හමනා සුලඟේ | Hamana Sulange by Ajith Bandara

හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේ
රෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේ
වනයේ වන මල් අතරින් මට දැනුනේ
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා

උමතු වී වැලි කතරේ දිය බිදක් සොයමි මා
සීත නිම්නෙක තනිවී උණුහුමක් සොයමි මා
උමතු වී වැලි කතරේ දිය බිදක් සොයමි මා
සීත නිම්නෙක තනිවී උණුහුමක් සොයමි මා
අහිමි සෙනෙහස අරුමය මා කොතරම් සෙව්වත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ මිරිඟු මහ සාගරේ

හඩන හිනැහෙන හදවතින් ඔබ මට දැනුනත්
හැම කදුලක හැම සිනාවක නුඹ රැදුනත්
හඩන හිනැහෙන හදවතින් ඔබ මට දැනුනත්
හැම කදුලක හැම සිනාවක නුඹ රැදුනත්
අරුත නොපෙනෙන මිරිඟු සාගරේ කිමිදුනත්
අවසානයක් නෑ මා දුටුවේ
මිරිඟු මහ සාගරේ.. මිරිඟු මහ සාගරේ

හමනා සුලඟේ සිසිලස අස්සෙන් මට හැඟුනේ
රෑ අහසේ තරු රටා අතරේ මට පෙනුනේ
වනයේ වන මල් අතරින් මට දැනුනේ
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා
ඔබේ මේ සෙනෙහස නොමියෙයි කියා

දූවිල්ලෙන් තිලක තියන්න | Duwillen Thilaka Thiyanna by Ajith Bandara

දූවිල්ලෙන් තිලක තියන්න
උපන් බිමේ දූවිල්ලෙන් තිලක තියන්න
කිරුළ යටින් ඔබේ අතින් සිරස පැලැන්දුව
මගෙ නළලත තිලක තියන්න

ප්රිය සාද කොපුල් කඳුළු සුසුම් හුරු මට ගම්දොර
මල් පෙති සීතල නෑ දෙපයට පෑගනු ගින්දර
කිරුළ මොටද සිරස නොවෙද ඔටුන්න අප
ඔටුන්න අප ලද ඔටුන්න මා ලද

ගංගාව පෙරට ගලා ගියත් උල්පත පසුකර
ඒ උල්පත ළඟ දණ නමන්න
මට ඇති අවසර අප කාට ගයන්නද මේ ගී
අපෙ ලොව අයිති ඔබට මිස මගෙ ලොව අයිති ඔබට මිස

සොඳුරිය | Sonduriya by Costa x Big Doggy x Master D [2022]

සොදුරිය කාලය කොතරම් නපුරුද
කාලය කොතරම් නපුරුයි ද
අද කාලයත් එක්ක වෙනස් වෙලා මචං
හුගක් දේවල් අද
ඉස්සර මම සයිකලේ පැද්දේ
වෙල මැද
අද වෙල නෑ හදලා උසාවියක් ඒක උඩ
අම්මයි මායි ඉස්සර යනවා කැලේ හයික්
දැන් කැලේ නෑ මායිම් ඇදලා ඉඩම් වලට ෆයිට්
කාලයත් පස්සේ එද්දී ගමට බැහැලා වලින් ෆ්ලයිට්
කොල්ලන්ට මාර සික්, කස් උන්ගේ පොකට් මාර ටයිට්
කාලයත් එක්ක වෙනස් වෙලා තමයි රට
රට කොයි පැත්තට ඒක තමා මට මචං සැක
කේමදාස සර්ගේ මේ සිංදුව මම දැක
හිතුනු දේවල් මම ලිව්වේ ගුලිවෙලා කොනක ඇද

කාලය කොතරම් නපුරුයි ද
ඇදිරිය වැටිලා එලි වෙද්දී මේක හරි යයි ද
අපි වගේ දැන් කාලේ ලමයි ගුටි කයි ද
කාලා ගුටි හොටු පෙරන් මුං බුදියයි ද

වැසි වැහැලා නාය ගිහිං මේක කෙලවෙලා
අනවසරෙන් බං ගෙවල් දැන් ඉදිවෙලා
අව්වේ සැරට අපේ රට යයි කරවෙලා
වැස්සක් වැස්සම ගං වතුර අපි හිරවෙලා
නිදාගන්න හිතෙනවා මට දැන් ගුලි වෙලා
හීන පේනවා මං කුරුල්ලෙක් වගේ මං ඉගිලිලා
ලස්සන රටක් මේක අපි පුතේ කෙලවලා
කාලයත් එක්ක මෙන්න මේ දේවල් දැන් වෙනස් වෙලා

