කීව දේවල් | Keewa Dewal by Sewwandi Sachinika ft. DILU Beats

හැකිනම් මම සිටීනෙමි
මේ කාලයේ රැදිලා
දැනටත් මා ඔහු කෙරේ වූ
ආලයේ බැදිලා

කීව දේවල් හීන වේනම්
අවදි නොම වේ මා
නුඹ සදේ නම්
නුඹේ හදේ මං
වළාකුලු සේමා

විදිනා හිදිනා යාමයේ
විදිනා විදිනා ජීවිතේ
දැනිලා දැනිලා
නෑ තැවුල් මට
නෑ මෙතෙක් දැනිලා //

හීන දුන් රෑ
ඒ සුගන්දේ
කුමරු රලු වන්නේ නම් නෑ
තහනමක් නෑ තහනමක් නෑ
ඇයට නුඹ මග හැරුමට බෑ

සැලුනාවේ ඔය අඩවන් දෙනුවන්
මා සිපගන්නම්
දැනුනාවේ මාගේ පෙම්වත් ගීතය
මා හිතවත්නම්

කීව දේවල් හීන වේනම්…

විදිනා හිදිනා යාමයේ…//

written by Ashan Perera

Tracka Panapu Heenayak by Dinesh Gamage X Hana Shafa

ට්‍රැක පැනපු හීනයක්
දුක මරපු ලෝකයක්
අපිට නෑ සෝකයක්
සංවේගයක්
සංතාපයක් //

සතුට විතරයි උරුම
ඔට්ටු නෑ පෙර කරුම
කිට්ටු වෙයි සැප පරම
අද හෙටම ලග ලගම //

ට්‍රැක පැනපු හීනයක්…

මේක ලොකු ට්‍රිප් එකක්
නෑ මෙතන ට්‍රික් එකක්
අපි එකම ක්ලික් එකක්
එක ක්ලික් එකක්
රස චිල් එකක්
දිග කිස් එකක් //

ට්‍රැක පැනපු හීනයක්…

written by Asanka Sayakkara

tracka panapu heenayak mp3 download,tracka panapu heenayak,dinesh gamage new song,dinesh gamage songs,dinesh gamage,tracka panapu,hana shafa,hana shafa new song,gimhanaye pawela,sinhala teledrama,samanthabadra song,mala kada kada song,para dige 547,mala kada kada,meka loku trip ekak,new sinhala songs 2023,munindrayanani,munindrayaneni,sinhala new songs,chandi kumarihami,nadagama,sandamali,dayas song,eighth grade,hana new song,kolam kuttama,sadamali

දඹුලු සුළඟ | Dambulu Sulanga by Dilshan G ft. Tharindu Damsara

රෝස පෙති වල පාට මැකුණා
ලිවූ කවි පද බොඳව පෙනුණා
කඳුළු හැමවිට වැටුණු තැන් වල
අහිංසක මල් හීන පිපුණා
අයිතියක් නැති අයිතියක් ගැන
හිතේ හරියට හීන තිබුණා

නුඹේ නෙතු ගැන ලිවූ කව් ගී පිරුණු කඩදහි හුඟක් තිබුණා
තිලිණ කළ රතු රෝස මල්වල සුවඳ පවනේ එතී තිබුණා
නුඹේ හසරැල් මැවී අහසේ සිතින් මා දුර ගිහින් තිබුණා
දෙනෙත් විවරව බලද්දී
ඝණ කලුවරින් නුඹ වැසී තිබුණා

ලොවම සැතපුණු අඳුරු රෑ නුඹ පුරුදු උණුහුම සොයනු පෙනුණා
දඹුලු සුළඟට වඩිනු කියමින්
ලැගුම්කුටි දොර විවර කෙරුණා
සසර තුරු පෙම ඇසිල්ලක එක
යහන මත අමතකව තිබුණා
දුටුව හැම සිහිනයම අළු වී
මගේ පා මුල විසිර තිබුණා

written by Dilshan Gamage

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,sinhala songs,hansi sandamali,chamara,ruhunuketha dammadewa,new sinhala songs,numba nomathi dihawaka,dasa hari kansiyen,sasthara,sadakalika premayknam,thiyunuwan prabuddika,sadakalika,nadisha liyanarachchi,hithalu,ridmila mendis,kontha tharueli,lanka dilrukshi,lihiniyo,wara mala,sri lanka,dhammadewa,kasun kalhara,romeo,sanjula himala,kalpana kavindi,awileema,mandodari,ruhunuketha

ප්‍රේම මුද්‍රාව | Prema Mudrawa by Ishan H ft. Tharindu Damsara

බමන තුරුපත් සෙලවුණත්
මදනලක් හා නැලවුණත්
නොයයි සියොතුන් වළාකුළු විත්
සුළඟ සැඩයැයි නම් කළත්
ඇය නොඑන බව සැළවුණත්
රතු රෝස මල් මැළවුණත්
අප්‍රකාශිත බලා හිඳුමකි
ප්‍රේමයක් යැයි නම් නොලත්

