வசீகரா | Vaseegaraa by Bombay Jayashree

Vaseegaraa en nenjinikka
Un pon madiyil thoonginaal podhum
Adhae kanam en kannuranga
Mun jenmangalin yeakkangal theerum

Vaseegaraa en nenjinikka
Un pon madiyil thoonginaal podhum
Adhae kanam en kannuranga
Mun jenmangalin yeakkangal theerum
Naan nesippadhum suvaasippadhum un dhayavaal thaanae
Aengugiren thengugiren un ninaivaal naanae naan

Adai mazhai varum adhil nanaivoamae
Kulir kaaychaloodu snegam
Oru poarvaikkul iru thookkam
Kulu kulu poigal solli ennai velvaai
Adhu therindhum kooda anbae
Manam adhaiyaedhaan edhirpaarkkum
Engaeyum poagaamal dhinam veettilaeyae nee vendum
Sila samayam vilaiyaattaai un aadaikkullae naan vendum

Vaseegaraa en nenjinikka…

Dhinam nee kulithadhum ennai thedi
En selai nuniyaal undhan
Thalai thudaipaayae adhu kavidhai
Thirudan pol padhungiyae dhideer endru
Pinnaalirundhu ennai nee anaippaayae adhu kavidhai
Yaarenum mani kettaal adhai solla kooda theriyaadhae
Kaadhalenum mudiveliyil gadigaara neram kidaiyaadhae

Vaseegaraa en nenjinikka…

written by Thamarai

හිතුවක්කාරී | Hithuwakkari by Induja [2023]

නැවතුනු තැන සිහියට ඒවි
විඳි මතකෙන් සිත නොමිදේවි
මියදුනු සිහිනෙක යලි ඉන්නට බෑ
නොමැකෙන හැඟුමක සිරවේවි
නුඹ මට දුන් සතුට සිඳේවි 
එදා වෙන්වුනු පසු තාමත් බැඳුනේ නෑ

හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා
තරැවක් වාගෙයි මට ඈතින් පෙනෙනා
රිදුමක් වාගේ දැනෙනා 
රහසින් තාමත් විදිනා
හැගුමෙන් මාගෙ සිත ඔබ නාවත් පිරැනා

චරිතෙ මතුපිට ම්ම්ම් 
ඇතුළෙ නොකියන රහස් 
එ වින්ඳෙ ආදරේනම් නෙමෙයි 
දැනුයි මං නිදහස්
අහස නුහුලන බොරැ ළඟ ගෙවුවෙ පෙර කරුම
හුරුබුහුටි පෙනුමට සිතිවිලි නරුම
ගැළපෙනවද? තව නැලවෙනවද?
සිනහව මර මර මගෙ හිනැහෙනවද?
වියකෙන කඳුලැලි මත ලියනෙමි තනු
නිම කරනු කෙලෙසද මෙ ගනුදෙනු

හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා //

යුවතිය හෙලු ආදර බැල්මෙන් 
වසඟෙට ගෙන සිරකර ඇල්මෙන් 
එදා අප ගත කළ කාලය යළි එන්නෑ
වරදක පැටලී අප විඳිමින් 
ගොඩ ගැසි ඒ මතකෙට හොරහින් 
ගියත් පසුකර දුර යන්නට හිත දෙන්නෑ

හිතුවක්කාරයි ළඟ යාවි ඉන්නෑ
දැනුනත් ආලේ යළි මා ළං වෙන්නෑ 
එ රිදුමෙන් මා නම් මිදෙන්නෑ
රහසින් නාවත් හදින් පෑ 
හිඳිනව කාටත් හොරෙන් තාමත් සිතින් ඈ

හිතුවක්කාරී ඔබ පාවී දිලෙනා…

written by Induja

හදේ හාවා | Hande Hawa by Janith Iddamalgoda [2023]

අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා
හිතේ නැතේ ශෝකා ජීවිතේ ඔහේ ගෙවෙනා
බෝතලේ වගේ සෝඩා ආයේ නෑ හිතේ තරහා
ඉන්නේ හිනා වෙලා මුලු හදවතින් බඳා
එහෙමයි අපේ එකාලා…

ආදරේට හේතුකාර හාර හාර හොයනු එපා
ආදරේ සැබෑ රසේ මැකේවි ඒ නිසා
ගැලපෙනා කෙනා එනවා යන කෙනා ලොවෙත් යනවා
කල්ගියත් එදේ වෙනවා හොඳම දේ තමා වෙනවා

