රෑ පුරා හීනයම | Ra Pura Heenayama by Damith Asanka

රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්

නුඹ කීව කාරණා වෙන සිතක වෙලීලා එදා
සඳ පවා වැලපුණා පිනි දියෙන් සිත වසා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා

සංසාර දුර ගෙවා ලං වූවා සෙනෙහස පෙලා
හව්හරණ නුඹමයි සිතා පැතුවාට හිමි නෑ ඔයා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා

රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්

සිත්තමක් | Siththamak by Kelwiz [2022]

තුරුම්පු ආසි තියන් හිටියට වැඩක් නෑ දන්නැත්තං කරන්න සෙල්ලමක්
මං ඉල්ලමක් උනත් ඉල්ලන්නේ එක පාරයි නැත්තම් දාන්නේ පිල්ලමක්
මම පාට කරේ මාව තනියෙන් ඒකයි උනේ මං ලස්සන සිත්තමක් දැන් වටින් ගොඩින් කට්ටිය කියන්නේ අඩෝ උබ මාර චරිතයක්

ඔව් මං චරිතයක් උනේ නිකන් නෙවෙයි මම ගැලුවා මගෙම කට්ට
මම ඉගිල්ලුනේ හීන කරා තනියම හයියයි මගේ අත්තට්ට
මගේ පැත්තෙන් හිටියේ එක යාලුවයි උගේ ගති ගුන ඇත්ත
අඩෝ දෙපාරක් හිතන්නෑ උබ වෙනුවෙන් මං කනවා කිව්වා මේ කට්ට

උබ ඇතුලේ මං එළියේ නිරා කරන්න දෙයක් නෑ
මං දන්නවා මේ යාලුකමෙන් දැන් මට සමාවක් නෑ
හැබැයි එන දවසක ඇත්ත තේරුම් ගනින් උබ පමාවක් නෑ
උබ වෙනුවෙන් මේ වචන ලිව්වේ මට මහන්සියක් නෑ

ඔව් මං කියන්නේ ඇත්ත මේ රැප් වෙලා මට Sick
මම දුකයි සතුටයි දෙකම කිව්වා මේ කලාවට වේවා පින්
වටවෙලා ගොඩක් අත්දැකීම් මම වෙන්න හදන්නෑ බං King
පාඩුවේ යන මං ඇවිස්සුවොත් වාඩු ගන්නවා Bonus පිටින්

සල්ලි නැතුව කරේ Market මං මගේ Talent එක
උබලා බොරුව පෙන්නලා යන්න හැදුවනේ සෙල්ලමේ උඩටම
කෝ උබලා කෝ මට පේන්නෑ මං ඇවිත් ඉන්නේ ගොඩක් දුර
මං දුප්පතෙක් මම දන්නවා කට්ට නැ මවන්නේ මං සුරපුර

ඒ දුබල අදුර මැද්දේ එළිය හොයාගෙන මං ඇවිද්දා තනියෙන් ගත්තා හිතට සවිය
අනාගතේ හීන මවාගෙන ඒ වෙනුවෙන් අඩාගෙන කදුලු පිසදාන් සිනාසෙමින් මං තනියම
හීන වලට නෑ පමාවක් ගරහපු උන්ට නෑ මගෙන් සමාවක්
උබලව නලවන්න පිනවන්න සනසන්න හදවන්න කෙලවන්න වෙන්නම් මං කලාවක්

කෙලවෙන හැම වාරයකම මට අම්මා කිව්වේ මගේ පුතේ..
කව්රුත් ඉන්නේ බලාගෙන හිනාවෙන්න කෙලවෙනකන් හදාගනින් උබේ ජීවිතේ
මං ගනන් ගත්තේ නෑ කිව්ව දේවල් මම දිව්වා පිස්සෙක් වගේ හීන පස්සේ
අම්මා තෙමුනා නේද ඒ කදුලු වැස්සේ ඒ කදුලු වලින් අනාගතේ මං දැක්කේ

