දෙන නිල්මැණික් තෝරන

දඬු මොනර නැති කර්කටක නැති
අපි බොහොම දුප්පත් පතල් හාරන
හයර් කරගෙන වෑන් කට්ටක්
ගමෙන් ආවේ මහ පාන්දර
එක ඇහිල්ලක් හරි කමක් නෑ
දෙන්නගේ ඇස් එකට ළංකර
සතුටු කඳුලක්වත් දකින්නයි
කිඳුරෙකුගෙ මළගමට ඉස්සර

යමං නංගියෙ එක වතාවක්
බලාප කොල්ලගේ ඇස් දෙක
ඇවිත් හුස්මක් පිඹලා පලයං
වෙන දෙයක් නෑ උඹෙන් ඉල්ලන

එච්චරයි අපි කරපු මැරකම තප්පරේකුත් නෑ ගියේ
ඇඟපුරා දඬුමුගුරු වැදුණා ඊට පස්සෙ පොලිසියේ

දවස් ගානක් නිල්මැණික ගැන කොල්ල හීනෙන් අහලා තිබුණා
හීනෙකින් හීනෙක යාවෙන නින්දකත් මහ බරක් තිබුණා
දිනක් ඉරපායන්ඩ ඉස්සර මැණික් ගඟ ඇහැරිලා හිටියා
ගංදියේ එක්තරා තැනකදි හංසයෙකු තටු හලා තිබුණා

written by Timran Keerthi

ඉල්ල ගත්ත shirt | Illa Gaththa Shirt Ekak by Sanjeew Lonliyes

ඉල්ල ගත්ත shirt එකක්, හිල්වෙච්ච බාටා දෙකක්
තිබුනා මතකයි..
පිහල අඳින ඩෙනිම් දෙකක්, ඩබල් සීරො පෝන් එකක්
තිබුනා මතකයි
මගෙ ජීවිතේ

අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //

සැරට වැදුන බූට් එකක්
බොක්කෙන් ලව් කරපු එකක්
ඩබල් දාපු ලෙක්චර් එකක්, මතකයි

හවසට හිස් පර්ස් එකක්
මුඩිය නැති එම්ටි ගොඩක්
ගජේ ගහපු මකුනො ඇඳක්, මතකයි

එදා කෝටා නැතුව අපි ෆුල් චාටර් වුනා
අපෙ මූණ බලන්නට බල්ලෙක් නැතිවුනා
ඒ මොනරගෙ ලොකුකම සැරටම විඳවිඳා
සැර කට්ටක් කාගෙන අපි කැම්පස් ගියා

අද ටයි එක දාගෙන බෙල්ලට හිරවෙලා
අපි කොළඹ ඇවිත් සුද්දට විකිණිලා.. //

written by Sanjeew Lonliyes

දැනෙනවා බඩගිනී | Danenawa Badagini by Sanjeew Lonliyes

න්න යන්න අපිත් එක්ක ජීවිතේ දැන් හොයාගන්න
අම්මලාගෙ කඳුළු වලට අරුතක් දැන් වත් ගෙනෙන්න

දැනෙනවා බඩගිනී අපි වගේමයි අපි
හිත වටේට ලැව් ගිණී අපි වගේ මයි අපි..

රැඩිකල් උගතුන් හැදෙන්නෙ කාසි හුඟක් මදි වුනාම
දුප්පත්කම නැති කරන්න Rank එකක් ගොඩ දාන්න

ආදරයට බඩගින්නට පුලුවන් මිනිහෙක් හදන්ඩ
එන්ඩ යන්ඩ අපිත් එක්ක ජීවිතේ දැන් හොයා ගන්ඩ

වලාකුළක වත් රැදෙන්න විදිමු හීය අපි අහසට
බර උහුලන අප්පච්චි ට සැනසිල්ලේ හුස්ම ගන්ඩ

written by Sanjeew Lonliyes

lyrics,doja cat lyrics,paint the town red lyrics,syrebralvibes,doja cat songs,paint the town red doja cat lyrics,doja cat paint the town red lyrics,doja cat live,doja cat,pop music,doja cat new song,paint the town red,paint the town red doja cat,doja cat music,paint the town red doja,doja paint the town red,doja cat tiktok,doja cat paint the town red,doja cat reaction,pop,doja

මගෙ දඟමල්ල | Mage Dangamalla by Sanjeew Lonliyes [2019]

රූ රප්ස්තා ඩූබි ඩූබි ඩූබී..
රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා….
රූ රප්ස්තා ඩම් ඩම් ඩඩා….

