රණ්ඩුකාරියේ | Randukariye by Ranidu ft. Iraj ft. KK

රණ්ඩුකාරියේ
හිත කියවන්න සීරුවේ
බෑ තව ඉන්න පාඩුවේ
හිත ගෙනියන්න ප්‍රේමියේ

අඳින්කෝ සිත ආදර සිත්තම
ගොතන්නකෝ නෙත ආදර ගෙත්තම
මාහා ළං වීලා
හිතන්නකෝ එක සැරයක් මං ගැන
කියන්නකෝ එක වදනක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

රවන්නෙපා මගෙ ෆීලිංස් [Feelings] දැක්කම
මවන්නකෝ සුරපුරයක් ඇස් ළඟ
මාහා ළං වීලා
තියන්නකෝ ගිනි පුපුරක් තොල් අග
බලන්නකෝ එක සැරයක් මා
සනසාලා නලවාලා හීන ගානේ පේන

written by Achala Solomons

iraj u0026 ranidu,ranidu,irajproductions,iraj,iraj show,weeraratne,sri lankan radio,sri lankan rnb,sri lanka,ill noize,ninda noyana handawe,sri lankan hitz,sri lankan hits,ninda,nilan,sri lankan music,sri lankan hip hop,sinhala songs,sinhala,handawe,sri lankan pop,wasantha,illnoize,ahankara nagare,sinhalies,sri lankan songs,noyana,correy,ahankara,ahankaara,dukgannarala,hits

රන් මුදුවක | Ran Muduwaka by Supun Perera [2024]

රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ

තනි යහනේ මා තැවෙනා හැම වාරේ
ඔබේ පහසේ මා සිහිනේන් සැනසෙන්නේ
මා තුරුලේ ඔබ නළවා සතපන්නේ
කවදාදෝ මෙ සිහිනේ එළිවන්නේ

දුක වාවා නගනා හසරැල්
දුටුවා මා නුඹෙ හද මනසින්
වියකි යන්නට පෙර රහසින්
මගෙ දෝතට ගන්නම් සෙනහෙන්

ප්‍රේමය මා වින්දා
නුඹේ ඇසුරේ නිවුනා
මුලු ජීවිතේම නුඹ මගේ හින්දා
අපි ආදරයෙන් ඉමු ලංවීලා

නෙතු පාරා ගලනා කදුලැල්
මා දෑතින් පිසආ සනසා
හද දවනා රිදෙනා මතකෙන්
නුඹ මුදවා රැකගමි සැමදා

ප්‍රේමය මා වින්දා
නුඹේ ඇසුරේ නිවුනා
මුලු ජීවිතේම නුඹ මගේ හින්දා
අපි ආදරයෙන් ඉමු ලංවීලා

රන් මුදුවක සිරවී තැවෙනා ලදුනේ
දුක් කන්දක පාමුල තනිවී හැඩුවේ
අප දෙතැනක ලතවෙන ජීවිත කතරේ
නුඹ කෙදිනද මා ලඟ සැනසී ඉන්නේ

written by Aradhana Ekanayaka

නෙත් මානෙම | Neth Manema by Dilu Beats [2024]

කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරිපොද නැති කදුලු අවාරේ

තනි තරුවක් මියෙන වෙලාවේ
ඔබේ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සදලු තලාවේ මා

ඒ රිදුම් නිවී මා හදේ
ඈ ලගින් රැදීලා වගේ
සීරුවෙන් ලයේ පෙම්මල් පීදුනා

මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානේ හිදීනම්
මේ හිත සන්සන් හැගුමන් මාගේ විදීනම්
ඔබ එනකල් මොහොතක් මා හිදින්නම්

මැව්නාවේ ගිම්හානේ දැන්
ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ යාමේ පුරා

රෑ හීන ගානේ ආයෙ ආයේ
ඔය රූපේ පේන වාරේ
නුඹේ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක යයිද මාගේ
නොකියා කියූදේ තේරුනා

ඒ රිදුම් නිවී මා හදේ…

මං නුඹෙ නෙත් මානෙම ඉන්නම්…

written by Dilu Beats

කෑෂ් වදන් | Cash Wadan by Zany Inzane & Jemaa [2024]

මාරයා මං අමතන්න හෙලෝ
මඑ එන්න බෑ දැන්ම යෙලෝ
සිංහයෝ නිදි රෙදි පෙරෝ
නරි ඉදිමෙනෝ
වස විස වද දෙනෝ
මට දමා ගන්න බැ කෙලෝ
ඇස් බර වෙනෝ
දන්නැති උන්ට මේවා රහක් නෑ මෙලෝ
උගුරට එනෝ

