නේනා | Nena by Thiwanka Dilshan [2022]

ඒ නෙත්කලු රූ මනා
හිත අල්ලවි කිති කවා
නහින් සතුට ඔය මල මට ලන් වෙද්දි දී නුරා
මේ දැහනින්ම මත් වෙලා
පා වෙන්නම් මන් හිත හිතා
විදිම් සුවද ඔබ දෙස එක එල්ලේම නෙත යොමා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා

රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා

ඒ විසේකාර රුව හලා
යන්න බැහැ
අත හැර පලා
රෑ තිස්සෙම නින්දේම මන් ගාව ලංකාරේ ඉන්ඩ හීනෙන් සින්ඩරෙල්ලා වගෙ කෙල්ලේ
හැඩයි මලක් වගේ සැරයි මිරිස් වගේ වනයි ගුලක් වගේ පොල්ලයි මලෝ
මගේ සින්නක් කරේ නැතයි අන්තප්පුරේ එක කෑල්ලක් කරේ ඔයයි බිසෝ

ඒ සබද ඇතා දැන් මෙල්ල වෙලා දැක්කම පිපුණ නාරි ලතා
ඒ මත්වෙන්නම් සදා ගාවින් මන් ඔයා ඇස් දෙක නුරා ගාන්න නේනා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා

රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා

නේනා ඒ නැවත නැවත මා
පිටතට හිත නේනා
ඔබ තුලම තුලම මා

රූ රා ඒ රුවට රුවට මා
ළං වෙන්නයි ඕනා
මන සේම රදෝනා

Written by Lasitha Jayaneththi Arachchige

thiwanka dilshan new song , thiwanka dilshan new song lyrics , thiwanka dilshan wife , thiwanka dilshan song

මඳනලට කියා | Madanalata Kiya by Rookantha Gunathilaka

මඳනලට කියා ඇතත් ඔබ සමඟ කියා නැතත්
මං ඔබට නොකී ඒ කතාන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියා දෙන්න තවත්
හිත කියයි සොඳුර දැන් නිරන්තරේ
ආයේ පවන සමඟ මුමුණ මුමුණ මා හෙමින් සැරේ
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ

ආයාසේ මා නොකී කතා
මාගේ හදේ රැදී තියේ
ආරාධනේ දෑසේ රහසේ
මම නිබඳ දකින් නිසා
සිත එය අයදින නිසා
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන මේ කතන්දරේ

මඳනලට කියා ඇතත් ඔබ සමඟ කියා නැතත්
මං ඔබට නොකී ඒ කතාන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියා දෙන්න තවත්
හිත කියයි සොඳුර දැන් නිරන්තරේ
ආයේ පවන සමඟ මුමුණ මුමුණ මා හෙමින් සැරේ
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ

මා ආවේ ආදරේ සොයා
පාරාදීසේ ඔබේ ලොවේ
පාවී ගියේ මාගේ සිහිනේ
මම කියමි ළබැදී කතා
තව ඔබට සැබැදි වෙලා
ආයේ පවන සමදි වෙලා
ආයේ පවන සමග මුමුණ මුමුණ මා සෙයින් සැරේ

මඳනලට කියා ඇතත් ඔබ සමඟ කියා නැතත්
මං ඔබට නොකී ඒ කතාන්දරේ
මට ඔබේ ළඟට ඇවිත් එය කියා දෙන්න තවත්
හිත කියයි සොඳුර දැන් නිරන්තරේ
ආයේ පවන සමඟ මුමුණ මුමුණ මා හෙමින් සැරේ
කීවේ සිතක සුවය ඔබට ගෙනෙන පෙම් කතන්දරේ

ZD8 by Charitha Attalage x Kasun Edirisinghe [2022]

කොහොඹ කණුවේ රැහැයියො ඉන්නවා
උන් රෑ මගෙ තනිකම මකනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

රෑ හීනෙන් ඇවිදින් ඉන්නවා
උඹ කකුලෙන් අදිනවා දැනෙනවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

ඒත් අසලින් ඇවිදින් ඉන්නවා
මට ඒ බව ඉඳහිට දැනෙනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

