එකමත් එක ට්‍රැක් | Ekamath Eka Track Rataka by RUDEBOYRAY

මිනී ගඳයි මට මිනී මරන් මුන් විලි වහන්
ඔව් පිලි අරන් දැන් සිහි විකල් වී ගිනි අරන්
හිස්වුන හිතක් පිච්චුන බඩක් ඇස් නිදි වරන්
තොපි රටක් කියන් පස් ගොඩක් බදන් හිස් බිලි අරන් හිස් බිලි අරන්
ආදරයනන් පාදඩයි, ඔව්! ඝාතන සාධාරණයි
ලේ වලින් මත් වුනු පොළොවක ලේ හොයාගෙන උන් තවත් කෑදරයි
ඉස්සුවේ අත් හාමතයි, මං දැක්ක බොරුවම සාමයයි
උඹටත් මටත් වටිනාකමක් නැති රටක් තොපි හැදුවාට පාඩමයි මේ
ආයෙත් බෑ හීන මරන්න, මෙහෙ නෑ දැන් හීන මරන්න
ඉතිහාසය විකුණන් කන්න, ඉතිහාසයක් නෑ විකුණන්න
අභිමානයෙන් සිඟමන් යන්න, ආයෙත් අහසින් ඉල්ලන්න
එලොවක් නැති මෙලොවක් නැති ඊළඟ භවයක් මවාගෙන පිච්චෙන්න
දූවිලි වගේ පාවෙන ජීවිත, හීන මැරිලා පෑගිලා පීඩිත
කියපන් සතුටත් ඇයි සීමිත, තොපි නවලම දැන් ඇදවෙලා නීතිය
ජාතික වීරයන් පිරිලා ඇති, දේශප්රේමයෙන් ගිලිලා අපි
ජීවත් වෙන තුරුම අපි ජීවත් වෙන කුණු අපි මැරෙන්නෙ හොයලා දිවි

ඇටයි, හමයි, බඩයි ඇලවිලාත් පිට ට
විකුණලා වැටත්, හෙටත් පිටරට ට
වැටුණා මැරිලා තවත් එකෙක් පෝළිමක
මේ normal දිනක් එකෝමත් එක ට්රැක් රටක

ඇඩ් එක දාගෙන විකුණපන් දූපත උඹට මාකට් තැනක
ඇයි අවුරුදු පහකට සැරයක් කෙලවන රටකට ගෙවන්නෙ කරුම
අපි ආවේගෙන් අධිවේගෙ, කොච්චර පෑගුවත් මට මදි වේගේ
මං කොහොමද පැහැදිලි කරන්නේ මේ දේ
ගිනිගෙන ඇවිලෙයි රට Mayday
උඹලගේ ආශාවයි පරිකල්පනෙයි අතරයි ගැටුම
(ගැටෙන්නෙපා කවදාවත්)
උන් ආගම් හතරට බෙදනවා උඹලගේ ඔළුව
(බෙදෙන්නෙපා අපි මිනිස්සු)
මේ බහුතරය නෙමෙයි හැමතිස්සෙම හරි මතය

(නිවැරදි නෑ උඹලා ෆේල්)
තනියම ඉරනවා කොහොමත් රට වහගත් කළු සළුව
ගොඩක් උන් අනත මනත අතන මෙතන වැටි වැටි මහ පාරේ පෝලිමේ
පණත සම්මත කරගෙන අපි රට විකුණමු හෙට බෝහෝ මිලෙන්
නැත්තන් සුද්දට දෙමු නොමිලේ
මටත් ඕනේ හෙටක් උඹටත් ඕනෙ
ඒක හින්දමයි විකුණන්න ඕනෙ
ඒක හින්දමයි විකුණන්න ඕනෙ
හෙණ ගැහුවත් කියනවා මම ඇත්ත ඒක
උඹලා පුරවැසියොද? උඹලත් කෙරුවේ කෑවා මේක
මේක ගොඩගන්න බැරි උඹල කෙලින හින්දා තාම
අපි දුවන්නේ වමට උඹල දකුණට යද්දි
වෙනස ඒක