මගෙ දඟමල්ල මාව දාලා ගියා අයින් වෙලා
එයාගෙ යාලුවා දැන් මට ටිකක් ලයින් වෙලා

මම මගෙ Sweety එක්ක හිටියේ බොක්ක වාගෙ ෆිට්වෙලා…
එයා වෙන කෙනෙක් එක්ක ගියානෙ අනෙ සයිකො සෙට්වෙලා…
මගෙ සුදු රන්ඩුකෙක්ක මාත් එක්ක හිටියේ පැක්වෙලා…
අද මගෙ සිරාකොක්ක කෙනෙක් එක්ක ගියා වෙස්වලා…
දවසක මන් එද්දී බස් එකේ එයා එහා සීට් එකේ වෙන කෙනෙක්ට තුරුළුවෙලානේ…

මල් කැඩුව තරම්…
පොල් කැඩුවානම්…
දැන් හොයලා බන්…
මන්… කෝටි ගණන්…

අද මගෙ ගතසිතවටකර රාටින් පිරිලා…
එයා ආවේ එදා රෝස පාටින් ඇඳලා…
රෑට ඩේටා දාගෙන මල් මීටින් තියලා…
දවසම වලි මන් හවසට වේටින් කියලා…

මල් කැඩුව තරම්…
පොල් කැඩුවානම්…
දැන් හොයලා බන්…
මන්… කෝටි ගණන්

written by Sanjeew Lonliyes

කලීෆා | Kalifa by Sanjeew Lonliyes [2020]

කැනබීස් සුවඳ වත් ඇවිස්සෙන පපුව
මතකයක ඇවිද්දයි රත් දෙතොල් හැපුව,
සායමෙන් තෙත් කලත් නැසෙයි රූ සපුව
යූස් කල කෙනෙක් නෑ ආභරණ නැතුව

දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම හඬනවා කලීෆත් දවසක්..

සයනයක මියැදුනත් හිරි ඔතප් සිරුරූ
මියැදෙන්න දෙන්න බෑ ප්‍රේමයේ සමරූ
ඉටිමලක් දිය කලත් දැවෙන ගත කුරිරූ
අහන්නට කෙනෙක් නෑ ඇගේ දුක වැතිරූ.

වැළකෙන්න සිව් පවින්
මොකද කැඩුනම එකක්,
කැකුළක් රකින තරම්
නොවේ ලොව්තුරු පිනක්.

දරාගෙන වේදනා උහුලගෙන හිටියත්
රහසේම හඬනවා කලීෆත් දවසක්

written by Sanjeew Lonliyes

lyrics,doja cat lyrics,paint the town red lyrics,syrebralvibes,doja cat songs,paint the town red doja cat lyrics,doja cat paint the town red lyrics,doja cat live,doja cat,pop music,doja cat new song,paint the town red,paint the town red doja cat,doja cat music,paint the town red doja,doja paint the town red,doja cat tiktok,doja cat paint the town red,doja cat reaction,pop,doja

අපිත් යනවා | Apith Yanawa Dawasaka by Sanjeew Lonliyes

අතින් අල්ලන් -ඉතින් අපි යන්
ජීවිතේ නම් – තණග බිදුවක්
නුබේ සෙනෙහේ-තරම් කිසිවක්
දැනිලනම් නෑ -කවදාකවත්

කදුලු ඇවිදින් ඇති-දහස් වාරක්
හීන මල්ලම මග – දිගට හැලුනත්
හමුවෙමු අපිත් -වැලපෙමු අපිත්
හිනැහෙමු යලිත් අපි – සැනසෙමු යලිත්

මඩේ පිපුණා – අපේ ආලේ
හුගක් දැනුනා මට -උබේ තාලේ
ඉඩ දියන් දැන් – හරි අපේ කාලේ
නුබයි සියපත් මල-චාම් බෝලේ

