රූ ධාරී | Roo Dhari by Dilki Uresha [2023]

මා දෑ දකී ඒ රූපේ

මා හර්දේ ශෝබන ගංගා
වෑහේවී ආලය හංගා
දෑසින් පානා හී සැර යැව්වා

මකරන්දේ සාරය ගිල්වා
ආශාවේ මා සිත දල්වා
සේයාවන් ඔබගේ මං සෙව්ව්වා

පායාවී සද ඔමරී
ඒ යාමේ තරු ඇඹරී
රූ ධාරී වන බබරේ
මන කැලඹිලා රගනා ///

හර සාරේ දෙපසේ පේනා
මනසාරයි නාදය ඇසෙනා
මං ආසයි හීනේ ලං වෙලා
මනලෝලී කෝමල සේනා
රන්දෝලී නර්තන ගේනා
නුඹ මාගේ නේදෝ යාවෙනා

සරාගී සලුපටලාලා
බලාවී ගත සොලවාලා
නුරාගී ප්‍රේමා මුලු රෑ
මත්වීලාදෝ මෝරා

පායාවී සද ඔමරී ///

written by Lasitha Jayaneththi Arachchige

dilki uresha new song,hithakin dilki uresha,nasunata mage dilki uresha,dilki uresha new music video,athakin dilki new song,nasunata mage dilki new song mp3,athakin atha gilihenna dilki new song,athakin atha gilihenna,athakin atha gilihenna new music video,aluth sinhala songs

කැකුලි | Kakuli by Costa x Tikx Kooda [2023]

තවරන්නට මාල කරේ මන්
සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්,

හිනාවෙලා දාන නුබේ බේගල්
කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්දා තොට මාව අන්දවන් බෑ

නුබ ඉස්සරහින් බලන් හිටියේ කව්රු එනකම් දෝ
මම පිටිපස්සට හුරු උනොත් ඉස්සරහින් එන්නෑ බ්‍රෝ
මට මේවා දිරවන්නෑ බ්‍රෝ
මට බේගල් ඕනෙම නෑහ්
මට වෙන ගෑනු නැත්තෙත් නෑ

ඉග පද්ද පද්ද තව ගස්ස ගස්ස නුබ
පාරයි සිත අස්ස අස්ස
මගේ ගාව නෑනේ ලොකු කාසි බාග නමුත්
කරා පුලුවන් හෑම දේම
නුබ නිරුවත් මම නම් නෑ.
මගේ සිත ඉරුවත් මට කම් නෑ

තවරන්නට මාල කරේ මන්
සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්

හිනාවෙලා දාන නුබේ බේගල්
කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒක හින්දා තොට මාව අන්දවන් බෑ

දබ වන් ඇගේ මාල කරේ රන්
හිත ගන්නට තාම පොරේ මන්
නුබේ අත හිමි වෙන්නෙම මට නම්
නටන්නම්කෝ වන්නම් දහ අට වන්නම්

හිත අස්සේ මේ පාලු මකන්නේ
රෑ තව හීනෙන් ඇවිත් මගේ හිත ගත්තේ
සුරගනක් පේනා සුරලොවින් ගේනා
නෙරිය පද්දන තාලේට මල්ලි නැගෙනා

මල් වාරේ මල් නෑ
රෑ අහසේ තරු නැ
මන් ගාවින් ඉදන් ඈ//

තවරන්නට මාල කරේ මන්
සෙව්වේ කැකුලියක් බැද්දගමින්
මම එන්නේ පස්සෙ දෙරෙන් නම්
ඇයි බලන් ඉන්නේ නුබ ඉස්සරහින්
හිනාවෙලා දාන නුබේ බේගල්
කට ඇරියොත් කිව්වේ නුබ කේලන්
කොන්ඩේ බැන්ද චීනෙක් නමුත් කොන්ඩේ නෑ
ඒ හින්දා තොට මාව අන්දවන් බෑ

written by Prathap Costa & Tikiri Samaraweera

සිතිවිලි නිම්නැති | Sithivili Nim Nathi by Sandeep Jayalath [2023]

සිතිවිලි නිම් නැති කළඹවනා
සුසිනිදු හුස්මක පහස දෙනා
හසගන ඇසි පිය ගසන පමා
නෙතු තිර පැටලෙන ලගට වෙලා

ආයෙත් ආයේ දෑසින් දෑසේ
සිහින සරා සද
තාලෙන් තාලේ හීයෙන් හීයේ
සලිත කලා ගත….//

ලග දැවටෙන තැවරෙන
උමතු නුවන් විල
සියොලග නැලැවිලි
සුසුම් සලා..

