ටොපිය | Topiya by Chanuka Mora [2020]

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුදු පුතේ මේ සිංදුව හොඳ නැතේ
අවසර දෙන්න මට කියන්න ජාතකේ
මල වදේ අහන් ඉන්න බැරි දැනේ
ලිව්වේ හු*# මේකයි
මොරාගේ ටොපි බනේ
ඇරඹුම වෙන්නේ 2016 කොනේ
මායම් කාරී බන් මගේ මුල්ම පන නලේ
අවුරුදු 4 යි තව මට යන්න දුර ඇතේ
21 ලැබුවා විතරයි මිලියනයක් පහු කලේ

යක්කුත් පිටියට කිව්වම
කවුරුත් දන්නවානේ
ෂොට් එක දාද්දී කරවල හොද්ද සැප කරේ
රාවණ දෙවියෝ වඩි අපේ කම සිහි කලේ
Yaka crew කිව්වම දැන්
ලංකාවම හඳුනනවනේ
Support තිබ්බේ නෑ බන්
තනියම හදපු සිංදු මේවා
වචන මරලා අකුරු ගොතලා හදපු
අමුතු සිංදු මේවා
Field එකේ ලොක්කෝ කියලා
රඟන් ඉන්න කුක්කෝ මේවා
අහලා Views දැක්ක හින්දා
තමයි තරහා වෙට්ටු දාලා

වට්ටන්න බෑ වැටෙන්නේ නෑ
කාපු කටුත් එක්ක මේවා ගේමක්ම නෑ
පෙන්නන්ඩ බෑ දිරවන්නේ නෑ
මාව කිව්ව කියලා මං පු# නම් දෙන්නෑ

වට්ටන්න බෑ වැටෙන්නේ නෑ
කාපු කටුත් එක්ක මේවා ගේමක්ම නෑ
පෙන්නන්ඩ බෑ දිරවන්නේ නෑ
මාව කිව්ව කියලා මං පු# නම් දෙන්නෑ

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුදු බව දන්නේ නැතුව
හැන්දෙන් බෙදාන් යද්දි
සුටුස් ගාලා මේක කියන්න
ඕනේ අහන් ඉද්දී
තටු ඇඟට එන්නේ නෑනේ උඩ බලා ඉද්දී
කටු කාල ඉන්නේ හු*# උඹලා නිදන් ඉද්දී
දෙකයි තුනයි උදේ හතයි මම ඇඳට යද්දී
උඹලා පු# උඩ දාලා කාලේ නිදා ගද්දී
බොරු නෙවේ ගිහින් බලපන්
ඉස්සරහා පැත්තේන් යද්දී
Follow කරලා නැත්තන් කරපන්
පු# ටොපිය අදී
කිසිම අවුල් නෑනේ
කොල්ලෝ එක්ක එකම පංති
සෙමිනා බැස්සේ සිග්මා පැත්තේ
දාලා ඉන්ඩ ගන්දී
ප්‍රශ්න නෑනේ ඉස්කෝල අතර තිබ්බේ ඉද්දී
තාමත් එහෙමයි හු*#
ඒකයි අපේ වෙනස ගති

මේකත් එකයි මේකත් එකයි
ඔය ඕන හු*** මට කොහොමත් එකයි
අපේ කමනම් ටිකෙන් දෙන්නම් රැප්
Pop Hiphop නම් ඒවත් දෙන්නම් මල්ලී
නැවතුනොත් සොරි සොරේ සොරි
Highway වගේ යන්න ගන්නැතුව වොරි
දාගන් නෑ ගෝරී ඩැනියල් විටෝරී
මේවා අහලා උඹ දාන්නෙපා ස්ටෝරී

වචන තමයි හිතින් වචනෙට නම් පුංචි මල්ලී
කැ&& වෙන්න එපා උදව් කරන් ඉන්ඩ ඉද්දී
කරපු දෙයක් තමයි එන්නේ
උඹේ පස්සෙන් යද්දි
මේක තමයි දුන්න ටොපිය
අම්මා හුස්ම ගද්දී

