ඩැන්ඩෙලයන් | Dandelion by Imaya Perera ft. Tharindu Damsara

අහස ගිනියම් වෙලා
වියළි තුරුපත් සරා යේ
හීන මිහිදන් වෙලා
නිස්සාර කළ යෞවනේ

සරදාකාශ සිසාරා
දේවදාර තුරු මතින්,
හමන සුළඟට අවැසි නම්,
ප්‍රාර්ථනා ඇමිණූ
ඩැන්ඩෙලයන් රේණු
අහසට විසි කරාවි
මියැදෙන මලක්
පැතුම් ඉටු කළාවේ

දේදුනු පාට තැවරූ
අළුම අළු පාට හීන
බොඳ වී නො යනවා නම්
ප්‍රේමයේ හිරු නැගෙන දවසට
ඩැන්ඩෙලයන්
නැවුම් පැතුම්
ඉටු වුණාවේ

tharindu damsara,damsara,tharindu,new sinhala songs,nuba nomathi,dhammadewa,sadakalika premayknam,sanjula himala,ithin a hamadema,hithalu,sadakalika,numba nomathi dihawaka,reazon records,ruhunuketha,the night without her sinhala songs,sinhala rap songs,new sinhala songs,sinhala old songs,sinhala pop songs,sinhala new songs,love sinhala songs,sinhala cover song,2023 sinhala songs,sinhala sindu,best sinhala songs,sinhala new songs 2023,new sinhala songs 2021,sinhala new songs 2021,sinhala rap,best cover sinhala songs,sinhala parana sindu,old song,new songs,hiru sl songs,cover sinhala,covers sinhala,shaa fm,dilshan maduranga songs,new cover sinhala

පාවෙන ජාති | Pawena Jathi by Zany Inzane ft. Ayeshmantha [2022]

පාවෙන ජාති
වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනි මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවනං
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවේ හැමදාම එළිපිට උබලනං රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණෙ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
කවදාවත් නෑ මං තනි මෝඩයෝ එක්ක විවාද කළේ
කවදාවත් නෑ මං අඩුපාඩු වලට අපහාස කළේ
සීමාවට ළං වුණ හින්දා මරණේ අවවාද කළේ
නෑ කිසිම දෙයක් මම වාසනාවකට භාර කළේ
තෙවනිමානෙන් අපි දැක්ක දේවල් මාර වෙනස්
මාර වර්ණ රූප සිද්ධි හීන වගේ
පාවී ගියා තුළ ක්ෂීරපථේ
උබෙ මනස තමයි දොරේ යතුර
මම එබිලා බැලුවා මගේ පතුල
ඉපදෙද්දි ඝණේ සුර අසුර
වෙනසක් නෑ හැබැයි ඇඟ ඇතුල
පවතින්නේ නෑ දෙයක් සදාකාලික
මේ රටාව අස්වාභාවික
හැම දවසෙම පොළියත් එක්කම ගෙව්වා මං
කරපු කර්මේ වාරික
නිග මේක වෙනම දිශාවක්
සන්නද්ධ කරපු අසුර සේනාවක්

පාවෙන ජාති
වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනෙ මේ ජීවිතේ ආතල් බල්ලොවත් කන්නේ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹලනං රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

රාමු කඩා පිට වුණා මා
හැමදෙනා විවේචණේ කළා මා
නිග සීමා නෑ මේක කලාවක්
උඹ බෑ කිව්ව දේවල් කළා මං
මඟ හේවිසි පෙරහැර දැන් ළ‍ඟ ළඟ
අඩුපාඩු කියන්න කට මැද මැද
උඹ ඉන්න බව මම දන්නවා
මම හතුරගෙනුත් වැඩ ගන්නවා
මේක තමයි ලෝකෙ ස්වභාවේ
හොඳ නරකයි මැන්නේ තුලාවේ
තුලාව නම් අපි කරාපු කර්මේ
දැන් Rappersලයි කියන්නේ ධර්මේ
කාපු කට්ට ගැන දේශනා දෙන උන්
කාලා නෑ බන් මේකේ රියල් කටු
බොරු බයිලා එපා බන් ඒකයි උඹලගේ
වදන් වල කොලිටියත් අඩු
පාවෙන ජාති

