ලෝදිය | Lodiya by Ayeshmantha ft. OOSeven, BMG & BEE [2021]

නන්නත්තාරයි මගේ ජීවිතේ විකාරයි
ගෙවී ගියෙ තාම කාලයි
ඒත් දැන් වෙලාව හමාරයි
එක දෙයක් එක පාරයි
තාම හිත මනමාලයි
කාලෙ කෑව හැටි මාරයි
අපි අපෙ වල හාරයි
කතාව ලිවුවා මන් අලුතෙන් අදුරෙන්
වෙන හැමදේම දරා ගත්තා මන් සතුටෙන්
ඉන්නෙ මන් ගෙවෙනවා මුලු දවසම නොදැනිම
ගීතෙන් සන්ගීතෙන්

නිවනට යන මග
කොහොම ද කිරි සයුරක
සුදු කොඩි ලෙල දෙන විට
රට හැමතැන වෙඩි මුර
ලෝදිය කවද ද පෙම් කලේ ගිනි පුපුරට
ගල් බිම් වලට පණ දෙනවද අද
යන්නට පෙර හෙට නොවෙ අද
හිත බොරුවට කයිවාරු කමට
මගෙ කට කියවයි අද බොට

හොල්මන් එක්කලා සෙල්ලම් දැම්මා කාලයක්
පල්ලම් බැහැලා ඉන්නෙ මුලා වෙලා මාරයක්
කොල්ලා දැක්කත් ඇබරෙන්නෙ නැහැ මුන්ට චාරයක්
දැක්ක දේවල් කිවුවා මම දෙන්නම් මං විචාරයක්
කාටත් දැනන් ඉන්නෙ අපි ගැන
මේක නිල් පාටක්
එක එපා කේස් කිව්වා අපි කාටත්
වෙස්ට් එක තාමත් එකට ඉන්නේ
ඕනම තැනක බහින මං මාවත් මාවත්

රැවටුනු සිත් මන්දාකිනි වල
බොරුවට කියවන රට ගැන නිකමට
බල්ලො බිරුවට හද ගියෙ නැත පහලට
පැහැදිලි දැන් වට පිට
නිවි නිවි දැල්වෙන තරු වලට යන්න
සසරක් අපි පෙරුම් පිරූ
හෙවනට සෙවනයි මමයි
හොයපු පදුරු වලට ගල් ගැහුවෙත් කරුලූ

නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට
නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්න කනට හොඳට

BMG පරන පාසලෙ මිතුරා
වදන ගිනි අවි අරන් ආවෙ පතුරාන්
ඇවිද්දා මතකයි අපි එක පාරේ
දුක දැක්කොත් දුවන් එන්නේ නිරතුරු මිතුරා
ගෙවී ගියෙ නෑ තාම ජීවිතේ භාගයක්වත්
කල කිරී ඉන්න නිසා දැම්මා සාදයක්වත්
හැමොටම කලා ගරු ඒකෙ නැතේ කොක්කක්
තේරුන්නැති ජීවිතේ වගේ දැන් කනත්තක්
අඳුරට බැනපු අපි ඉර වට කරගෙන
කලේ බොරු විහිලූ
කරුමෙට කවට කමට පැත්තට
පැන්නම වදන් පිහි වගේලූ
පිලිලයකට දෙනවද අපි හිත
නවතින්න පෙර දෙවරක් සිතනු
රිදුමට පෙර හිත වගකිව යුතු
අය දැන් මේකේ ජීවත් වෙන්නේ නැතිලු

වෙන්නේ මන් මුලා රොන් ගන්නෑ මල තලා
බැස්සොත් මම කරමල විස නියගලා
නෑ කාවත් අන්ඩ වෙලා ආසයි කරන්න කලා
නෑ මන්නම් වැලපිලා සැපේ ඉන්නේ හිනහිලා
මේක කනපිට හැරෙනවා ළඟදීම
මේ හීන හැබෑවෙන්න කල් නෑ නැවතීම
කලාවයි මමයි හැමදා ගැලපීම
මම මැරෙන දවස මේකේ නැවතීම නිග

