රමීෂා | Rameesha by GAYYA ft. Vishak [2023]

රමීෂා හද මගේ හොරාගත්තා
ළඟින් මා හැර නොයා ඉන්නම්‍ කිව්‍වා
දහස් ගණන් සිහින පෙන්නා
අනාගතේ වදන් වලින් තනා
දුන් පොරොන්දු කඩා බිඳ දමා
කොහෙද ගියේ ඔයා

පෙර දා මගේ ලයේ තුරුල් වී
ලැගුම්‍ ගත් අහංකාර පෙම්‍වන්තියේ
කොහේදෝ ගියේ
මගේ ලෝකයේ අන්දකාරය මකා
දෙන්නකෝ දුන්න ප්‍ර්මාදරේ
ඔඹේ‍ ආදරේ

විහාර මහා දේවි park, දීපු kisses in the dark
අරලිය flowers all around us like a movie shot
You’ve seen the pieces of my heart
Full බොක්කෙන් දීපු පෙම්‍වතක්
Thrown away the poems for a chance to make a brand new start
මට තේරෙන්නෑ රමීෂා මොකද ගියේ මාව දාලා
දෙන්න හිතන් හිටිපු මල් සුවඳේ තනියම රස වින්දා
Cos u say u gotta go and I jus have to let you know how I feel about it

අහස් ගැබේ‍ පියාඹා
තරු කඩා ගෙනත් දුන්නා
පෙලින් පෙලට පද ගලපා
කවි ගී ලියා ගැයුවා
මහාමෙරක් වැනි ආශා
ඔඹේ‍ උණුහුමෙන් සන්සිඳුවලා
දුන් පොරොන්දු කඩා බිඳ දමා
කොහේද ගියේ ඔයා

පෙර දා මගේ ලයේ තුරුල් වී
ලැගුම්‍ ගත් අහංකාර පෙම්‍වන්තියේ
කොහේදෝ ගියේ
මගේ ලෝකයේ අන්දකාරය මකා
දෙන්නකෝ දුන්න ප්‍ර්මාදරේ
ඔඹේ‍ ආදරේ

ආලේ බැන්ද පෙම්‍ කුමාරි මා දමා ගියා
ආයේ ඒවිදෝ කියා ඉන්නෙමී මග බලා

written by Gayan Perera

කොණ්ඩෙ කැවුම | Konde Kawuma by Chinthy ft. Ranmali [2023]

නුඹේ කොණ්ඩෙ කැවුමෙ රසේ දැනේ හකුරු හැපෙනවා
තන පියරු වලින් දිස්නෙ වැටෙයි පපුව ගැහෙනවා
රන් මැණිකා…….ආදරෙන්
මයෙ මැණිකා……..ල ලල් ල ලා

මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්
හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනා
ම ප්‍රියේ……..ආදරෙන්
ම ප්‍රියේ………ලල් ලල් ලල් ලා

පැණි රස වස්තූ – ඇස් වහ ගැස්සූ
අපි රංචු කැලේ පොට්ටු සොයන්නෝ
වස විස ගැස්සූ තලලට පැද්දූ
මට වාසගමත් අමතක වෙච්චෝ

ලස්සන අඹ මලක් කඩාලා
මල් රේනු ගණන් කෙරුව නම්
නුඹට රන් මැණික් සොයාලා
රට වටේ මට යන්න වෙනවනම්
ආවේ ආදරේ සොයාලා – පොල් අතු පැලක් හැදුව මන්
මැණික මං බලන් ඉද්දි ආලං – මාලිගේ රජ බිසෝ කෙරුවනම්

මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්
හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනා
ම ප්‍රියේ……..ආදරෙන්….
ම ප්‍රියේ………ලල් ලල් ලල් ලා

විසේකාර මාව සම්බෝල කරල කෑව (ඔයා)

ළිඳට ගියා ළිඳට ගියා ටිකිරි ටිකිරි ටිකිරි ලියා
විසේකාර මාව සම්බෝල කරල කෑව

ඔයා ටිකිරි ටිකිරි ටිකිරි ලියා ගමමායියා ළිඳට ගියා
කැත උනාට වානර (වානර ) නාවලා අඩිස්සි මාතර ආදර (ආදර )
පාරට යන්නෙ කලාවට (ලාවටා – ඔරු පදින්නෙ හලාවත (හලාවත?)