සුදු පාටින් නෑ සිල් රෙදි කහ පාටට හැරිලා
සේපාලිකා මල් සංකාවෙන් තනියම පිපිලා
පිපුණු පැණිකොමඩු මල් එතැනම පරවී වැටිලා
මගේ පොඩී එකී තුන් මාසෙන් පසු ගම යනවා

ගේ මැද පාළුයි මතකය පෑරෙයි
යන එන හැම තැන නුඹ මැවිල පෙනෙයි
ඉරිඟු හේන මහා ඔත්පල වෙනවා
මගෙ ඇතින්නියේ නුඹ මහ ඇල අරගෙන යනවා

හතර පෝයට නුඹ සිල් ගන්නවා
උරබන්දිය විස්තර අහනවා
නුඹ තාමත් දොරකඩ ඉන්නවා දැනෙනවා

වැඳපු දෙවිවරු නෑ අද වඩිනවා
නුඹ මඟහැරලා උන් ඉන්නවා
මම දන්නේ නැතිවම කඳුලක් වැටෙනවා

හවස් යාමෙට නුඹෙ කවි ඇහෙනවා
මම දෑස් වසාගෙන අහනවා
නුඹ තාමත් ගෙපිලේ ඉන්නව හැඟෙනවා

වැරදිකාරයෝ මුනිවත රකිනවා
දඬුවම් නැති බව උන් දන්නවා
නුඹ උදුරාගිය ඇල තවමත් ගලනවා

රෑට හීනෙන් ඇවිදින් ඉන්නවා
නුඹ කෙනිත්තුවා මට දැනුනා
රැහැයියො නාඩන් හාමිනෙ තවමත් ඉන්නවා

“ඉමං භික්ඛං සපරික්ඛාරං ඉමස්මී..නසින්නස්ස භික්ඛු සංඝස්ස දේම….”
පාලි පාඨයෙහි සිංහල අර්ථය : මේ මතක වස්ත්‍රය සඟ සතු කොට පූජා කරනු ලැබේ.

Written by Kasun Edirisinghe

මතක වේදනාවන් | Mathaka Wedanawan by Sudeera Dilshan

සද නේන රෑ පුරා
මැවු හීන මාලිගා
හැබහින් වගේම තාම පේනවා

නෙතු කෙවෙනි අග තියා
දුක හංගත් සිනා
නුඹ නේන කාරනාව දන්නවා

මතක වේදනාවන්
සගවලා මියෙන්නම්
නුඹ හා ගෙවු අතීතයෙන්
මිදී
සුසුම් පා කරන්නම්
නුබට මා දැනේනම්
ඒ ලෝකයේදි මුණගැහෙයි
අපි

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ
බොහෝ තියේ

මුණගැහුන මගහැරුනු ස්නේහෙ
හැමදාම මතකේ තියෙන්නෙ
අත් හැරෙන අත්වලිනි ලෝකෙ
ප්‍රේමයේ සෘතුව ලියන්නෙ

නොපැතු ලෙසේ දරාන අයිති තනිකම්
මේ හීනයේ මං පාළුවේ ඉන්නම්

හමුවී සෑමදා හිතේ
මුමුනා කීව ආදරේ
නෑසුන වාර ජීවිතේ
බොහෝ තියේ

Written by Udesh Aryan

අනන්තයක් වී | Ananthayak Wee by Rookantha Gunathilaka

අනන්තයක් වී ඔබේ ආදරේ
ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කළ සරාග සුවඳ විජිතයේ

නීල නිලන නිම්නයේ
සුමුදු සයනයේ
නෙතු පියන් වැසී වැසී වැසී
ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ

ඔබේ ආදරේ… ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කර සරාග සුවඳ ජිවිතේ

කැකුළු පිසින සිරිපොදේ
පිපුණු සීතලේ
දෙතොල් පෙති ලිහී ලිහී ලිහී
මධුවිතක්ද මේ තරම් මධුර වූ

ඔබේ ආදරේ… ඔබේ ආදරේ
මේ සුරම්‍ය පාරාදීසේ
හදවතින් උමතු වූ
සදානන්ද කර සරාග සුවඳ ජිවිතේ

දෑසෙ මැවෙනවා | Dase Mawenawa by Poorna Sachintha [2022]