ඇටයි, හමයි, බඩයි ඇලවිලාත් පිට ට
විකුණලා වැටත්, හෙටත් පිටරට ට
වැටුණා මැරිලා තවත් එකෙක් පෝළිමක
මේ normal දිනක් එකෝමත් එක ට්රැක් රටක

විකුණන්න තියෙන දූපතක ඇඩ් එකක් චීන පත්තරේක ලහිපිටේ
පකිස්ථාන් හාලේ බත බැඳන් යන ගමන් ඉන්දියන් බස් එකේ
රාවණා syndrome පොරක් ටයි දාන් පම්පෝරි ගහනවා ඇම්ඩෙක් ට
කුණුහරුපෙන් බනිනවා කොන්දොස්තර බණ දාන් ඉතුරු ඉල්ලුව අම්මෙක් ට
බෝධිය වටේට රත්තරන් වැටවල්, වැඩි කරන් පව් ගාණට පිරිත් නූල් පොටවල්
ඇස් වහගෙන ඒත් ඇරගෙන කටවල්, # මේවා හෙණ ට්රැක් රටවල්
පන්දාහේ කොළ ඉල්ලුවා අල්ලට හිමියොත් බෝ ගහත් විකුණන් මාරු තියන්
යඛ්ඛ පුත්තු දිව්වා සරම කරට අරන් කොරහත් බිඳගෙන සාදු කියන්
කැම්පේන් ගේන හරක් බස් දාලා, සිරිපාදේ යන්න බැරි ඇයි මස් කාලා
ගොබ්බ රැළ ඝන, පාදිලි රැස් පාලා. ආතල්
නේ ගියොත් මකබෑවිලා හොස් ගාලා
කහින්න, බහින්න ණයට ඇඟ විකුණන් රට මැරුණම හදමු සොහොනක්
අනින්ට නිළමෙ අනින්ට රටේ එකාලටත් ගාණක් නැහැනෙ කොහොමත්
පින්කෙත හෙළ රණ් දෙරණේ යළි උපදින්න පතන්න තරම් ට්රැක් නම් උඹටත්
පිංඩපාතේ යමන් රෙද්ද උස්සන් කෙමිකල්
නැව් ඩොලර්වලින් බෙදනවා නම් බොටත්
“කාදිනල් ජෝකර්” අද එනවද ගහමුද
කැම්පේන් කරපු උන්ටම බෝම්බ දුසිමක්
නැත්තන් අරන් දෙමුද ඇයි විකුණලා වකුගඩු
පාර්ලිමේන්තුවටත් polygraph මැෂිමක්…?

written by RUDEBOYRAY

සදමාලී | Sandamali by Shana [2023]

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
ඉද්දි මඟහැරී ගියා වස්සානෙ
කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
මං ළඟට බැස්ස මෙ යක්ශනි
කුණුගොඩේ මැස්සා මං
තේරුම් ගත්තෙ පස්සෙ මං,
ඒත් මම පනපිටින් සඳමාලි..!
සිඳීයන සන්තකේ Salary නිවන් දකී
අනේ අනිච්චං සංසාරේ…!

සඳ වට ගෙතු ගෙත්තම් වගෙ පුංචි තරු රෑන,
මගේ ලෝකෙ වටකරගෙන මට ගෙනා හීන,
දෙන්නෙක් එක්ක බෙදාගෙන කන්න උනා මගේ නෝනා,
හරියට ගුත්තිල මූසිල එකතු වෙලා වැයුවා වගේ වීනා..

ලෙඩ්ඩු ගැන හොයල බලල ලෙඩ කිව්වට දොස්තර,
මම උඹට ආදරෙයි කිව්වෙ හොයල නෙමෙයි විස්තර,
මේ.. ගෙවල් වලට කියමු කිව්වට ඒවා දැම්මා පහුවට උඹේ Address එකවත් කිව්වද බොල මං පුන පුනා ඇහුවට

පැනලා යමු කිව්වා
මමත් ගොනා වගේ ඇහුවා
පැනල ගියපු මුල් දවසෙ මම එලි වෙනකං බිව්වා,
උඹ රහට කෑව ඉව්වා උයලා අත උඩිම්ම තිව්වා
අනේ මං කටක් කාලා කටවල් දෙකක් උඹට අනලා කැව්වා..

