යාළුවෝද යාළුයිද | Yaluwoda Yaaluida by Dinesh G ft. Romaine W

යාලුවෝ නිසා forward වෙන්නත් බෑ
Frendzone එකේ වැටිලා ඉන්නත් බෑ
I just kiss my best friend trend නුත් නෑ
මෙහෙම ගියොත් I love you අහගන්නත් බෑ

යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ //

Heartbreak එකට දැන දැන යන්නත් බෑ
Mind fuck වෙවී psycho ගහලත් බෑ
කිව්වොත් වචනය ආපහු ගන්නත් බෑ
Maybe maybe not here
කියලත් ඉවරයක් නෑ

යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ //

My bestfriend නැති කරගන්නත් බෑ
Loves me / loves me not
කියලා දැන් ඉවරයක් නෑ

යාළුවෝ යාළුවෝ
අපි යාළුයිදෝ යාළුයිදෝ //

written by Dilshara Jayamanna

සිංහල වෙදකම් | Sinhala Wedakam by Maduwa [2023]

මෙන්න කැඩිච්ච හන්දි හොඳ වෙන්න සිංහල වෙදකම්
ඉදිමුන්ණෑ ඉන්නේ තාමත් පොළොවේ
උබෙයි මගෙයි වෙනස පොඩ්ඩක් හිතලා උබ බලපන්
දුප්පත් වුනත් හිත පොහොසත් නෙ මගේ
රෑට බීලා කෙල්ලොන්ට කැමති කියලා උදේ බලද්දි මං
Sorry, වෙච්ච දේවල් මතක නැතේ
එළියට බැස්සොත් හවස ගෙදර එන්නේ කීයටද ?
අපේ ඔරලෝසුවේ වෙලාව නැතේ

සුනාමී වගේ පැත්තක් කඩන් හෝදන් මං ගියා
රස්තියාදු කොල්ලෙක් යන්නෙ ඩිසෙන් පැත්තක තියා
රැප කරේ තියන් බර දරන් උස්සන් මං ගියා
නැතිවුනත් කිසිදෙයක් වෙන්නේ බොක්කෙන්ම හිනා

රස කරලා කැව්වා මුන්ට රැපෙන් කටක්
රස වැදිලා ඉල්ලන් එන්නෙපා මගෙන් හෙටත්
එක වගේ ඩෝ, වෙනස් වෙන්නෑ මං තිබ්බත් නැතත්
පිම්බොත් විසිවෙයි ඇඟේවත් නෑනේ කිලෝ 60ක් මුන්ගේ

තාත්තා නැති බං අඩුව, අම්මා දුන්නා බං කරට
අතේ තියන දේ දාගන්න, මුන්ට පින නෑ කටට
මේකේ අඩුව තේරෙන්නේ අපි ගියපු දවසට
මොන තරඟද තොපි එක්ක සෙල්ලමක්වත් නැතුව

කරේ එල්ලෙන්න හදන්නේ අතරමං වෙච්ච කෑලී
වේලෙන අපිටත් ඕන දෙයක් බං
අපේ පේලි ගනන් සල්ලිවලට ගන්න බෑනේ
ගෑණු චරිත මුන් පිරිමි වුනත්

උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම,
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා,
මෙව්ව නම් අහලා
උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම,
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා,
මෙව්ව නම් අහලා

මේ වචන රස බලන්න මේ වර
උබෙයි මගෙයි එකම පාට තියෙන්නේ ලේ වල
කිව්වේ නම් ගමෙයි නම කිව්වොත් තද Place මට
ගංජා කියලා දීලා රවට්ටලා මුන්ට තේ කොළ

සිංදු කරන්න සල්ලී තිබ්බෙ නෑ ඒ කාලේ
ගියා බස් එකෙ අපි ගිනි දවාලේ
කරේ මං චිත්‍ර ඉස්කෝලේ කාලේ
සංගීතේ කොහොම ආවද මම දන්නෑනේ