අකාමකා වීලා වේදනා මැකී යනවා
සාමයෙන් හඳේ හාවා පාඩුවේ ඇවිත් යනවා

ජීවිතේට වාසනාව ඒවි යාවි හිතනු එපා
මේ හැබෑ උනේ තමා කරාපු දේ තමා
වැරදුනොත් කොහේ හරි මා මුල ඉදන් යලිත් යනවා
ගොඩ ගියොත් එකෙක් හරි මා හදවතින් හිනා වෙනවා

written by Yashoda Adhikari

මතකය | Mathakaya by Janith Iddamalgoda

නුඹ ආයෙමත් එන්නේ නෑ පෙර වාගේ 
ප්‍රේමයත් අයිති නෑ
හඬ හඬා ඉන්න මට බෑ මේ වාගේ 
නෙතේ කදුලු තව නෑ
දැනෙනා රිදුම් වැටුනා නෙතඟින්

දින දින ගෙවිලා යාවී නොදැනී 
මතකය මට දුක්දී
හිත හිත නුඹ ගිය හේතු සොයමී 
මට මා අමතකවී… //

හෙමි හෙමින් මට ළං වෙමින් 
ආ මඟ රැදී එදා
සිහිනයන් නුඹ පෙන්වමින්
දැන් දුරක් ගෙනල්ලා
මේ ශෝකයෙන් 
ආවේගයෙන් 
තනිවෙන්න බෑ දැන් ලොවේහී

හමුවෙලා රැඳුන තැන් තනිවෙලා
දැකබලා ගන්න නුඹ නැති නිසා
කටහඬ නෑසෙනා.. හැඩරුව නොමැකෙනා
නුඹ නැතිදා සිතින් මියැදුනා

written by Yasith Dulshan

රූමතී | Roomathi by Janith Iddamalgoda

රූමතී මගේ නුඹ එනකල් ඉවසුම් නෑ 
ඉන්න ළංවෙලා එක මොහොතක් හිමිවෙන්නෑ 
හීනයක් මිසක් අපි අපගේ වෙන්නෑ
අයිතියක් නැතත් මේ ප්‍රේමයේ හිස්තැන් නෑ

හාදූ නොදෙනා දෙතැන රැඳිලා 
දුරින් ඉමු සදා 
රෑක නොහඬා හීන මවලා 
පෙමින් වෙමු මුලා 
පමාවෙලා හමුවී හිතින් බැඳුනුදා
රහසක් වෙයි 
නුඹයි ප්‍රාණේ මාගේ ලොවෙන් සැඟවෙනා 

දෑත බැදිලා මුදුව පළදා 
ලොවක සිර වෙලා 
හදේ මැවෙනා හැඟුමන් සොයලා 
එන්න බැරි වෙලා 
සමාවෙලා අසමී හිතින් මියැදෙනා 
තහනම් ඇයි 
මමයි කළේ වැරදි හිතක නැවතිලා

written by Yasith Dulshan

janith iddamalgoda new song,janith iddamalgoda,dutu da janith iddamalgoda,dutu da – janith iddamalgoda [official video],aka maka song,janith song,janith,dreamstar seson6,bothale wage soda,maneesha chanchala,new song,dutu daa indala,aka maka tiktom,nimesh kulasinghe,aka maka weela,dutu da indala,hande hawa,hade haawa,yashodha adhikari,akamakaviila,ramod malaka,gala pena kena,dutu da,aka maka janith,maneesha,ehemai ape ekala,dreamstar,hade hawa

මග හැරුණු | Maga Harunu Heene Kumari by Janith Iddamalgoda

මග හැරුණු හීනේ කුමාරි
කොහේ ගියාද හසරැල්ල පාවී
පෙරදා සිනාසීලා
සංවේදනා මතකේ මවා
සැඟවී ගියා……

හද නිම්නයේ ඒ සෙනෙහස ගලා
ඔබ ළඟට එයි කෝ ඔබ සොයා
පිටුපාලා ඇයිද ඉන්නේ ආදරෙයි මෙමා
තාම මතකයි සුවඳ මට නම්
කොපුල් තල යුගලයේ විහිදී…..

පණ කෙන්දවත් මට නම් එපා
ඔබේ ආදරේ හිමි වනතුරා
සිප ගත්ත හැටි ඔය දෑතම
ආදරෙන් ළං වී එදා
තාම මතකයි සුවඳ මට නම්
කොපුල් තල යුගලයේ විහිදී…..

written by Janith Iddamalgoda

janith iddamalgoda new song,janith iddamalgoda,dutu da janith iddamalgoda,dutu da – janith iddamalgoda [official video],aka maka song,janith song,janith,dreamstar seson6,bothale wage soda,maneesha chanchala,new song,dutu daa indala,aka maka tiktom,nimesh kulasinghe,aka maka weela,dutu da indala,hande hawa,hade haawa,yashodha adhikari,akamakaviila,ramod malaka,gala pena kena,dutu da,aka maka janith,maneesha,ehemai ape ekala,dreamstar,hade hawa

අන්සතු වුණත් | Ansathu Unath by Janith Iddamalgoda

වරදක් කියා දොස් පවරලා ශාප කෙරුවත් ඔබ මට එදා
ඔබගෙන් එහා තවකෙක් දිහා නෑ කිසිමදා හොරැහින්වත් බලා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