උඹ තරුවක් කරලා
මාව පොලවට එවලා
අතර මැද කවි ලියලා දෙවියො ලොකු වරදක් කරලා…
ජීවිත කාලෙ පෙරුම් පුරලා ලඟට ගත්තෙ උඹව ඉඹලා
උඹ ගියා පැදුරටත් නොකියම මගෙ ආදරේ මඟ හැරලා..

උණුහුමට ආස මම දැං ඉන්නෙ හීතලේ..
මගෙ තනිය රැක්කෙ බයිට් එකයි සුරුට්ටුවයි බොතලෙයි..
කලාබරව හිටපු මම රැවටුණා උඹේ රැජිණට හිස්කෝප්ප වටේ තියන්
මං දැං කෙල්ලෙ ගෙදර යන්නෙ රුයිතෙට…

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම..

බස් එකේදි දැක්කෙ
දැකපු ගමන් වැදුනා බොක්කෙ
ඒකි පිලිවෙකට මුල ඉඳන්ම සෙම ඇරියනෙ හක්කේ..
අන්ද මන්ද උනා ඒකි බස්සපු ලොකු බෝලෙන්, මගෙ උකස් වීම පටන් ගත්තෙ කරේ තිබ්බ මාලෙන්,

කල් ගියා ටික ටික, දින ගෙවුනා එක දෙක, සුදු මුහුන, හුරතලය හැමදේම දැක දැක,
මචං උඹට කොහොම
මම කියල ඉවර කරන්නද පල් වෙලා ඇට්ටි ගැහිලා මචං චොර වෙනවා මගෙ දුක,

කෝටිපති බෑනා, මගෙ නැන්දගෙ සුදු බෑනා..
දුර ඉදන් හොට දානබව මට හොඳින් පේනා,
කාලකන්නි මහසෝනා අරන් ගියා මගේ නෝනා, මගේ කැස්ස වගේ පිටට පොඩ්ඩක් තට්ටු කරපං SHANA

ඔයා මගේ පන කියල
ඔලුව ඉඹලා සිංදු කියල
හිටපු එකී ගියා හොටු හූරපු ලේන්සුවක් තියලා
අපේ අම්මා බත් අනලා කටින් කට මට කවලා අහනවා ” කෝ පුතේ අර උඹේ සුදු නෝනා…?” කියල

දුකයි මචං ගොඩක්, වහ බොන්න හිතුනා අනන්තවත්, රට්ටු අහන ප්‍රශ්ණ වලට කෝබං දෙන්න උත්තර
ලැජ්ජාවේ සංතෝසයි, දාමත් මම තනිකඩයි, උඹ වගේම මාත් බලනවා මංගල කිංකිණි පත්තර

මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම…

written by Shan

පම්පෝරි | Pampori by Master D [2023]

අහගෙන ඉදලම පම්පෝරි
අමාරැයි මේ කනට වාඩිය බරට
දාඩිය මැද්දෙ ආවෙ මෙච්චර දුරක්
පිච්චියක් නෑ එද්දි මං උබලගෙ හිතට
ඇද්දෙ නැ කොච්චර උඩ
ගියත්
සැර දේවල් දැක්කා මං දුර……තියන්
කොච්චර කිව්වත් ලොන්තපකා
හිතන්නෙ උගේ ගාව තමයි රැප
…..තියෙන්නෙ

කලබොලවත වගේ කතා කියන්න
උඹ හොදයි පන්සලෙ කතා අදින්න
කොල්ලො තා පොඩ්ඩක් පතාගෙන
ඉන්න
මේක රටාවක් කටාරමෙ කොටාගෙන යන්න
කොච්චර කිව්වත් කලබලවෙන්නෙපා
හති ඇයි උඹට දුවාගෙන යන්න
ඉඩමදි වෙයි මේක රැප
රැප දෙන්නැ පෙනි පෙනි වෙන
කැරියන්ට