නුඹේ කොණ්ඩෙ කැවුමෙ රසේ දැනේ හකුරු හැපෙනවා
තන පියරු වලින් දිස්නෙ වැටෙයි පපුව ගැහෙනවා
රන් මැණිකා…….ආදරෙන්
මයෙ මැණිකා……..ල ලල් ල ලා

මගේ පොකුළු වැලෙන් බින්දු වැටී පෙතිරි පිරිලා නම්
හඳට යටින් ලන්තෑරුමෙ එලියට බැබලෙනා
ම ප්‍රියේ……..ආදරෙන්….
ම ප්‍රියේ………ලල් ලල් ලල් ලා

written by Chinthy Fernando

විසිතුරු මල් | Wisithuru Mal by Yuki Navaratne [2023]

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

නුඹ ලං වෙද්දි මගේ හිත ගැස්සුණානේ
අඩි සද්දෙ මට ඇහෙද්දි මං හැංගුණානේ
මට හිතුනෙම නුඹ පණ ගන්න ආවේ
ඒ හින්දා හදිසියෙන් මම යන්න යද්දි

ඔව් නුඹ දැක මගෙ හිත නතර උනේ
දියවෙන තරමට හාද උනේ
මගෙ හිත මගෙ හිත ආදරයෙන්

මන්දාරම් විලේ ///

අපි යමු නොරැඳී – කෙම් බිම ලඟැතී
මං නුඹ ගාවදී – බියවෙන්නෑ සැනෙකින්
අර පේන නදියෙන් – එගොඩ උනොතින්
මං ආව ගමනේ – අවසානය ඉතින්

මේ හැන්දෑවේ .. අවසානයද මේ
හැමදාමත් මේහේ නවතින්නයි හිතේ

විසිතුරු මල් ගොමුවක පා තියලා
හෙමි හෙමිහිට ගියෙ කවුරුද සිතුනා
සුදු මුදු ලොම් තුහිනෙක රැඳි තිබුනා
කවුරුද කවුරුද පොඩි අඩි තියලා

written by Yuki Navaratne

ප්‍රේමෙට සීමාවක් | Premayata Seemawak Nane by Madhavee A

දෑසේ හී සරේ නැවතිලා හීං සැරේ
උමතුයි අමුතුයි මේ ප්‍රේමේ
කතරේ දිය දෙතොලක් වාගේ
ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ

අත්දෙක අල්ලාගෙන ඇස් බැන්දුම් පානා
හදවත ඉල්ලාගෙන මායම් දැල් මානා
මඟහැර යන්නට බෑ වශී වෙවී ආවා
මගෙ ජීවිතේ ම දැන් ප්‍රේමෙන් මත්වීලා

ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ

ලෝකේ රළු දෑසින් මුදු ලෙස මා හංගා
පපුවේ උණුහුම දී සීතල දුක් නිව්වා
ශෝකේ නීරස තැන් වෙනුවට රස හෙව්වා
ආලේ කතන්දරේ අපි අලුතින් ලිව්වා

ලෝකේ මේ ලෝකේ
නුඹ මගේ ආලෝකේ
සුවඳයි හැම හුස්මක් ගානේ
ප්‍රේමෙට සීමාවක් නෑනේ

written by Kasun Mahendra Heenatigala

මැවිලා | Mawila by Dilu Beats ft. King Lotuss [2023]

සිතුවිලි හාරනා
මතකය පාරනා
නුඹ පෙර කාරණා ගෙනා
නීරස චේතනා
ඒ රුව වේදනා
සිහිනෙක ඈ සිනාසෙනා

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

මම පෙරදිනකදි යුවතියක් සහ සිටි තැනක් නෙත ගැටුනා
මම නැවතුන තැන අමතක උනා හදවත හිරි වැටුනා
අයෙක් මුන ගැසුනා නුඹෙ ඉකි හඬ මට ඇසුනා
ඒ ලෝක ධර්මෙ දෙයක් හටගත්තා ඒ දෙය නැසුනා

එපිටට සීමාවේ තනිවුනු වේලාවේ
නොකිව්වට මගෙ හිතෙ පෙර මතක රැසක් බිහි උනා
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
නුඹ අද කොහෙවත් මම කොහෙවත් බව සිහි උනා

