මටත් කවියක් | Matath Kaviyak by Kasun Kalhara [2023]

යනව නම් නුඹ ඈත දුරකට
මටත් නොකියම නොඑන්න​
දුටුවොතින් සඳවතිය අහසේ
යන තැනක තතු කියන්න​

නුඹේ මග දිග තුරුලතා වල
මල් පිපී දැයි බලන්න​
අපේ ආදර කතාවේ
කෙටි පටුන පෙති මත ලියන්න​
පියුම් දහසක් පිපුනු පොකුනක්
හමූඋනොත් මග රැදෙන්න
බඹර සමනල මී මැසින්හට
සෙනෙහසේ කවි කියන්න​

ඉතින් නුඹ තව දුර ගියෝතින්
මාව අමතක නොවෙන්න​
හිත හැදෙන්නට දුක නිවෙන්නට
මටත් කවියක් ලියන්න​

written by Dr.Asha Abeysekara

kasun kalhara,kasun kalhara new,kasun kalhara songs,kasun kalhara videos,kasun,naada yaathra,kasun 2023,naada,classical song,sinhala new songs,sinhala new videos,official video,acoustic songs,songs,music,matath kaviyak,kasun kalhara nonstop kasun kalhara,songs kasun kalhara,kasun kalhara mal mitak thiyanna,mal mitak thiyanna kasun kalhara,kasun,mal mitak thiyanna lyrics,mal mitak lyrics,mal mitak thiyanna,mal mitak,mal mitak thiyanna raspet,kasun kalhara songs,kasun kalhara nonstop,best of kasun kalhara

හිත හොයන්න | Hitha Hoyanna by Kasun Kalhara [2023]

රෑ බෝ වීලා පේනා නිසා
හීනේ යහනේ ඉකිබින්දා
ආසා නිසා දහසක් දෙනා
රහසින් සිතින් දුක්විඳිනා

ලෝකේ දුවනා රෝදේ සොයා නවතන්න බෑ අතපාලා.
පව් පල හා පොරබදලා
ඉකිගාන කඳුලැල් සොයා
පිහිදාමු පිහිටක් වීලා

ලෝ සරනා මිනිසා සොයනා
සෑහීමක් නෑ මියුරූ
ආසා නසනා අයුරූ
කඳුලු නතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

වී පලදූ ගෙවිලා ගියපූ
කාලේ මතකේ සයුරූ
පතුලේ සඟවා ගැඹුරූ
කඳුලු නතුව සිනහවෙන්න
ලෝකේ නැතුව හිත හොයන්න

written by Methun SK

kasun kalhara,kasun kalhara live,kasun kalhara voice,kasun kalhara acoustic,kasun kalhara new song,kasun kalhara live sing,kalhara,kasun kalhara song collection,kasun,soduriya kalaya ketharam,thani tharuwe,arabumama kadulak wela,sinhala songs,rukshan s subaainghe,sara sade,obata ma adaraya kala bawa,ananthayata yana para dige,sinhala new song,premaye wil there,adara hagum,new sinhala songs,mal mitak thiyanna,sada sada wage,adara mal wala,obata ma

ප්‍රේමයේ මුණිවරිය | Premaye Munivariya by Dumal x Kasun K

ප්‍රේමයේ මුණිවරිය
අත නෑර ළග සිටිය
සසල ලොව ළග
නිසල සනහස පිදුව
ඔබ ප්‍රේමයේ මුණිවරිය

ජීවිතේ මහ පුදුම කවි පොත
ප්‍රේමයෙන් පුරවා තබන අතරේ
අත හැරීමක මිහිර තැවරූ
කවි කොතෙක් තිබුණාද?
ඔබ ඇසුරේ…

මිනිස් ගුන සුවදින් පහන් වුණු
ඔබේ එළියෙන් – මම නිවෙන අතරේ
ඒ එළිය පතුරා- තැනින් තැන
ඔබ පහන් දැල්වූ අරුම අදුරේ

kasun kalhara all songs,kasun kalhara new songs,kasun kalhara songs,kasun kalhara live,kasun kalhara song collection,kasun kalhara acoustic,kasun kalhara songs collection,kasun kalhara the voice,kasun kalhara sanda mithuri,kasun kalhara,songs kasun kalhara,kasun kalhara new,kasun kalhara videos,sanda mithuri kasun kalhara,best of kasun kalhara,classical song,sinhala new songs,kasun,ananthayata yana para dige,sinhala relaxing music,naada yaathra

පාරාදීසයෙ ජවයයි | Paradisaye Jawayai Me by Kasun Kalhara ft. Kushani

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

නුඹ මගේ සගයා
උරහිස දෙනවා
ආදර කදවුර මෙතන හදනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

බැරියර් අස්සෙත්
හදවත් පේනා
ඒ හදවත් මේ සටනට ඕනා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

පාරාදීසයේ ජවයයි මේ
සිහිනය දිනනා සටනයි මේ
හැරෙන්නේ නෑ හරවනවා
අත්හරින්නේ නෑ අපි එනවා

විරහවත් එක රහක් | Virahawath Eka Rahak by Kasun Kalhara [2022]