තැන නොතැන බලපන් ටෝක්
දාන්න කලින්
කොල්ලො කොහෙත් පෝක් කාලා වලි
උඹෙ රැප වගෙ රෝස්ට් පාන්
පැනවිදියට නරියෙක් කෝස්තාන්
උඹෙ තෙල් තුලට පුලුවන්
උඹෙ හීනෙ ඇදගන්නට හිතරයි
පෝස්ලාඩ්
ටිකක් පරක්කු වෙලා හරි කියන්නොන මේක නැත්තම්
කියයි උඹලා දෝස්මාන්

සුන්දරයි තමයි
මල්වර වෙන්න කලින් හිත
බලපන් නූල කැඩිලද
ගින්දරයි තමයි වටෙන්ම එනකොට පද
සරැංගලේ දූර…..ගියා
උඹල මෙතන්ට එද්දි අපි
මෙතන ඉදියිද
කන හිත හූර ගියා
බෝල බෝල බස්සපු එව්නුත්
දෝලා දෝලා දීලා ගියා

වහගනින් ඔය බෝලපඩික්කම
දව්ල නැතුව පුකේ කඩිප්පුව
යකා උනත් තොට දෙන්නෝන
තට්ටුව
ගත්තොත් තට්ටුව නැත්නම්
මට්ටුව
පව් කියලත් හිතෙනො වෙලාවකට
ත කියලත් හිතෙනො වෙලාවකට
කියන්න කිතින දේ කියන්න
ඕන නැත්තං පාලුයි මගෙ
බන්ගලාවක් ම

හිටියා බැන බැන කන කන
එකෙක් ගැන කිය කිය එක බඩවැල
මරපටවල බෙර තද කර කර උඩ තල තල නැටුවට ගහන්න
බල්ටි තේරෙන්නෑ මුට තාම ඌ කලටි
බලපන් මේ සද්දෙ කොලිටි
කොච්චර උනත් උඹ ලග ඉන්න වෙට්ටි
දෙන්නැ උඹලට බිත්තර වට්ටි
රෝස පාටයි තාගෙත් තොල්
ගහන්න කලෙයෙන් උන් පූජ
වට්ටි

රලුයි……මම ආවොත් ආවොත් උබ
රලුයි යද්දි තව රලු වෙයි
තව තව තනි රැලි වෙයි
අනෙ ඒකෙන් තොට මොකහරි
වෙයි
රලුයි……මම ආවොත් ආවොත් උබ
රලුයි යද්දි තව රලු වෙයි
තව තව තනි රැලි වෙයි
අනෙ ඒකෙන් තොට මොකහරි
වෙයි
අනංමනං ඉතින් පාඩුවෙ මයි

written by Master D

හිත් ඔච්චම් | Hith Ochcham by Lashan Herath [2023]

හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්
උහුලන්න මන් තාමත්
මගෙ ලොව යළි නොනිමෙන සේ
නුබෙ හිත ළග තනි වෙනකන්
එක බැල්මෙන් නැලවෙමි
නුබ ගාවින්
ඉඩ ගන්නද මන් තාමත්
නුබ ළග මා සැනසෙන සේ
නුබෙ නෙතු දැක හිනහෙනකන්

නුබ එක්ක මා එන්නම්
නුබෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්

ඇහිපිල්ලම් ගැස්සෙන තාලෙට
මන්දාරම් වැහි වැටෙන වෙලාවට
තරු අතරින් අහස බලාගෙන
නුඹෙ රුව හෙව්වා මම හැම රෑකම

සිත්තම් කලේ
නුඹෙ ආදරේ
ඇවිදන් යමි.. නුඹ හාහාආ..
නුඹ එක්ක මා එන්නම්
නුඹෙ රහස මා වෙන්නම්
මගෙ රහස නුබ හට මන් මුමුණන්නම්
මගෙ සතුට නුබ වේ නම්
මගෙ රහසින් සැනහේනම්
මගෙ ආලේ නුඹ ළග මන්
අයදින්නම්

හිත් ඔච්චම් කරවන නෙත් මෙතරම්..

written by Lashan Herath

සාවි | Saavi by Dimi3 x Lil Hassi ft. Yasas Medagedara [2023]

මුවගින්‍ සිනාසේ සරාගී දෙනෙතින්‍ බලාවී girl i know you want me
සිහින විමානේ කුමාරි නිතඹ සලාවී
ඔබෙ රස්‍නෙන්‍ මත්‍ වී මා..