මොනීකා
මං අසම පාට මං ආසම ගාන
මලීනා
හොයං යන්නේ වැදීලා
මේන් ඉන්කම් ශුගර් ඩැඩීලා
හොදම විසෙන් මත් වීලා
දෙයි ඈ දිව්‍යයලෝක වීසා
ඩේලි ඩෝප් මොනාලීසා
ඇල්කොහොල් වතුර
හෝමීස් බවුසර්
කෙල්ලෝ ගෙදරට බේබි
නහයේ පවුඩර්

රුපියලේ එවුන් පොර ටෝක් තවුසන්ට්
මම කියන්නම් අනාවැකි වගේ සිම්ප්සන්
මගේ රැප් පොලිතින්
දිරන්නේ නෑ මේවා එක දවසින්
දකුනෙන් ස්මෝකින්
ලිව්වේ වමතින්
බලන්න ඕනද සිඇසින්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
ඈත් කැමති මවන්න ගොඩක්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්…

නෑ මෙහෙ දියවෙන්නෙ අයිස් කදු
වෙන්නෑ මෙහෙ ටියුබ් ලයිට් කුඩු
අපි එතුවේ කැනබි විතරයි සුදු
ඒකයි මං ඉන්නේ හරි ට්‍රැකේ
බලන්නෑ යාලුවෝ දිහා සැකෙන්
බොරු කිව්වේ නෑ බේරෙන්න ඇපෙන්
වෙනවා රැපෙන් සාමෙන්

මෙහෙ නෑ මස්ත දවස්
කෝල් එන්නෙ වෙද්දි හවස්
සිහි එන්නෙ පහුවෙනිද හවස්

සමහර උන්ගේ IG Story Andrew Tate
ඒත් එලියට බහින්නෑ දෝනි කේස්
දෙයියෝ නෑ හොයාගන්න කෝවිලෙන්
දෙයියෝ සැපේ අහසේ ඉන්නේ කොයිවෙලෙත්
හැබයි ලිමිට් පනින්නේ නෑ කොයි වෙලෙත්

කෑෂ් වදන් කෑෂ් ///

දෑත් බැදන් යනකන්
දෑත් ඩේලි ඇති ඇවිලෙනවෝ
ඈස් කැමතී දකින්න ගොඩක්
ඈත් කැමති මවන්න ගොඩක්

කෑෂ් වදන් කෑෂ් ///

written by Zany Inzane

බදිමු සුදා | Bandimu Suda by Piyath Rajapakse [2024]

නුඹ අතේ මුදු මාලයක් මං පලදාවී
මාදූ සුවය සොයා සීතල ගමකට යාවී
ඉඩ කඩම් බොහොමයක් දෑවැද්දට දේවී
මුල්වූ ජීව්තේ රෝස මල් යහනක් වේවී

දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී
ඇසුනා දුරුවී බොහොකල් අපි සැමදා හිනැහේවී

කෝමලියා සිකුරු ලියා
කුමරියේ අපි හෙට බදිමු සුදා
කෝමලියා සිකුරු ලියා
බැන්දාට පසු නුබ මට බනිනු එපා //

ගමේ ලස්සනම ලේලි
අපේ අම්මාගේ වේවී
නුඹ මං එක්කලා ඉද්දී තව හැඩට පෙනේවී
නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී
රාජපක්ෂ පවුල මුලු ගමේම වැජබේවී

දරුවන් ඉපදී අපේ නිවහන ආදරයෙන් ඉතිරී…

කෝමලියා සිකුරු ලියා…

written by Piyath Rajapakse

පාලි දූශණය | Pali Dushanaya by D Lucii × Xayn × Zeus [2024]

මෙක කතාවක් වගෙ මනමෙ
අවා ගොඩක් උන් කන්න කන මෙ
මොන පිස්සුද වෙන්ඩ දමනෙ
එකයි කෙලින් තාම මගෙ ගමනෙ

විවිස් නිසා ගහාපු බාර්ස් දර්මෙ ගැන ක්ලාස් නයි නම අරන් ගැරඩි
ගෙවල් වට කරගෙන දාගැබ් බොරු බාර්ස් ලියන එක වැරදි