වැඩි භාවිතෙ හින්දා මේ ජීවිතේ හැමදාමත් සාමකාමී
මගෙ ළඟ නෑ වැළපෙන රැප් මගෙ ළඟ තියෙන්නේ අමුතුම ජාති
මට ඕනෙ මේ ජීවිතෙ ආතල් බල්ලොවත් කන්නෙ නෑ කාසී
වැඩි වාසී ලැබෙනවා නම්
ඕනම දේකට දෙවියොත් සාක්කි
මේ සෙල්ලම මාරම ආතල් නවකයො වැටුණම අහසින්
අපි දැඟලුවෙ හැමදාම එළිපිට උඹල නම් රැඟුවෙම රහසින්
එක ජාතියේ රැප් පේනවා ඉපදිලා වගේ අඩු මාසින්
මට සෙට් නෑ උඹලගේ තාලේ

ලෝකෙ වටෙ | Loke Wate by Costa ft. Clewz [2022]

ලෝකෙ වටෙ යමු මේ සින්දුවත් එක්ක
හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට
ෆූජියාම ගිනි කන්ද ගාව මම
ගත්තෙ PICTURE එකක් KODACK REEL එකකින් තව

සකුරා මල් ගස් යට අපි TRACK OUT යමු හපල ජෝතිපාල අපි පෙති
කෑවෙ ලුනුමිරිස් එක්ක තව රොටි
යද්දි BROOKLYN පාලම යටින්

ලෝකෙ වටෙ යමු මේ සින්දුවත් එක්ක
LONDON වල Albert uncle එක්ක
සල්ලි තිබ්බේ නැනේ ගන්න මුදක් මට
මම ගියා මචන් jamicaaවට

හම්බුනා bob marley ඇහුව මම සින්දු
මත් වුනා දුමෙන් මචන් තොලෙන් මගෙ රින්ගූ
රතු වෙලා ඇස් ගලය් කන්දුලු බින්දු
ඊලඟ stop එක මචන් නීශියව බන් ඉන්දු ඉන්දුනීසියා

ලෝක වටෙ යාන්න ඕනෙ නෑ මට visa
ඔළුව වටෙ ගිහිල්ලා මෙ අරිශ්ටෙ බීල
ඉතාලියට පැන්නෙ මම කන්න pizza
පැන්නෙ පැරිස් බලන්න මගෙ මොනාලීස ලීසා

දැක්ක ලන්කාවෙ කෙල්ලෙක් කවුද බොලෙ ඇලිස්
පොලිසිය හැට හැරුනම මම ෆුල් satis
ගෙදර යන්නේ නැතුව රිදෙය් මගෙ දනිස්
කොහෙ ගියත් නෑනෙ වගෙ අපෙ කිම්බුල බනිස්

ප්ලෛන් t යක් ගහමු එන්ඩ
මේ පීචන් සල්ලි වලට වෙන්නෙ නෑ අපි කවදත් මෝඩ
ඒ ලෝකෙ වටෙ ලෝකෙ වටෙ කැරකෙන්නෙ වගෙ රෝද
ඒ බැහල එන්නෙ මැනිකෙ කන්න රොස් පාන් එක්ක සම්බෝල

කොල්ලො ආසවෙන් ගියා බන් trip දැන් බැංකොක්
කෙල්ලෙක් හොයාගත්ත්තොත් කිම්බක් නෙවෙයි ඇත්තෙ බන්ග් cock
ලොල්ලෙක් ලොල්ලෙක්

යමු ඉතාලියට නාපොලිය තමා ගම හූවය් බල්ටියෙ දුර
යන්නෙ බෝට්ටුව බන් තියාගෙන කරෙ බන්ග් උර
දහසක් හීන මවන් බන්ග් හිතෙ බන්ග් දුර
රට මගෙ sri lanka ඉන්නෙ කොහෙවත්
ලෝකෙ වටෙ කෙල්ලො ආශ්‍රය කරා මම බොහොමක්

ලෝකෙ වටෙ කෙල්ලෙ උම්බ ගියෙ with that box
එද්දි මෙහෙ උම්බ උම්බෑ thats whats up

ලෝකෙ වටෙ යමු මේ සින්දුවත් එක්ක
හොරෙන් බෝට්ටු වල යමු ඉතාලියට
ෆූජියාම ගිනි කන්ද ගාව මම
ගත්තෙ PICTURE එකක් KODACK REEL එකකින් තව