කරේ බඳින්‍නද රන්‍ මාලේ
මගේ කියන්‍නයි මං ආවෙ
Oh yeah oh yeah…
වරක්‍ කියන්‍නද මං ආයේ
අරන්‍ යන්‍න මේ සංසාරේ
Oh yeh,oh yeh,oh yeh,oh yeh..

මාල හතක් දාලා
නලල් ඉඹලා
තැල්ලක් බැදලා | එල්ලං
ඉතිං යං තුසිත්
දිව්ය ලෝකෙ වන්
සැපක් දෙන්නා මුදු දමලා |එලහ්

ඇද රෙද්ද රතු වෙන්න
සායම් කුකුල්
කෙල්ලෙ ඇද්ද
තව මෙන්න කන්නම් දොදොල් |මං
අල්ලගත්තෙ යන්න දෙන්න නෙමෙයි
මට දෙන්න ටොයියා වගෙ පැට්ටො දෙන්නෙක්

විසි කර මං මගෙ අතීතෙ
වයං මෙ සංගීතෙ
ඉන්නම් ලගින් සීතෙ
සීදේවි
මිදේවි ගින්නක් වු මා හර්දේ
දුම් බැදේවි ත්‍රයි ලෝක මා ගර්තේ

පලල් උකුල් හා වෙද්දි ඉගේ
රස තැන් එයයි හඩ මැවූ ඇගේ
සුසුම් දිගේ ලයේ ඇවිත් කනක් හපා
හීන් හඩින් දුන්නු හීන කොකේන් වගේ

කෙල්ලෙහ්

ගායක් ආයේ
මං වාගෙ
කොල්ලෙක්
ඉද්දි නම් ලොවෙත්
හැදෙන්නෙ නෑ

මායම් දාලා
අන්දාලා
වැරදුනොත්
පිරිත් පැන්දාලා
බේරන්න බෑ

පරක් තෙරක් නෑ හැගුම්බර කම්
මුසක් වෙච්ච කාලෙකින් දැනුනු
උඹෙ සොදුරු හදේ හැදුනු
මගේ මේ රූ මකන්න බෑ

ඕ ලංකරං ලංකරං ලංකරං ලංකරං කරෙන් මා එල්ලේවි ඈ
මංතරම් මංතරම් මංතරම් මං තරම් කරන්න ආදරෙ නෑ
රත්තරං රත්තරං රත්තරං රත්තරං තොරං රං බදින්නම් ඈහ්
උස්සලා බස්සලා කිස් කලා ආයෙ දාල යන්න බෑහ්

උණුහුම 3 | Unuhuma 3 by Tehan Perera [2016]

නාඳුනනා සුභ හීනේ
සුව මැව්ව සුරඟන නුඹදෝ
හාද වෙලා මල් වාරේ
වස්සාන උණුහුම මගෙදෝ
මගේ වාගේ දැනුනා

නෙතු වින්ද මොහොතේ හා
භව ගානක් රැඳුනා
එක හීනයක මා
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

දෑස අයා ළඟ ඉන්නම්
පිළිගන්න මාගේ සෙනෙහේ
ආල පුරමි මං කවදත්
අදහන්න බැරි වන තරමේ
මගේ වාගේ දැනුනා

නෙතු වින්ද මොහොතේ හා
භව ගානක් රැඳුනා
එක හීනයක මා
පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