සොදුරිය කාලය කොතරම් නපුරුද

මචං පෙරියමුල්ල හන්දියේ මාව බස්සන්න
සල්ලි නැතුව හොර පාරෙන් මාත් ගියා පන්න පන්න
ඉතුරු එපා මල්ලී ඒවා තියාගන්න
පුලුවන් උනොත් ආයෙත් එන්නම් දවසක බලලා යන්න
අතේ සල්ලි නැති කාලේ ලැග්ගා කඩපිල් ගානේ
විදවද්දී කරුමේ සතුටක් නෑ පෙනතෙක් මානේ
මම ඇදපු චිත්‍ර පාට කලේ මගේම කදුලෙන්
ඇන්ටා සදහටම ගියා බන් එන්නම් කියලා වරුවෙන්

කටුවපිටියේ තනි රැක්කේ මිනියක් තව මිනියකට
පන දුන්න යාලුවෝ සාප කල රැවටීලා කතිරෙකට
මල බතත් ඉව්වේ පල්ලියේ අපේ කරුමෙකට
එයාලා දැන් සාන්තුවරු සමරම හැම නත්තලෙම
චින්ති ලියමු නාරි අපි ආයෙත් හැමිල්ටන් ඇල ගාව
දුර ගියත් අපේ මිතුරා මැරෙනකම් ඌ අපි ගාව
ප්ලේන්ටිය ගහලා හදපු සිංදු කොතරම් සොදුරුයි ද
ආස උනත් ගන්න බැරි කාලය කොතරම් නපුරුයි ද

සොදුරිය කාලය කොතරම් නපුරුද

හිටියා එකා පිට එකා වැටිලා අපි අපි
එකා පරයමින් එකා ගියා තනතුරු තැවි
තව එකෙක් හීන වලින් පුරවද්දී උගෙ ගති
මතින් උඩගු ගතින් දැඩිව දිව්වා රට අපේ කටින්
හෙළ යුද්දේ ඉවරයි දැන් ඇහෙන්නෑ දකුනේ විලාප
රජා ඇන ගැහුවා සෙනග මැද ආස නැති කලාව
තමන් තර වෙන්න කැහැ රට කලේ මරාල
ඇය පිපෙන මලක් නොතියා පෑගුවා පරාග

කට කකිය කකිය කියූ කවියක
රාමුවක් කොහෙද උඩින් වඩම්මපු අවියක
ඉන පටියක් ගෙලට තද කැල දැරියක
රාජෝ හරනං රාජෝ හරනං වැඩි කුටියට
අපේ සිගිති පැටියා ලොකු උනා හිතපතුලෙන් ද
බීම බටය නොවෙයි කූඩු හැදුවේ බට පතුරෙන් ය
එදා වගේම මගේ රට නම් තාම එකතැන් ය
වෙනස් නොවෙන මේ කාලය හෙටත් නපුරුයි ද

සොදුරිය කාලය කොතරම් නපුරුද

බණ්ඩාර අයියේ | Bandara Aiyye by Ajith Bandara

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

මැණික් ගඟෙන් වතුල් තැටිය අත ගා බැලුවා
බණ්ඩාරේ නුඹේ හිත දැක්කයි මම හොඳ හැටියට
මධුමලියේ නුඹේ සෙනේ තරම දැන ගත්තයි මම
මේ මැණික් ගඟේ රැලි නැගෙන්නේ නෑ ඒ තරමට

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

ලොකු මුදලක් දී නොගත්තාට පූජා වට්ටිය
දෙවියන් ඉටු කර දේවි සංසාර පැතුම් පෙල
ඉල්ලන්න නොවේ ආවේ දෙවියනි නුඹ ගාවට
මොනවත්ම එපා අපි දෙන්නට තියෙනවා සෙනෙහස

බණ්ඩාර අයියේ මේ පෝයට කතරගමට යං
දෙවියන්ගෙන් ඉල්ලන්න නොවේ වැඳලා එන්න යං
මධුමලීගේ ආශාව නිසා එහෙනම් අපි යං
පහුගිය දොහේදි වෙච්ච භාර යළි සිහි කරමින්

මගේ රටට | Mage Ratata by Sanath Nandasiri

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

දළදා මැදුරේ රන්කොත මුදුනේ
මිණි කිරණින් මුළු රටම අවදි වේ
දෙදහස් වසරක මහරු අතීතය
සීහ තේජසින් යළි පිබිදේ

මගේ රටට දළදා හිමි සෙවණයි
මගේ දැයට දළදා හිමි සරණයි
සැපතින් සපිරුණු නිවහල් දෙරණයි
උපතින් මා හට මේ හැම උරුමයි