මං සෙල්ලක්කාර කොල්ලෙක් කියන දේ අහපු නැති
රෑ නින්දත් අල්ලලා අපි දවල්ට බං නිදි
මං එදා ගත්තු තීරණ ගැන සතුටු වෙනවා
අද මම ඇවිත් ඉන්න දුර බලද්දී

අද බදින්න ඉන්න වගේ couple නම් අපිත් දැක්කා
කියන්නෑ මැරුවත් එකෙන්ම රහස් මං රැක්කා
වදින්න මුකුත් නැද්ද කියලා මගෙන් අහද්දි
කොලයක් එක්ක බඩු ඔතන්න පොඩ්ඩක් දුන්නා

මුකුත් නැතුවම තැනකට ආවේ, සිතියමේ මැද දිලිසෙයි දැන් නුවර
තණ්හාවනම් බදාගෙන කෑවේ, ලේ දුන්නට බෑ මොල දෙන්න
තිබ්බ වැරදි මං හදාගෙන ආවේ, එකා පස්සෙන්ම බෑ ඇවිදින්න
කටහඬ අපි තමයි කොල්ලෝ පාරේ, සංගීතේ නැතුව බැහැනේ හුස්ම ගන්න

උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම,
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා,
මෙව්ව නම් අහලා
උඹලා ආසම දේ අරන් ආවා මං ආයෙම,
තව රස කරලා
අපේ තාල නම් අල්ලන්න පිස්සු කෙලින්නෙපා,
මෙව්ව නම් අහලා

written by Maduwa

කියවපන් අඩුවේන් | Kiyawapan Aduwen by King Lotuss [2023]

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

හරි හැටි මේක ගැන දැනුමාක් නැති උන් ගිනි තියනව වගේ හනුමා
කිව්වොත් කිව්වෙ වගකීමෙන් නැත අනුමා න කරල අපි තමයි තිබ්බෙ දිනුම් කනු මාක්

Yow ඉල්ලූව රැප් මෙන්න
කිව්වෝතින් ඇත්තෙන්ම
සත්තු හැම පැත්තෙන්ම
ආවා ඩෝ හැප්පෙන්න
කැස්සේ දුම් ගැස්මෙන්ම
ගාය හද ගැස්මෙන්ම
ඕනෙ කිව්ව රැස් මෙන්න
දෙන්නම් මං පැද්දෙන්න ගැස්සෙන්න වැස්සක් සේ සිත්ගන්නා ෆ්ලෝව්ස්
අපේ පරිමාව ගත්තොත් තොපි ඕවඩෝස්
මගෙ සින්දු අහන්න දෙන්න එපා ගෑණිට ඇහුවොත් මල් අහන උබව කරාවි ඩිවෝස්

රැපෙන් සැපක් ගේන්නම්
උබලට ඕන තරුවක් වගෙද ආ එහෙම පේන්නම්
තේරුම් ගනින් කියන දේන් මං
කැරියා කිව්වට ගානක් නෑ ඉතින් මම කොහොමත් කැරියෙක් නේන්නම්

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

අබ කාලා මොලේ දන්නගත්තා
ලඟ යාලුවො චේන් පන්නගත්තා
තිබ්බ සල්ලි වලින් කන්න ගත්තා
මොකද අමතකයි කෑම බඩේ පණුවෝ කෑ ග හන්න ගත්තා

ආස වරද හා බැඳෙන්න
මල්ලිලා ප්ලීස් එපා මේ අපි වගෙ හැදෙන්න
කැටපෝලෙ පවර් පස්සට ඇදෙන්න ඇදෙන්න
දෙන්නම් බන් සංගීතේ උබට පැද්දෙන්න ගැස්සෙන්න

පුටු සෑහෙන්න හැදුවා අටුවෙන්
මං ගත්තේ අමාරූ තීරණ ඒකෙත් බාගෙට බාගයක් පටුවෙන්
ගේමක් දීලා ආවේ වට වෙලා තිබ්බ කොටුවෙන්
සැපේ ඉද්දි උන්ගෙ ඇහැට ඇන්නා වගෙ කටුවෙන්