පුදුමයි අද ළඳුනේ නුඹ මාගේ වෙලා
සතුටින් ඇස් තෙමුනා දුටුවාදෝ මන්දා
ළඟ රැඳෙමි මා දිවි තුරා
මම රකිනවා පන සදා

written by U Prageeth Rajapaksha

ඩයස් | Dias by FREEZE [2023]

ඉස්කෝලේ යාලුවෙක් මේ ලගදී බැන්දේ
සූට් එකක් දාගත්තේ කාලෙකට පස්සේ
ලස්සන කෙල්ලෙක් දැක්කා
කොක්ටේල් එක මැද්දේ

අර ඩයස්ගේ නංගිද
බුදු අම්මෝ ලස්සන

ඈ නම් සුර අඟනක් වැනිය
බොන්න වෙන්නේ ධම්මික පැණිය
සැනසෙන්න බෑ බං මේ
කෙල්ල නැතිව

ඩයස් මචං කාරනාවක්
උබටත් හරි වාසනාවක්
උඹ කැමති නැද්ද මගේ මස්සිනා වෙන්න

ඉස්සර අපි මාර ෆිට්
යුනිෆෝර්ම් කාලේ
ඉස්මයිල් එකක් දැම්මා
දැනගන්නට කලින්

හායි එකක් දුන්නා
අදහන්නට බෑ නේ
මගේ අතින්ම අරගෙන
ගියානේ ඩාන්ස් ෆ්ලෝ එකට

ඈ නම් සුර අඟනක් වැනිය…///

written by Sankha B

shanudrie priyasad,sinhala song,shanudrie,dinesh new song,anushka new song,dinesh gamage new song,sillunu oru kaadal,manuranga wijesekara,munbe vaa,menike mage hithe,dinesh gamage,cover version,nasuna,dangale,nilan hettiarachchi,ar rahman,naresh iyer,the voice teens sri lanka,shreya ghoshal,kaizer,wasthi,veralmal,oru kadhal,hathey hatha,denena thuru ma,veralu mal dinesh,dinna

Rangamadala Thama Tharunai by Malith P & Abhisheka W

කප්පරක් පෙම් කළත් දැණෙන්නේ නෑ නේද?
හිරිවැටුණු ඕලු මල් පිබිදෙන්නේ කවදාද?
මට වඩා දැනෙන්නට ඔහු හාදු දුන්නාද?
රිද්දන්න බැරි කමට දැණෙනවා කියනවද?

පෙම් කළා කිව්වාට පෙම් කළා වෙනවාද?
තරු එළියෙ පිපුණු මල් හද එළියෙන් මැරුණාද?
ඔහු හාදු දුන්නෙ හිතටයි ප්‍රේමය ගින්දරද?
වැඩිපුරම රිදෙන්නේ කොයි හිතද දන්නවද?

මගෙ වගෙම ඔය හිතේ තාම මං ඉන්නවද?
ඊයෙ රෑ වගෙ හෙටත් ඔහුගෙ නම මුමුණයිද?
නා දලු වතුරෙන් තෙමුණ කෝල ඒ රැය මගෙද?
මගෙ රූබර නිළියේ ආදරේ රැගුමක්ද?

මගෙ ගතම ඔබෙ නමට ලීවත් තව මදි නේද?
රෑ දකින හීන ගැන දිවුරන්නට පුලුවන්ද?
නොකියම ඉන්නම් ප්‍රේමේ මෙතරම් සිල්ලරද?

රගමඩල තාම තරුණයි යන්නට අවසරද????

written by Abhisheka Wimalaweera

Local by Sithi J ft. Zany Inzane [2023]

නිකරුනෙ ගැවසීම අධිඅවදානම්
හුස්මවත් ගන්න බෑ නිදහසෙ මේ පොළවේ
හිතන් ඉන්න සුරංගනා ලෝකෙ නෑ යථාර්තේ
ජරාව දුන්නොත් මහ ගස් පවා හෙලවේ
දුර්වල තැන් වලින් ගන්නෙ උන් ප්‍රයෝජන පන්තියෙ උන්ම පවාදුන්නා හර්දසාක්ශිය
කොහොමත් දෙපැත්තෙම තියෙන්නෙ අසාධාරණේ ඒක දැනගෙන තමයි අපිත් උඩ දැම්මෙ කාසිය