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සුද්ද සිංහලෙන් කියන්නේ මේකයි කතාව
ප්‍රශ්න ඇත්තන් අනේ යන්න බඩුත් ඔතාන
මෙහෙම ලීග් සිංදු කියන මුල්ම වතාව
අහලා සුපිරි සැපක් ගන්න ආදරෙන් බදාන

සිහින මායාවේ | Sihina Mayawe by Sajith Madusanka ft. Teev [2020]

සිහින මායාවේ මේ සිත ගොලුවී
අඳුරු සෙවනැල්ලේ මා තනිවී
මිරිඟුව සේ නුඹ මා වෙත පැමිණි
කිමද මා කඳුලේ

මායාවී ඈ සිත ළඟ රැඳුනා
සේයාවී ඈ මා සිත බින්දා
නෑ ආවේ යලි මා හද වෙතට
ඈ ආවේ මගේ සිත ගැන නොදැන

රතු දෙතොලේ ගෑවුනු රස්නය
සිත් දියකරවන සිහිනෙක ඇරඹුම
නුඹ මගේ හදවතේ සිටි කල
වෙනතක තිබූ අරමුණු අද මතුවිය
සිත සනසන නුඹ මගේ දෝ විය
ලය මත තිබු උණුසුම සිහි විය
ගලකි කෙටූ අකුරෙන් නම ලිය විය
නුඹ කවුරුද මා අදටාත්…

මායාවී ….
ඇස් රතු වූ දා මෙමා නුඹ ළඟින්
සේයාවී …
පෙම් කවි ලිව්වේ බැඳී ප්‍රේමයෙන්
ආදරේ …
මා හද වෙහෙසී නුඹේ ගැන සිතා
අද කෝ නුඹේ ආදරේ

මායාවී ..
මායාවී ඈ සිත ළඟ රැඳුනා
සේයාවී ඈ මා සිත බින්දා
නෑ ආවේ යලි මා හද වෙතට
ඈ ආවේ මගේ සිත ගැන නොදැන

ඈ (Stereomiinds Version) | Aa (Stereomiinds Version) by MalindaG ft. Ravi Royster & ErandaM x Stereomiinds [2020]

නීල නෙතු මගෙ දෑසෙ හංගා
ඒ දෙතොල් පෙති හීන බින්දා
ඈ දෙනෙත් යුග මාගෙ රන්දා
ඈ ඈ ඈ අද නෑ

සීත හිම මත පාට අතුරා
හීන ගෙත්තම් ලෝක මැව්වා
ඒ දෙනෙත් කිසිදාක මියැදෙන්නෑ නෑ
යළි නෑ

දුර යාම නොදැනීම
සංසාරෙ සබැඳීම
මතු දාක ඔබ එක්ක
යළි ආයෙ පෑහීම

දුර යාම නොදැනීම
සංසාරෙ සබැඳීම
මතු දාක ඔබ එක්ක
යළි ආයෙ පෑහීම

ළඟ පේන දුර හීන සිත් ගානෙ මැව්වා
දුර යාම නොදැනීම ඒ හීන ගෙන්නා
කිරිකෝඩු තනිලෝකෙ ආදරෙ සෙව්වා මා
මා මා අද මා

සිත ගාව රැඳි ප්‍රේම ලෝක හංගා
නිදි යහනෙ රෑ තනිව ආලෙ බැන්දා
මග නොහැර ඔබ එක්ක සංසාරෙ බැඳුණා
මා මා මා හද මා

දුර යාම නොදැනීම
සංසාරෙ සබැඳීම
මතු දාක ඔබ එක්ක
යළි ආයෙ පෑහීම

දුර යාම නොදැනීම
සංසාරෙ සබැඳීම
මතු දාක ඔබ එක්ක
යළි ආයෙ පෑහීම

නීල නෙතු මගෙ දෑසෙ හංගා
ඒ දෙතොල් පෙති හීන බින්දා
ඈ දෙනෙත් යුග මාගෙ රන්දා
ඈ ඈ ඈ අද නෑ

සීත හිම මත පාට අතුරා
හීන ගෙත්තම් ලෝක මැව්වා
ඒ දෙනෙත් කිසිදාක මියැදෙන්නෑ නෑ
යළි නෑ