මේ හුලඟ තාම එහෙමමයි
ගහ කොල තා එහෙමමයි
වෙනස් අපි දෙන්නා කන රහ තමයි
මගෙ නිදහසට වූ තහනමයි
මා හා වෙසෙන්න අමාරු
හිත කියවිය හැක මූනෙන්
දුන්නා වූ මතකෙට අම්මාපල්ලා ස්තුතියි

එපිටට සීමාවේ තනිවුන වේලාවේ
දැන් මට පේන තරම්
නුඹ අද මුලාවේ මම අද හිනාවේ
දැනුනද ඕන තරම්
හිත පුරා මුමුනනා මතකෙන් සමුදී මං ඉන්නම්
මටත් හොරා මතකයේ අතරින් කිමිදී මං එන්නම්

තරුකැට දිලිසෙන්නා වූ මේ යාමේ
සඳ ඝනඳුර අතරින් යලි නේනා සේ
ඉටු කරලිය නොහැකියි මේ පේනා දේ මැවිලා
පිය සටහන් වැදුනානම් මේ පාරේ
දනවයි අපි ඇවිදපු හැටි ඒ කාලේ
කිසි දවසක නෑ මා හට මේ වාගේ දැනිලා

written by Ashan Perera

නෙළුම් මල් | Nelum Mal by DJ Mass, Romaine Willis & Apzi [2023]

සඳක් බැස ගියා අවරගිරේ
ඉරක් උදා කරලා
මටත් ලොවක් තිබුණා මතකයි
මම ඉමි සිහි කරලා

පොත් මිටියක් ගෙන ගියේ
මල් පාරේ
සිහි වෙයි අද වගේ පාසල් කාලේ
හිරිමල් හැගුමන් පිබිදුනා
හැගුමන් පහසේ
බාලේ ආලේ
මල් වගේ කාලේ

No hey
I feeling so innocent
giving the love so
everybody will not different
remember every time
you thought to be kind
showing all the memories
still blooming on my mind

නෙළුම් මල් පිපුණු නිසල විලේ
පාසල් ගිය කාලේ
මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
මතකයි මගේ බාලේ

සඳක් බැස ගියා අවරගිරේ

books in the playground
we used to live a fantasy
friendship togetherness
filled up with empathy
don’t wanna lie
every lesson was a blessing
girls with the breeze
over boys with messing

now it’s a memory
pictures in a album
Apzi & miss willis go hard on platinum
god is a DJ, DJ is the god
message represent
praise the lord

නෙළුම් මල් පිපුණු නිසල විලේ

සඳක් බැස ගියා අවරගිරේ

written by Apzi & Clarence Wijewardena

djnewsongs,djremixnewsong,apzi new song,romaine willis new song,sinhalanewsong,remix new sinhala,edmnewsrilank,todaynesinhalasong,bass rebellion,newdjsinhalasong,pemkakulasong,bass rani,vibe machine aghori,romaine willis,song,indian mantra edm mix,bass boosted edm,bass boosted,dj mass,romainewillis,new music mix,new year music,edm with mantras,psy trance,indian electronic,global bass,indianedmmix,the centrons,neujahr musik,djmass,sandak besa giya

වට්ටක්කා | Wattakka by Dhanith Sri [2023]

Ladies and gentlemen
මම දනිත් ශ්‍රී
කියන්නට ආවේ
සිංදු නෙවෙයි තේරවිලි
අත් උස්සලා ගන්න දෙන්නේ නෑ
ටොපී
අත්පොඩි තාලෙට ගී
නැලවිලි

ඔක්කෝගෙම අක්කා
වට්ටක්කා
ලිස්සන අක්කා
අපේ බණ්ඩක්කා
කාගෙත් අයියා දහයියා
කිඹුලගේ මල්ලී මේ හූනා //

අතුරු මිතුරු
දඹදිවතුරු
රාජ කපුරු කපුරු
සෙට්ටියෝ
අලුත ගෙනා මනමාලිට
ගරාලා
හාල් වටේටම බෙදන්නෝ