වචන බැරි නම් තෙරුම් ගන්න අපරාදෙ ගොත ගාන පෙලි
උබ හැසිරෙන්නෙ වගෙ කාලි දාස අනෙ උබයි උබලගෙ පාලි
මම එකෙක් නෙවෙයි හුත්තො සියක් මරනවා වචනෙන් වචනෙන් ඩෙලි
එකයි ට්‍රැක් වල මගෙ තැන තැන තිබ්බෙ ලෙ ගැවුන පෙලි

උබෙ රැප වගෙ චින ෆිල්ම් එකක් උපසැරිසි නැතුව තෙරෙන්නෙ නැති
බොරු සිංහල සාහිත්‍යය රටෙ නැති
නයා දල ගැන බාර්ස් කටෙ නැති
මුකවාඩමක් නෙවෙයි පාඩමක් හුත්තො ෆැශන් හිපොප් වල මුල්ම
හිපොප් සංසර්ගෙ නම් රියල් වර්ගෙ නම් උබලා කපලා ගල්ම

මෙකෙ හරි දෙට මම හොද කියනවා එකයි රිඇක්ට් කලෙ සිංදු
උබ ඩෙස්මන් නෙවෙයි ටෙනිසන් එකයි මුලින් විහිලු කලෙ බන්දු

lyrics කලපු මැරයො west නාහිර ලමිස්සි එවාද තොපෙ facts
මුලින් උබෙ ඩිලිවරි හදාගෙන ඉදපන් දාන්න කලින් ඩිස් tracks

උබෙ තරකරම උඩ උබ නටනවා අසරයයි කොල්ලො කන් දෙක
උබ හරකෙක් උබෙ සිංදු අහාන උන් පොලිෂ් කරයි උබෙ අන් දෙක
උබෙ කො බ්‍රා එකයි බැගි ඇන්දත් වහාන්න බැරි තන් දෙක
ඉතින් කො බ්‍රා මෙවා අන්ත්‍රා ආයෙ අවුස්ස ගන්න එපා අත් දෙක

වචන මැරුව
ගොඩක් උන් ඉන්නෙ කලාවෙ එල්ලුන් ගහෙ
ගෙවෙන කරුම
එකයි මෙ කොල්ලො දගලන්නෙ පුංචි පහෙ
ලියලා බොරුම
මුලු රැපටම එකයි එලිසමෙ
නයාගෙ ඇදුම
අදින ගැරඩි ගහාපු සවුදමෙ //

මම අඩ නින්දෙ ඉද්දි ඇහැරන්න එපා
ඇයි එ මං අසිහියෙන්
මගෙ හඩ ඇහෙද්දිත් වෙයි අඩපන දෙපා නෙමෙයිනම් ඌ බීරෙක්
ඌ UNDERRATED ගගා වැලලිලා Views හිඟනවා පස්සෙ තිරේ
මම යකදුරා නිසා මතුරලා සින්දු කපනවා මගෙ ගිරෙන්

වදන් එකපිට ගැහුවත් වැඩක් නැ උබලා Delivery නැත්තම් කන්නද?
උබෙ සහිත්‍ය වමතින්, දකුනින් ආගම, දෙකම නැත්තම් හුකන්නද?

උබ පහරද්දි මේක “WANNI” යෙන් අද අඩනවා උබෙ “ගංදිය”
උබ පොර Talk දෙද්දි සරම ඇතුලින් මං විනිවිද දැක්කා ජංගිය

චාටර් වෙන්න එපා ඩො උබලා ඊලඟ Gen එක සෙල්ලමෙ
අවවාද දෙන්නයි උබට මං වටින වෙලාවක් වෙන්කලෙ
(මගෙ) ගොදුරට, අහුවෙන්න උබ විතරයි ඩො පින් කලේ
නොපමාව පමා වෙන්න කලින් වහගනින් උබෙ වින්කලෙ
දැනගෙන සෙල්ලමෙ එක පිල්ලමක් නැර මනාසේ
කරබාන ඉන්න උනා මට හේතු ටිකක් නිසා, ගොනා සේ
Lyrics වල Qulity එකට වැඩක් ගනින් උබෙ පරාසෙන්
බැරිමනම් කරන්න උබට ඉගෙන ගනින් ඩො “HEVA” ගෙන්