අපේ හාදකම් | Api Gewana Jeewithe Waruwak (Ape Hadakam) by UZI Senadeera

අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්

උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

හැමදාම ප්‍රශ්න හැමදාම රණ්ඩු,
උබෙ සිතුවිලි මගෙ හිතත් එක්ක හැමදාම මුරණ්ඩු,
මතකයි අතින් අල්ලන් උබ මට දුන්න පොරොන්දු,
හොයනව තාමත් දෙන්න කොතනද වැරැද්දු

පළමු පාර මම දුන්න සමාව
දෙවැනි පාර අදුර ගත්ත මම කෙනාව
මම කැමති නෑ වෙන්න කළින් හිටිය සතාම
ලබන භවෙ හරි වරෙන් මන් විතරක්ම පතාන

මම අහන්නෙ උබෙන් මුල් කැඩපත
මතක අතරෙ දුවන්නෙ ඇගෙ සළුපට
උබ විතරමයි හිටියෙ මගෙ තනියට
අද මගෙ තනියට….මම තනියම….

කාලයක් මගෙ හිතෙ උඩින් හිටිය උඹයි සුදු දෝණි..
එන්න ලගට ගස්සල පද්දල කොන්ඩේ ටේල් පෝනි
පසුපස්සෙ එන්න ගත්තෙ නැතුව කරේ ගෝණි..
උබෙ වචන සැරයි කටුවක් වගේ හීනි

අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්

උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

මගෙ යහනෙ තනිව මම පාළු මකනවා
උබත් එක දහස් ගනන් කාමෙ අදිනවා
මතක අමතක වෙන්න මම මල අදිනවා
උබ නැති ලෝකේ
සතුටින් මන් විදිනව

මට හිමි නෑ ඔයාගේ බොරු ආදරේ
සතුට චිතකේ දවලා අළු ගගේ පා කලේ
මම නැවියෙන් නැව මුහුදු බත් උන
තනිකම දරා මම පිහිනුවේ ජීවිත සාගරේ

මට ඕනෙ නෑ කවදාවත් ඔයා නිසා අඩන්න
වැලපෙන්න මැලවෙන්න කදුලෙම තනිවෙන්න
කැමති වැටුන තැන ඉදන් ආයෙ නැගිටින්න
අදුරු අතීතේ මතක හිස් අහසේ පා කරන්න

මට තනිකම රජ උනා
කටේ දුම දාගෙන මැලවුනා
බොරු මූණ දාගෙන කරබාගෙන
සමාජෙට මම හිනැහුනා
හිත ඇතුලෙන් තව ඇවලුනා
හද පතුලෙන් දුක ලියැවුනා
මගේ හීන දෝතට ගෙන
අළු යට මම වැලලුවා

මට ඕනෙ මගේ හිනාව
හොයන්නේ පරණ මාව
මම කවදක හරි නවතින්නේ
මං පැතුව හීනෙ ගාව
කදුලු ඉපදුනා මං ගාව
සතුට කෙලවරකට යාව
අපි අපි ගැන තනිවම හොයමු
අවසන් අපේ කතාව

හංතාන හීනයක මං තනිවුනා
අද මං ගාව සතුටින්ම මං හිනැහුනා
මං තාම මත් ලෝකේ මං හොයනවා
ඒ හීන මං ඉදිරියේ මියැදුනා

අපි ගෙවන ජීවිතෙ වාරුවක්
උබ ගගක්නම් මම උනා පාරුවක්
අපෙ පෙම දන්නෙ අපි විතරයි
අවසානෙට නැති උන දෙන්නගෙ යාළුකම්

උබෙ බොරු අහලම මට මාර ෆන්
තව තව හිත හොදටම පාරපන්
මට ඇති දැන් උබෙ බොරු නාඩගන්
අපි මෙතනින් නවත්තමු අපෙ හාදකම්

සිතුවිලි | Sithuwili by Master D [2019]