ගුහාගත සිත වන වැදී සැඟවී
අවර්ණව මල් පෙති හැලෙයි හළුවී
අන්ධකාරෙක දෙනෙත් නොහැරම
අන්ධකාරෙට ඉඩ හරින ලද
මේ ශෝක නිද්‍රාවයි

ශිලාවක සටහනක් මෙන් ලියැවී
හුදෙකලා ආවර්ජනා පෙලකී
තනිව සරනා සිතක මුමුණන
ඇය නිසාවෙන් සිහින අමුණන
මේ ප්‍රේම මුද්‍රාවයි

written by Ruhunuketha Dhammadewa

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,sinhala songs,hansi sandamali,chamara,ruhunuketha dammadewa,new sinhala songs,numba nomathi dihawaka,dasa hari kansiyen,sasthara,sadakalika premayknam,thiyunuwan prabuddika,sadakalika,nadisha liyanarachchi,hithalu,ridmila mendis,kontha tharueli,lanka dilrukshi,lihiniyo,wara mala,sri lanka,dhammadewa,kasun kalhara,romeo,sanjula himala,kalpana kavindi,awileema,mandodari,ruhunuketha

බෑන සමනළේ | Baana Samanale Indapan by Tharindu D

කැලණි ගඟේ ඔරු බලන්න
බෑන සමනලින් බහින්න
සීත ගඟුලේ බැස ඇවිදින්
ගං දිය තුල කිමිද එන්න
සමනල් ගිරි මුදුන් නමැද
සමන් පිහිට රැගෙන ඇවිත්
ගං ඉවුරේ ලෑලි ගෙවල්
අතර බෙදා දී හිඳින්න

මහ සයුරට තව දුර නෑ
ගැඹුර තවත් ඒ වගෙ නෑ
ගං මෝයට ගොඩක් මෙහා
ලුණු රසයේ අඩුවක් නෑ
රස බලන්න දැන් පින නෑ
දිව ගාන්න හිතන්නෙපා
මහ ඉස්පිටිතාලෙ ඇඳන්
පිරී ගිහින් ඉඩක් නැතා

දිය දෝතක් බොන්න හිතා
ඉන්නවනම් සීත නිසා
යන්න යලින් සිරිපාදෙට
තාමත් දිය ගුණ ඇතුවා
කී දොහකට එහෙම වෙයිද
අපිනම් දැන් දන්නැතුවා
බෑන සමනොළේ ඉඳපන්
කැළණි ගඟේ ඔරු නැතුවා

written by Sahampathi Weerasuriya

tharindu damsara,tharindu,damsara,ithin a hamadema,sinhala songs,hansi sandamali,chamara,ruhunuketha dammadewa,new sinhala songs,numba nomathi dihawaka,dasa hari kansiyen,sasthara,sadakalika premayknam,thiyunuwan prabuddika,sadakalika,nadisha liyanarachchi,hithalu,ridmila mendis,kontha tharueli,lanka dilrukshi,lihiniyo,wara mala,sri lanka,dhammadewa,kasun kalhara,romeo,sanjula himala,kalpana kavindi,awileema,mandodari,ruhunuketha

මා අමතක වී | Maa Amathaka Wee by Chamara Weerasinghe

මා අමතක වී යාවී
දුරු රට ගියදා නුඹ මා හැරදා
මා අමතක වී යාවි
කාලය හිමිහිට පියඹාවී
කෙදිනක හෝ අප හමුවේවී

ලොවට හොරා සැඟවී රහසේ
සැනසුනි නම් මා නුඹ තුරුලේ
මගෙන් නොලද රැකවල් මැද්දේ
පාළු කියයි නුඹ තනි යහනේ

මටත් හොරා ඉකිබිඳ රහසේ
නැවතුනිනම් නුඹ මා තුරුලේ
මෙවන් මිහිරි හැඟුමන් දෙහදේ
රැඳී තියේවිද හෙට දවසේ

මා අමතක වී යාවී //

chamara weerasinghe song,chamara weerasinghe songs,chamara weerasinghe,chamara weerasinghe song collection,chamara weerasinghe songs collection,chamara weerasinha,chamara songs,old sinhala songs,sinhala old songs,sinhala songs,#sinhala_new_song,parani sindu,old sinhala songs collection,#old_sinhala_songs,sinhala sindu,#parana_sindu,#sinhala_songs,beautiful songs,best sinhala old songs collection,sinhala old songs collection,sinhala song collection

ඇස් තොල් සේදිලා | As Thol Sedila by Randhir Witana [2023]

දග කරනා නෙතිනා
බද පද්දා හර්දේ ගිල්වන්නා
සද මිදුලට ආවා
තරු අල්ලේ පා
ඈ නලවන්නා
මන බදිනා රුවිනා
විල කලඹා දිස්නේ පාවෙන්නා
වැලි කතරට ආවා
දිය ඇල්ලේ පා මා නහවන්නා

ඇස් තොල් සේදිලා
දෑලේ සිරවෙල

තරු කැටයේ මියෙනා
මද අදුරේ සිත්තම්
දැල්වෙන්නා
හද සුළියේ ගෙතෙනා
පද වැල්ලේ පා
ඈ රසදෙන්නා
මන හදුනා රදවා
දිය වැලකින් මත් වී
ගිල්වන්නා
යලි සිහියට ආවා
හදුනන් නෑ සේ
ඈ නැලවෙන්නා