written by D Lucii × Xayn

රික්තයක් | Rikthayak by Ayeshmantha ft. Manasick

මනස මාරයාට බාරදුන් විමානයක්
බ්‍රහ්ම පාදේ අන්සබාග වී, හෙව්වා මන් පරාලයක්
පිරෙව්වා ජීව-දත්ත හංගලා විශාදයක්
උනානම් මාව එදා කාන්දු පලන් පැලෝපීය නාලයක්
පාවා දුන්නා අදේවවාදී ඥානයත්
හෙව්වා හැම පත්තරේම පලාපල හේතු ග්‍රහ චාරයත්
වියෝව අන්දකාරේ පිටාර යත් විකාරයක්
යථාව දහම කලෙක වෙයි සොබාව අඳුරු පිළිල ජාලයක්
නිර්දේශේ දොස්තරයි
ලියයි බෙහෙත් පෙති වට්ටෝරු චිකිත්සා විස්තරයි
ඔව් විද්‍යාවයි විඥානයයි අනුත්තරයි
ජිවේ අවසානේ තෙක්ම මාරු නැති යකයි කොන්දොස්තරයි
ආලෝකේ පාළු කාමරේ තනිය කරන් බිලිත්
සිරිත් මාරා විරිත් පලා ගිහින් දැනෙයි ඉහේ විලිත්
ජීවිතේම පාලි යක් උඹ දහන් පිරිත්
සිතුවිළි පෙළපාලියක් තියං කිලිත්

මේ ජීවිතේම එක්තරා විකාරරූපී රික්තයක්
නාඳුනන විනිශ්චයකරුවෝ කෙරුවා රෝගියාම විත්තියත්
දොරක් නැති කාමරේක කළු පිල්ලියක්
මාව පන්න පන්න කෑවා හිතත් පිස්සු හැදුණු බැල්ලියක්
පිරිසක් මැද මං හිටියත් වෙනසක් නෑ, තනිව මැරුණු
හුදකලාවේ ගිලී මා සෙනෙහස් ඌනතාවේ පිළිකාවෙන් පෙළුණු
නිමාවක් නෑ, පතුලක් නෑ.. අන්ධකාරේ ගිළුණු
වළකට වැටුණා අපාය ට මං හිඩැසකින් නොනැවතී, පැළුණු
ලුහුවත් වෙන පරිපථ, නිවන බ්‍රේකරය
Fluoxetine පාලනය, කළා ද විධාන ප්‍රේරකය
“මූට පිස්සු” සමාජේ සත්තු අලවපු ලේබලය
දිනෙන් දින දැක්කා මං, මගේ ම මෘතක ලේබරය
ලියාගන්න බෑ වචන, කුරුටු බලි හිස් පිටු
හිල් කරන් තුඩින් කිඳා බහිනවා පෑන
මේ suicide case සේරම තොපි හැමෝම
අවුරුදු ගාණක් තිස්සෙ ටිකෙන් ටික කළ murders

Murders suicide and murders
අද මාව අරන් යන්න එයි satan’s daughters
සන්සාරේ places woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces
Murders, Murders, suicide and murders
අද මාව අරන් යන්න එයි satan’s daughters
සන්සාරේ places woth inzane cases
මගේ බෙල්ල හිර කරන්න බලයි මගේම Shoe laces

හිත මගෙ දැං එක තැනක නතරවෙලා පිරි අන්දකාරේ
තනිකම දැං හැම රෑම මාව මැරුවා තියෙන්නේ අවතාරේ
හොයං පාලු තැං මගේ ලෝකෙක මම කුරුටු බලි මැද ආයේ
හිර වෙල දැං බිත්ති හතරෙන් වටවුන කාමරෙක ආයේ
ආයේ ඇවිලෙන්නෙ සිතුවිලි හිත පතුලෙ දැං ආයේ
පියං මගෙ දැස් දනිං වැටී මං ගිනිගන්න සොහොන ලඟ මාගේ
බෑ තවත් මට කල් ඉවසන්නෙ දෙවියංගෙං මට යන්න මේකෙන් කාලේ

කළුවර ගින්දර වේගෙන් මනසට නෑවිත් ඉන්නට තිබුනා
ඉවසන හන්දම ඈතින් හිදගෙන දෑතින් ඇස් දෙක වැසුනා
නළලත රැල්වල තේරුම් පවසන ආතතියෙන් හිත ගිලුනා
තනිකම හිස්කම පාළුව පවතින ලෝකෙන් යන් පාපෙන් ගැලවී මා
බිදිලා මා මරණය ඉක්මන් වේනම් හදවත නාඩන් දුක් ශෝකෙන් හිත් පාරා

written by Manasick, RUDEBOYRAY, Tikx Kooda & Ravindu

ලබ්බේ රසවින්දනය | Labbe Rasavindanaya by RUDEBOYRAY

ඇඟ කිළිපොලන් යන වැස්සට, හිටියට ඵලක් නෑ නෙ ගස් යට
පොළොව ඉරිතලන්නෙ රස්නෙට, උන් මරු කියවන්නෙ උෂ්ණෙට
ලොකු ප්‍රඩක්ශන් කොලිටි නොතිබුනත් හදවත ට දැණුනා ඉස්සර
උඹලා – උඹලා ට සිංදු කරපු කාලේ තමයි #ත්තෝ ලස්සන..