තදින් හීන බඳන් අකාලෙම මියැදෙන
සිය දහස් ගනන් කොල්ලො මග හමුවිය
සිනිඳු හදවත් පොඩිකාලෙම රළුවිය
පැතිරිලා මත්ද්‍රව්‍ය වගෙ අද වසූරිය

ඇවිදින ෆාමසි සාක්කුවෙ කරල්
අවතාර මෙහෙ ඇවිදින්නෙ මහ දවල්
හැම එකාම බඳන්, උන්ගෙ පාරක් උන්ම හදන් පාඩුවේම ගේමක් ගහන කොල්ලොත් ඇති ඕන තරන් මෙහෙ

කලා රස්සාවෙන් පවා අවතක්සේරු
ඉන්න පැත්තලු ඒක උන්ට ප්‍රශ්නෙලු
අපෙ ඇස් වල වස විස උශ්නෙලු
උන්ගෙ තේරිමෙ අපි ඉන්නෙ අගිස්සෙලු

අල්ලන්නෙ ස්වර්ගෙ පය තියන් අපායෙ ගිනිගත්
මේ සමාජෙට ගැලපෙන්නෙ නැහැ සිරිමත්
විනාසෙ ගිලගත් ජීවිත වැලපෙන්නෙ අද කමින් හිරබත් ! හිරබත්

written by Zany Inzane

ප්‍රේමය නිසාමයි | Premaya Nisamai by Mihindu Ariyaratne [2023]

උඹ එක්ක තනිවෙද්දි
තනිකමට සමුදෙද්දි
අපි ළඟම අපි හිටියේ
ප්‍රේමය නිසාමයි

හිස උරහිසේ ඉද්දි
උඹෙ නින්ද මගෙ වෙද්දි
ඇ‌හැරන්න නො‌‌සිතූවේ
ප්‍රේමය නිසාමයි

උඹෙ නළල සිපගද්දි
තො‌ල් අතර සැඟවෙද්දි
උඹ මා වෙළාගත්තේ
ප්‍රේමය නිසාමයි

සතුටින්ම අපි ඉද්දි
ලොව එරෙහි වී යද්දි
වෙන් වෙන්න වූයේම
ප්‍රේමය නිසාමයි

මගෙමමයි පිලිගද්දි
උඩු සිතම සැනසෙද්දි
යටි හිතින් නෑ කීවේ
ප්‍රේමය නිසාමයි

අපි යන්න සැරසෙද්දි
වෙන්වෙමුද පවසද්දි
වෙන්වෙන්න නොසිතූවේ
ප්‍රේමය නිසාමයි

පෝරුවට උඹ යද්දි
වෙනකෙකුගෙ අතගද්දි
හිතින් උඹෙ අත ගත්තේ
ප්‍රේමය නිසාමයි

ඉරණමට බිළිවෙද්දි
සිහිසුන් වෙලා යද්දි
හිනැහීම සමු දුන්නේ
ප්‍රේමය නිසාමයි

ඈතින්ම උඹ ඉද්දි
මගෙ මතක වියැකෙද්දි
මට උඹව සිහි වෙන්නේ
ප්‍රේමය නිසාමයි

අපි දැන් දුරින් ඉද්දි
මතකයට උඹ එද්දි
හිත මාව රිද්දන්නේ
ප්‍රේමය නිසාමයි

පිලිවෙලට සමු ගද්දි
මම අපිළිවෙල වෙද්දි
විස වතුර ගිල දැම්මේ
ප්‍රේමය නිසාමයි

ප්‍රේමයෙන් තනිවෙද්දි
තනිකමට හුරුවෙද්දි
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි

ප්‍රේමයෙන් තනිවෙද්දි
තනිකමට හුරුවෙද්දි
උඹ දැකලා සැනසෙන්නේ ප්‍රේමය නිසාමයි

written by Romesh A SIlva