සකුරා මල් ගස් යට අපි TRACK OUT යමු හපල ජෝතිපාල අපි පෙති
කෑවෙ ලුනුමිරිස් එක්ක තව රොටි
යද්දි BROOKLYN පාලම යටින්

පාර්ටි පෙත්ත (Remake) | Party Peththa by Costa ft. BigDoggy & Shana

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

මං දන්නෑ
මේ කාලකන්නී ලෝකේ
කැරකෙයි ලෝක බෝලෙ
24 x 7 මේ ක්‍රෝදේ

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

කිරි බිව්වට
කොටියා හුරතල් පැටියා කාලේ
මැස්ස ගැහුවට වැල ගියේ ඕනේ පාරේ
උන් කොහොමත් අපිව මැනගත්තේ
ඕන තාලේ
මට වැඩි උනේ බෝතලේට පස්සේ
ගහපු කාලෙන්

මම දැක්ක චරිත ඔක්කොම කලු පාටයි
තොල ලෙව කකා නිදි මතේ බහ තෝරයි
පියවි සිහිය එද්දි චාරිකාව දුරයි
ඈතයි නැග්ග කදු
පල්ලම් මතක් වෙද්දි මගේ හිත පාරයි

දිව එලියේ කන තිබ්බේ සාක්කුවේ
ගන්තු හැමනුවා ට්‍රැක් පැනපු චේන් එකේ
අමු හෙලුවෙන් ස්විච් ඕෆ් මේන් එකේ
මම ගොඩ ගියේ ගෙදර නෝනාගේ සාත්තුවෙන්

දෙහි මිරිකලා දීපං තිබහට
සිහි විකල්වේ සේලයි විගහට
වාට්ටුවේ තරු වැතිරිලා හරහට
ඕනේ නෑ මට ආයේ ඒ දුක මලාට

මීවිත දෑස වසා නෑ මගේ ආයේ
සල්ලී කදන් නිකන් අපරාදේ ගියා නායේ
බැහැ කියපුවා මම කෙරුවා නිකන් බැරි ගාතේ
මම මතට තිත තියලා හිත දැන් නිදහසේ

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

මං දන්නෑ
මේ කාලකන්නී ලෝකේ
කැරකෙයි ලෝක බෝලෙ
24 x 7 මේ ක්‍රෝදේ

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

ජැන්ඩියට කිට දාගෙන
එළියට බැස්සට බබා වගේ
ගෙදරට එන්නේ හතර ගාතෙන්
හායි කියන් බල්ලොන්ට

හන්දියට ආවේ වීල් එකේ
එතන ඉදන් පයින් පුතේ
මහ රෑ කෝල් කරලා වද දෙන්නා බෑ කොල්ලන්ට

ගේ නිලංකාර වෙලා බ්ලර් වෙනවා ඔලුවේ අඩෝ
කැති පාරක් හරි මොකෝ වදිනවා නම් නේද බං
ලොලි පොපේ කටේ වගේ පිස්සෙක් දිව්වා වටේ
මලාට යන්නේ නෑ මම එදා ගියේ අපරාදේ බං

කොල කාලා වරෙන්
බොල්ට් ට්‍රැක් පැනලා බොහෝ දුක්
වැලි පොලවේ ට්‍රිප් ගියා බඩ ගගා මුහුදූ
ටැබ් විසි කරලා ආවේ ලෝකේ පාට පාට වූ

උඹලට කිව්වට මොකො මචං
තනිකරම අද බූත

කෑ ගහල මොර දියන්
ගේමෙ හිටියෙ පොර කියන්
Over Doze අයියල අපි අරන් ගියේ කර තියන්
මෝල ගෙඩිය පුහුවෙලා
සර්වාන්ගෙ කොහු වෙලා
ආතල්නන් මොනාද අපිට තේරුම් ගියෙ පහු වෙලා

ගහන එකා ගහනවා ලොවෙත්
ගෙනැල්ලා හරි චීනෙන්
ඊයේ ගහපුවා අනිද්දටත්
පෙරෙනවා මූනෙන්
ලස්සනට ඉදපං පුතා
වෙන්න එපා අවමානෙන්