සමහර වෙලාවට අතරමං වෙලා මම හොයනවා මම කව්ද
ඔව් මං කව්ද තේරුමගත්තා මම හදාගත්තා නම මහවත්ත ගම
හැදුනේ රාගම අම්මා තමයි පන වෙන්නෑ මම සම
ලංකාව රට හිතේ නෑනේ ලප අවංකයි ඩෝ මම
මං වගේ එකයි ඉන්නේ ඒ මං ලග

අල්ලන්නේ මං එක පිට එක එක Flows
අදාළ නෑ මට උබේ තුරුම්පු ඩෝ
මේ වචන රස්නෙන් මං දෙන්නේ දැන් හදට මේවට වැදිලා Dope
වෙනස් කරද්දි මං Flows වටේ ඉන්න කෙල්ලෝ කිව්වේ ෂෝක්
ඔවි තිබ්බෙ අත මං පිටියට මේ සෙල්ලම උස්සන්න ඩෝ

ඕන පිරිසක් මං කරන්නම් Hack ඒ තරම් මලේ වචන ප්‍රබලයි
අපලයි කියලා දේවල් මං නොකර හිටියේ නෑ කරපු දේවල් දැන් සපලයි
අතර මැදින් හතර වටින් චරිත නඩත්තු කරන උන්ගේ කයිවාරු විතරයි
දෙබැත්ත කොටවලා අගේ ඉදන් කන කන නරයෝ නාවලා මං ඉවරයි

පෙන්නන්නේ මං මැදගිල්ල එපා මට සැනසිල්ල හුරුයි ඕන කටිටක් මම වින්දා දුක ඇතිවෙන්න
අපි ඉන්නේ නැති වෙන්න ආගමට ලැදි වෙන්න ලබාගන්න දේවල්
ලබාගන්න එපා පැකිලෙන්න
හීන වලට පනදෙන්න හදවතට කන් දෙන්න දුක දැනෙන තැන්වලිනි අමාරුවෙන් වෙන් වෙන්න
පිටින් පේන විදියට එපා චරිත මනින්න ජීවිතේ අමාරු කඩුළු හිතේ හයියෙන් පනින්න

පාරක් ලැබුනු වාරයක් ගත්තා ප්‍රතිඵලයක් දැන් ඒක ධනයක්
මතකනම් වනයක් වැටුනා ගොඩක් සැරයක් හැමදේම පැනයක්
සල්ලි උනා ගින්නක් පිච්චුනා මිනිස්සු ගොඩක් අය කිව්වේ මට පිස්සු
ඒ පිස්සු කියපු සෙල්ලම පස්සේ දිව්වා දන්නෙම නෑ ඒ සෙල්ලම මාව ඉස්සුවා

රජ පෙළපතක | Raja Pelapathaka by Damith Asanka

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
පිය රජු මාව සිහසුනේ තියා
රජකම දෙන්න කතිකා කළා
මේ රජ සැප සියල්ලට වඩා
මම ඔබේ සිතට ආදරේ කළා

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

ඉපදී පැළක දිලිඳුයි කියා
නෑ ආදරයේ වෙනසක් වෙලා
කුල ගොත හදන කඳුලැල් නිවා
මගේ අගරැජිණ කරගමී ඔයා

රජ පෙළපතක සිටියත් මෙමා
මගේ සිහසුන ඔබේ පෙම තමා
අපේ සෙනෙහසට ආසිරි පතා
චාමර සැලුවා මාලතී පවා
චාමර සැලුවා මාලතී පවා

පත්තායම වී | Paththayama Wee by Damith Asanka

පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ

රාසීන් දෙයියන්ගේ රටට
ඉර ආවත් පරිස්සමට සමාවක් නොවේ
දේවකාරියක් තරමට රාජකාරියට කැපවුණු
අපේ ජීවිතේ අපේ ජීවිතේ