සිතුවිලි
පාවෙනවද හදේ
නුඹ හාවෙනවද හදේ
සිතුවිලි
පාවෙනවද හදේ
නුඹ හාවෙනවද හදේ

අපි වරුසාවයි
අපි හමුවුන තැන්
මගේ මතකය නුඹ ගාවයි

අපි වරුසාවයි
අපි හමුවුන තැන්
මගේ මතකය
නුඹ ගාවයි

මාස්ටර්,
දාහය මතින් ආවත් ශෝක
මට හිතින් නුඹ ඕන නෑ
මං සිඹින්නම් මේ ලෝක මට
තපින්න වෙලාවක් නෑ

මං රවන් හීබි කොපුලෙන් බින්දුවක
කවන් සිනාවන් ඉන්ද හිටවත් සැඟවූව
මවක් කියන්න දෙන්න
තිබ්බ වාර ගනන මං තනියෙන්
කාමරයට තාම තනි මං කවියෙක්
පින්න බාපු තාලේ මන
ඒත් මං තනියෙන්
අන්ඬවාපු වාර ඈ සිහින රෑ තලියෙන්

කිමද මේ හැසිරෙන්නේ
මං නුඹත් බැඳීමක් නම්
මතින් හාදවීම
ආ දුරක් බැඳීමක් නම්
පිලිතුරක් නේ මේක
මෙන්න ප්‍රහෙලිකාවක් නෑ
තනියෙන් නින්ද ළඟදි
පේන හීන හීලත් නෑ
වතුරෙන් හෝදා හරින්න බැරි
කුණු බොහොම අපට
සතුටින් වාද කරන මුදු හිතක්
ඕන මතට
පීලි පැන්නා ඇති මතට සීනි දැම්මා
ඇති රසට කීරි ඇන්නා ඇති හිතට
මීරී…මීරී… මීරී…

සිතුවිලි
පාවෙනවද හදේ
නුඹ හාවෙනවද හදේ
සිතුවිලි
පාවෙනවද හදේ
නුඹ හාවෙනවද හදේ

සතුට කෝ
නුඹ ළඟදි මට දැනුන
අපිම වැස්සේ තෙමුණු
කැකුලු බිමට කැප්පෙටිපොල වැහුණු
විහග තටු වෙනුවට
රටක අපි නොදැකපු
මාන කොහෙද තිබුනේ සතුට
දෝරේ ගලන වාන් දොරටු
තාමයි අපිට උරුමයි ඒ..

රිද්දලා රිද්දලා දැන්
උස්සලානේ මන්න
විත්කලා රන්දමිත්
දැන් ඔත්පලයිනේ හද
මත්කලා මත්කලා
තවත් කරන්න විස
ගල්වෙලා සීතලේට
රත් කරන්න වත

චිත්ත මාලිගා දැන්
ඒක පාට නිෂ්ප්‍රභා කරන්
සිත්තරු ඇඳිරු මිස
චිත්ත රූසේ රූ සොයන්
සිත්කලු රුදුරු තේරුමක්
ඇතත් වේසයන්
සුන්කෙරූ නොමේරු ලෝකයක්
නැතුව ශේෂයන්

මට දෝර ගලන ඕන හදක
මිසදුටුකම පෙනේ
මට මාව නැතිව ඉන්න හැකි
තනි වුනු කල මම වනේ
රසතාම දැනෙන කලක්
ඉවසිය හැකි වුනේ මට කෙසේ
මම තාම තදට නුඹ ගැන මතින්

අපි වරුසාවයි
අපි හමුවුන තැන්
මගේ මතකය
නුඹ ගාවයි

අපි වරුසාවයි
අපි හමුවුන තැන්
මගේ මතකය
නුඹ ගාවයි

සිතුවිලි
පාවෙනවද හදේ
නුඹ හාවෙනවද හදේ
සිතුවිලි
පාවෙනවද හදේ
නුඹ හාවෙනවද හදේ

සිතුවිලි
පාවෙනවද හදේ
නුඹ හාවෙනවද හදේ
සිතුවිලි
පාවෙනවද හදේ
නුඹ හාවෙනවද හදේ

ඔන්න | Onna by Indika Upamali [2020]