කාටවත් වැඩියෙන් ඔබත් ගැලපුනේ මා යැයි කියා
ළං වුණෙත් නොපැතූ ලෙසින් රිදවලා යන්නද ඔයා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

කොයි තරම් දුන්නත් රිදුම් යළි සොයා ආවොත් ඔයා
මියැදුනේ නැතිනම් කලින් මග බලන් මා ඉන්නවා
අන්සතු වුණත් සැණෙකින් ඔයා වරදින්නෙපා මට මෙන් සදා
පහනක් තියා දෙවියන් පුදා ඔබේ සතුටමයි පැතුවේ සදා

වරදක් කියා…../

written by Janith Iddamalgoda

බටීච්චා | Bateecha by Sandaru Sathsara [2023]

චුට්ටං බටීච්චා බටීච්චා
ආ දං ගෙඩියක් දැක්ක
චුට්ටි හොටෙන් ඇන්නා ඇන්නා
ඩින්ග ඩින්ග කෑවා
බන්ඩි ගෙඩිය පිරුනා එ පිරුනා
අම්ම ලගට දිවුවා

චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ…///

අඩො මෙ චුත්තන් බටීච්චා
ලංකාවට අවෙනික සත්වය
චුත්ති චුති පනුපැටවි කනවා
මන් දැකලා නෑ නෙ මෙ චුත්තන් බටීච්චා
වැලිපරෙ ගිනි අවුවෙ මහදවල් වැලිනාන
ගෙ කුරුල්ලො වගෙ නෙවෙය් නෙ මෙ
චුත්තන් බටීච්චා
ඉටවඩා පොඩ්ඩක් පොඩි ගොම කොලපාට
උඩ-යට සුදු පටයි පොඩි චුතන් බටීච්චා

චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ…///

චුට්ටං බටීච්චා බටීච්චා
ආ දං ගෙඩියක් දැක්ක
චුට්ටි හොටෙන් ඇන්නා ඇන්නා
ඩින්ග ඩින්ග කෑවා
බන්ඩි ගෙඩිය පිරුනා එ පිරුනා
අම්ම ලගට දිවුවා

චුට්ටන් බටීච්චා බටීච්චා බටීච්චා ටීච්චා ඌ…///

written by Sandaru Sathsara

සරසවිය | Sarasaviya by Yasith Kelambiarachchi [2023]

සීතල හාදුවකින් දෙකොපුල් තෙමපූ
ලස්සන මතක අපේ හසරැල් පිරුනු
දුක්බර කඳුලු වලින් පොඟවා නොපැතූ
ඇයි ඔබ ඈත ගියේ මට වී නපුරූ

නා කපන අනෝරා වැස්සක අකුණු නිසා
ඔබ තුරුලු කරන් මා බස් නැවතුමට වෙලා
පොද නතර වෙනා කල් බලමින් අහස දිහා
අපි හිටියෙ පුරුද්දක් වාගෙයි සසර පුරා

අමතන අංකෙ මගේ අවහිර කරලන්නට
ඔබ හට ඒ එතරමට වරදක් කෙරුවද මම
පොඩි හරි ආදරයක් ඇතිනම් මේ මා ගැන
තව එක පාරක් මා හමුවන්නට එනවද

පමනට වැඩියෙන් සැක කෙරුවේ උතුරන්නට
ඔබ මට නැතිවෙයි කියලා බය හින්දයි මම
සරසවියට ගිය ඔබ හට දුන් මුල් පාඩම
ආදරෙ කල අය අත හැරලා යන විදිහද

written by Sajith V Chathuranga

කරමල් | Karamal by Kochchi [2023]

නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා
අතුරු මිතුරු දඹදිව තුරු රාජ කපුරු කියපල්ලා //

නා නා නටාමි හෝ ගානා රැලිත් පාගලා
සීතා ඕනෑ නම් රාමාගෙන් ගනින් රාවණා

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්

වරෙන් මාර්තා සටනට යන්ටා
දිගටි පිහිය දික් කරගෙන යමු යන්ටා
අපිව කපන්ටා ආව ගමේම ඇන්ටා
සිහිය නැතුව වැටිලා හිටියා පණ යන්ටා
කැලේ දුවන්ටා වැවේ පනින්ටා
හැඩම පිරිමි තුරුලට ගෙන සැප ගන්ටා
කැලේ දුවන්ටා වැවේ පනින්ටා
හැඩම පිරිමි තුරුලට ගෙන සැප ගන්ටා

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

කියා දෙන්න නං //

නිතර දකින කරමල් වල පාට සුදුයි බලහල්ලා…

උඹ හඬපං උඹ දොඩපන්
මට කමක් නෑ මචං
සාමා අමර එක්ක තරහ වෙලා නම්
තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

තොල නළලින් කම්බුලකින් මං
තෙමා දමන්නං
ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං

ප්‍රේමේ සංවර කං කියා දෙන්න නං//

written by Wasantha Duggannarala