දූවිලී වල සුවද හොයපන් මොකටද AC
කරදර යනු කෑම නම් ආවා පුරවල බන්දේසී
කැරියන්ව එලවල දැම්මා වගෙ ලන්දේසී
තොපි රැප් කියන එක නවත්තපන් ඒක තමා ලේසී

මල්ලී මේ කියනවනම් කියපන් ඇත්ත ජීවිතේ ඇත්ත දේවල් ඇත්ත විදියට ඒක තමයි ගැම්ම
දෝණී එලියට බැස්සොත් හොඳ කරවන්නම් ඇම්ම
කැඩුවා ඇතුලෙදිම බැම්ම නෑනේ කොන්දේ නැම්ම

මගෙ සිතුවිලි අතරින් සොයන්නෙ මගෙ ඇඟ ඇතුලෙ හිටපු සංවේදී කෙනාව
මම පොඩි කාලෙ ඉදන් දක්ශයි ගානට විකුණන්න තට්ටය තියන උන්ටත් පනාව
සීතල පෙති Heroin හුත්තවල් ඕනෙ නෑඩො ගොඩගන්නෙ හිපොප් කලාව
තොපි මගෙ ලමයි coz ima motherfucker වරෙන් එක්කන් යන්නම් පාරෙ රැප් තක් සලාව

කියවපන් අඩුවේන්
කොස් කොටන්න තියන් මොකටද කඩුවේන්
රස්නේ අල්ලපන් අඬුවේන්
යශෝදරා ගති හොයන්නෙපා මචන් ලොකු කරන් දාර බඩුවේන්

කියන්නෙපා අඩුවේන්
හැබැයි කියවද්දි කියවපන් අඩුවේන්
මැදුර ට ආවෙ මඩුවේන්
උබල මඩර් ගහල වගේ දැගලුවෙ වැටුන කේරල ගංජා නඩුවේන්

written by Ashan Perera

උන්මාදෙන් | Unmaden by Shehani Kahandawala ft. DKM [2023]

මීදුම් දුමාරෙන්
ඈතින් පේන යායේ
නිල් පාට දෑසින්
මානම් මත් වෙලා

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා

සීතලේ වෙලීලා
මා හා ඔබ තනිවී සදා
මා ලගින් සිනාසී පායා
හිද ගුලිවී සදා

මීදුමෙන් වැසීලා
සේයා නුඹ සිහිනේ මවා
ආදරේ සොයාලා පීරා
තව සිහිනේ සදා

ආදරේ කරන්න බෑ බේබේ
මම සති අන්තයේ
කවුද මේ ලේඩී
කියා බලා උන්නේ නුඹ දිහා
දුර ගමනක් යමු අපි කවුලු වහලා

මේ වාහනේ ස්ක්‍ර්ට් ස්ක්‍ර්ට්
දාලා යන්නෙ බ්‍ර්ස් බ්‍ර්ස්
අද ලේලන්ඩ් එක්ස්ප්‍රස්
සහ මම නුඹ දිහා බලා
හොද කරගන්නම්
මේ වයිරස් උන

ෆෙන්ටි දාලා
ගුචි දාලා ඇදන් ඉන්නේ මං
මේ පුංචි හදවත ගුචි කරලා පින්සලෙන්
හදවතේ සිතුවමක් ඇදන් ඉන්නේ මං
ශෙයි ඔයත් එක්ක යන්න ඉන්නේ ලෝකෙවටේ දැන්

සොයමින් උන්මාදෙන් ලංව් මදහසින්
තනිවී ගුලිවී ඉන්නම් ආලේ මුලාවී
මන්දාරමේ ලන්දූ
ආලේ සොයාවූ
ආලෙන් මත්වී ඉන්නම්
ජීවේ පුරා
මං ලංවෙලා//

written by Didula Tharusara

සිලිලාරේ | Sililare by Sajitha Anthony [2023]

වැද හමන මඳ පවන් විඳ
දිගු නෙරිය පට දෙපට කොට බලා
වට මට සිළිටි වටොර පිට තබා
රන් පෙඳක් සදිසි සුර සිරියාවි සොයා
ආවෙමි බොහෝ කල් ගෙවා
දුර නොදුර නොබලා නොඅසා මිහිරාවී