ලඳ බිඳ වලඳ සමග කෙලී ඔලිඳ පිලි
නැති කිලි මුල දිරවයි මැටි පිලිම තියන
හදීසියට ඔය දෙමාපියන් පලිද
මොකද උනේ එදා වැලේ තෙමුනද සරම
කලකිරුනද හිත දැන් ෆ්‍රෝ
කල එනකම් කවුරුත් එන්නැති නිසාද බ්‍රෝ
හෙවනැල්ලට බයේ දුවන
මිනිසුන්ට නිවනක් රටේ
කොහෙන්ද ඩෝ…….

නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්නේ කනට හොඳට
නොදැන කියන හතර කටට
මල් සින්දුව නෑ අඬන උන්ට
රැපට නොදැන බනින උන්ට
කියලා දෙන්නේ කනට හොඳට

සුබ උපන් දිනක් මට | Happy Birthday to Me by OOSeven [2020]

මම දුටුවා අහසේ කළු වළා
හැම දවසේම ඉන්නේ හිනැහිලා
එළි එනතුරා හිදී මග බලා
දෝශා රෝපන මැද හිනැහිලා

මේ ලෝකේ ඇත්තේ ශෝකේ කොහොමත්
ඇති වෙන්න නැති වෙන්න කෝමත්
දැන දැන ඇලෙනවා කෝමත්
ඉපදුනා රටක එකෝමත්

එක කාලෙක දැන් හරි සතුටුයි
හැමදේම වෙන්නේ කනපිටමයි
නැති වෙන්නේ නැත්තේ එක හිතමයි
අකමැති දකින්නම කදුලයි
සැනසීමේ දැන් නින්දේ
මල්පිට මල් හිත බින්දේ
තනියෙම වින්දේ
මට කැමති දේ මං ඇන්දේ

මං කියන්නේ මගේ කතාව
ලැබෙන දිනයක වාසනාව
මං පතන හැමදේම මං ගාව
උනානම් වැරදි ඉල්ලයි සමාව

සහෝදරයොත් එක විදිහක්
එක වෙලාවකට
උනා වැරදිත් මගේ අතිනුත්
එක වෙලාවකට

ලේ හෙල්ලූ ආස නෑ දකින්න
ආසම රහස් රකින්න
ආස මං ඇත්ත දකින්න
විදලා මේ ජීවිතය මැරෙන්න

නිදි නැහැ මී වද ඇතුලේ
අපි නැ දැන් මල් තැලුවේ
සරලව හැමදේම බැලුවේ
දුක සැප මැද ගග ගැලුවේ

මැරීගෙන හැමදාම වැඩ
පිටිපස්සේන් ඉන්නේ වහගෙන කට
නවතී දවසක පතන් නැද්ද
සුබ උපන් දිනක් මට

මං තනියෙන් | Mang Thaniyen by OOSeven [2021]

මං තනියෙන් ආවෙි
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නේ
කියන්නම් දේ මං යන්න කලින්
නම තියලා යන්නේ

මං තනියෙන් ආවෙි
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නේ
කියන්නම් දේ මං යන්න කලින්
නම තියලා යන්නේ

කතාව ඉවරයි
කිව්වට තාම පටන් ගත්තා විතරයි
කබලෙන් වැටෙන්නේ ලිපට
අනුන්ට කරන්න ගියාම විතරයි
වැරදි වෙනවා ඇතත බොරුව වෙනවා
මිනිස්සු විතරයි

දන්නේ කට්ට කාලා
උඩට නැගපු අයම විතරයි

තාත්තාගේ ඇස් අම්මාගේ හිනාව
මට ලැබිලා දැන් දෙවෙනි වතාව
පෙනුනා රතු රෙදි මේක අන්තිම වතාව
වගේම දැනුනා