අපිත් යනවා දවසක – ලී කූඩුවේ
එතෙක් විදිමූ අපි -මේ ජීවිතේ//
හිනැහෙමු අපිත් අද -අපෙ පාඩුවේ
නුබයි තහනම් මල -මගෙ ලෝකයේ

written by Sanjeew Lonliyes

lyrics,doja cat lyrics,paint the town red lyrics,syrebralvibes,doja cat songs,paint the town red doja cat lyrics,doja cat paint the town red lyrics,doja cat live,doja cat,pop music,doja cat new song,paint the town red,paint the town red doja cat,doja cat music,paint the town red doja,doja paint the town red,doja cat tiktok,doja cat paint the town red,doja cat reaction,pop,doja

වෙඩිම | Wedima by Sanjeew Lonliyes [2021]

ඇඳට වඩා අපි පාරෙදි හම්බුනා
අහුමුලුවල අපි හැමදම සෙට් උනා
බෙන්ච් හොය හොය පාර පුරා තැම්බුනා
ගන්ඩ හිටිය මගෙ වෙඩිමට කෙලවුනා

අපෙ ලව් එක පාර පුරා හිට් උනා
Fb එකේ මන් පෙම් කුමරෙක් උනා
පද අහලම මට හොඳටම ඇති උනා
බඳින්න හිටියට අපි අද වෙන්වුනා

ඇස්වහ වැදිලද ලව් එක දෙල් උනා
පැණි හඳ පෙනි පෙනි අපි අද වෙන් උනා
උඹේ වෙඩිමට අද මට එන්නට උනා
තරු පෙනි පෙනි උඹ පෝරුවෙ හිනැහුනා

written by Sanjeew Lonliyes

lyrics,doja cat lyrics,paint the town red lyrics,syrebralvibes,doja cat songs,paint the town red doja cat lyrics,doja cat paint the town red lyrics,doja cat live,doja cat,pop music,doja cat new song,paint the town red,paint the town red doja cat,doja cat music,paint the town red doja,doja paint the town red,doja cat tiktok,doja cat paint the town red,doja cat reaction,pop,doja

කඩදාසි බට | Kadadasi Bata by Sanjeew Lonliyes [2021]

කඩදාසි බට වලින්
ආත්මය අළුකරන්
තාත්තලා පෑගුවා මරු වැල්
සිල්පරන් කොට උඩින්
පරවුනා කළුවරේ

මල්… හීන මල්…
මල්…… හීන මල්…..

මොන්ටෙරෝ බණ අහන්ඩ
හන්දිවල සුදු ඇඳන්ම
කලු එව්න් මහ ගොඩක් සෙනඟ පිරුනා

හැමදාම කෙම්මුරට
කපුරු පෙති ඇවිලුවාට,
දෙවියන්ට වත් බලන්ඩ … අමතකවුනා
දෙවියන්ට වත් බලන්ඩ… අමතක වුනා

කැලණි පාලම හැදුනා
කළුවරේ… ම, ගිලුනා
මහ පාරෙ අපේ උන් ඇල්වතුර බිව්වා

රාජ බෝජන ගිලීන රිදී හැඳි සද්දය..ට
මේස රෙදිවල උනත් බඩගින්න නිවුනා
මහ පාරේ අපේ උන් ඇල්වතුර බිව්වා

written by Pathum Wedagedara

lyrics,doja cat lyrics,paint the town red lyrics,syrebralvibes,doja cat songs,paint the town red doja cat lyrics,doja cat paint the town red lyrics,doja cat live,doja cat,pop music,doja cat new song,paint the town red,paint the town red doja cat,doja cat music,paint the town red doja,doja paint the town red,doja cat tiktok,doja cat paint the town red,doja cat reaction,pop,doja

බැක්සයිඩ් එකියක් | Backside Ekiyak by Sanjeew Lonliyes [2022]

තහනම් ගහේ ගෙඩිය රහ වැඩිලු කොහොමත්
හිතේ පැටලෙන්නේම අවලංගු රෙද්දක්
රජෙකුටත් හිටියාලූ හදවතේ රැජිනක්
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්

හැමදාම කන හොද්ද තිත්තයිලු පොඩ්ඩක්
හීනියට ලෙවකන්න තිබ්බා ලුණු මිරිසක්
රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක්
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්