ඉහල ගෙටත් බෙදන්නෝ
පහල ගෙටත් බෙදන්නෝ
ඉහල ගෙටත්
පහල ගෙටත්
අතක් ගනින් දැන් සෙට්ටියෝ

පුංචි පුංචි ගෙඩි

ඔක්කෝගෙම අක්කා //

උඩිනුත් ගින්දර
යටිනුත් ගින්දර
මැද්දේ සවුන්දර
ආප්පේ

සුදු මහත්තයෝ
කලු තොප්පී දාගෙන
ගිනි කූරයි මේ එන්නේ

පුංචි ලිදේ පොඩි
වතුර රසයි
හෙට උදේට බොන්න හොදයි නේ
අර ලස්සන බලන්න පාට පාට
දෙයියන්ගේ දුන්නේ
දේදුන්නේ

කොණ්ඩේ ඇතත්
නැතත් තියෙන්නට ඕනේ
පනාව කල්පනාව නේ
කොල්ලෝ
කටු නැති කැලේ
ඇට නැති සතා
උකුණා නේ සුදු මහත්තයෝ
හොටු පෙරාන ඉදගෙන දියවෙන
උඹ ඉටිපන්දම නේ දන්නවෝ
බෙල්ලෙන් අල්ලලා මුල්ලෙන් තියනවා
ගාපන් පොල් දැන් හිරමනයෝ

අතුරු මිතුරු

ඔක්කෝගෙම අක්කා //

written by Dhanith Sri

අහසට | Ahasata by Dhanith Sri [2023]

Welcome to Raplanthaya

අහසට
මාත් එක්ක
යන්ද අපි?

මතකය දිව යන්නේ
දුර ඈතක මම පටන් ගත්ත
පොඩි අඩිපාරට
රැල්ල කොහේ ගියත්
ගහගෙන ඈතක
මම යන්නේ
මට ඕන මගේ ගමන

බලපන් මගේ අත පය
පොඩි තම‍යි ඒත් දන්නවාද
මගේ හිත ගැන

කොච්චර උස වුනත් ඔ‍ය
පඩිපෙල
බිංදුවෙන් පටන්ගෙන
යන්නේ අහසට

පියඹන් මගේ අහසට

හොද හැටි වද දීලා
වැඩ ගන්න තමයි ඕනා
ඉදි කට්ටක්වත්
හදන්න නෙවෙයි මුන්ට ඕනා
සුද්දා දුන්න මැශින් ටික
බලාගන්න‍යි ඕනා

රට බල්ලාට ගියදෙන්
ණය ගන්නයි ඕනා
ජරමර අස්සේ අපි ගොඩනැගුවේ
අපේ ලෝකේ
හීන ගොඩ ගහගෙන හිත හිරකරගෙන
ඉන්නයි වෙන්නේ
අයියෝ
ලෝකේ හැම තැනටම රෝල
ගහගෙන යන්න එන්යි ඕනේ

ඉද හිට හවසට අහසට
යන්නයි ඕනේ

මට හීන තිබුනා ලංකාවේ
නම්බර් 1 වෙන්න
ලොකු ලොකු දේවල් එක්ක
සම්මාන ගන්න
ඒත් අන්තිමේදී අදුර ගත්තා
මගේ හිත
බොරු සැප පෙන්නා දුක
දුන්නා නේද? //

ඕකට අහුවෙන්නෑ මං //

මේ මෝමන්ට් එක විතරයි
වැදගත් මට දැන්
වොරි වෙන්නෑ මං දැන්
දුක් වෙන්නෑ මං
හිස් අහසට යන්න ඕනෑ වෙන්නෑ
පියාපත් //

අහසට //

written by Dhanith Sri

ලොකු මීයෝ | Loku Meeyo by Dhanith Sri [2023]

එයා මී කතුරක්
බලන් ඉන්නේ ලොකු මීයෝ
අහුවෙනකල්
පොඩි සිප්පි කෑලි ගනන් ගන්නේ
නෑනේ බං
ඒත් ලොකු මීයෝ ගාව
නැවෙනවා වරුවක් //

තාලෙට සිලිකන්
බෝල යුවලයි
බුරියට පහලින්
රිප්ඩ් ඩෙනිමයි
සග දාලා යන්නේ දෙපසට
නොබලයි
නළල මැද තියන් ඉන්නේ
ඒක මාරයි
කලිසම ඉරෙයි
ඩිකියේ බරට

කියවන්නේ නැති දේවල් ගැන
පැටිකිරිය
ලගටවත් එන්න එපා
පල දුරට
ආයේ එන්න නම් එපා
මගේ ලගට

එයා මී කතුරක් //

නුඹ ගැන වෙලාවට
පව් කියලා හිතෙනවා
බොරු කරගෙන
කවදා වෙනකල්
ඔහොම ඉන්නද?