සිලිලාරේ මල්පාරේ ගංතීරේ
ඇවිදින්න ඕනේ
මංදාරේ ලංකාරේ
හීන් සැරේ විඳගන්න බෑනේ //

නාදලු පිණි මුතු කැකුලේ
නිල්මිණි සර නෙත් සඟලේ
පොරිමල් හිනැහෙන දෙතොලේ
ආදර තොඳොලක් තෙපලේ

මල් මදේ පැඟිරි නුරාවේ
ආදරේ මිහිර ගෙනාවේ
සංහිඳේ උකුල් තලාවේ
රන් බඳේ වැතිරෙන්න ආවේ

written by Jackson Anthony

sajitha anthony,jackson anthony,sanuka wickramasinghe,sanuka wicky,sajcreations,natu natu song,ajith kumar,new zealand national cricket team,akurata yana welawe,raigam tele awards,perawadanak,aurudu songs,api eka rane,sirilaka piri awurudu siri,saragaye,jaya siri,sansarini,hiru mega blast 2023,jaanu 2020,nadeemal perera,kawadiya,sl vs nz,nadagamkarayo,gejji gigiri sadde,sara,wayo

හිතේ උපන්නී | Hithe Upanni by Amisha Minol [2023]

රූබරියේ දිලෙනා
නිල් සඳ රැස් විහිදා
මා හා හිත් අහසේ ආවා පායාලා
මේ අත් අල්ලාලා ඉන්නම් ළඟට වෙලා
තුරුලේ දෙනුවන් පියෙනා

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනත් දී
හුරතලෙන් හාද වී ආලේ පාවී

වාරම් ගයන්නී – තාලම් වයන්නී
කෝලම් කරන්නී ඈ රුවත්තී
ළමැදේ ලගින්නී – ශෝකය නිවන්නී
සැනසුම් සදන්නී මා සිතැත්තී

හේ… ලස්සන කෙල්ලේ
ඔයා දැක්ක දා ඉනාවක් දැම්මා මල් වාගේ
ම්… ඔය රූපේ මගෙ හිත් පතුළට වැදිලා
මකන්න බෑනේ
දැන් මගෙ අතේ ගිටාරේ එන්න
මං වයන්නම් ඕන ඕන තාලේ
පන්සිළුගේ වීණාවට දෙවෙනි නෑ දැන්
මං වයන්නේ ආසම තාලේ
දැක්කම දෙනුවන් ඈ, සිත් අහසෙම පායපු සඳකි ඈ
මාගේ හිතේ ඔයා Trending 1 ඈ, කෝලම් කළ ඇස් දැක්ක
රාගෙන් මත් වුණු මගෙ හිතම දැව්වෙ ඈ.

ඈ මගෙ හිතේ උපන්නී
සඳ කුමාරියක් වී
මල් කඩා හැලෙද්දී මා සනසාවී
ඇස් කතා කරාවී
තව හීන ගෙනත් දී
හුරතලෙන් හාද වී ආලේ පාවී //

written by Lasitha Jayaneththi Arachchige

රථගාය | Ratha Gaya by DJ JNK x Moniyo [2023]

සද්දෙට ගහගෙන බීට් කටර් කොල්ලො යන්නේ රීන් ගාලා
Front bumper rear bumper වගේ කෙල්ලෝ ක්‍රීම් ගාලා,
අල්ල කසයි සතේ නැතත් රජ වංශෙන් හීන පතා,
ඕන එකක් මෙහේ නතින් සියේ පාරේ සීන් දාලා

Benz audi civic prado මසරාටි පස්ස ඩෝ
Bmw කොර නසරානි ෆෙරා ලැම්බෝ,
බ්රර්… බුගාටිද Jaguarද cruiso,
King defender යකා වගේ තම ප්‍රාඩෝ,

රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//

පාර ගියොත් ආස ඒවා හැරි බලයි දෙපාරක්, කෝ
ලයින් කරගෙන ඉන්න හීන පස්සේ යන්න සිපාරක්, හෝ
බැරි නෑ ඩෝ අපේ එවුන්ට ගේමක් ගහනෝ මක්කලත් සෝ
කාරි නෑ ඩෝ කට්ටක් කෑවට පස්ස පොඩ්ඩක් රත්කරන්