කලාව වටකරන් ඉන්නේ පිස්සො ද? නන්නත්තාරෙ යන නිල මැස්සොද
එතකොට facts කියන්නෙ diss ම ද? Real වලට වඩා fake දිස්නෙ ද?
මම පොර කිය කිය නිතරම කට කියෙව්වෙ නැතුවත් තිස්සෙම
තොපෙ සිංදු 100ක punchline තියෙනවා මගේ බාර් 20ක..

තොපිලා වෙයල්ලා Batman, මට වෙන්න ඕන නෑ hero
ගිනිගනින් රැප රෝමෙ වගේ අළු වෙන්න, මම වෙන්නම් Nero
ගොඩක් bars වල අරුතයි ජොකියයි ගත්තම හතරෙන් තුනක් හිස් ලයින්
ඇහුවොත් ආසම රැපර් NF ඒත් මුන් රැප් කරන්නෙ වගේ Six-Nine…

කවුද genuine ම artist ? උන් වඳවෙලා යන species
කොල්ලෙක් බෙල්ලෙ වැල දාගන්නකන් බලන් ඉන්⁣නෙ නෑ ශෙයා කරන්න මං “Phoenix”
එක අතකට ආතල් මං බලන්න ආසයි සිද්ධවෙන දේවල් මේ ලෝකෙ
වෙන සිංදුවක් ලියද්දි ඉබේ ආවා මිසක් ඉස්සුවෙ නෑ මං flow J. Cole ගෙන්….

මට නම් වැඩක් නෑ බොලාගේ flow
මට වටින්නේ lyrics නෙ bro
Wordplay නම් මම pro
බර ම punchline වලින් ඩෝ
දැකලා ඇතිවෙලා කොල්ලො කෝලම්
අහයි “රූඩා අලුත් සිංදු කෝ? කෝ??”
තෑගි තියේ මා ළඟ Santa Clause ටත් වැඩියේ
Ho! Hoo!! Hooo!!! Hoooo!!!!
මේවා තේරෙන්නැත්තම් ඔව්! උඹලා Slow….
තාමත් Underground Rap තමයි dope
Conscious Rap නම් මම Pope
වදනින් beats වෙයි explode
මුහුවුණා වගේ Mentos එක්ක Coke
සල්ලි නෙවෙයි real fans ලා ට hope එකක්
දෙන්න විතරයි මට නම් ඕනා……

කාගෙවත් පිහිටෙන් නෙවෙයි ගේම run කළේ මං
තැරි දාර බයියෝ එක තැන පල් කළේ මං
තොපිට ශෙයා කරන්න බය ඇල්බම් කළේ මං
හරවත් සංගීතේ අකුරු හල් කළේ මං
ගැන දන්න උන් දන්නවා නැති උන්ට සොරි,
ආත්මෙ විකුණන් මට නම් හම්බකරන්න බැරි
ලෙජන්ඩ් ලා දාගන්න සිංදු, පේජ් ළඟ බලු වුණ හැටි inbox වල ඇති…

මල්සරාගෙ පු# ට විදලා හීයකින්, තියපන් Beretta 160කින්
කුණු රහ දැනෙද්දි පෙරේතකම ට උගේ සත්වාදය පෑලෙ දො⁣රින් පැනලා ගිහින්
මිනී වලවල් කපන්න කතා කරපු උන් දැන් ලියන කොමිටල් මරු අනේ
“ගජමන් නෝනා” ව impress කරන්න “ඇලපාත” කියපු කවි වගේ…

ඒ රැප් ලිවීම සරල සූත්‍රයක් බොලා ට කියලා දෙන්නම් මම
“සුදු අරලියා මල” ධන(+), tempo වැඩිකිරීම(x) තුන..
කොලිටි මොටද නේද බං බොලා ට සෝබනවලට, දිගට-හරහට වැටෙන විව්ස් වලින් කන්ෆියුස් උඹේ ඇතුලේ ආර්ටිස්ට් දැන් මැරිලා ගිහින්…

සිංදු අහන තොපිත්, මොන ගූ ගොඩත් ඉතිං “රැප්” නම් යයි කර තියන් දීගෙන
ඒකයි ඔය තක්කු – මුක්කු – කුක්කු බිව්ව #ක්කු පහරන්න එන්නෙ මේකෙ ම..
එක එකාගේ recognition එපා මට, යනවා තනියෙන් කාගෙන
තොපි ට බැන බැනා නොදැනිම ආවා මං අර උස්සපු flow එකට ආයෙම….