බැදි දෙවගන හිත පිරි
රෝස යහන් සිරි
හදවත හසුරන
සිහින මවා

සොයා සොයා
මගනොහැරම
රටා මවා
සිනා සුසුම් පොද

ආයෙත් ආයේ දෑසින් දෑසේ
සිහින සරා සද
තාලෙන් තාලේ හීයෙන් හීයේ
සලිත කලා ගත….//

written by Kusala Vidanapathirana

husma oya sandeep jayalath,sandeep jayalath new music video,#nurawee #sandeepjayalath #nuraweeremix,nurawee dasa gassa,husma oya download,magei obagei (husma oya 2),mage husmath oya wela,husma oya,husma oya mp3 download,nurawee dj,husma oya song download,husma oya music download,sinhala songs,nurawee remix,nurawee cover,husma oya song lyrics,husma oya song,sirawee,nurawee,husma oya remix,husma oya alvin version,husma oya song mix visual

සරුංගලේ | Sarungale by Ridma Weerawardena ft. Nipuni Herath

ආදර පවනයි සිත්මල පොපියයි
ජීවිත කතරයි බාධක පවුරයි

ප්‍රේමය සසලයි හදවිල කැළඹෙයි
පවනේ හැරයයි නිලඹර පාවෙයි

කාලය ගතවී දෙලොවක තනිවී
වියරු බසින් අසන්
කවුදෝ නුඹ..සරුංගලේ

දෑසත් බැඳුනා මුවමල දුටුදා
ආලය ගැලුවා හදවිල උතුරා

ආලය පැතුවේ රාගය තවරා
නුඹ නෑ කිසිදා සිතුවිලි අතගා

කාලය ගතවී දෙලොවක තනිවී
වියරු බසින් අසන්
කවුදෝ නුඹ..සරුංගලේ

මා සිත නුඹ ළඟ කිම මා අමතක
පාළුව තනිකම පාරයි මා නෙත

හදවත පාරන අතීත අන්දර
පවසයි නුඹ හිත පාරපු අන්දම
කවුදෝ නුඹ..සරුංගලේ

written by Savindra Madushan

ridma weerawardane,ridmaw,ridmadw,ridma,imzys dance crew,nisal gamage,amazing voice,sobana,acoustic singer,sri lanka,srilankan vocalist,naadhagama,bollywood songs,imzys,hindi,senanga dissanayake,sobana(සොබනා),bollywood

ඔහොම පපුව | Ohoma Papuwa by Sanjeew Lonliyes [2023]

කූඩුවක් හදමු අපි හැමදාම නෑ කළුවර
ප්‍රශ්න ඵන තරමටනෙ ජීවිතේ ලස්සන

බණ පොතක් වගෙයි කරගැට පිරුණු අත් දෙක
මට මාව පෙන්නන්නෙ බොර පාට ඇස් දෙක

වහන්නට එපා කිසිදාක උඩ බොත්තම
ඔහොම පපුවක් දකින්ඩ ඕනෙ ඔක්කොම

රන්මාල හරි බරයි ගලවලා සෙස්සම
සැහැල්ලුව පෙරා ගමි ඇට මාල අස්සෙම

රස්තියාදුයි තමයි, අපිළිවෙළ ලස්සන
දිනය දුර නෑ නේද ඇවිත් මා උස්සන

මැරෙන කල් ඉමු මෙහෙම, ප්‍රේමයක් එච්චර
ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර…..”