පින්තුරේ 100ක් ගත්තොත් කාර් 98ක් ගැලරියේ,
පොතේ රින ශේශේ කෝටි ගණන් හීන පැටලියේ,
බිංදු ගාන පොඩි මැරීලබන් ගන්න සැලරියෙ!
ලසා තමා කාර් උන බෝකරේ කරලියේ

ටාගට් එක ඔලුවේ ෆුල් ටයර්ඩ් වැඩ හැමදාමත්,
තප්පරයක්වත් නිකන් ඉන්න දෙන්නෑ අත පය තාමත්,
ඒ හාමත් වෙන්නෑ, නාඩි වැටෙනකන් කවදාවත්
කෝමෙන් කෝමහරි පියාබනෝ අපි තටු නාවත්!

ඒ…. සද්ද එපා මාගම්පුරින් බස්සනෝ ට්‍රැක්ස්,
අපි ගැන දන්නෝ කොල්ලෝ කෙල්ල දෙන්න Claps,
පොඩ්ඩක් කූල් වෙන්න කන්න මෙන්න ගන්න හැක්ස්,
එක ගානේ ටොකු දෙන්නම් නැති වෙන්න රැස්

රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//

පිස්සෙක් වුනා ,හිත්වල තිබ්බ හීන එක්ක රත ගාය අතිච්චාදෙං
බාදක මැද්දෙං දුවං ආවේ වැටෙනෝනං වැටිච්චාදෙං
ගෙදරින් ඇනුම් බැනුම් දෙදරුං කෑවේ ⁣කනේ ⁣අපිච්චාදෙ
අප්පා කිදේ නාහපු එකා හැදෙනෝ නං හැදිච්චාදෙං

ඔවු මම පුංචි කාලේ දැක්ක සුභ හීන පස්සෙයි
හඹායන්නේ
දැකුම් කලු ලස්සන ගංගා බාදක මැද්දෙන් තමා යන්නෙ
ඉක්මන කොටයි (හැබැයි) ප්‍රමදේ පසුතැවිල්ලක් තබා යන්නේ
ලඟ පිකප් ජෙට් ඇංජින් පෑගුව ගමන් බබා යන්නේ

අමාරුවෙන් සල්ලී දීලා ගත්තේ මේවා පාගල යන්න
පදින්නාස modify කාර් Body එලියට පුම්බලා පැන්න
හිච්චි කොල්ලේක් ඩිස් කියං සෙල්ලං ආයුද පෙන්නලා බැන්න
සුපර් සෙන්ටර් පිහි නෙමෙයි මුවහත කම්මලේ මන්න

මනා සැපේ හිනා දාගන ජනා යන්නෙ මොනා දාගන
දඩ කොලෙයි පෑනයි උස්සං Trapic සාජන් බලායි පනා
කඩ පොලේ , ටිකට් කූඩුවෙත් හීන ලොක තානා දාගන
වැඩි කොලේ අතේ තියං ඉන්නාසයි මං ගොනා දාගන

රතගාය කොල්ලොන්ටමේ රතගාය
මරවිසේ හැදුනාම හොදෙ වෙන්නේ කවදාද
රතගාය උපතින්ම රතගාය
රෝද උඩ වැඩදාන අපෙව් උන්ට හෙන ගාය//

written by DJ JNK X Moniyo

මටත් කවියක් | Matath Kaviyak by Kasun Kalhara [2023]

යනව නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න​
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න​

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න​
අපේ ආදර කතාවේ
කෙටි පටුන පෙති මත ලියන්න​
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න​