නම ට අධිමාත්‍රික songs
“ලබ්බේ රසවින්දනේ” ෂෝක්
ඔය කලාව හදන ටෝක් සමයි
Nazi feminists ලා ගෙ jokes
යටින් මුන් දාගෙන lace thong
උඩින් ඇඳගෙන ටයි – කෝට්
වෙළෙන්දො නම් ඉන්නවා ඕන තරම්
ඒත් artists ලා නම් NO!
ලදරන් බස් එකක් ඉන්ඩස්ට්‍රිය
උඩ දාන් ගැහුවට “හෝන්”…
සල්ල ගන්න කොන්දොස්තර ඉන්නෝ
ඒත් එළවන driver “කෝ???”
“යොහානි” ගෙන් ජාත්‍යන්තර overdose
ගිය උන් අහපන් “Shan Vincent De Paul”
“ශාන් පුතා” චා කිව්ව එවුන්
“Ravi J”, “රොෂාන්” ට feature කරද්දි කෝ බං???

written by Rayviyan Floyd Driyon

හිතින් අල්ලා ගත් | Hithin Allagath Adare by Ridma Weerawardena

බිඳුණු හදවත රිදෙනවා
බැඳුණු ඔබෙ හිත සොයනවා
ආදරේ තව තියෙනවා
දැනෙන හින්දම සොයනවා
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ

මතක හදවත නිවනවා
හිතේ හැමතැන ඉන්නවා
ආදරේ බව දන්නවා
හිතින් ලඟබව දැනෙනවා
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ

ඉඳහිටක කවි ලියනවා
ලියන කවිවල ඉන්නවා
සුවඳ තාමත් දැනෙනවා
ලඟ නැතත් ලඟ ඉන්නවා
අතින් අල්ලා ගන්න බැරිවූ
හිතින් අල්ලාගත් ආදරේ

written by Dilan Devinda

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics favorite song,favorite song toosii,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

කෝලම් නටන්නට | Kolam Natannata by Nadeemal Perera [2024]

කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ
මහා සම්මත රාජ පදවිය
හැරදාලා මං ආවේ
නිදි පැදුරට ආවේ නිදියන්නයි
මේ මහ දවාලේ
කෝලම් නටන්නට එපා නංගියේ
මගේ තනි හිත් පල්ලේ

කදුරු ලීයක් වාගේ මෙලෙකට
තිබ්බ තනි හිත මගේ
නුබේ ආලයේ නියන් පහරින්
කැටයම් කරපු දොහේ

කෝලම් නටන්නට එපා නංගියේ…

නැටුම් නෑ දැන් කෝලම් නාඩගම්
මූනු ටික මම වික්කා රත්තරන්
මාසේ පඩි ඇති යුද්ද සෙනගට
මාත් බැදෙනවා රත්තරන්

කෝලම් නටන්නට එපා නංගියේ…

written by Chamara Sandaruwan Hettiarachchi

favorite song lyrics,lyrics,toosii lyrics,cupid lyrics,favorite song toosii lyrics,toosii favorite song lyrics,favorite song lyrics toosii,cupid twin version lyrics,lyrics cupid,lyrics toosii,toosii lyrics favorite song,feeling lonely,fifty fifty cupid lyrics,cupid fifty fifty lyrics,lyrics favorite song,favorite song toosii,cupid song,music,hopeless romantic,someone to tell you your beautiful toosii,i’m feeling lonely,favorite song

sinhala cover songs,mangala nakathe lyrics song,kushan achintha song,mangala nakathe cover lyrics song,mangala nakathe cover song,cover song,shanika wanigasekara,kushanachintha,mangala nakathe

nadeemal perera,nadeemal prera,nadeemal perera live,amal perera,nadeemal perera songs,nadeemal perera new song,nadeemal new,nadeemal new song,nadeemal,nadeemal new music,mervin perera,perera,nadeemal new music video,nadimal,kolama,koam natannata,kolam natannata,koolam natannata,epa nangiye,nura,kolam,colam,srilankan music,koolam,wasanthe,lyric video,nurawasanthe,nura wasanthe