නිදි නෑ ඇසට ඔලුව කැරකී
මනෝ විකාර පෙනුනා
ඇහුනා කතා කල හැම වචනෙම
හදවතට දැනුනා

කාසිය ලගදි පැරදි
ඇයි හොයන්නේ වැරදි මං
මතක නැති වෙලාද
අමතක ඇයි සබදකම්

වැදුනා හිස දැන් කදුලු පිස
මං ආයේ එනවා නම්
මිතුරෝ හතුරෝ වෙන්නේ ඇයි
දැන් ඉන්නේ දැනං

බලාපොරොත්තු නිසා රිදවවීම
හංගන්නේ හීනේ මරණේ
මරනේ වෙන්න කලිං මං මරනේ දැන්වීම
වරද මුල අමතක වීම අහන්නේ අනුන්ගේ කීම
අමාවක දින හද බැලීම නොවැරදීම
පතන පැතුම හොදනම් සතුටුවීම

මං තනියෙන් ආවෙි
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නේ
කියන්නම් දේ මං යන්න කලින්
නම තියලා යන්නේ

මං තනියෙන් ආවෙි
මං තනියෙන් යන්නේ
මං තනියෙන් මැරෙන්නේ
කියන්නම් දේ මං යන්න කලින්
නම තියලා යන්නේ

හිත හොද වැඩි මිනිස්සූ
කාලේ ගෙවී ගියා මිනිත්තූ
මතකය මාව හිනැස්සූ
අමතක කර පිලිස්සූ
මගේ පින්තූර නැ අපේ ගෙදර
මම ප්‍රශ්න ඇහුවෙම නිතර
උත්තර කො මං අතර
හිතේ තන්හාව නෑ මං මහත

ඕනවාට වඩා කරන්න ගියාම
කටවත් අපේ අගයක් නෑ
රුපියලේ කාසි වගේ සලකන්නේ
දවසින් දවස අගයක් නෑ
අදුරට සාප කරන්නෑ
මිතුරන්ට බාද කරන්නෑ.

සතුට හොයන්න
තමන්ගේ පාඩුවේ කාටවත්
කරන්නෙපා කරදර
ඕනේ නෑ අනුන්ගේ දේවල්
මටනම් දාගන්න ඔලුවට ජරමර
ඔලුව ගිනිගෙන ඉන්න වෙලාවට
මම නිදහසේ හවසක
පොලවේ ඉදගෙන මවයි
හීන හද මත

පා තබාවි දවසක
යකඩ දඩු රලු කන්නේ මලකඩ වෙන්නේ අලු
ලෝකෙම වහගෙන පැතිරෙන
ඇතිවෙන වසංගත දුම කලු

තිරය පිටුපස වැඩ කරන්නේ හැමෝම
දිනන්න තනිව හොර රහසේ
දකින්න වෙනවා විදින්න විදවපු අය
රලු අහසේ
වචනේ ගිනි ගන්නේ
හතට යටව දිය වෙන්නේ
දැන්නම් පිනි
එලිය වැටෙන තැනට
ඇදෙන්නේ හැමෝම
කියවන්නේ මලමිනි

අයාලේ යනවා හිත දැන් නිකන්ම
වෙනවා පේනවා යකාට බිලි
දුක මොකටද මගේ ලග
අද නැවතිලා
අරගෙන ගිනි

බිත්ති වලට කන්
ඉන්නේ කපුටෝ හතර අතේ
ඉන්නේ නපුරෝ හතර වටේ
නොදැන නෙමෙනේ මං හෝව්

රැවටී බලන්න ඕනේ රැවටෙන එකේ රගේ
හිතපු දේවල් උනා නම්
අද ඉන්නේ කොහෙද මං
කොහෙද මං

වචන මවන මැෂින් | Wachana Mawana Machine by BEE ft. OOSeven, Zany

අදාල තැනට
කතාව කියන්නෙ කෙටියෙන්
මේ ලෝකෙට එහා ලෝකෙක අවසිහියෙන්
ඇග හිරි වැටෙන සිංහල රැප්
උන්මාදය දෙවෙනි කොටස
වචන මවන මැෂිම