මේ වදන් මට කිව්වේ දෙයියෙක් ඇවිල්ලා රෑ
හීනෙන්

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

මං දන්නෑ
මේ කාලකන්නී ලෝකේ
කැරකෙයි ලෝක බෝලෙ
24 x 7 මේ ක්‍රෝදේ

ගත්තෙ මම party
දුරස් වෙන ලෝකේ
හංග ගන්න ඇත්ත Feelings
හිත අස්සෙ ක්‍රෝදේ
දැක්කා මම හීන ලෝකේ
ඇත්ත ලෝකෙ චා
යන්න ගියා මම
උඩ අහසෙ චන්ද්‍රිකා

නිල් දෑසින් | Nil Dasin by Sureni de Mel [2012]

රහසින් ඇවිත් මුමුණා ගියා
ඒ කිව් වදන් සිත මත් කළා
ආයෙත් ඇවිත් මට ළං වෙලා
පවසන්නකෝ සිතු දේ ඔයා

නිල් දෑසින් බලාවි
මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී (Baby…)
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

නෑ තාම නෑ, ඔබ ආවෙ නෑ
සිහිනනේ වුවත් දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ රුව දුටුවෙ මා
කොහෙදෝ ගියේ මා හැර දමා

නිල් දෑසින් බලාවි
මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී (Baby…)
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

මලින් මලට ඉගිලී මා එන්නම්
හදේ කවුලු ඇර මා බලන්නම්
සිතින් සිතන දේ මා පතන්නම්
එයයි මා පැතූ ආදරේ

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී (Baby…)
ඔබේ ආදරේ මා හදේ තුරුලු කරනා
සදා පැතුම ඔබ වේ මගේ
නිල් දෑසින් (ooohhhh baby…)

ගෑනු නොදන්නේ | Ganu Nodanne by Iraj [2022]

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

රැඟුම් හලේ ලැයිම් දොරේ
වෙනසක් නෑ විස මධු පානේ
පිරිහීලා වැනසීලා ඇයිදෝ
ළලනා ලෝකේ

අත්ත බිඳෙයි පය බුරුලෙන්
තබා වරෙන් නංගිලා
කල්ල වඬේ කට්ටි පෙඬේ
පිලාවූස් ඉස්සරා

Hash Brown පෆ්ෆලා – සිරි සැපදේ වත්සලා
ජිම් පප්පා රපප්පා
විස්කි නෝනා අඬෙයප්පා

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

ශොට් 3යි ගැහුවේ කෙල්ල එතන ඩාම් වුනා ඩූම්
පාටිය නැගලා ගියත් Embarrassing යන්න වුනා Soon
පාරේ වැනි වැනි අපි end up වුනේ Small budget Room කෙල්ල මේක ගහලා යමු අපි දැන් rocket එකෙන් Moon

රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ
ඒ රසේ දන්න නිසයි පිරිමි අපට නොදෙන්නේ
අපට නොදෙන්නේ පිරිමි අපට නොදෙන්නේ

මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
මේ මද්‍යපානෙ බීමෙ ජොලිය ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

තෛ-ලෝක විජය පත්‍ර
රස්ත පාරි සුභාශේ
සුර සැපත නොදන්නේ
ගෑනු නොදන්නේ

මධ්‍යපාන බීමෙන් සිරිකතද විනාසේ
සිරිලකම විනාසේ ගෑනු නොදන්නේ

ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ
ගෑනු නොදන්නේ

ලස්සනයි බලන්න | Lassanai Balanna by H.R.Jothipala

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ
වෙරලේ රැලි පෙරලේ ගංගාවේ රැලි වගේ
කැලුම් දේ බැළුම් දේ සුනීල ඇස් දෙකේ
රතු උලාලා දෙතොල් පාලා හසරැලි නගාවි
දෑත දීල හැරිල බලලා රතැගිලි නටාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

නලලේ රන් තිලකේ දිලිසේවී සිත වගේ
කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ
කැළුම් දේ හැඟුම් දේ ඇගේ නෙතින් දිලේ
හැඩ බලලා දෝත දීල මා දිහා බලාලා
මලේ සුවඳ දන්නෙ හමන සුලඟ යැයි කියාවි
ඇයි බොරුවේ මම දනිමි ඔයාගේ සිතුවිලි
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ලස්සනයි බලන්න ඔයාගේ මල් හිනා
පුන් සඳක් නැගෙන්නේ එපා කැලුම් පෙරා
ඕ …. රන්ගනි මා නිසාද ඔය නටන්නේ
රන්ගනි මා නිසාද ඔය නටන්නේ