වෙලාවට හිතෙනවා මකලා
හදාලා ගන්න
මගේ රූමා කිව්වා එපා කියලා

හිත හොදයි නම්
ගනින් මගේ හදවත
නැත්නම් කටවහන්
පල ගෙදර

ඇත්ත ඇති සැටියෙන්ම
විදගන්න කැමති කෙල්ලෝ
ඉන්නවා නම් මෙන්න මගේ
නම්බර්

එයා මී කතුරක් //

written by Dhanith Sri

මාව හොයන් | Mawa Hoyan by Dhanith Sri [2023]

අවසානෙට කිසි දෙයක්
පලක් නැත
පාරේ යන්න බැරි තරමය
ෆේමස් ද?

ඉන්න කාලේ ජීවිතේදී
වැදගත්ම
මෝමන්ට්ස් ටික මිස් කරගන්න එපා
මචං බොක්ක

ෆියුචර් එක බයයි
පාස්ට් එක දුකයි නේද
මොකට හිතලා ඕවා ගැන
මචං පලක් වේද
හිත තියාගෙන මම මේ
මොහොතේම
පැට්ටෝ හොයාගෙන
යමි මම මාව

තාඩන පීඩන මැද්දට
ඇඹරිලා ආවේ මේ ගමන
නටන්නේ නෑ
කාගෙවත් පදේට
මමයි නැවියා
මගේ නැවේම මං පදින

ඉපදුනු දවසේ ඉදන්
හිරගෙය කොටු වන අර්ටිස්ටික් මනස
නිදහස කෝ
සංගීතෙන් තිත තියනවා
බොරු අධ්‍යාපන ක්‍රමයටම

ලෙක්චර්ස් කට් කරලා
කොළඹට ආවේ මගේ ජීවිතය හොයන්
මැරුනත් එකටම හිටියට
ආදරෙයි මචෝ කොහෙ හිටියත්

පන්දමෙන් පටන්ගෙන
ආලෝක වර්ශ ගනන් දුර ඈතක ගියත්
අමතක නෑ මම පටන් ගත්ත තැන
තව කොච්චර දුර ගියත්

නුඹ දුන්නූ දුක
කොලවල මම ලිව්වා
ලියලා තනු එක දෙක තුන
පද බන්දා
මතකය හඩනා
හදවත හැරදා
රැප්ලන්තයේ මම මාව හොයනවා

අඩියෙන් අඩිය තියලා
උඩටම නගිද්දී
මගේ වටේ උන් උනා මට
ජෙලසි
මතකයි හිතින් උඹ
මාව පාගද්දී
ලියලා තියාගනින් මගේ නම
දනිත් ශ්‍රී

දනිත් ඔයා මදි
අහින්සක වැඩි
අපි ගැලපෙන්නෑ
ගෙදරින් බනී
ඉන්ජිනේරුවෙක් වෙන්න
නැත්නම් බඩගින්නේ මැරෙයි
මියුසික් කරලා ජීවත් වෙන්නේ
කොහොමද අපි

ඇයි?
මට ඕනේ දේ කරන්න බැරි
මට ඕනෙ දේ අදින්න බැරි
ඇයි?
මට කොන්ඩය වවන්න බැරි
මට මමම වෙන්න බැරි?

මම ඇහුවේ ඔච්චරයි
විසිවුනා මම සිස්ටම් එකෙන්
එලියට නැති වෙන්නම
ඈත දුරකට
කවුරුත් නැති ලග පාතක

මම තනියෙම තනි කාමරයක
විකුනුවේ නෑ මම මගේ ආත්මේ
කාටවත්
ඉඩදුන්නේ නෑ
නවත්වන්න මාව කාටවත්

උදුරන්න බෑ මගේ සිතුවිලි කාටවත්
අවංකයි ගිටාර් එකයි පෑනයි ලග
මම අදටත් //

written by Dhanith Sri