බලන් ඉන්නෙ නිග
වෙන දේවල් සෙල්ලමේ
අපි දෙන්න බහිද්දී මේකෙ
උනුසුම වැඩි වේ
මේවා නම් කරාටි
බැන්දේ කලු පටිය
විනාඩි දෙකට මවන වචන
කීයද බලපං මැෂිමේ

ජීවිතේ ගැන කතා කරා
අසල් වැසියෝ
ජීවිතේ ගැන නිසදැස්
ලිව්වා කවියෝ

පදවන්නේ වැඩ දන්න නැවියෝ
නැව කියවන්නේ පිරිමි දැරියෝ

සොමියට බර දුර නොපෙනෙන
වරදි නොදැන අනාගතේ ගලපන
සිතුවිලි ධන
මානසික රින
එක මොහොතක හැමදේම එපා වෙන

ඉදපල්ලා කොල්ලෝ නාඩං
අරං එන්නේ ගමකට වදන් බොලා ආසා
අපේ සිංදු වගේ ගාථා
ඇහෙන්නේ ගම නගරේ
අහුමුලු පාසා

රැප ගැනද විවාදේ
උඩ රැදෙන්නේ අපි තමයි
අවිවාදේ
උඹ හොයනේ ප්‍රසාදේ
හලන්නේ කලාව පහලටම අගාදේ

අහපං සෙවනැලි
යන්නේ මගේ කතාව
මුලින් මැරි මැරී
මතක පොත ලිව්වේ
මතක් කරන් අපේ අතීතේ
මගේ මේ සිතුවිලි සිරගැති

කරන්නේ නැහැ කිසිදෙයක්
කාගෙවත්ම යටතේ
මගේම නීති
තීරනේ කනතේ
බොනතේ මට ඕන දේ
කරන්නේ නෑ මං සෝබනේ

කොහෙත්ම පිට කවරෙන්
මනින්න බැහැ පොත
මං ගැන අහපං මගෙන්
කියන්නම් එතකොට
රවන්නෙපා බං කාටවත්
අඩෝ උඩට යන කොට
කරන්න එපා බාධාවක්
කිසිම කෙනෙකුට

කලගුණ බලාගන්න
සලකපං සතෙකුට
කොහෙද අවදානම
මං ආසයි එතනට
අරං පලයං මාව
සැප හොයන්නේ තාම
මම යන්නෙ අභිබවා
බැදපු බැමි කපා
ඉල්ලන්නෙ කොල්ලො වතුර
මගේ වදන් ටැබා

මගේ කලාව සමානයි
වචන සංග්‍රාම
ගිවිසුම් අත්සන් කරාම
අවසන් දැන් පසුබැසීමට විරාම
අවසර ලද සැනින් දූවිලි කරාම

හරි හතරැස් වචන හැඩ කරා ලියලා
ගනන් කරගනින් වචන ගාන කියලා
හුස්ම යන්නෙ මෙහෙ නම තියලා
දැන් දන්නවා නේද අපි කවුද කියලා

ඉදපල්ලා කොල්ලෝ නාඩං
අරං එන්නේ ගමකට වදන් බොලා ආසා
අපේ සිංදු වගේ ගාථා
ඇහෙන්නේ ගම නගරේ
අහුමුලු පාසා

රැප ගැනද විවාදේ
උඩ රැදෙන්නේ අපි තමයි
අවිවාදේ
උඹ හොයනේ ප්‍රසාදේ
හලන්නේ කලාව පහලටම අගාදේ

තෙවෙනි මානය | Theweni Manaya by Ayeshmantha ft. OOSeven & Zany

ඇවිදින්නේ තනියම
නැහැ මට තදියම
ඇවිල්ල නැහැ බං
අපි සෙල්ලමේ අනුන්ගේ පාරේ

මනින්නෙපා හැමදේම පිටින් අපරාදේ
වෙන්නම රහට ඇති ඇතුලෙන්හරි

කිරි පෙව්වේ දැනගෙන සර්පයන්ට
අපිට කෙලින්න ආවොත්
කෙලින්ම කඩන්නේ දලේ

අමාරුවෙන් ගොඩගත්තා
හෙල රැප් නැව
ඇස්පනාපිට ඩෝ බොලා තමයි
සිදුරු කලේ

වටින්නේම හිත නිස්කලංක
හිත මතුවෙන අදහස ඉස්තරම්ම
අපි කැමතිම නිදහසේ හුස්ම ගන්න
අඩෝ පිස්සුද වාසනාව මිස් කරන්න