ඔයා එක්ක දුරක් යන්න | Oya Ekka Durak Yanna by Kasun Chamikara

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟාක් පසුතැවෙමි මා
සෙනේහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා

ආදරයෙන් හිමි වීම මට හිමි නැතිව ඇති
අහිමි වෙලා දුක් වීම ඉරණම වෙන්න ඇති
මගේ ආදරය හඳුනන්න ඔය හිතට බැරිවෙන්නැති
ඒ හින්දා වෙන්නැති ඔබ මාව හැරයන්නැති

තනිවුණු මගේ හැම රෑක දෙනෙත් තෙමයි ඔබේ මතක
අපි දැන් දෙන්නෙක් නේද ඔබේ සෙනෙහේ දැන් කොහිද
මගේ ජීවිතේ හැමදාම හිත ගාව ඔබ ඉන්නවා
වෙනසක් නොවී පෙර ලෙසින් හැමදාම හරි ආදරෙන්

ඔයා එක්ක දුරක් යන්න හීන දැක්කා මෙමා
මඟක් දුරට ඇවිත් ඇයිද ඔයා මේ වෙනස් වෙලා
දරාගන්න දුකක් බැරුව හුඟාක් පසුතැවෙමි මා
සෙනේහේ දුන්න මගේ හිතට මේ වාගේ දුක දෙන්නෙපා

මේඝනා | Meghana by Raween Kanishka ft. Pasan Liyanage [2022]

තරු පොකුරු පිපෙන
රෑ අහසේ සදක් තනි වෙලා
නිම් නොවූ සිනා කැන් කෝ අද
මුවක් ගොලු වෙලා

පෙම් කවක් ලියයි ඈ අද
සුදු රෝස පෙති පුරා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

නීල දෑස
කෝල බැලුම් කී නොකී කතා
හීන පුරන මැදියම් රෑ
සද කිනිති වසා

ඈ අන්ද සිතුවමේ තැවරූ
දේදුන්නේ රටා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මල් මකරන්දේ සුවද ගලා
ජීවිතේ පුරා
සිත කීරි ගැහෙන
නිමක් නොවන
හැගුම් කල්පනා

මහා මේඝයක දැවටී
ආවාදෝ සොයා
මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

මා වශී කලා
කිදුරු ලියක්
ආදරී මේඝනා

ආලෝකේ අතීතේ | Aloke Atheethe by H.R.Jothipala

ආලෝකේ අතීතේ කඳුලින් මැවේවි
ජීව වේදනවෝ මා හදේ ගිගුම් දේවි
වැලි කෙළියේ මා දුටු ඒ සුරූපි දේහේ
නොපෙනේ අද ඈගේ මධු ගීතය නෑසේ

මා හද ඉවුරේ පාලුව අතුරා
ගී හඬ අහසේ ඇත ඇහෙනවා
ජීවන කතරේ කෙලවර නොපෙනේ
මා තැනූ රන් මාලගාව කැඩී බැදී විසිරිලා
ආදරේ ගීතිකාව බොල් අහසේ පාවුනා
සංවේගේ ගංඟාව උතුරා ගලාවි
ප්‍රේම කාමනාවෝ රළ පතරේ හඬාවී
ආලෝකේ අතීතේ

රන්තරු මැලවී මිහිකුල අතරේ
මහ මාරාතයේ සුසුම් හෙලනවා
මල්බර සමයේ සවනට කොඳුරා
මේඝ වලා පීර පීර ඈ ගිය අත විමසුවා
කෝකිල කූජන අරනේ ඈ වෙනුවෙන් නැවතුනා
සංවේගේ
ආලෝකේ

jothipala song,jothipala songs,hr jothipala songs,jothipala best song,jothipala best songs,jothipala song nonstop,jothi songs,hr jothipala best songs,jothipala original song,hr jothipala,jothipala dj,hr jothipala cover songs,jothipala song collection,jothipala mp3,h r jothipala,hr jothipala songs karaoke,hr jothipala popular songs,jothipala dj nonstop,hr jothipala nonstop,jothipala old hit,hr jothipala original songs,jothipala