පැටවුන්ට රජවෙන්ඩ උරුම නැති බිරියක්
දිලිසෙන්ඩ ඔප දාපු ඒ කරුම බුරියක්

රජෙකුටත් හිටියාලු හදවතේ රැජිනක්
එයා අන්තඃපුරේ බැක්සයිඩ් එකියක්

written by Sanjeew Lonliyes

lyrics,doja cat lyrics,paint the town red lyrics,syrebralvibes,doja cat songs,paint the town red doja cat lyrics,doja cat paint the town red lyrics,doja cat live,doja cat,pop music,doja cat new song,paint the town red,paint the town red doja cat,doja cat music,paint the town red doja,doja paint the town red,doja cat tiktok,doja cat paint the town red,doja cat reaction,pop,doja

හෝව් හෝව් | How How by King Lotuss [2023]

මට කණාගාටු නැති එක තමයී ඌට කණගාටූ
දාන්නෙපා මට චාටූ
චාටර් නම් තමයි උබලයි රඟපෑම වෙද්දි මාට්ටූ
ගලවල දැම්මා ලාටූ

නිදි සත්තුන්ට දීපල්ලා ඉන්ට
මගේ වචන සැර වැඩි පොඩි ලමයින්ට
කොලිටි නැති උන් එක්ක ගණුදෙනු නැහැ ආයේ කොලිටි තියෙන්නෝන පිරිමින්ට

ආ තව දෙයක් ඇත පැව සීමට
දෛවෙ ප්‍රහාර නම් එව්වා මට වැනසීමට
මේ චිත්‍රපටෙ ඇත තව දේ වීමට
මොනා උනත් පිරිමි එක්ක ගැටෙන්නෑ මං ගෑණුන්ගෙ කීමට

ඈත් වෙද්දි බොහෝ දේ වැට හෙනෝ
මගේ දැලේ එක එක සත්තු පැටලෙනෝ
මොනා උනත් මම සිනා සෙනෝ වගේමයි
මම අම්ම දෙනෝ කිව්වොත් තාත්තා ගහේ බැඳල හරි අම්මව දෙනෝ

පෙනුමෙන් නම් ආලවක
හැසිරීම පහලවක
වගේ උන්ට තිත තියලා
එකේකා නිසා මම පැටලුණා කුණ්ඩ වාල වල
හිතුවෙ ජෙනුයින් කියලා

හෝව් හෝව් උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන්
හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් //

හෝව් හෝව්
තුති සැමටම අසාසිටී
උන්ට දුක මගෙ වැඩි නිසා කැපෑසිටී
හම්බෙමු අපායෙදී ගන්නෙපා ලේසියට
මාව නම්ම ගන්න වෙන්නෙ නෑඩො අර වේසියට

හරි හරි මොනාද ඔට්ටූ
පරවුණත් දුක නැ මොකද උන් තව පොහොට්ටූ
මීටර් කිව්ව උන්ටත් දින තිබුනා ශෝට් වූ
අරුන්ට නම් උනේ තණ්හාව ගැහුව නෝට්ටූ

ඕන උනේ ගන්න මට තිබ්බ උණ පතුරා
වැඩක්ද රහසින් මතුරා
මට සෙසු චරිත කරන්න අමාරුයි එක්කො මම මේකේ වීරයා එක්කො හතුරා

මූණ බලාගත්තාද
නෑනෙ මුසා බස් වාද
කලින් යාලුවෙක් හිටියා ස්තූතියි ඒ ගැත්තාට ලැට් පෝච්චිය වගේ කලින් කෙල්ල මල් පෝච්චියක් වගේ භාරගෙන බලා ගත්තාට

හෝව් හෝව්
රැප් නෙවෙ මචන් මොනාදොය විගඩම
කමා දාන්නෙපා මෙතන තිතටම
මං නිදාගන්නව ඇහැරුවොත් ඌ නිදාගනීවි දිගටම

උන්ගෙ නම දියමන්තී වැඩ දමයන්තී බන්
හෝව් හෝව් මගේ යකාවේස කරන්නෙපා ඒ යකාට පාඩුවෙ ඉන්න දීපන් හුthතො //

written by Ashan Perera