ඉර ගලලා අඳුර වැටෙයි තනිකම සීතලට නතුයි
නොඉන් හාමතේ නොඉන් හාමතේ
සුසුම් අතුල වැට මායිම එපිට ඉඳන් ගෙට පායාන
සඳයි ජීවිතේ සඳයි ජීවිතේ

පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්න
පුංචි හාමිනේ පුංචි හාමිනේ
හන්තානට මුවා වෙන්න නෑඹුල් සුසුමක් හෙලන්න
හීන් සීරුවේ හීන් සීරුවේ

රූ වරුණා | Ru Waruna by Centigradz

කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

කිචි බිචියට ගී ගයන්න
රූ වරුණා මැව්වයි
කතා කරන ඔය ඇස් දෙක
අලුත් ඉරක් මැව්වයි

අයියණ්ඩිගේ හිත අද්දර
නොකී කතා රැඳුනයි
එපා එපා නොදොඩා ඉන්න
සුනංගු නම් නැතිවෙයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

රූ වරුණා පද බඳනා
සිත සනහා නෙතු නළවා
හිරු මඟුලට හිනැහෙන්නයි

අහස් ගව්ව සොයා යන්න
සමනල තටු ලැබුණයි
නුඹේ අතින් හැදෙන ඇඹුල
දිගු ගමනක් යන්නයි

හීන් හිනා කවට කතා
අද විතරක් ඔට්ටුයි
කිරි වදිනා හෙට දිනයේ
අලුත් පැලක් තැනුණයි

සුමිතුරේ | Sumithure by Kokila Pawan Jayasooriya [2022]

මුතු ඇටයක් අමුතු නැතේ
වැලි කැටයක් වටින බිමේ
මුතු ඇටයක් අමුතු නැතේ
වැලි කැටයක් වටින බිමේ

ඉවසන අපි විදින දුක් දරා
නොදකින අත් වදින හිස තියා
ඉවසන අපි විදින දුක් දරා
නොදකින අත් වදින හිස තියා

තිස්තුන් කෝටියක් දෙවියනේ
ඇස්කන් වික්කාද ණය බරේ
නැත්නම් වැඩියාද වෙන කොහේ
ඉන්නයි ආස අපි අපෙ රටේ

හේතු නැති
ශෝක ගිනි
හංගන් ඉදලාම පපුතුරේ

මාරුවෙවී ජාති බෙදී
සෙල්ලං කෙරුවාට සනුහරේ

සාප දිදී බීත වෙවී
සල්ලං වෙනවාද සුමිතුරේ
දෑත බැදී පේලි ගැසී
දංවැල් බිද දාමු පරපුරේ
නැත්තං හැමදාම කලුවරේ

පරිස්සමට තියාගන්න | Parissamata Thiyaganna by Damith Asanka

පරිස්සමට තියාගන්න හිත මට දිලා
හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා
කඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා

කඳුළු ඒවි හිත ගැහේවි නුඹ මකත් වෙලා
දුරක යාවි ළඟ හිඳිවි මතක තනි වෙලා
රණ්ඪු වලත් අප දුටුවේ ආදරය තමා
එනතුරු මඟ බලා ඉන්නේ හීන මව මවා

පුංචි හිනාවම මගේ මුළු ජීවිතය උනා
අපි දෙන්නට දෙන්නා උන්නේ පණ වගේ එදා
හිතේ හිර කරන් මෙතුවක් කල් නුඹ තැවුනා
ඉඩෝරයට අහස හරිම ආදරේ කළා

පරිස්සමට තියාගන්න හිත මට දිලා
හදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියා
කඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරා
සුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා

පන සේ පණ වී | Pana Se Pana Wee by Damith Asanka

පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ
අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ
හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා
ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා
හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ
හිත තුලම ගුලි වී සදා
මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ
සඳවතියේ අවරට නොයා