මචං මලමිනි කාරනාව හිස් කරන්න
ඊට පස්සේ උඹේ හීනෙ හැබෑ කරගන්න ඕනෙ විදි
සැතපෙන්න සැනසීමෙන්
මැරෙන්න කලින් තියපං නම
අල්ලන්න හිතන්න බැරි

කොටු කලේ සල්ලී රාමුව දෝ
ගලනවා තොටියට පාරුව කෝ
වෙන් කලේ අපි කාලය දෝ
අඩෝ පොඩි කාලේ ලග හිටි
යාලුවෝ කෝ

අනදෙන්නේ මට මාරයා දෝ
වින්දේ වස විස මෙහි අවසානය කෝ
අපේ ජීවිතේ සිතාරය දෝ
අපි වයනවා හැබැයි මේකේ තාලය කෝ

කඩන්නේ ප්‍රශ්න නියපොත්තෙන්
මොකටද අතට ගන්නේ නිකන් පොරව
හිටගනින් බය නැතුව මගේ පැත්තෙන්
වරදින්න දෙන්නෙ නෑ මම කවදාවත් උබට

ඇවිදින්නේ අවදානෙන්
තිරිසන්නු මැද්දෙන්
මෝහනය උනේ නෑ මං වැද්දන්ගේ බනට

අන්ධකාර හෙවනැල්ල මගේ පිටිපස්සෙන්
මගේ මේ ආදරේ ලෙන්ගතු බවට

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

මගේ කටහඩ මුසුවෙන්නේ මද පවනට
ගෝශාව කන් රිදෙන තරමට ඇසේ
පසුතැව්ලි තොර මරණ පතන්නේ නිතර
අවසන් ගමනට මගේ

මං වැටුනා කබලෙන් ලිපට
ලැබුන හැමදේම නැති උනා
කරුමෙටම වගේ

පතන්නේ හැම දවස සුබ වෙන්න කියලා
කාටද ඇහෙන්නේ කටහඩ මගේ
ජීවිත රග මඩලේ බිදුනු කැඩපත
අපි කැමති අය අපිව දාලා යනවා

වෙන් වෙන්න වෙනවා
අකමැත්තෙන් පිලි ගන්න වෙනවා

හද මැද්දෙන්
බලාපොරොත්තු බ්දෙන තැන නැවත ඉපදීම
තනියම කලුවරේ කෑ ගහලා කිව්ව
කැමතිම සිංදුව සද්දෙන්

දුකට ලිව්වා සිංදු
කැඩුනම පොරොන්දු

මතන පොත පිරෙව්වා
කදුලු වලින්ම
කවදද ලැබෙන්නේ
නිදහස මං

හිරවෙලා මේක හිත සතුටෙන් රැන්දූ
සිනහව කැන්දූ
ඉපදීම දුකක් බව වැටහුනා

දැන් අපි මොනා කරන්නද
පැටලිලා ඉවරයි දැලට
අපි දුකට බැන්දූ

කවුද වැලදගත්තේ මාව
අපි ගින්නේ තාම
කළු සුදු සිනමාව
මේ ඇස් දකින්නේ තාම
පිලිගන්නේ කෝම
ඉවසන්නේ බෝම
රෑ වැටුන වලේ
දවාලේ වැටෙන්නේ තාම

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

අපි තනියම ගමනක පාර හදන්
කට පාඩම් උබලට දීපු වදන්
අපි පිලිවෙලකට ආවේ ගලන්
නුඹ අහස ගැන කිව්වේ පොළව බලන්

ගියේ නෑ මග නතරකරන්
මේ හීන මැරෙන්නේ අපිව මරන්
මේක තමයි හොදම ගැලපීම
යන්නේ නෑ මේ බැදීම කඩන්