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න​
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න​

written by Dr.Asha Abeysekara

kasun kalhara,kasun kalhara new,kasun kalhara songs,kasun kalhara videos,kasun,naada yaathra,kasun 2023,naada,classical song,sinhala new songs,sinhala new videos,official video,acoustic songs,songs,music,matath kaviyak,kasun kalhara nonstop kasun kalhara,songs kasun kalhara,kasun kalhara mal mitak thiyanna,mal mitak thiyanna kasun kalhara,kasun,mal mitak thiyanna lyrics,mal mitak lyrics,mal mitak thiyanna,mal mitak,mal mitak thiyanna raspet,kasun kalhara songs,kasun kalhara nonstop,best of kasun kalhara

මෝහිණී | Mohini by SANUKA ft. Master D [2023]

මාගේ සුදු නෝනේ
ආලේ බැඳි තීගේ
හර්දේ මට ඈතයි දැනුනා
ඇයිද තව නාවේ
කවුද බොරු කීවේ
වෛතාල කාලෙත් ගෙවුනා //

අතදරුවා වඩාගන්නට දීලා
නුඹ කොහෙද ගියේ යන්නට මැණිකා

මැදියම් වෙලාවේ
නුඹමයි සොයාවේ
දුටු තැන ආලෙන් බැඳුණා
නුඹගේ මුලාවේ
මං පැටලුනානේ
අද තනි ඇහැටම ඇඬුණා

පාළු ගුරු පාරේ
රෑක යන වේලේ
මාගේ බරබාගේ කැඩුණා
හන්දියක අයිනේ
දිස්නේ දෙන රූපේ
දෙව්ලියක වාගේ පෙනුනා

අතදරුවා..
මැදියම් වෙලාවේ..

අඳුර වැටෙද්දි ගලයි තනිකමයි
රෙද්ද අන්දන්න කවුරුත් නැති ළමයි
බැලුවේ නැහැ මං උඹේ කනකරයි
උඹයි මෝහිණී මහසෝනා මමයි

අන්දර යාය ළඟ ගින්දර වාගේ උන්න
සුන්දර ලන්දා මගේ පණ
බෙන්තර ගඟෙන් එහා මන්තර වැඩක් නෑ කොල්ලෝ
ඔක්කොම ගෑණු යක්කු කොර

ඝන අඳුරැ කළු සේනා කෙල්ලේ නුඹේ මලට පරවේ
ගැලු රුධිර කොපුලේ තෙමාගෙන හිත් සලිත කෙරුවේ

අම්මපා ගංතෙරේ ඇවිද්දා අපි මරු
බලා උන්නා හඳපානේ ඒ තරු
කම්මුල් දෙක රතු වෙද්දි ඒකත් මරු
උඹ වගේ කෙල්ලෙක් හොයන්න බෑ රළු

අතදරුවා..
මැදියම් වෙලාවේ..

සුදු සාරි දුන්නේ මමයි
රන්මාලේ බැන්දේ මමයි
බොට මාව මතක නැද්ද මෝහිණී
ඩයිපර් මාරු කෙරුවේ මමයි
ළමයා නැලෙව්වේ මමයි
බොට මං හොඳ වැඩියි තමයි මෝහිණී

written by SANUKA & Master D

සොබනා | Sobana by Ridma Weerawardena [2023]

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

නෙලනා මල් දෙවැනි වන රුවිනා මල් කුමරී
නොයමී නුවරට මා නොයමී
වටිනාකම් රකිමී සියොළඟ මා පෙම් පුරමී
දනිමී පෙර අත් බව හුරු දනිමී
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
පිටවාන් දමන හැඟුමේ තනියේ

පිපුනානම් හැඩවී හද විලෙහී පෙම් මල වී
සුවදයි කුමුදිනියේ මගෙමයි
අපි අයේ හමුවෙවිද කවදා මං නොදනී
පුදුමයි.. හිත මුමුණයි ඔබ ගැනමයි
තව ඉන්න හිතෙනා වැව්බැම්ම මත මා
හාදු තියමි සුළඟට තනියේ

නීල නයන කරකා මාව මගැර බලනා
සොබනා මුනිවත රකිනා
හබළකි වැව සිඹිනා තාලෙට දිය බිඳිනා
සොබනා මුනිවත රකිනා
සොබනා ඔරුවක මල් පුරවා
මල් කුමරුට පිටුපා ඇදුනා

written by Nisal Gamage