ආදරේ ආදරේ නුඹ මට දුන්නේ ඔහුටත් හොරා
ජීවිතේ වැරදුනේ අන්සතු මලට පෙම් කළ නිසා
නෙතු අගින් කී කතා කීවේ නෑහැනේ අන්සතුයි කියා
උණුහුමේ ගුලි වෙලා සෙනෙහස වින්දේ මගේමයි සිතා

මා ළයේ මා ළයේ දැවෙනා ගින්න දුන්නේ ඔයා
ඔය මුවින් කී කතා අද බොල් සුළගේ පාවී ගියා
ඉන්නේ මා කෙලෙසදෝ ඔය නෙත් මතක අඳුරේ දමා
ජීවිතේ නැවතුනේ අන්සතු නුඹට පෙම් කළ නිසා

පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේ
අඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේ
හඬවා මෙලෙසේ මා හැරදා යන්න එපා
ඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවා
හැම හුස්මක් ම ගානේ නුඹ ඉන්නේ මාගේ
හිත තුලම ගුලි වී සදා
මේ නෙතු තුලම මාගේ නුඹ ඉන්නවානේ
සඳවතියේ අවරට නොයා

අල්ලන් යන්න බැරි අතක් | Allan Yanna Bari Athak by Sudeera Dilshan

පොරොන්ඩු වෙන්නම් සංසාරේ
දුකක් නම් නොදී
පරිස්සම් කරන් ඔබව මං
එක්කන් යමි

මේ හිරිහැර ලෝකෙන් පිටවී
අපි අපටම පමණක් අයිති
නැවතුමකදි කොහේ හෝ හමුවී
විදගමු මේ ආදරේ

අපි පතනා ජීවිත
සමහර තැන් වල
මුණගැහුනත් මේ ලෝකේ
හැම හමුවීමම කෙලවර වන්නේ
හිමි වීමෙන් නොව අවසානේ

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

ඇහි පිල්ලම් යට
හංගා දෑසේ
විදගමු අපි මේ සංසාරේ
පමා වූ ඒ ආදරේ රිදුම්

සිනහව පාරනා සුසුම්
දරාන ජීවිතේ ගිමන්
මේ භවේ ඉමු අපි පේන මානයෙන්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

අල්ලන් යන්න බැරි අතක්
අරගෙන ඇවිද බොහෝ දුරක්
හංගා මතක හුස්මේ තියන්
තනිවීම ප්‍රේමයක්

පණ සේ ලංවීලා | Pana Se Lanweela by Damith Asanka

පණ සේ ලංවීලා
සිත් සේ පෙම් බන්දා
ඇයිදෝ හැරයන්නේ මා
නැතිදෝ හද උණුවෙලා

උමතුයි හැඟුමන් පාරයි මතකෙන්
සිහිවේ තැනුනු පෙම් මාළිගා
ආයේ මා රැදිලා
ගෙනයන් ඔබේ කරලා

පණ සේ ලංවීලා
සිත් සේ පෙම් බන්දා
ඇයිදෝ හැරයන්නේ මා
නැතිදෝ හද උණුවෙලා

නිදිගත් දෙනුවන් ඇහැරෙයි කඳුලින්
දවමින් සෙනෙහෙ පෑ ප්‍රාර්ථනා
එන්න මා ප්‍රේමී වෙලා
ගෙනයන් ඔබේ කරලා

සන්තාපේ ගිලිලා
විරහා ගී ගයාලා
ඉන්නෙදෝ දෙතැනක වෙලා
හිදිමිදෝ අපි අපේ වෙලා

barbie song lyrics,lyrics,barbie girl song lyrics,cupid lyrics,cupid twin version lyrics,barbie girl lyrics,lyrics cupid,im barbie girl lyrics,im a barbie girl lyrics,aqua barbie girl lyrics,i’m a barbie girl lyrics,i am a barbie girl lyrics,feeling lonely,cupid fifty fifty lyrics,fifty fifty cupid lyrics,cupid song,music,barbie song,hopeless romantic,i’m feeling lonely,second chance to cupid,barbie girl song,a hopeless romantic all my life