මන්දාරමේ | Mandarame by Ayeshmantha ft. Gayashan, OOSeven & Zany

හැමදේම කරේ විශ්වාස
පරදින්න නෙවේ මම ආස
පිලිගන්න වැරැද්ද වෙනස් මම නෙවේ ගියේ දුර ඈත
බොරු කලේ ඔයයි හැමදාම
රැවටෙන්නේ නින්දේ හැම රෑම
එක දවසක හමුවෙලා අහනවා ඇත්තට
ඔයා කවුද මට තාම
හැම තිස්සෙම ඇස් වල කදුලු
මං හින්දා වැටුනේ නෑ කදුලූ
මං ගෙනිච්චා ඔයාව හීන මැදින් මගේ පාරාදීසෙට අදුරු

කොහොමත් තනිකම මගේ මිතුරා
බිදි ගිය හදවත යයි දෙදරා
දැනුනද මං ගැන තව හිතලා
දුක හිතුනද කලු හිත බිදිලා.
මම සුව නින්දක ඇහැරෙන්න කම්මැලී
මගේ පාලුවේ සුවය මත දැනී
නැවතත් මම පරන කෙනාමයි
බිදෙන්න කැඩෙන්න තවත් හිත් නැතී
ඔව් මමයි වැරදි හැමදෙම දැනගෙන පිලිගත්තේ සාදරෙන්
කුමකට බිදෙන බදුන් සුරකින් ද ආදරෙන්

තෙමු දෙකොපුල් මිදුනා
හසකැන් ඒ මා සොයනා
තනියට නුඹ ලග මා
කෙහෙරැල්ලේ සුවසොයනා
මන්දාකිනි නුඹ හින්දා නොවේ
බන්දා හිතේ නුඹ හින්දා මගේ
රැන්දූ කතාවේ රැන්දූ සිනාවේ
නුඹ තාම මාගේ පෙම්වන්තියේ

සරාගි රැගුමන් සාදේ පුරා
මට ඇස් වලින් කරන්නේ ආරාධනා ..
මීවිත මාව බදාගෙන හෙලවෙන්න බැහැ මට නැහැ සිහි කල්පනා
දැන්
වෛවාරන කෙල්ලෝ මැද්දේ මන්
නුඹවයි අද තෝරගන්නේ
මේ කෙටිකතාවකට කුමටද පටුනක් ලියන මමයි දන්නේ
සුන්දරයි භයානකයි නුඹ බාදුරා මලක් වාගෙමයි
මත් උන බබරෙක් නිසාද මංදා හොයන්නේ මං අවදානමයි
ඇස් වලින් කතාකරන්නේ දැන් ඔයා ආලෙට නෙවෙයි උන්මාදෙටයි
හදිස්සි නෑ මම අන්ධයට කිරි කවන්නෙත් එලිවෙන ජාමෙටයි
වීදුරු වගේ පොරොන්දු කැඩෙන්නෙ වැඩකුත් නෑ මට ආදරේ
කාලෙන් කාලෙකට් මාරු වෙන්නෙ බිසව මගේ රජ වාසලේ
හිතලම වැරදි කරන්නෙ ඔයා මම ප්‍රින්සිපල් නිසයි පාසලේ
මේ සාදෙ පුරාවට මට විතරයි මැනික් හම්බුනේ ඔයාගේ ආකරෙන්

මම ආසම ආසම පාට වෙනස් වෙන්නෙ නැ කවදාවත්
ඒකයි වෙනස් වෙන්නෙ නැත්තේ ජීවිතේ හැම දේම හැමදාමත්
අපි පොරොන්දු රැක්කා පොරොන්දු කැඩෙද්දී ඒ හැමදේමත්
ඔයාගේ පොරොන්දුවක් මගේ ජීවිතේම උනා හැමදාමත්
මන්දාකිනි නිම්නාවියේ මන්දාරමේ මං ආ මගෙ
සංසාරයෙ
නුඹ ඒ වගේ මං ඒ මගේ ඒ කාමයෙන් ආවොතින් ද ඒ ආදරේ