ඔන්න
රැය බෝවෙනවා
කැදවමින් ඔබ
මතක අරණට

කදුලු ගංවතුර
ගලා ගිය
කොපුල් මිටියාවත පුරා
මුදු සිනාමල් මෝදු වන

ඔන්න
දෑසම වැසුනා
ඉඩ දෙමින් ඝන කළුවරට
උණුහුම් සුසුම් පොදට
කැළබුණා

රණ හසුන් ඉගිලෙන්න
දගලන
විනීතයි උන් ඔබ
ලමැද විල

ඔන්න ඉකියක් බිදුනා
සියෝ ලගම
කිලිපොලා ගිය
ඉවසන්න තව
බැරිම තැන

වැරදි මතකයට
ගිනි ලෑ
අනුරාග ගිනිසිළුව
නිවමින

ඉන්න මොහොතක්
නොදොඩා
සැතපී
හංස විල මත
මේ ගැඹුරු කලුවර රාත්‍රිය

කෙලවර පිපෙන
ඉරමල
දවන්නට පෙර
සිහිනය

ශෝභාව ඒ | Shobawa Eh by Rameez Rassdeen ft. Stereomiinds [2020]

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදි ප්‍රේමියේ

පෙම් පිරී දිදුලන සදේ
ඉගි කෙරූ දෑසම ඔබේ
කදුලු වෑහෙනු දැක මගේ
හිරි වැටුනු හිත තනි වුනේ

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදි ප්‍රේමියේ

පෙම් බැදි චන්ද්‍ර මණ්ඩලේ
දැක ඇදුනු අහසම මගේ
සිතා බිදි තරුවක් ඔහේ
වැටෙනු දැක මා පැතුවා සෙනේ
පැතුවා සෙනේ

ශෝභාව ඒ
හද පාරා මැවේ
කීවා මගේ
පන සේ ආදරේ

මග තොට දිගේ
හැගුමන් මගේ
සගවා ඔහේ
විදි ප්‍රේමියේ

ඔබට සිත ආදරේ කරයි | Obata Sitha Adare Karai by Dayarathna Perera

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි

ලවන් හසකැන් නුවන්
කැල්මන් හොදින් හදුනන්නේ ආදරේ
නුවන් රැහැනින් බැදෙන්නට පෙම්
නොමැතිදො මා කෙරේ

මගේ විජිතේ සිනහ නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබෙ ඇසුරෙ ඔබේ සෙවනෙ
නවාතැන් වෙද මා වෙතෙ

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි

ඔබෙ පෙම් ලොල්
හදෙ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිගු දැල් හෙලු හසරැල්
මසිත සුසුමන් දවා ගියා

මගේ විජිතේ
සිනහ නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබෙ ඇසුරෙ ඔබේ සෙවනෙ
නවාතැන් වෙද මා වෙතෙ

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටි
නැගුන සෙනෙහෙ කියනු බැරිවි
මගේ සිත වේදනා විදි
ඔබට සිත ආදරේ කරයි

ඝන අඳුර | Ghana Andhura by Master D [2016]

ඝන අඳුර පහව යන තෙක් මට කවි කියාන්
කළු අහස අකුණු පුපුරාන් රැය එළි කරාන්
පණ බයට අරණ බිඳ ගෙන පරතෙර බලාන්
ඉරි තැළුණු පොළොව නුඹ එනකාන් මග බලාන්

බරපතල කතාම කියන්න වෙනවා
රටම සද්දෙට දෙදරුම් කනවා
සද්දෙට මේක අහන්නම වෙනවා
අහන ගමන් නටන්න වෙනවා
යන තැන දන් නෑ යන්නම වෙනවා
අනුන්ගෙ පදේට රඟන්න වෙනවා
කාලේ ගෙවෙද්දි ඕව හිතන්න වෙනවා
අතරමගදී

දවාලෙ දුවිලි කාන් බත් එක බැඳාන් බස් එකෙම යාං
සැපට දුක දරාන් හෙට ගත පලන් අද අත පොවාං
බරට හිත පුරාං රැට කන්නෙ ගෙදර යන ගමාන්
ඇතුළේ බත සඟාන් පරිප්පු එක්ක සුද්දගෙ පාන්