විරහවත් එක රහක්
හිතූ තැන් මහ දුරක්
අඬ සඳත් හරි හැඩක්
බැලුවොතින් දී ඉඩක්
බැලුවොතින් දී ඉඩක්

ලෝකයේ නෙතු වසා
මුහුවෙන්න බැරි නිසා
සොයා බිය ගැන සිතා
ඔබේ බැඳුම් අහවර කලා

ලෝකෙටම ගතුන් කියා
දුරින් ඉමු යැයි ලියා
අතරමග පෙම දමා
ඔබ මගෙන් සැඟවී ගියා

විරහවත් එක රහක්
හිතූ තැන් මහ දුරක්
අඬ සඳත් හරි හැඩක්
බැලුවොතින් දී ඉඩක්
බැලුවොතින් දී ඉඩක්

රුවනාරිනී | Ruwanarini by Kasun Kalhara [2022]

නයන යුග සනහා
සසරේ හුරුවට පතා ආ රුව
මිණිමෙවුල සැලුනා
යුගන්දරයක හැඟුම් යාවි

පිං කාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා

රත් දෙතොල් ඉහිරී
ළයේ ගුලි වී හැඟුම් තෙරපී
ලෙවන් නෙතු සැඟවී
බිදී දුනුදිය මලවි මත්වී

පිං කාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා

අපි ආයේ හමු නොවනා | Api Aye Hamu Nowana by Kasun Kalhara [2021]

තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේ
හද අදුරුයි දුක උතුරයි සන්තානේ
ප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ

තටු සවි නැති පැටවුන් ඇත කැදැල්ලේ
දමා කොහොම ගියෙ කියපන් කිරිල්ලේ
ගෝර වන සපුන් බෝමයි නිදැල්ලේ
මං විතරයි දෙදෙනා සිටි සදැල්ලේ..

තුඩෙන් තුඩ කැවූ සතුටින් ඉපිල්ලී
මතක රාමු සී සීකඩ ඉගිල්ලී
නුඹට බැදුනු සිත තාමත් නොසෙල්ලී
කොතැන කියන් ගිනියම් ගිනි කිරිල්ලී..

තරු සොඳුරුයි සඳ වට පිරි ගිම්හානේ
හද අදුරුයි දුක උතුරයි සන්තානේ
ප්‍රාර්ථනා මල් පීදෙයි වස්සානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ
අපි ආයේ හමු නොවනා හන්තානේ…

සුළඟ ඔබද | Sulanga Obada by Kasun Kalhara

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද…
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද…

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවද
සුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද…
තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැද
එයා ඔබද යලි හමුවෙන්න එනවද…

ලැජ්ජාවට දෝ…අහක බලන්නේ
හුරතලයට දෝ මුහුණ වහන්නේ
තරහ වෙලාදෝ…හිනා නොවෙන්නේ
යලි කවදාදෝ ආපසු එන්නේ..

සැනසීමටදෝ…ඈත බලන්නේ
ආදරයට දෝ මට රිදවන්නේ…
කවුරු නිසා‍දෝ…ඔබ ලතැවෙන්නේ
යලි ‍කවදා දෝ අපි හමුවන්නේ

තනිය මටද මගෙ තනිය මකාලන්න එනවද
සිහින මටද සිහිනෙන් දැක ගන්න එනවද
කදුළු මටද දෑසේ වියැලෙන්න දෙනවද
දුක මටද මගේ දුක විදගන්න දෙනවද…

වීනාවී | Veenavi by Kasun Kalhara

වීනාවී උර තලයේ රැඳෙන්න
සත් සර රැව් නගන්න වීනාවී…
කොවුලාන…රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න කොවුලාන…

තරු මල් ඉස අහසට නිල් සළු නිල් යහනට
නිදන්න යාවි තරින්දු
කඩුපුල් මල් යායට පෙම් බැඳ ගෙන සුවඳට
නොනිදයි මගේ බඹරින්දු

වීනාවී උර තලයේ රැඳෙන්න
සත් සර රැව් නගන්න වීනාවී…
කොවුලාන…රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න කොවුලාන…

නියගින් තතින් තතට පැන හදවත සොයන්න
අවසර දෙයිද එ ලන්දු
මා හද මට නැති විට කවුරුද කියන්න මට
දුක සැප අසන නිරින්දු

වීනාවී උර තලයේ රැඳෙන්න
සත් සර රැව් නගන්න වීනාවී…
කොවුලාන…රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරි මදින්න කොවුලාන…

සුදෝ සුදු | Sudo Sudu by Kasun Kalhara

සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදු

පවන් සලන්න වරල මොණර පිල් කළඹින්
ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින්
ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ පවනින්
සවන් සදන්න මියුරු තෙපුුල් රන් ස්වරයෙන්

කැලූම් මුදන්න නීල නුවන් මිණි පහනින්
තැවුල් දවන්න ළමැද හංස තුඩු පහසින්
උදාව එන්න ඉන්ද්‍ර දිගින් හිරු විලසින්
සදා රැඳෙන්න හද දෙවොලේ පුද ලබමින්

සුදෝ සුදු දෙතොල මධූ
සුදෝ සුදු දෙනෙත මධූ
මධූ මධූ මධූ මධුර මධූ
සූදෝ සුදු සුදු සූදෝ සුදු