මෙතැනම වේ දැය එකලෙස බැඳුණේ
සිත් තුළ බිය සංකා දුරු කෙරුණේ
සමිඳුන් සෙවනේ ජය දද බැඳුනා
ජය බෙර වැයුනා ජය ගී ගැයුනා

මගේ රටට දළදා හිමි සෙවණයි
උපතින් මා හට මේ හැම උරුමයි

හැරගිය දා | Haragiya Da by Savindi Sithmini ft. Sanka Dineth [2022]

ඇස් ඇහුවෙම නෑ අදත්
හිස් වෙනවද වෑහුනත්
දස් කිව්වට මා උනත්
දිස් නොවුනෙද ස්නේහයක්

හිත් බිඳුනාම කැඩුනාම
මං විතරයි හැදුවේ ම
ප්‍රේමයේ නාමයෙන්
එය දැනුනාද දැනුනාද
නුඹ විතරයි දන්නේම
මගේ ආදරේ ඒ තරම්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

ඇස් ඇහුවෙම නෑ අදත්
හිස් වෙනවද වෑහුනත්
හිත් බිඳුනාම කැඩුනාම
මං විතරයි හැදුවේ ම
ප්‍රේමයේ නාමයෙන්
එය දැනුනාද දැනුනාද
නුඹ විතරයි දන්නේම
මගේ ආදරේ ඒ තරම්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

කඳුලු කඳු මැද නිම්නයේ
නිමුනාද ඒ සුසුම් දියේ
මතක හිරි කඩ සාගිනේ
අත් නොහැරුන වස්සානයේ
ඉතිම් අපේ රහස නෑසි ගියාවේ
වැසී ආදරේ සිහිනයන්

හැරගිය දා සදා සිහිවේ
හිත රිදෙනා නිසා ගමනේ
මතු පතනා සිනා සසරේ
ඔබ යනවා දවා සිහිනේ

විස්සයි විස්ස | 2020 by Momo The Rapper [2021]

ගිණි ඇවිලුණු බෝපත් සතරක
මැද මහ ලේ උනු වෙන සිත් මිස
අසිපත අත නැති කේසරයකු
නැත අන්ද මන්ද තනි උන උන් හිත් ලන
ගිනි ගන්න පිණි වැටෙනවා ධාර්මික
දැන් නම් මතකයි අපි අපෙ ජාතික
පිංසර හිත ගත ලත වෙන මනසක
කලුනික හොයනවා බොලා උන් හැමතැන
මතකෙට එන උප්පැන්නෙක ජාතක
ඉපදෙනකොට වැටෙනවා බොල නාමික
එදාපටන් හිතින් හිතන් අපි වැලලුනෙ
උන් දුන්න නිර්නාමික නාමික අවජාතක
කඩු කිණිසි කුමට තව මැරුමට තවකෙක්
ගැන නොහිතන නිරිසත් බව මතුරන්
පඩි නැගි නගින උන් අදින බිමට දමා
පාගල හිනා උනා නේද සකි දැන්
නිවටකමක සිංහ හම පොරවන්
උබ කරවයි දැන්නම් රජකම් සිරිකම්
දැන් මතකෙට මේ අපෙ ජාතිය
අපි නේද රකින්නෙ,මේ රට අපෙ නම්