අර බමන මතට සුදිය හොයන්න යන්නෙම පෙරපු අඩිය
මර සෙනඟ දුටුවොත් මග දිගටම ගලාන එනව එඩිය
කර ළඟම පිරිල රතිය යනව වෙනම හොයන්න කුටිය
පෙර පිනට වැනිල වැනිල ගෙදර පඩිය ළඟම

ජපානෙ හදපු ට්‍රැක්ටරේ ගාණ විකුණ හරක බාන
රට පුරාම කුඹුරු තියාන රටින්ම ගෙන්නපන් හාල
මුහුද හිඳිලා රට වටේම නැවක් එන්නැලු තාම
අහස ගෑවෙන උසට තාර වැහිල රෑ හඳ පාන

උඹට කැමතිනම් අහක බලන් වෙදකමම කරාන්
මැරෙන්න වැටිලා ඉන්නෙ වාහන පර්මිට් නැත්නම් ඩොකා ගනාන්
පරණ වෙලා පරණ වෙලා කර බැදපු මාලෙ කඩාන්
මම එනව සින්න වෙන්න යන උඹගෙ දොර කඩාන්

ඝන අඳුර පහව යන තෙක් මට කවි කියාන්
කළු අහස අකුණු පුපුරාන් රැය එළි කරාන්
පණ බයට අරණ බිඳ ගෙන පරතෙර බලාන්
ඉරි තැළුණු පොළොව නුඹ එනකාන් මග බලාන්

හක්කෙ බුදුරැස් බොක්කෙ දඩ මස්
මුන්ගෙ මාර සේනා මැද කන්න වෙන්නෙ පස් සීනි කියන් ඇස් ඇරල නෑ තම රැය
බඩගිනි කස්ටිය අරන් බස් යනවා පෝලිමෙ බල
ඔය ඔක්කොටම එන්න වෙන්නෙ මං ලගට අපායේ රජ..
උන්නද මළාද බලන්නෙ නැ පොඩි උන්ගෙ දිහා මුන්
කන්න බොන්න ඉන්න යන්න එන්න හදල දෙන්නෙම නෑ මුන්
දන්න කෙනෙක් ඉන්නවනම් කියපන් පුදනවා උන්
ෆන් එකෙ ඇඳල ඉන්නේ මං පැළෙන්න හිතෙ තියෙ දුක්

අත ඇරපු පරවි තම ඉන්නවනෙ කූඩු හදාන්
අහස පුරාම ඉගිළුණ උන් තටු කඩාන්
ලොක්කෝ හදන්නේ අහින්සක උන් ටික වඳ කරාන්
අලුත පීදුණු වඳ ගස් වමට බර කරාන්

අපි ඉන්නේ ලෙයට කාගෙද පයට පෑගිල තියෙන රටක
යන්නෙ ණයට දාගෙන වාරණ කාටත් වැඩියෙන්ම ජයට
දන්නෙ නැතිව වගෙ නිදන්නෙ නැතිව
පොරවාගෙන සේද මාවතම බයට

ඝන අඳුර පහව යන තෙක් මට කවි කියාන්
කළු අහස අකුණු පුපුරාන් රැය එළි කරාන්
පණ බයට අරණ බිඳ ගෙන පරතෙර බලාන්
ඉරි තැළුණු පොළොව නුඹ එනකාන් මග බලාන්

සෙවණැළි | Sewanali by Ayeshmantha & BlueWest [2019]

වාසනාවෙන් මා මිදී
අදුරේ සැරිසරනා
ආශා මා පොදි බැදී
තවමත් එලෙසම සැගවී
අදොනාවන් ඇසි සවන අමයුරු වී
මතකේ මා තව හිදි ඇහෙරෙනු කුමට මා

තනිකර මම තනිවෙලා
මගෙ සිතුවිලි වලටම මම රැවටිලා
මගෙ ප්‍රශ්න කාට කියන්නඩ
වෙන්නෙ ලියන්නඩ
කඩදාසි කොල මිටි මදි වෙලා
පසුතැවිලි මතක නොමකෙන දෙවල් නොපෙනෙ මානෙ හිරවෙලා, මග නැවතිලා
ගිනි ගන්න මනසට හෙතුව හදවත මෙල්ල කරගන්න බැරි තැන ගලවලා වීසි කලා