දෑස මැවෙනවා රැයක් පාසා
ඈ නිසා හඩ හඩා
කඳුළු වැටෙනවා නෙතග රූරා
වේදනා දුක මවා නුඹ නිසා
සිත කීරි ගැහෙනවා

සිහින මවන ඒ සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ

සිත සනසන ඒ සිනාව හදවත් අතුරා
දැනෙනා හැගෙනා
නුඹ සිහින අතර දෝ
සඳ පරදන තාරුකාව
මගේ සිත නිවනා
සිතනා පතනා නුඹ මග හැර යයිදෝ
නොනිදා සිතනවා සිත මා පෑරෙනා
ලැබෙනා නොලැබෙනා බව නෑ දන්නේ නෑ
දුර ඉන්නම් විඳගන්නම් මේ වේදනා

සිහින මවන ඒ සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ

සිහින මවන ඒ සිනාවෝ
මා නිවන ඈ කතාවෝ
ආල හිතට මාව දැනුනදෝ
සිහින අතර මං උන්නා දෝ

Written by Shehan Galahitiyawa

කල්හාර මල් | Kalhara Mal by Anjitha Kuruppu ft. Yuki Navaratne

නිල් දිය ගං දොළ ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමු වුවන් මතකයේ ඇදේ

ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
කල්හාර මල් පාට නැතේ
මං මොනවත් දන්නෙ නැතේ

සුළගින් වගේ හමුවෙලා
සුසුමක් වගේම ගලපලා
පොරොන්දූ පිණි වුනා
නටු අගිසි හිද මියැදුනා

ඉබේටම හැදිලා ඉබේටම පරවෙනවා
අහම්බෙන් වගේ හමුවෙලා
ගැලපිලා වගේම ගලපලා
පොරොන්දූ පොරොන්දම්

ඈ සුළගක් කියා ඇතේ
ඈ සුළගක් පෙම් කියා ඇතේ
නිල්දිය ගංදොල ගාව වගේ
කල්හාර මල් පාට නැතේ
හමුවූවන් මතකයේ ඇදේ

Written by Tharinda Sankalpa Weerasinghe & Yasitha Rukshan

Neat by Visler x EskennyWorld x YRN Marty [2022]

අපිලිවෙල නෑ අපි Neat
අපි නටවද්දි හිස් වෙන් නෑ Seat
ඇස් පනාපිටම තමා කලේ Magic
So, bit*ch please
සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි
උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි
ඇයි, ඇයි, ඇයි, ඇයි,
පිට තැනක් උනත් අපේ වගේ දඟලයි

වැරදුවා හිතලම සමහර තැන්
අපරාදේ ඒවා ආය ගන්න බෑ
ගොඩක් දුර ඇවිල්ලා හැරෙන්න වෙන්නෑ දැන්
ගිය දේවල් ගැන කතාව මෙතන නෑ
මෙහෙ කොල්ලො බෑ නෙමෙයි ඕනම දේකට Ok
ඇවිත් දෙතුන් පාරක් යන එකද අවබෝදේ
ඔලු විකාර වගේ කැරකේ ලෝකේ
හැබැයි ඉන්න ටිකේ ආතල්
එකේ ඉන්නයි ඕනේ

අපිලිවෙල නෑ අපි Neat
අදාල නෑ ලොකු සීන්
Baggies ඇඳගෙන බහින්නෙ කොල්ලො Street
Snapback පස්සට Complete
අවදානෙන් වගෙ බලාගෙන ඉන්න පිරිස
පේලි 16 කැප කලේ බොලා පිනිස
බලන් යට ඉඳන් උඩ එන විදිහ
අමතක නෑ එකෙක්වත් මුලින් හිටිය

අපිලිවෙල නෑ අපි Neat
අපි නටවද්දි හිස් වෙන් නෑ Seat
ඇස් පනාපිටම තමා කලේ Magic
So, bit*ch please
සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි
උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි
ඇයි, ඇයි, ඇයි, ඇයි,
පිට තැනක් උනත් අපේ වගේ දඟලයි
අපිලිවෙල නෑ අපි Neat
අදාල නෑ ලොකු සීන්
Baggies ඇඳගෙන බහින්නෙ කොල්ලො Street
So, bit*ch please