ඇස් තොල් සේදිලා
දෑලේ සිරවෙල

හමුවෙනා දවසේ
සද දියේ පා කලේ
නො⁣හදුනනා
පසුතැවෙනා
සිහින නෑ දුටුවේ සදා

written by Kusala Vidanapatirana

ප්‍රේමයේ සෘතුවේ | Premaye Irthuwe by Kasun Kalhara [2023]

ස්වේත හීනෙක දැවටෙනා
නිහඬතාවය කෙළවරේ
අන්ධකාරය බිඳී
යළිත් අප
හමුවේවී
ප්‍රේමයේ
සෘතුවේ
හමුවේවී
ආදරේ මුසු වූණ
මධුබඳුන් ඉතිරුන
නුරාගී චුම්බන දාහසක්
දෙතොල් මත තවරා
ප්‍රේමයේ
සෘතුවේ…. හමුවේවී…//
ස්වේත හීනෙක

වසන්තේ මියැදුන
මිලින මල් කොඳුරන
ආදරේ පවතින මොහොතක්
ආයෙමත් ළංවී
ප්‍රේමයේ සෘතුවේ …. හමුවේවී…//

written by Charith Senadheera

kasun kalhara,songs kasun kalhara,kasun kalhara new,kasun kalhara song,kasun kalhara songs,kasun kalhara music,kasun kalhara videos,kasun kalhara mal mitak thiyanna,mal mitak thiyanna kasun kalhara,kasun,kasun kalhara official audio,kasun official,kasun sinhala song,naada yaathra,kasun 2023,kasun song,naada,mal mitak thiyanna,classical song,mal mitak lyrics,mal mitak,sinhala new songs,mal mitak thiyanna lyrics,sinhala new videos

Ran Samanala Joduwa Wage by Ranjan Ramanayake

රන්‌ සමනල ජෝඩුව වාගේ
අපි දෙන්නා මේ මල්‌ පාරේ
පාසල්‌ ගිය කාලෙ හිතේ නැදෑද ඔයාගේ
අද ඇයිදො මේ තනියම යන්නේ
මං එනතුරු නැද්දො ඉන්නෙ…

මූන කැතයි කියලා ඔයාගේ
බොරුවට මම කියපු චෙලාවේ
තරහා වෙලා යන්න ගියා
දැන්‌ සතියක්‌ ගෙවිලා ගියා
අදවත්‌ ඇයි හිනා නොවෙන්නේ
හෙටින්‌ පස්සේ නිවාඩු කාලේ…

වෙනදට උදයම මැයි ගහ අද්‌දර
මග බල බල ඔබ ඉන්නවා එනතුරු මා
දැන්‌ ඔයා කිපීලා පාරේ යනු බලාලා
වේදනාව හිතේ පිරෙන්නේ
ආයෙත්‌ නෑ විහිළු කරන්නෙ…

රන්‌ සමනල ජෝඩුව..

සෙල්ලම ලෙල්ලම වෙනබව නොදැනයි
මේ වගෙ ළමයො මම නම්‌ විහිළු කලේ
ඇයි අශොකමාලා ඔය වාගේ කොපවීලා
ඉක්මනටම වයසට යයිනේ
නැත්ද ඔයා මේ බව දන්නෙ…

රන්‌ සමනල ජෝඩුව…

ඔබ හින්දා නම් | Oba Hinda Nam by Dhyan Hewage & Chamel [2023]

පේන කියනා..අසා නැති හීනෙක මා හා
ඒද නුබ හා…තබා ගිය උනුහුම ඈ හා
ඈත ඇදෙනා…පාලු හිත මා….
තාම දැනෙනා.. ඈම නොරැදී මා හා

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං – නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් – නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං – හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් – යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

හේතු මිදුනා…ලියා නැති ගිව්සුම් සේමා
මාද මියුනා…මගේ නැති පෙමකට බැදිලා
පෑව සිනහා…තාම හිත මානේ දැවටේමා
යාවි නුඹ හා…හීනයක දැවටී මා…

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං – නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් – නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං – හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් – යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

තාම හිත රිදෙන්නා කඳුලින් – කීව දුක නිවෙන්නා
මාගෙ ලඟ රැදෙන්නා පණමෙන් – ආදරය විඳින්නා

පායන්නේ සේයා…එ හීනේ දෝ කාරණා
ආයෙත් මා ඈ හා..වී ආදරේ පාරා ගලා
වෑහෙන්නේ ආශා… පාවී යාදෝ වේදනා
ආලෙන් ඈ මා හා… පෙම් වින්දා ලංවී මෙදා

ඇය හින්දා මං – නුබ නොදකින්නේ නම්
ඇති හින්දා දැන් – නුබ මේ මාවතම මා එක්කමද
සැනසෙන්නේ මං – හද නොතැවෙන්නේ මං
ඔබ හින්දා නම් – යලි විඳිමී සුවය ජීවේ නුඹ නමින්

written by Buddhi Sandeepa & Dhyan Hewage