ඇත්තමයි මං ආදරේ විඳල නෑ මෙච්චර
තව ගොඩක් දේ එයා කිව්වා
පිළිකාව එන්න ඉස්සර

written by Sanjeew Lonliyes

මං තනියෙම | Man Thaniyema by Anjith Kuruppu [2023]

කල්හාර මල් පා වුනාවේ
හන්තාන මං ගාව කීවේ
තුරුමල්ගොමුවේ
සරනින් මාගේ
තනියෙන් හිදිමී සැනසී

මං තනියෙන් වාගේ
ආලේ දැනුනේ
මං තනියෙන් ආලේ 
කෙරුවේ
නුඹටම බැදිලා මා රහසේ
නුඹටම නොකියා ගැයූ ඒ ආලාපේ

ආදරියේ
නුඹ සොයනා තරු නෑ දවාලේ

කොහි යන්නද 
සැනසෙන්නද කියපං මට හීනෙන්
හිත හිතම හිත විදින වාරේ
කවුලූ වහගෙන මම අදුරක
ගුලි වෙන්නම්

මංතීරු ගානේ
මං තාම පාරේ

ආදරියේ…

written by Lashika Rammandala

anjitha kuruppu,anjitha,yuki new songs,new song2023,asthawra,yuki nawarathne,lashika rammandala’,yukibeatz,yuki beatz,yuki yuki navaratne,tharindu damsara,dhanith sri,charitha attalage,sachith peris,lahiru perera,yasas madagedara,yuki beatz,supun perera,kasun kalhara,prathap,aurora,maniya,harshadewa,vimukthi dilshan silva,shashika nisansala,umaria,ravijay,anushka udana,ridma weerawardana,iraj,ratta,bns

හාදු දීලා | Haadhu Deela by Ambroz ft. Dinul & Yasheelee [2022]

Ambroz Presents
හාදු දීලා ආයෙ (Yeah)
මා පා කලා අහසේ (Okay)
හාදු දීලා ආයෙ (Yeah)
මා පා කලා අහසේ (Let’s go)
What a sweet energy
Do like what I see
අන්නාසි පැණි දොඩම් and ice tea
Sunset you and me
A date feel like dream
ඒ හාදුවේ උනුහුමින් මා රත් වී
නිලං කාර වී
පියුම් පිපේවී
On my head on my soul
And every where I see
උන්මාදයෙන් කී
වදන් දැනේවි
What a day what a feel I call it lovely (Let’s go)

ලන්තෑරුමක් වී දිලේවි
නුඹ පපුතුරේ (Alright)
මන බඳින රූ සොබා එක්වී
හද කිති කැවේ (Let’s go)
ලන්තෑරුමක් වී දිලේවි
නුඹ පපුතුරේ (Alright)
මන බඳින රූ සොබා එක්වී
හද කිති කැවේ (Let’s go)

හාදු දීලා (Yeah)
හාදු දීලා
හාදු දීලා (Let’s Go)

හාදු දීලා ආයෙ
මා පා කලා අහසේ
හාදු දීලා ආයෙ
මා පා කලා අහසේ (Let’s go)
හා හා හා හාදු
වැස්සේ මා තෙමුනා
හා හා හා හාදුවේ
හා හා හා හාදු
වැස්සේ මා තෙමුනා
හා හා හා හාදුවේ (Let’s go)

Yeah yeah
That’s right
Whoa whoa
Yeah yeah
Let’s go

ලවන් ස්නේහ වර්ෂා
නෑ නවතා
තව අයදී හද මා
හැඟුම් නොදැක සීමා
මට කීවා
හද මත්වී ආශා
නුවන් දිලේ මා හා
අභියස මා
සුරතේ දැවටීලා (Yeah)
වලාකුළේ නැගිලා
පාවීලා
සඳ ඉවුරේ රැඳුනා

හාදු දීලා (Yeah)
හාදු දීලා
හාදු දීලා (Let’s Go)

It’s just you and me
In this wonderful dream
Going back and forth පහත hill street
Not worrying about bills
She making me all chilled
I’m the one you want, baby can’t you tell?
Let me honest on our first date
You’re the one I want
Got no time to waste
Come over here girl
Don’t be all shy
I ain’t gonna stop till I make you mine (Whoa)

හාදු දීලා (Yeah)
හාදු දීලා
හාදු දීලා (Let’s Go)