Real Shit all that we need
We never fake on the scene bitch please
Coming to the scene now
And we looking clean
Well visler got that heat

Sleeping on me
But im out here scoring
She a bad one
All up on me im scoring
Pull up on your town
Hit the gas see me swerving
The best out here
Tell them boys keep it moving
I dont move with no packs
I dont move with no rats
I be on my own lane
Real ones got my back
Been waiting for my time
What you know about that
Talk is cheap
So i had come with all of them facts
I dont care
If you got so many views
Double check these rappers
Ima eat em for food
Skengman with my pen
Master of truth
When iys time for the show
Ima call in my troops

Black mamba with the wrist
Kdot in his prime
Im the best in this bitch
Visler hit me up
Ima tell em how it is
Big boys with the beared
Show no mercy for these pricks

Real Shit all that we need
We never fake on the scene bitch please
Coming to the scene now
And we looking clean
Well visler got that heat

සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි
උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි
ඇයි, ඇයි, ඇයි, ඇයි,
පිට තැනක් උනත් අපේ වගේ දඟලයි
අපිලිවෙල නෑ අපි Neat
අපි නටවද්දි හිස් වෙන් නෑ Seat
ඇස් පනාපිටම තමා කලේ Magic
So, bit*ch please
සරලයි සෙල්ලම දන්නේ බලන් ඉඳලයි
උඹලයි අපිවයි අසමාන වෙන්නෙ ඇයි
ඇයි, ඇයි, ඇයි, ඇයි,
පිට තැනක් උනත් අපේ වගේ දඟලයි

හැම හීනෙම | Hama Heenema by Induja [2022]

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න

විඩාවෙන් තැවෙන් මා සිතින් කෝම
රෑ සිහිනෙන් ඇවිත් ඈ මා ගාවින්ම
සදසාවී හිදින් තුරුලේ මා ගාව
මතු බවයේවත් වේවා මා

හදුනන්නෙ නැති හිත කැලබුව ඇය ලග මං
අතරමං වෙලා
දැන්නම් කිසි දෙයක් හිතෙන් නැ සනසවයි දවස තිස්සේ
එහෙමෙහෙ දුවයි ඈ
මගෙ හිත අස්සෙ
නැ පිලියමක් නිතරම හිත ඒව පස්සෙන්
ඒකයි හැම හීනෙම මතකෙක මම මත් වෙන්නේ
දින ගතවෙන්නේ
මායම් දහසක කෙල්ලේ සුපුරුදු විදිහට තනිවෙන්නේ

හිත කලබපන් මගේ
හදවත පාරවන් ලදේ
අපි ඇවිත් හුගක් දුරක් තවත් මට අයිති නෑ වගේ
කෙතරම් කලක් ගියත්
එ සුන්දර මතකයන් අපේ
ලග ආදරෙන් තියෙයි තවත් හද සනසමින් මගේ

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න

ඔබ මාගේ හැම හීනෙම ඈ වෙන්න
ඔබ මා ගයන ගීතයක වෑ වෙන්න
මුමුනාව් හැම හුස්මේම ගෑවෙන්න
ෂෘන්ගාරී මා ගාවින්ම වෑහෙන්න

Written by Induja

නොහිමි | Nohimi by Ramidu [2022]

සිහින සිහිනම නොවන තැන් වල
හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
නොහිමි කවියක ඔටුනු පැළඳුව
කිරුළු වැළපෙයි නොලද සිහසුන

නෙතින් ගිළිහෙන කඳුළු බිඳුවක්
කොපුල සිපගෙන ගියත් අහිමිව
නුඹට මට වාගෙම කඳුළටද
හිමියි කොපුලත සිඹින අයිතිය

සිහින සිහිනම නොවන තැන් වල
හිතේ සොඳුරුම මුදු හැඟුම් වල
නොහිමි කවියක ඔටුනු පැළඳුව
කිරුළු වැළපෙයි නොලද සිහසුන

මගේ හදවත රිදුන තැන්වල
නුඹේ කඳුළක නෙතේ හැංගුන
අපිට අපි හිමි නොවුන තැන්වල
කිමද දැනුනේ සෙනෙහෙ සොඳුරුම

Written by Ramidu Yashmintha