යාන්තමට දුර දිනුම පෙනකොට කාන්සියට මග නැවතිලි නැ
මම ආන්තිකව මැන බලන්නෙ හැමදෙම මාන්සිකව දුර්වල නැ
සරලව හැමදාම වාසනාව නැ ලැබෙන්නේ නරක දවස් වෙන්නෙ කරුමෙ හරස්
අදා මාව දාලා යාවි ඈ මගෙම වැරදි කියන් අඩු පාඩු හොයන්
මම පෙරළි පෙරළි ඇඩුවදෝ
නෑ මාව දාලා යනවානම් දොර open
මමනේ ගහන්නේ ගේම එක මට normal
ලැබෙන්නේ මටනේ පෙර කල දේවල්
මිනිස්සු බලන්නේ අම්මා විකුණලා හරි සල්ලි හොයන්න නෙවේද
පැටලී පැටලී වගේ නූල් බොලේ සුන්දරම නෑනේ ජීවිතේ කියන තරමටම
අපිනේ දන්නේ අපි ගහන රෝල එක වාගේ පිළිගන්න බැරි
ගොඩක් දේවල් ඇස් පනා පිටම වෙද්දී
මාව තනිවෙද්දී මිනිස්සු ගැන කියන්ඩ පුළුවන් ඇබරෙද්දී
තමන්ට කෙලවෙද්දී පළාතක බල්ලෙක්වත් නෑ
හිටපු යාළුවො අදුරන්නත් බෑ
පිලිගනින් එක තමා ඇත්ත මවාගෙන බඩගින්න නිසා කන කට්ට සිරාවට

වාසනාවෙන් මා මිදී
අදුරේ සැරිසරනා
ආශා මා පොදි බැදී
තවමත් එලෙසම සැගවී
අදොනාවන් ඇසි සවන අමයුරු වී
මතකේ මා තව හිදි ඇහෙරෙනු කුමට මා
ආයේ උණුසුම විඳි උරුම තනිකම
මා ආයේ නොඑනට සැලී
මග අතරින් ආයේ ආයේ මා

දෙවැනි වතාවේ තිබ්බ උණ්ඩ පුස්
තුන්වැනි වතාවේ ගන්ඩ පුලුවන්ද පළි
නොදැන කරනවද වැරැදී තව තව මගේ දිවිය තුලම අදිනවා බලි
මම ඉන්නේ ළිඳ පතුලේ වැටිලා ගණ අදුරේ හැදිලා උන හිත මමද හරි
මම නෙවෙයි හරි මම කපාගෙන මගේ වල වැටීලම පෙනෙනවා කියවන නරි
අපි යන්නේ තනි පාරක දෙපස පිරිලා මාරක
තනියෙම හදාගෙන යන මාවත කටු පදුරු මතින් දිනුමම ගාවට
අවසර රතු පාවඩ ස්තුති කතාව කරන්නට අවසරද මා හට
අමතක මට කාවද හැමදෙනා සිත ගැබුරෙ රැදිලා රතු පාටට
ඉර ගාවට යන්නම මවන හීන පිච්චිලා අලුවෙලා


හැමදාම කන කටු වල බරට තව නැවිලා පැවිලා රිදිලා දැන් තුනටිය ඇදවෙලා
මැලවිලා මූණ කලුවෙලා සිනුදු අත් මගේ අද රළු වෙලා
ඔලුව රිදෙන තැන ගලවලා අතට ගෙන හරි කරනවා වැඩ මම නැහැ නැවතිලා
දුකට ඇස් වෙනවා රතු මට නොලැබූන දේවල් ගැන දුක නැතිලු
නිදහස් මට ලැබුනා තට්‍රු තටු වලට ගහලා කටු වැටකඩුලු
කතාවේ වීරයා මැරෙන්නේ නෑ ලේසියෙන් හතුරා කෙතරම් උනත් දරුණු
කිසිම දෙයක් ලැබෙන්නේ නෑ ලේසියෙන් මහන්සියේ ප්‍රථිපල නැතිලු