රට ගැනද කතාන්දරෙ
වවං කාපු උන්ද රට කලේ
කතාවක් නැතිද මහජනේ
කෙලවෙල ඇයිද තව ඔහේ

ලක් ජන හිත ඇති මගෙ මාතා
පල් වෙනකොට දුක සැප අපෙ බේරා
බොල් වෙන පාලක හිස් බොල් මනසා
කරුමය අරුමය ලෙස උව පැමිණා
නිරුවත වහ ගෙන කට ඇරගෙන
වල් පල් දොඩන් බදන් සබදකම් මැද
මුල අමතක උනු විලි වියලි සංගෙට
සදාචාරෙ වැටිලද කබලෙන් ලිපටම
පට්ටම වටේට උගෙ පටි පට්ටන්තර
නැතිකම මුලට ඇගම විකුනන්නට
ගැල්වුනු රෙදි සරං ඇදං චීත්ත කාලෙට
අන්දන් ඇදන් ගැලවියන් හෙලු හෙලුවට
ඇසුරට සුරට සූදූ සුරාමේරෙට
මතුරට කරට කරවටක පතුලට
ඇසෙනට සරණයි සවනට පිහිටට
මගුලට බරට කරවටක දේපල
ජෝති පලාපල නක්ෂ නක්ශස්ත්‍ර
අපලෙට බෙල්ලට පිත්තල තහඩුව
නැත්තම් භාරය දෙයියන්ට යක්කුන්ට
තව අවුරුද්දයි උන් කිව් ආශ්චර්‍යෙට
මුලට මැදට හැමදා පුරානෝක්තියක්
සකල ජනන් හට වෙනවනෙ විහිලුවක්
කපන වනන්තර කතරක ඇරඹුමක්
යමට හදන්න වෙයි අලුතින් අපායක්
කියල පතලා වැදලා ගත්ත ගුණ කදාන්
ඇත්ත නැති රටක මොකටද පිල් බෙදාන්
පැත්ත හරි හැටිම දෙකට තුනකට බදාන්
නැට්ටෙ ඉදන් ගොම ගාගෙන නටාන්
පැත්ත ගියත් ඇත්ත කියන කට
මට්ටු කරන් කටින් බරට හිටවන්
පත්තු වෙන තොත්තු උණ්ඩයක රස්නය
කොට නම් උන්ට බොලා තහනම්
නිච්චි නැති පිච්ව් හොයන් වටෙන්
බලන් හිගං රහටත් කන්න වෙනවනම්
මන්ද මේ රටකට වෙන හරිහබ
නොතෙරේ සකි මට දැන්නම් තවනම්

ඇසිපිය සලන නිසා | Asipiya Salana Nisa by Ajith Bandara

ඇසිපිය සලන නිසා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඒ වුණාට ඔබ ඇසිපිය සලමින්
සැඟවුණු මගේ ආදරයෙන් ඇසිපිය සැලුවා
ඒ වගේම ඔබ කඳුළැලි සලමින්
නොහැඬූ මගේ යුග දෑසත් බොඳ කර දැමුවා

දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ආදරේට ලොව සීමා නොහැ‍‍ඟෙයි
පොළොවේ සිටි මා ඔබෙ අහසේ රැගෙන ගියා
ඒ වගේම ඔබ අහසත් ‍පොළොවත්
මේ හැටි දුර බව මා හට හඳුනා දුන්නා

දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඇසිපිය සලන නිසා
දැන ගත්තා ඔබ දිව්‍යාංගනාවක් නොවේ කියා
කඳුළැලි වැටෙන නිසා
දැන ගත්තා ඔබ හිත් ආකාසය වගෙයි කියා
මගෙ ලොව දිළිඳු නිසා
විඳ ගත්තා හැම රන් යහනා සිහිනයක් කියා

ඇස් කතා කරයි | As Katha Karai by Ajith Bandara

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
හිටි හැටියෙම මේ වගේ
හීතල හබයක පැටලී
ඔබ දුරස් වුනත් මොහොතක්
හිත වෙනස් වෙච්ච දවසක්
මතක ඇති කාලෙක දැනිලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
එකට එක නොකළත් ලඳේ
තවනම් ඉවසුම් නොදේ
ඔබ එපා වුනොත් විතරක්
හිත හදාගන්න විදිහක්
තවමත් මා නම් හිතලම නෑ

ඇස් කතා කරයි රහසින්
බිම බලන් ගියත් ඔබගේ
ඇතුළු හිතේ ආදරයට යටවී
මා හිදිනා බව හොඳ හැටි දනිමී
අහිතක් නෑ ඒ හින්දම ළදුනේ

ආකාස බිංදු | Akasa Bindu by Sanka Dineth [2022]

මිහිතලේ සංතාප ඉහලින්
වළාකැටි ලෙස දරා ගත්තු
වරාගෙන ආ විසල් ලෝකය
හාදුවක් දී බාරගත්තූ

මෙකිය දේ පිරි පතම ඇද ගෙන
නිහඩ වී ගෙන බලා උන්නූ
දරාගන්නට බැරිම තැනදී
වැටෙනවද ආකාස බිංදු

සැතම දී
සත වෙතම දී
හිස උඩින් රැක බලාගත්තු
අතුල මරු වැල්
අකටයුතු කම් ඇස් දෙකෙන් දැක
බලාගත්තු

ලෝකයේ දියුණුවේ දන්සල
සියොලගම කිලි පොලා ගත්තු
දරාගන්නට බැරිම තැනදී
වැටෙනවද ආකාස බිංදු

ප්‍රබලයින් ලොව දුබල අතපය
මිරික මිරිකා සිනා සෙද්දී
ඉන්ද්‍රචාපය වී මුදා හල
වේදනා මැකිලා නොයද්දී

මිනිස්කම නැති මිනිස්මහිමක්
දෙහා සැමදා බලා උන්නූ
දරාගන්නට බැරිම තැනදී
වැටෙනවද ආකාස බිංදු
ආකාස බිංදු