හාදු දීලා ආයෙ
මා පා කලා අහසේ
හාදු දීලා ආයෙ
මා පා කලා අහසේ (Let’s go)
හා හා හා හාදු
වැස්සේ මා තෙමුනා
හා හා හා හාදුවේ
හා හා හා හාදු
වැස්සේ මා තෙමුනා
හා හා හා හාදුවේ (Let’s go)

written by Devin Waduge

ඇයි නපුරු | Ai Napuru by Shihan Mihiranga [2023]

ඔබ දන්නවනම් මගෙ හිතේ තියෙන දුක කොයිතරම්
වෙන්නෙ නෑ නපුරු ඔබ මට රිද්දන මේ තරම්
හිත තැලුණා මට ඇඬුනා වාවනු බෑ තවත්
මම ඉවසන්නම් නුඹ මගෙ හිත තේරුම් ගන්න කල්

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

ඔබ හිනාවෙන්න මම දරාන ඉන්නම් මගෙ දුක
හිත පාරන පාරන වාරක් පාසා නොදැනිම
නුඹ රිදවා මට හදාගන්න බෑ මගෙ හිත
මට නොතේරෙන්නෙ මම ඇයි තව ආදරෙ ඔබටම

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

හද දැවුනා
පලුදු වුණා
නුඹට හොරෙන් මට ඇඬුනා

ඔබ දන්නවනම් මගෙ හිතේ තියෙන දුක කොයිතරම්
වෙන්නෙ නෑ නපුරු ඔබ මට රිද්දන මේ තරම්
හිත තැලුණා මට ඇඬුනා වාවනු බෑ තවත්
මම ඉවසන්නම් නුඹ මගෙ හිත තේරුම් ගන්න කල්

written by Shihan Mihiranga

හාදුද ඕනේ | Haduda One by Umaria [2023]

මාගෙන් හැගුම් හොරකම්
කලා නුඹ
හීනෙන් පවා මා දැන්
නුඹේ ලග
කාලෙන් මදක් සගවා
තබා සිත
ආලෙන් වෙලී හුරතල්
තමයි හොද

කෝ නුඹේ සද මං
වස්සානෙ අග ආ
…kal ලෑරෙ ලෑරෙ හා
වැල්ලෙ නුඹ හා
නිරන්තරෙන් මං
පිං ලාරෙ ලරෙ හා
පාලු මකා මේ ආ…හාදුද ඕනෙ

සිහිනෙට නෙක නෙක අදහස් හදා
ගෙන ආවේ එක එක
නෙතු ඇස් වසා
ආවාද සතුටින් ම
හැරදා දවස්
ප්‍රේමෙට විවරන පෑ යෝජනා
මේ කාලෙ නිති යනවා යාත්‍රා
ඒ පවස නිමන මාත්‍රා
හිත අදින්නම් නුඹ ගැන තා
මද්දපු මද්දපු හෝරා

කෝ නුඹේ සද මං…..//

written by Lasitha Jayaneththi Arachchige

ආලෙන් | Aalen by Hirushi [2023]

නෑ සංවේදනා
මා සිත පුරා
පෑ රැගුමන් නිවෙයි
ඔබේ නෙත් මානේ

මායාවක් නෙවෙයි
ගීයෙන් මා කලේ
ලා හැගුමන් තමා
මා පුද කලේ

ආලෙන් ආලෙන් තමා
මා සිත් යාකලේ //

රෑ තුන් යාමයේ
ආ සිහිනේ
දෑසේ සැගවීලා ඉන්නේ කෙසේ
චායාවක් ලෙසින් දගකම් කලේ
මා මතකෙන් වැටී
කදුලේ දිය වුනේ

ආලෙන් ආලෙන් තමා
මා සිත් යාකලේ ///

written by Hirushi

hirushi jayasena,hirushi new songs,hirushi rap god,hirushi game of thrones,hirushi kathirina,hirushi santhosey,hirushi rap,sri lanka new songs,hirushi,sri lanka trending,tvderana music program,sayane,sayane mp3 download,pasan liyanage,sri lanka,trending sri lanka,game of thrones sri lanka,derana,jbl sri lanka,abans sri lanka,tv derana,yashodha adhikari,hiru,music,trending music,me jeewithe ma dutuwa de,sinhala,sinhala pop music,entertainment,lanka